Sting (2022) Sinhala Subtitles ආයූබෝවන් සුබ දවසක් වේවා! කෙටි විවේකයක් ලැබුණු නිසා ඔන්න උපසිරසියක් අරන් නැවතත් මේ පැත්තට ගොඩවැදුනා. මේ වතාවේ අරන් ආවෙත් අද්භූත ඝණයේ සත්තු ඉන්න ෆිල්ම් එකක් තමයි. ඔයාලා භයානක සත්තු ඉන්න ෆිල්ම්ස් බලන්න කැමති නම් මේකත් බලන්න කියලා නිර්දේශ කරනවා. ඒ වගේම උපසිරසි නොගන්වපු මේ…
Sting (2022) Sinhala Subtitles
ආයූබෝවන් සුබ දවසක් වේවා! කෙටි විවේකයක් ලැබුණු නිසා ඔන්න උපසිරසියක් අරන් නැවතත් මේ පැත්තට ගොඩවැදුනා. මේ වතාවේ අරන් ආවෙත් අද්භූත ඝණයේ සත්තු ඉන්න ෆිල්ම් එකක් තමයි. ඔයාලා භයානක සත්තු ඉන්න ෆිල්ම්ස් බලන්න කැමති නම් මේකත් බලන්න කියලා නිර්දේශ කරනවා. ඒ වගේම උපසිරසි නොගන්වපු මේ ඝණයට අයත් චිත්‍රපට තියෙනවනම් ඒවත් පහළින් කියාගෙන යන්න කියලා ඉල්ලනවා.
චිත්‍රපටය ආරම්භයෙදිම නිව් යෝක් නගරයට ඇද වැටෙන කුඩා ග්‍රාහක වැස්සකුත් ඒ සමඟම ඉතා පතිත වෙන පුදුමාකාර අද්භූත යමකුත් අපිට බලාගන්න පුළුවන්. ඒ වගේම ඉතිහාසයේ සිද්ධ උන දරුණුම අයිස් කුණාටුවත් මුහුණ දෙන්නත් නිව් යෝක් නගර වැසියන්ට සිද්ධ වෙනවා. ඊතන් සහ හෙදර් කියන්නේ බොහොම අඟ හිඟකම් මැද දරුවෝ දෙන්නෙක් එක්ක මහල් නිවාසයක ජීවත් වන යුවලක්. ඊතන් රැකියාව විදියට මහල් නිවාසයේ නඩත්තු කරන අතරතුරම චිත්‍ර කතා අදින එකත් කරනවා. චාලට් කියන්නේ හෙදර්ගේ පලමු විවාහය නිසා ලැබුන දියණිය. චාලට් ගොඩක් වෙලාවට කරන්නේ කාටත් හොරෙන් මහල් නිවාසයේ තියෙන වා කවුළු ආස්සෙන් එහාට මෙහාට යන එක තමයි. එහෙම යන වෙලාවක මෙයාට පුංචි අමුත්තෙක් හම්බෙනවා. ඉතිං චාලට් මෙයාට අපූරු නමකුත් දාලා තමන්ගේ සුරතලා විදියට බලාගත්තත් මෙයා සාමාන්‍ය සුරතලෙක් නොවෙන බවත්, මේ සුරතලා නිසා මුළු මහල් නිවාසය භයානක භීෂණයකට ලක්වෙලා තියෙන බව චාලට්ට අවබෝධ වෙනවා. මේ භීෂණයෙන් තමන්ගේ පවුල සහ මහල් නිවාසයේ අනිත් ජීවිත ගලවගන්න කුඩා චාලට්ට හැකිවෙයිද?
මේ වෙද්දි 5.7ක IMDb අගයක් ලබාගෙන Horror / Thriller යන කාණ්ඩයන්ට වර්ගීකරණය කරලා තිබෙන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂනය සහ කතා රචනය කරන්නේ Kiah Roache-Turner නම් අධ්‍යක්ෂකවරයා. ඒ වගේම චිත්‍රපටය නිකුත් වෙලා තියෙන්නේ 2024 අප්‍රේල් මස 12 වෙනිදා. ප්‍රධාන චරිත විදියට Ryan Corr ඊතන් ලෙස රංගනයෙන් දායක වෙනවා. ඔහු House of the Dragonහි සර් හාවින්ග් ස්ට්‍රෝන්ග් ලෙසත් එහෙමත් නැත්තම් කලකට ඉස්සර ජාතික රූපවාහිනියේ විකාශය උන සිල්වර් සන් කතාමාලාවේ ශෙන්ග් ලෙසත් චරිත නිරූපණය කලා ඔයාලට මතක ඇති කියලා හිතනවා. ඒ එක්කම Alyla Browne චාලට් ලෙසත්, Penelope Mitchell හෙදර් ලෙසත්, Robyn Nevins ගුන්තර් ලෙසත් එමෙන්ම Jermaine Fowler ෆ්රෑන්ක් ලෙසත් යන රංගනයෙන් දායකත්වය ලබාදෙනවා. එහෙනම් ඉතින් මම ගිහින් එන්නම්. ඔයාලට දිගටම මේ වගේ ෆිල්ම් ඕනනම් කරන්න ඕන මොකක්ද දන්නවනේ. ඔව් කොමෙන්ට් එකක් දාගෙන යන්නයි තියෙන්නේ. මේ ෆිලුම වෙන් කරලා දුන්න රවිදු හේෂාන් සහෝටත් ගොඩක් ස්තූතියි. තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු. ජය වේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,955 downloadsDownload Sting.2024.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
8 comments
Gagan pabasara
Nishan S Ariyarathna
✿ ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් උපසිරැසිකරනයේ යෙදෙනවාට බොහොම ස්තුතියි ✿
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. ෆිල්ම් එක නම් හොඳයි වගේ බලන්න ඕනෙ...
Buddhika Lakmal
Thanks
Anonymous
Thanks bro
Anonymous
kohenda down load karanne movie aka
විමා - Admin
බයිස්කෝප් ඩව්න්ලෝඩ්ස් එකෙන් ගන්න පුළුවන්.
Nipun Lakshitha
Thank You !
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
පහරක් සහෝ