Watch Trailer

Les quatre cents coups (1959) aka The 400 Blows Sinhala Subtitles | යමි යමි නිදහස සොයා යමි… [සිංහල උපසිරැසි සමඟ]

මම ඇන්තනී. මම තාම ඉස්කෝලෙ යනවා. ඒ වුනාට ඉස්කෝලෙ යන එක තරම් එපා කරපු වැඩක් නම් මට තවත් නෑ. ඉස්කෝලෙ ගිය වෙලේ ඉඳන් සර්කාරයා ඔළුව කන්න හදනවා. ගෙදර ආපු වෙලේ ඉඳන් අම්මා ඔළුව කන්න හදනවා. තාත්තා විතරයි මට ටිකක් හරි ආදරේ. අම්මට නම් මාව පේන්න බෑ. ඒ ඇයි කියලත් මම දැන් දන්නවා. දවසක් අම්මා ආච්චි […]

මම ඇන්තනී. මම තාම ඉස්කෝලෙ යනවා. ඒ වුනාට ඉස්කෝලෙ යන එක තරම් එපා කරපු වැඩක් නම් මට තවත් නෑ. ඉස්කෝලෙ ගිය වෙලේ ඉඳන් සර්කාරයා ඔළුව කන්න හදනවා. ගෙදර ආපු වෙලේ ඉඳන් අම්මා ඔළුව කන්න හදනවා. තාත්තා විතරයි මට ටිකක් හරි ආදරේ. අම්මට නම් මාව පේන්න බෑ. ඒ ඇයි කියලත් මම දැන් දන්නවා. දවසක් අම්මා ආච්චි අම්මත් එක්ක රණ්ඩු වෙද්දි මම හොරෙන් අහගෙන හිටියනේ. ඒ හේතුව මම ඔයාලට මෙතන කියන්න යන්නෙ නෑ. ඔයාලා මගේ කතාව බලන්නකෝ. මේ.. මේ.. ශ්..ශ්.. ඔයාලට පොඩි රහසක් කියන්නද? අපේ අම්මා දවසක් මම පාරෙ යද්දි මම කවදාවත් දැකලා නැති පිරිමි කෙනෙක්ව කිස් කර කර හිටියනේ. මගේ යාළුවා ඇහුවා ඒ මගේ තාත්තද කියලා. මට එදා දැනුන ලැජ්ජාව නම් කියලා වැඩක් නෑ. මගේ තාත්තට තියෙනවා රේසිං කාර් පදින තැනක්. අම්මත් වැඩට යනවා කියලා ගෙදරින් යනවා. මං ගැන හොයන්න බලන්න කිසි කෙනෙක් නෑ. මම ආසයි රස්සාවක් කරලා සල්ලි හොයන්න. කොහේටහරි වෙලා දුමක් අදින්න. බොරු කියන්න. ඉතින් මං මගෙ නිදහස හොයාගෙන යනවා. තව මං කියෙව්වොත් ඔයාලා මගේ කතාව අහන එකක් නෑ. මං එහෙනම් කැපුනා. බායි බායි.

මොකද හිතුනේ කට්ටියට? බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය නමවෙනි උපන්දිනේ සමරන දවසේ ඔයාලට මේ අරන් ආවේ IMDB හොඳම චිත්‍රපට 250 අතරේ 8.1 ක අගයක් දිනාගෙන ලැයිස්තුවේ 201 වැනි ස්ථානය හිමි කරගෙන ඉන්න The 400 Blows චිත්‍රපටය. Crime, Drama ගණයට වැටෙන මේ චිත්‍රපටය ප්‍රංශයේ නිපදවූ සම්මාන පිට සම්මාන දිනූ විශිෂ්ට චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්. අධ්‍යක්ෂණය වගේම තිර පිටපත Francois Truffaut විසින්. ප්‍රධාන නළු නිළියො විදිහට Jean-Pierre Leaud, Claire Maurier, Albert Remy රංගනයෙන් දායක වෙනවා. උඩ විස්තරේ දැක්කාම ඔයාලට හිතුනා වගේම මේ කතාව යන්නෙ ඉස්කෝලෙ යන පොඩි කොල්ලෙක් වටා. ගොඩක්ම සංවේදී කතාවක්. අද කාලෙටත් ගොඩක් දුරටම ගැලපෙනවා මට හිතෙන විදිහට නම්. කතාව බලද්දි මට හිතුනේ ඇත්තටම මේ වගේ ළමයි අද කාලෙත් කොච්චර ඇතිද කියලා. ඇන්තනීගෙ චරිතෙ රඟපාන Jean-Pierre Leaud ගේ රඟපෑම ගැන නම් මට කියන්න වචන නෑ. සුපිරිම සුපිරි රඟපෑමක්. කතාවෙ සාර්ථකත්වෙ තනිකරම තියන්නෙ ඒ රඟපෑම හින්දා කියලයි මට හිතෙන්නේ. උඩ තියෙන විස්තරෙත් එක්ක හැමෝටම කතාව ගැන අවබෝධයක් ලැබෙන්න ඇති කියලා හිතනවා. එහෙනම් හැමෝටම මේ ලස්සන චිත්‍රපටය රස විඳින්න කියලා ආරාධනා කරන ගමන් මම ගිහින් එන්නම්. හැමෝටම ජයවේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා අදාළ වේ.

1,521 downloadsDownload The-400-Blows-1959.zip33 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

1,521 downloadsDownload Subtitles33 KB

14 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Pathmila_kushantha94

    සුපිරි සහෝ!

  3. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  4. AsithaDilruwan

    IMDb 250 පෙරහරක් වගේ..
    ගොඩාක් පින් සොහාන් ජයසූරිය සහෝ
    තවත් IMDb 250 ෆිල්ම් වලට සබ් දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා..!!!
    “අපේ සයිට් එකේ” 9 වෙනි සැමරුමට “අපේ බයිස්කෝප් සෙට්” එකටම සුභ පතනවා..!!

    මේ ෆිල්ම් එකට එන Vivews සහ වැටෙන Comments ගණන අනිත් ෆිල්ම් වලටත් වඩා අඩු වෙයි.
    සබ් කරලා ලබන්න පුළුවන් සතුට Vivews සහ Comments වලින් මනින්න බෑ සහෝ…
    ජයෙන් ජය වේවා!!!

  5. AsithaDilruwan

    IMDb 250 පෙරහරක් වගේ..
    ගොඩාක් පින් සොහාන් ජයසූරිය සහෝ
    තවත් IMDb 250 ෆිල්ම් වලට සබ් දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා..!!!
    “අපේ සයිට් එකේ” 9 වෙනි සැමරුමට “අපේ බයිස්කෝප් සෙට්” එකටම සුභ පතනවා..!!

    මේ ෆිල්ම් එකට එන Vivews සහ වැටෙන Comments ගණන අනිත් ෆිල්ම් වලටත් වඩා අඩු වෙයි.
    සබ් කරලා ලබන්න පුළුවන් සතුට Vivews සහ Comments වලින් මනින්න බෑ සහෝ…
    ජයෙන් ජය වේවා!!!

  6. AsithaDilruwan

    IMDb 250 පෙරහරක් වගේ..
    ගොඩාක් පින් සොහාන් ජයසූරිය සහෝ
    තවත් IMDb 250 ෆිල්ම් වලට සබ් දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා..!!!
    “අපේ සයිට් එකේ” 9 වෙනි සැමරුමට “අපේ බයිස්කෝප් සෙට්” එකටම සුභ පතනවා..!!

    මේ ෆිල්ම් එකට එන Vivews සහ වැටෙන Comments ගණන අනිත් ෆිල්ම් වලටත් වඩා අඩු වෙයි.
    සබ් කරලා ලබන්න පුළුවන් සතුට Vivews සහ Comments වලින් මනින්න බෑ සහෝ…
    ජයෙන් ජය වේවා!!!

  7. AsithaDilruwan

    IMDb 250 පෙරහරක් වගේ..
    ගොඩාක් පින් සොහාන් ජයසූරිය සහෝ
    තවත් IMDb 250 ෆිල්ම් වලට සබ් දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා..!!!
    “අපේ සයිට් එකේ” 9 වෙනි සැමරුමට “අපේ බයිස්කෝප් සෙට්” එකටම සුභ පතනවා..!!

  8. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සොහාන් සහෝ.
    සංවත්සරයට උණුසුම් සුබ පැතුම්.
    වටිනා චිත්‍රපටයක් ඒ වගේම වටිනා ලිපියක්.
    ජයෙන් ජය.

  9. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  10. talonfiller

    Supiri ela macchan.thanx

  11. Priyantha Dayakeerthi

    IMDb ඉහලින් තිබෙන සිනමාපට විශේෂයෙන්ම තෝරාගෙන නරඹන කෙනෙක් වන මා, මෙම සිනමාපටය අනිවාර්යයෙන්ම නරඹනවා. ඔබේ වෙහෙසින් නිමවූ මෙම උපසිරසියට මාගේ අවංක ස්තුතිය! නැවතත් ඉඩ ලැබෙන අවස්ථාවක මෙවැනි ඒවාට සිංහල උපසිරසි ලබාදෙනවානම් ඉතා අගයකොට සලකමි.

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Thimansa Wic

    Link එක දැන් පරණයි ඩව්න්ලෝන් වෙනෑ බ්‍රෝ

  14. Ravindu Heshan - Admin

    දැං වැඩ කරනවා

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.