ගයි හේනස්, ප්‍රසිද්ධ ටෙනිස් ක්‍රීඩකයෙකි. එමෙන්ම ඔහුගේ අභිප්‍රාය ටෙනිස් වලට පසුව දේශපාලනයට එක්වීමයි. මේ අතරම පුවත් පත් වල ඕප දූප පිටු පිරෙන්නේ මොහුගේ විවාහක බීරිඳගෙන් දික්කසාද වීමට සූදානම් බව පවසන පුවත් වලිනි. හේනස් ගේ බිරිඳ ඔහුට වංචා කරමින් වෙනත් පිරිමින් ඇසුරු කරන්නියකි. මුලදී දික්කසාදයට කැමැත්ත ප…

ගයි හේනස්, ප්‍රසිද්ධ ටෙනිස් ක්‍රීඩකයෙකි. එමෙන්ම ඔහුගේ අභිප්‍රාය ටෙනිස් වලට පසුව දේශපාලනයට එක්වීමයි. මේ අතරම පුවත් පත් වල ඕප දූප පිටු පිරෙන්නේ මොහුගේ විවාහක බීරිඳගෙන් දික්කසාද වීමට සූදානම් බව පවසන පුවත් වලිනි. හේනස් ගේ බිරිඳ ඔහුට වංචා කරමින් වෙනත් පිරිමින් ඇසුරු කරන්නියකි. මුලදී දික්කසාදයට කැමැත්ත පෙන්නුවද පසුව ඔහු මංත්‍රී දියණියක් වන ඈන් මෝර්ටන් විවාහ කරගැනීමට සූදානම් බව දැනගෙන දික්කසදය නොදීමට තීරණය කරයි.
බෘනෝ ඇන්තනී, පියාගෙ පොහොසත් කම නිසා ඉතා හොඳ ජීවිතයක් ගතකරන තරුණයෙකි. නමුත් ඔහුගේ මවගේ ඇති මානසික ආබාධයක් නිසා ඔහුටද යම් මානසික සංකූලතා පවතී. ඇන්තනිගේ සිතුවිල්ල ඔහුගේ ප්‍රශ්න වලට හේතුව තම පියා බවයි. අහම්බෙන් දිනක දුම්රියේදී ගයි හ බෘනෝ එකිනෙකාව අඳුනාගනී. ගයි ගැන හොඳින් විස්තර දන්නා බෘනෝ තම පියා හා ගයි ගේ බිරිඳ මරා දමා තම ගැටලු විසඳා ගනිමු යැයි යෝජනා කරයි. මෙය හිතට ආ කතාවක් බව සිතන ගයි මෙය අමතක කර දමයි.
නමුත් බෘනෝ ගයි ගේ බිරිඳ මරදමා ඇගේ ඇස් කණ්නාඩි යුගල ගෙන ගයි ව හමුවීමට එන්නේ තමන් කතිකා කරගත් පරිදි තම පියා තම ජීවිතයෙන් ඉවත් කරවීමටයි. මෙලෙස මිනී මැරීමට කිසිම උවමනාවක් ගයි හට නොමැති නිසා ඔහු දිගින් දිගටම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන අතර පොලිසිය මොහු පිටුපස ඔත්තු කරුවන් යොදවයි. ගයි ගේ නෑනා, බාබරා පෙනුමෙන් මීරියම්ට සමාන නිසා බෘනෝ ඇයව දැක කම්පනයට පත් වේ, මෙය දකින ඈන් මේ පිලිබඳ විස්තර හාරා අවුස්සා විමසයි. අවසානයේදී දුම්රියේදී සිදු වූ සංවාදයේ පටන් මෙතෙක් සිද්ධි දාමයම ඈන් හට පැවසීමට ගයි ට සිදුවේ.
අවසානහේ ඈන්, බාබරා යන දෙදෙනාගෙ උදවුවෙන් ගයි මිනීමැරුමකට වරදකරු නොවී නිදහස් වන අතර බෘනෝ අනතුරකින් මිය යන්නේ ගයි ව නිදහස් කරමිනි. මෙය 1951 වසරේ තිරගත වනStrangers on a Train නම් ඇල්ෆ්රඩ් හිච්කොක් මහතාගේ සිනමා සිත්තමයි. yify torrent අඩවියේ වන පිටපත හා මෙම උපසිරසි පිටපත සැසඳේ.
ඉක්මනින්ම නැවතත් හමුවෙමු. සැමට ස්තුතියි.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි yify පිටපත් සඳහා අදාළ වේ.
158 downloadsDownload Strangers-On-A-Train-1951.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
බුද්ධික නුවන්
Subtitles
14 comments
Kulanjana Maduranga
අසිත
Top Rated Movies #248 | Nominated for 1 Oscar.
මෙය නොබැලූ දෑස් කුමට?
බොහොම පින් සහෝ.මුලින්ම තෑන්ක්ස් සහෝ මේ වගේ ෆිල්ම් එකකට සබ් දෙන්න හිතිලා තෝරා ගත්තා එකටම...
ෆිල්ම් 100කට සබ් කරනවට වඩා මේ වගේ ෆිල්ම් 10 කට සබ් කරලා ලබන්න පුළුවන් සතුට වැඩියි.
ඉහල සිනමා රසයක් ඇති බොහෝ දෙනෙක් අප අතර ඉන්නවා නමුත් ඔවුන් නිහඩව සබ් දෙන ෆිල්ම් එකක් අරන් බලනවා….මේ ෆිල්ම් එකට එන Vivews සහ වැටෙන Comments ගණන අනිත් ෆිල්ම් වලටත් වඩා අඩු වෙයි.
සබ් කරලා ලබන්න පුළුවන් සතුට Vivews සහ Comments වලින් මනින්න බෑ සහෝ…
ජයෙන් ජය වේවා!!!අසිත
ඒත් එක්කම පුළුවන් නම් ඇල්ෆ්රඩ් හිච්කොක්ගේ මෙන්න මේ ෆිල්ම් ගැනත් සලකා බලන්න...
North by Northwest (1959) (IMDB 250)
Rope (1948)
Rebecca (1940)Buddhika
Noorth by northwest eka nam thiyenawa. Anith deka thama awula. Data prashnayak තියෙනවනෙ
සනත් ගුණතිලක
mewwa pattama films broo.. comments gena hithannepa.. me wage parana films walata asa karana aya wenuwen oya karana sewaya comment likes walin maninna be.. digatama me wage supiri parana movies walata sub denna. imdb top250 list eke thawa godak movies thiyenawa sub nodeepu. anna e tikata sub denna try karanna puluwannam. oyata jaya..
Withanage Priyantha Dayakeerthi
බුද්ධික නුවන් සොයුර,
ඔබ පසුගිය කාලය තුළ ලබාදුන් Frenzy, Dial M For muder, Marnie, Sabotage, Family Plot යන සිනමාපට හයම dawunload කර ඉතාමත් කැමැත්තෙන් නැරඹුවා. මේ සියල්ලම මා නරඹන්නට අශාවෙන් සිටි පැරණි ස්වර්ණමය සිනමාපට. මේ සිනමාපට හයම නැවත නරඹන්නට එකතුවක් ලෙස මා ළඟ සුරක්ෂිතව තබාගන්නවා. සියගණනක පිරිසක් උපසිරසි සපයන මේ වෙබ් එක තුළ අපව නියෝජනය කරන වැදගත්ම පුද්ගලයෙක් ලෙස මා ඔබව හඳුනාගෙන තිබෙන්නේ, මේ කරන්නාවූ මහඟු සේවය වෙනුවෙන් අප සැමගේ ප්‍රණාමය ඔබට පුදකර සිටින්නෙමු!!! නැවතත් මෙවැනි ඒවාට උපසිරසි කරන්න. ඔබට ජය!Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!shanashok
thanks buddika saho sub denawada.,oyata puluwanda imd godakma rate teyana film search karanala net horror,comedy,crime hoda tavath hada films valata sub denna?tava man eallemak karanawa aevaye teyana videhatama ape sinhala hodama words dala film denna puluwannam godakma hodai keyala
Thilakarathna
අද වෙබ් එකට ආපු ගමන් ඔයාගේ උපසිරැසිය දැක්කා. මමත් ඔයාගේ උපසිරසියක් නම් නොවරදවා බලන කෙනෙක්. මෙය බලන්නම්. ඔබට තුති, ඊළඟ එකත් ළඟදීම දෙන්න.
chalana
thnx bro...
Saman
Supiri film set ekak, oba me sab karagena yanne. They are "Golden memories". Mewa balannama ona films.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dilan
Superb.. thanks bro
sasanka
thanks for th sub
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

niayamai…thanks BUDDIKA saho..sub ekata..digatama sub demu.jaya wewa……