Watch Trailer

Stand by Me (1986) Sinhala Subtitles | සයුරේ රළ සේ, අහසේ තරු සේ මිතුදම් පවතී ලොව සැමදා! [සිංහල උපසිරසි සමඟ]

අපේ ජීවිතයේ ආ මඟ දිහා එක්වරක් හැරිලා බැලුවොත් සිනහව, කඳුල, ආදරය, වේදනාවන්, රිදවීම්, බිඳ වැටීම් දහසකුත් එකක් ඇති බව ඔබට පෙනේවි. ඒ දහසකුත් එකක් හැලහැප්පීම් විඳ දරා ගන්නට රුකුලක් වුන මිත්‍රයන් ඔබේ මතකයට පිවිසේවි. ලේ බැඳීමක් නොතිබියදීත් අපේ ජීවිත එලිය කරන, ජීවිතය විඳ ගන්න දිරි දෙන, කිසිඳු ලාබ ප්‍රයෝජනය…

අපේ ජීවිතයේ ආ මඟ දිහා එක්වරක් හැරිලා බැලුවොත් සිනහව, කඳුල, ආදරය, වේදනාවන්, රිදවීම්, බිඳ වැටීම් දහසකුත් එකක් ඇති බව ඔබට පෙනේවි. ඒ දහසකුත් එකක් හැලහැප්පීම් විඳ දරා ගන්නට රුකුලක් වුන මිත්‍රයන් ඔබේ මතකයට පිවිසේවි. ලේ බැඳීමක් නොතිබියදීත් අපේ ජීවිත එලිය කරන, ජීවිතය විඳ ගන්න දිරි දෙන, කිසිඳු ලාබ ප්‍රයෝජනයක් අපේක්ෂා නොකරන කළ්‍යාණ මිත්‍රයන් ලබන්නත් වාසනාවක් ඕනේ නේද? ඉදින්, කල්‍යාණ මිත්‍රත්වය හරි අපූරු බැඳීමක් නේද! මම ඔබට පුද කරන මිත්‍රත්වය, ඔබ මට පුද කරන මිත්‍රත්වය අපේ මතක ගොන්න හැමදාමත් සුන්දර එකක් කරනවා ඇති. වසරක් ගත වුනත්, වසර පහක් ගත වුනත්, වසර දහයක් ගත වුනත්, තව වසර ගණනාවක් ගත වුනත් බයිස්කෝප් සිංහලෙන් අපේ වත්කම, ආදරණීය ඔබේ මිත්‍රත්වය වන්නේ අන්න ඒ නිසාමයි. බයිස්කෝප් සිංහලෙන් අභිමානවත් නවවෙනි වසරට පා තබන මේ මොහොතේ මගේ ආදරණීය රසික රසිකාවියන් වෙතට මේ ගෙන එන්නේ එවන් වූ මිත්‍රත්වයේ අපූර්වත්වය මොනවට කියා පාන සිනමා සිත්තමක්.

1986 වසරේ තිරගත වූ Stand by me චිත්‍රපටය IMDb දර්ශකයේ 8.1 ක් වගේ අතිවිශාල අගයක් ලබා ගත්ත, Rob Reiner ගේ අධ්‍යක්ෂණයෙන් කලඑලි බැහැපු, සුපිරි නළු Keifer Sutherland පවා රංගනයෙන් දායක වුන, සම්මාන රාශියකට නිර්දේශ වුන, ඒ වගෙම සම්මාන රාශියකින් පිදුම් ලබපු, මේ වෙද්දි IMDb ටොප් 250 ඇතුළේ තියෙන සුපිරි නිර්මාණයක්. අසභ්‍ය වචන එමට තිබුන නිසා ඒවා ගොඩක්ම අයින් කරන්න වුනා, ඒ වුනත් කතාවට හානියක් නොවෙන්න, හිනා වෙන්න පුලුවන් විදියට උපරිමයෙන් සිංහලට නැගුව නිසා, කම්මැලිකමක් නැතුව එකදිගට නරඹන්න පුලුවන් අපූරු චිත්‍රපටයක් වෙයි කියලා මම හිතනවා.

කතාව දිගහැරෙන්නේ සාර්ථක ලේඛකයෙක් වුන ගෝර්ඩි ලාචාන්ස්, 1959 වසරේ ඔහු අවුරුදු දොළහක ළමයෙක් වෙලා හිටපු කාලේ කැස්ල් රොක් වල සිදු වුන සිදුවීමක් පදනම් කරගෙන ඔහුගේ මතකය අලුත් කර ගන්නා ආකාරය වටායි. අවුරුදු දොළහක වයසට සිතින් පියමනින ඔහුට හමු වන්නේ සොරෙක් ලෙස හංවඩු ගැසූ ක්‍රිස් චෑම්බර්ස්, තමන්ගේම පියාගෙ දරුනු වධ හිංසාවල ගොදුරක් වූ ටෙඩී ඩුචෑම්ප් සහ කෑදරයෙකු ලෙස උසුළු විසුළුවට ලක් වන වර්න් ටෙසෝයි. අතේ ඇඟිලි පහ එක වගේ නැත්තාක් මෙන් මේ සිව් යහලුවන්ගේ විවිධත්වය ඔබත්, මමත් ගෙන යන්නේ සුන්දර ළමා කාලයේ අපූරු මතකයන් ගොන්නක් වෙතටයි. අවුරුදු දොළහක් ගත වන තෙක් මළ සිරුරක් නොදැක තිබූ මේ දඟකාරයන් සිව්දෙනාට දිනක් හදිසියේම අතුරුදහන් වී සිටින දරුවෙක් ගේ මළ සිරුරක් පිළිබඳ හෝඩුවාවක් ලැබෙනවා. මේ හෝඩුවාව ගේන්නේ කෑදරයා වුන වර්න්. මළ සිරුරක් කොයි වගේද කියන ප්‍රශ්නයට උත්තර හොයාගෙන මේ දඟකාරයන් යන වීර චාරිකාව අවසාන වන්නේ ඔවුන් තවත් නොසරුප් බසින් බැන අඩ ගසා ගන්නා, පුංචි දේටත් රණ්ඩු වෙන, සමච්චල් කරන, කෙළිලොල් අවුරුදු දොළහේ දඟකාරයන්ගේ මානසිකත්වයෙන් මේරූ වැඩිහිටියන්ගේ මට්ටමට ගෙන එමින්!
.
ජීවිතයේ අපට හමුවෙන නා නා ප්‍රකාර මිතුරන් අතරේ එක් මිතුරෙක් ඔබේ හදවතේ තාමත් රැඳී ඉන්නවා නේද? සමහරවිට ඔහු හෝ ඇය නිතරම මුණ නොගැසෙනවා වෙන්න ඇති, ඔහු හෝ ඇය ආයිත් කිසිම දිනක මුණ ගැහෙන්න නොහැකි තැනක ඉන්නවා වෙන්න ඇති, ඒත් ඒ බැඳීම අමතක කරන්න බෑ නේද? ගෝර්ඩි ගේ හදවතේ ක්‍රිස් රැඳෙන්නෙත් අන්න ඒ තැනයි. සැබෑ මිත්‍රයෙකුගේ ආදරණීය මතකය! ඔබ නෑසු කතාවක් ගෝර්ඩි ලාචාන්ස්ගේ හඩින් අසන්නට, ඔහුගේ මතකයන් ඔස්සේ සදාකාලික මිතුදමේ මතකයන් අලුත් කරගන්නට බයිස්කෝප් සිංහලෙන් අප සමඟ අත්වැල් බැඳගත් ආදරණීය ඔබේත් අපේත් මිතුදමට වසර නවයක් සපිරෙන මේ මොහොතේ ආදරයෙන් ආරාධනා කරමින් මම සමුගන්නවා. ආයුබෝවන්!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,278 downloadsDownload Stand-by-Me-1986-1.zip49 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

2,278 downloadsDownload Subtitles49 KB

22 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  2. mahinda

    kathawa wisthara karanakota saralawa kiyanna...ehema unama hamotama pahasui..ok...
    thanks ..sub ekata ..mamath downalod karanawa...kathawa hodai wage hithenawa..

    1. Charuka00

      ithin ehemane eya kiyala thiyenne.

    2. tharindu gunarathna

      lol

  3. Charuka00

    niyamai හෙළිලි niyamai.

  4. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  5. tharindu gunarathna

    tahnks

  6. IsharaSampath1995

    thanx for the subtitle ☺☺

  7. AsithaDilruwan

    IMDb 250 පෙරහරක් වගේ..
    ගොඩාක් පින් හෙළිලි හේමමාලි සහී
    තවත් IMDb 250 ෆිල්ම් වලට සබ් දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා..!!!
    “අපේ සයිට් එකේ” 9 වෙනි සැමරුමට “අපේ බයිස්කෝප් සෙට්” එකටම සුභ පතනවා..!!

    මේ ෆිල්ම් එකට එන Vivews සහ වැටෙන Comments ගණන අනිත් ෆිල්ම් වලටත් වඩා අඩු වෙයි.
    සබ් කරලා ලබන්න පුළුවන් සතුට Vivews සහ Comments වලින් මනින්න බෑ සහෝ…
    ජයෙන් ජය වේවා!!!

  8. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.
    සංවත්සරයට උණුසුම් සුබ පැතුම්.
    වටිනා චිත්‍රපටයක් ඒ වගේම වටිනා ලිපියක්.
    ජයෙන් ජය.

  9. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  10. Ishan Madusha

    බොහොම ස්තූතියි
    ජය වේවා!

  11. shehanlokuhewa99

    Thankyou so much sis..!

  12. Priyantha Dayakeerthi

    IMDb ඉහලින් තිබෙන සිනමාපට විශේෂයෙන්ම තෝරාගෙන නරඹන කෙනෙක් වන මා, මෙම සිනමාපටය අනිවාර්යයෙන්ම නරඹනවා. ඔබේ වෙහෙසින් නිමවූ මෙම උපසිරසියට මාගේ අවංක ස්තුතිය! නැවතත් ඉඩ ලැබෙන අවස්ථාවක මෙවැනි ඒවාට සිංහල උපසිරසි ලබාදෙනවානම් ඉතා අගයකොට සලකමි.

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. හසිත මධුෂාන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.....!

  15. Thilina Chamara

    Thank you...

  16. නිරෝෂන්

    ස්තූතියි

  17. sasanka

    thanks for the sub

  18. Mano

    Godak sthuthi..Jaya wewa!

  19. Nisal Shanaka

    නියම වැඩක්
    ක්‍රිස් විදිහට රගපාන්නේ ජොකින් ෆීන්ක්ස්ගේ අයියා නේද?අදත් හිටියනම් සුපිරි වැඩ්ඩෙක් තමා.

  20. Anonymous

    Thanks Brother