හැමෝටම ලැබුවා වූ 2023 වසර සුබම සුබ වසරක් වේවා! 🙂 අපි එහෙනම් 2022 අවුරුද්දෙන් එතෙර වුණා. ඒ අවුරුද්ද මම හිතන්නේ අපිට ගොඩක්ම අසීරු උන අවුරුද්දක්. රටේ ඇති උන ප්‍රශ්න ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ. හැබැයි සිනමාව එක්ක ඉන්න ඔයාලා අපි වගේ අය ටිකක් හරි සතුටු උනේ මේ අවුරුද්දේ ආපු ජනප්‍රිය චිත්‍රපට සහ ටීවී…

හැමෝටම ලැබුවා වූ 2023 වසර සුබම සුබ වසරක් වේවා! 🙂
අපි එහෙනම් 2022 අවුරුද්දෙන් එතෙර වුණා. ඒ අවුරුද්ද මම හිතන්නේ අපිට ගොඩක්ම අසීරු උන අවුරුද්දක්. රටේ ඇති උන ප්‍රශ්න ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ. හැබැයි සිනමාව එක්ක ඉන්න ඔයාලා අපි වගේ අය ටිකක් හරි සතුටු උනේ මේ අවුරුද්දේ ආපු ජනප්‍රිය චිත්‍රපට සහ ටීවී සීරිස් බලලා තමයි. මමත් ගිය අවුරුද්දේ උපසිරැසි නිර්මාණ කිහිපයකටම සම්බන්ධ උනා. ඉතින් මේක තමයි මේ අවුරුද්දේ මමයි තරිඳු මල්ලියි ඔයාලට අරන් එන මුල්ම උපසිරැසි නිර්මාණය. ඇත්තටම උපසිරැසිය ඉවර කරන්න වැඩිපුර කාලයක් ගන්න උනා තිබුණ පුද්ගලික වැඩ එක්ක. මේ අවුරුද්දේ හැම දෙයක්ම හොඳින් වේවි කියල හිතමු අපි. 🙂
හරි එහෙනම් Day Shift (2022) කතාව බලලා නැති අයට පුංචි හැඳින්වීමක් කරන්නම්. බඩ් (Jamie Foxx) කියන්නේ තමන්ගේ නෝන ජොසලින් (Meagan Good) සහ දුව පේජ් (Zion Broadnax) එක්ක ෆ්ලොරිඩා වල ඉන්න කෙනෙක්. එයාගෙ දුව හරි ආසයි ෆ්ලොරිඩා වල ජීවත් වෙන්න. හැබැයි අපි ගොඩ දෙනෙක්ට වගේ බඩ්ටත් ආර්ථික ප්‍රශ්න හරියට.
ඉතින් මේ ආර්ථික ප්‍රශ්න වලින් මිදෙන්න, ඒ කියන්නේ පවුලේ වියදම් පියවා ගන්න බඩ් පිහිනුම් තටාක සුද්ද කරන කෙනෙක් විදිහට රස්සාවක් කරනවා. වැරදියි වැරදයි. ඒ එයා එයාගේ නෝනට කියල තියන දේ. මිනිහා ඇත්තටම කරන්නේ වැම්පයර්ලා දඩයම් කරන එක. හැබැයි රෑ නම් නෙමෙයි. දවල් වරුවේ. මෙහෙම වැම්පයර්ලා මරලා උන්ගේ දත් විකුණලා තමයි බඩ් තමන්ගේ පවුල නඩත්තු කරන්නේ. අර කතාවක් තියනවා නේ කොට්ටෝරුවා කෙහෙල් ගහට කොටන්න ගිහිල්ලා හොට පටලවා ගන්නවා කියලා. ඒ වගේම බඩ් ගලවන එක දතක් නිසා මිනිහා පවුලම අමාරුවේ දාගන්නවා. ඒ ගලවන දත කාගේද? එහෙම අපරාදයක් කරපු නිසා නිසා බඩ්ගෙන් පළිගන්න එන්නේ එන්නේ කවුද? බඩ් ඒකෙන් එයාවයි එයාගේ පවුලයි බේරා ගන්නේ කොහොමද කියලයි මේ කතාවෙන් පෙන්වන්නේ. චිත්‍රපටයේ එන සෙසු ප්‍රධාන චරිත විදිහට ඔඩ්රි (Karla Souza), සෙත් (Dave Franco), බිග් ජෝන් (Snoop Dogg), හීතර් (Natasha Liu), ඩිරන් (Scott Adkins) සහ මයික් (Steve Howey) පෙන්වා දෙන්න පුළුවන්.
Netflix හරහා ප්‍රදර්ශනය වූ මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරේ J. J. Perry. කතාවේ IMDb අගය මේ වෙනකොට 6.1 ක් වෙනවා. නිෂ්පාදන වියදම ඩොලර් මිලියන 100 ක් කියලා තමයි ආරංචිය. චිත්‍රපටය රස විඳින්න කියලා ආරාධනා කරන ගමන් මං නවතිනවා. මේ උපසිරැසිය කරන්න මාත් එක්ක සම්බන්ධ වූ තරිඳු ලක්ෂාන් මල්ලි වත් මේ වෙලාවේ මම ආපහු මතක් කරන්න කැමතියි.
එහෙනම් ඔයාලා හැමෝටම මේ ලැබුවා වූ 2023 අවුරුද්ද වාසනාවන්ත අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 🙂
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
9,561 downloadsDownload Day-Shift-2022.zip4.4 MB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමිකර විදානගේ (චාමි)” සොහොයුරාට සහ “තරිඳු ලක්ෂාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
- #Dave Franco
- #Editor's Pick
- #Karla Souza
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Snoop Dog
- #Snoop Dogg
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #උපසිරැසි
- #චාමිකර විදානගේ
- #ලක්ෂාන්
- #සබ්ටයිටල්ස්
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
29 comments
සංජන චමෝද්
Snk
Ela
Snk
Download wenne
Kantha_DLA
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා. …
සියලු කටයුතු සාර්ථක වේවා..!deshan
meke BlueRay awa !!!!
Thanuj
thanks subtitle ekata
man movies balanne media player classic eken
idx subtitle pattama chora widiyata loku monitor eke penne.kauru hari solution ekak danwa d?
me issue eka nisa baiscopelk la ge subtitle use karane nathuwa wena site walin danma ma thama balanne.
samhara wita e site baiscopelk la gen ussala edit karala danawa wennath pluwan.
wena karuth dalama nathan english sub ekath ekka dan balanneI don't think this idx sub solution makes any good for baiscopelk site either
if any one know any kind of solution please let us knowවිමා
මම බලන්නෙත් මිඩියා ප්ලේයර් ක්ලැසික් එකෙන් සහ ෆෝන් එකෙන් බලනවා නම් mx ප්ලේයර් එකෙන්. ඔය අවුල මට නම් නෑ.
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Buddhika laKMal
සුබ අලුත් අවුරැද්දක් වේවා දෙන්නටම...
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Kushan
Sub akta thanks
Bimsara Yashan(ඔලිව)
සුභ අලුත් අවුරුද්දක් වේවා දෙන්නටම! තාම ෆිල්ම් එක බැලුවෙත් නෑ, දැං ඉතින් සබ් එක්කම බලනව. ජයවේවා!
Anonymous
දැන් බයිස්කෝප් අලුත් ෆිල්ම් දෙන්නෙම නැත්ද???
විමා
2024 එකක් තියෙනවා දෙන්නද ?
Anonymous
ඇයි බන් උබ ඔහොම ට්‍රිගර් වෙන්නේ දැන්
එක්කෝ උබට කමෙන්ට් දාන උන් පේන්න බැරි සීන් එකක් නැත්නම් අරගලෙන් පස්සේ උබේ උඩ යට මාරුවෙලා වගේ.....
2024 ෆිල්ම් දෙන්නන් වගේ ගොන් ආතල් නොදී පුලුවන් නම් අලුතින් ඩිජිටල් රිලීස් වෙන ෆිල්ම් දෙන්න බලන්න...බැරිනම් නිකන් ඉදපන් හොදේ ආපහු ට්‍රිගර් නොවීරොයිලි
Admin වුණා කියලා ඔහොම ටිප(ර්) පාක් කරන එක හරිද මං අහන්නේ...? සිරාවටම Aggressive වැඩියි "ශාන් විමුක්ති (Aka විමා)"ගේ අදහස්...! Comment එක දාපු එකා නරක දෙයක් කියලා නෑනේ..? කිව්වත් මොකද අනිත් එක? Comments තියෙන්නේ ඒ දේටනේ...
මාරම චාට(ර්) වෙලාවකට ශාන් විමුක්ති (Aka විමා) සහෝදරයා හැසිරෙන විදිහ...
Anonymous
මොකක්ද බන් ඒ අවස්ථා සම්බන්ධෙ
විමා
24 එක්ක දෙන්නද කියල උපහාසටය අහන එක ඇග්‍රසිව් වෙන්නේ තමන් කියවන ටෝන් එක අනුව තමයි. :) සහ ඇග්‍රසිව් වෙන්න ඕන තැනදී ඇග්‍රසිව් වෙනවා. මොකද මේක අපිත් ආතල් එකට කරන එකක්. මේක අපි අනිවාර්යෙන්ම කරන්න ඕන දෙයක් කියල කවුරුහරි හිතාගෙන සබ කරන යටත් සයිට් එකටත් ටෝක් ඉශු කරනවා නම්, ආපිට රිප්ලයි එකත් ඒ ස්වරයෙන්ම බලාපොරොත්තු නොවී එහෙම කමෙන්ට් දාන්න එපා. ඒ වගේම ධනාත්මක විවේචන අපි අඳුරනවා.
අනික රොයිලිට යමක් කියන්න ඕන නම් රොයිලි ළඟ මගේ නම්බර් එක තියෙනව මචං :D
Anonymous
Tv S wala epi okkoma dala thiynawa neda okkoma kotas eka link ekakka ehema okkoma down kroth ekata subtitles add krnne kohomda ekin eka add karnna oneda hariyta balala danna knk kiynna
Kavi
බොහොම ස්තූතියි සහෝ
සුභ අලුත් අවුරුද්දක් වේවා!dasun
තෑන්ක්ස්
Ruchira
Thanks for the sub!!!!
Lahiru Lakshan
thanks machn.....
හිරාන් ශාරංග
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
ජයවේවා...Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..chinthaka.max4
thankx machan
Anonymous
Thank guys for the sub
Anonymous
tanks
sunimal
MOVIE EKA THERUM GANNA PULUWAN SUB NISAI [thanks]
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සුභම සුභ අලුත් අවුරුද්දක් දෙන්නටම.❤️
අද බලන්න ගන්නව එහෙනම්.
උපසිරැසියට
ස්තූතියි. �