කොහොමද යාළුවනේ ඔන්න ඉතින් මං තව චිත්‍රපටයකට සිංහල උපසිරැසි ගෙනාව.ඒකට මං තෝරගත්තෙ 2022 අවුරුද්දෙ නොවැම්බර් 23 වනදා සිනමා ශාලා හරහා නිකුත් උනු Strange World කියන චිත්‍රපටය. චිත්‍රපටය නිර්මාණය කරල තියෙන්නෙ ඩිස්නි සමාගමෙන්. ඇත්තෙන්ම මේ චිත්‍රපටය බොක්ස් ඔෆිස් වල ඩොලර් මිලියන 61.8 ක ආදායමක් ලබාගෙන ඇති අත…

කොහොමද යාළුවනේ ඔන්න ඉතින් මං තව චිත්‍රපටයකට සිංහල උපසිරැසි ගෙනාව.ඒකට මං තෝරගත්තෙ 2022 අවුරුද්දෙ නොවැම්බර් 23 වනදා සිනමා ශාලා හරහා නිකුත් උනු Strange World කියන චිත්‍රපටය.
චිත්‍රපටය නිර්මාණය කරල තියෙන්නෙ ඩිස්නි සමාගමෙන්. ඇත්තෙන්ම මේ චිත්‍රපටය බොක්ස් ඔෆිස් වල ඩොලර් මිලියන 61.8 ක ආදායමක් ලබාගෙන ඇති අතරම, IMDB දර්ශකයේ 4.8ක අගයක් ලබාගෙන, කුණු තක්කාලි දර්ශකයෙ 73% ක අගයක් ලබාගෙන තියෙනව. මගේ මතය නම් මේ චිත්‍රපටය සාර්ථක සිනමා පටයක්. මගෙ පෞද්ගලික මතය නම් 6.5/10ක්. මං පොඩි කතාවක් කියන්නම්, ඔය දර්ශක වල අගය අඩුවෙන්න හේතු වෙලා තියෙන්නෙ පොඩිම පොඩි විනාඩි 5ක වගේ දර්ශන කිහිපයක් නිසා. ඒ මොනවද කියල මං ලිපිය අගදි ආයෙ මං මතක් කරන්නම්.
මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Don Hall විසින්. ඒ වගේම මේ සිනමා පටය වෙනුවෙන් හඩ දායකත්වය ලබා දීමට Jake Gyllenhaal, Jaboukie Young-White, Gabrielle Union වගේ හඩ නලු නිලියන් දායකත්වය ලබා දීල තියෙනව. කතාව ගැන බැලුවොත් සර්චර් ක්ලේඩ් කියන්නෙ ඇත්තෙන්ම දක්ෂ ගොවියෙක්, එයා ලොකු සොයාගැනීමක් කරනව.ඒකෙන් මුලු ලෝකයටම අලුත් ආරම්භයක් දෙනව.ඒත් අවුරුදු 25කට වගේ පස්සෙ ආයෙත් මෙයාලට ලොකු කරදරේකට මුහුණ දෙන්න වෙනව. ඒ මාර්ගෙන් තමා මේ අයට අමුතු ලෝකෙකට යන්න පාර කැපෙන්නෙ. (කලින් මතක් කරන්නම් කිව්ව දේ මතක් කරන්නම්, මේ ලස්සන චිත්‍රපටයෙ දර්ශක වලට බලපෑවෙ අපේ බාෂාවෙන් කිව්වොත් “ලගබට”. ඔන්න ඕකයි ඇත්ත කතාව. සර්චර්ගෙ පුතා මේ කතාවෙ සමලිංගිකයි. ඕක පෙන්නන්නෙ විනාඩි පහක වගේ.ඔය ආරංචිය ආපු ගමන්ම පට පට ගාල දර්ශකවල අගයන් බහින්න ගත්ත. අපිත් හරි අමුතු මිනිස්සු නෙව. සම අයිතීන් ඉල්ලුවට අපි සමලිංගිකත්වයට විරුද්ධ බව මනාව පෙන්නල තියෙනව. Anarchysauraus යූ ටියුබ් චැනල් එකේ ඔය කතාව ලස්සනට කිව්ව. “සමලිංගිකයො ලෝකෙ වැඩි වෙලා නෙවෙයි, ඒකට විරුද්ධ අය වැඩි වෙලා විතරයි” ඔය දේවල් පැත්තකින් තියල ඒක එයාලගෙ ආසාවනෙ කියල ෆිලුම රස වින්දොත් ඇත්තෙන්ම මේක ගොඩක් ලස්සන චිත්‍රපටයක්. ඇත්තෙන්ම කන්සෙප්ට් එකත් මරු. හරි එහෙනම් පව්ලේ හැමෝටම එකට ඉදන් ආසාවෙන් රස විදින්න පුලුවන් මේ චිත්‍රපටය බලන්න කියල මං ආරාධනා කරන ගමන් සමුගන්නම්.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
13,908 downloadsDownload Strange-World-2022.zip3.8 MB
මෙම ලබා දී ඇති උපසිරසි BLURAY පිටපත් සඳහා අදාළ වේ.
3,495 downloadsDownload Strange.World_.2022.Bluray-Update.zip41 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සංජන චමෝද් වික්‍රමරත්න
Subtitles
- #2022
- #Abraham Benrubi
- #Adelina Anthony
- #Alan Tudyk
- #Dennis Quaid
- #Gabrielle Union
- #Jaboukie Young-White
- #Jake Gyllenhaal
- #Jonathan Melo
- #Karan Soni
- #Lucy Liu
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #සංජන චමෝද් වික්‍රමරත්න
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
26 comments
Buddhika laKMal
Anonymous
SUB EKA DOWNLOAD KARATA PLAY WENNE NATHTHE AI
Pavith Wijesooriya
සබට තුති අයියේ, බලන්න එහෙනම් බානවා...
Bimsara Yashan(ඔලිව)
ඉක්මන්ටම දීලනේ. උපසිරැසියට බොහොම ස්තූතියි. ජයවේවා!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි සංජන සොයුර....
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!nipuna
sthuthiyi gadak
NikZ
Ryan Reynold ge aluth Spirited (2022) film eke sinhala sub dennako
Anonymous
download karaddi 3.5mb file ekak enawa virus kiyala download karanna denne nane
Sandun chathuranga
ඔව් එහෙම එනවනෙ. ඒකට මොකද කරන්නෙ. ඩවුන්ලෝඩ් කරන්න බෑ.
H
wena browser ekakin try karanna....
H
wena browser ekakin try katana..
Hasiya KG
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️
Harindu Jayakody
සබ් එකට තැන්ක්ස් සහෝ! ජය./
සුබ අලුත් අවුරුද්දක් වේවා! ❤️Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Anonymous
Aluthin aapu tamil,hindi,malayalam,english film godak thynwa ewatath sub dennko
(Yts eke thyna english ewai
Tamilblaster eke thyna indian ewai)mindika
Thanks !!!
Pahasara
Bohoma sthuuthi..
Anonymous
Thanks Brother
gg
ade ai me aluthen ena ewata sub den natte
chaminda
mata meke sub download karanna bane. virus ekak vidiata pennanawa
Anonymous
wena browser ekakin try katana.
ක්‍රිශාන්ත හැරිස්
ස්තුතියි සබ් එකට
Ruchira
Thanks for the sub!
gihan
බොහෝම ස්තුති උපසිරසියට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥