මගේ හය වෙනි උපසිරැසිය විදියට අරගෙන ආවේ DC චිත්‍රපටියක්. මේක තමයි 2006 දී රිලීස් වුණු Superman: Brainiac Attacks කියන චිත්‍රපටිය. මේකට IMDb ලකුණු 6ක් සහ Rotten Tomatoes දර්ශකයේ 60%ක් හිමි වෙලා තියෙනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Curt Geda විසින්. ඒවගේම චරිතවලට හඬකවන්න Lance Henriksen (බ්‍රේනියැක්)…

මගේ හය වෙනි උපසිරැසිය විදියට අරගෙන ආවේ DC චිත්‍රපටියක්. මේක තමයි 2006 දී රිලීස් වුණු Superman: Brainiac Attacks කියන චිත්‍රපටිය. මේකට IMDb ලකුණු 6ක් සහ Rotten Tomatoes දර්ශකයේ 60%ක් හිමි වෙලා තියෙනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Curt Geda විසින්. ඒවගේම චරිතවලට හඬකවන්න Lance Henriksen (බ්‍රේනියැක්), Powers Boothe (ලෙක්ස් ලූතර්), Tim Daly (සුපර්මෑන්/ක්ලාක් කෙන්ට්), Dana Delany (ලොයිස් ලේන්) ඇතුළු පිරිස් සහභාගී වෙලා තියෙනවා.
කතාව ගැන කියනවා නම්, බ්‍රේනියැක් පෘථිවියට ඇවිල්ලා ලෙක්ස්කෝප් එකේ තාක්ෂණයෙන් මහ විනාශයක් කරනවා. මේක නවත්තන්න සුපර්මෑන් ඇවිල්ලා බ්‍රේනියැක්ව කෑලි කෑලිවලට කුඩු කරලා දානවා. ඒත් ලෙක්ස් ලූතර් කොහොම හරි එක කෑල්ලක් බේරගෙන. එයාගේ අදහස බ්‍රේනියැක්ව එයාගේ ලෙක්ස් 9000 කියන චන්ද්‍රිකාවට සම්බන්ධ කරලා සුපර්මෑන්ව විනාශ කරලා දාන්න. ඊටපස්සේ බ්‍රේනියැක්ට ලෝකය විනාශ කරනවා වගේ බොරුවට රඟපාන්න කියලා එයා ලෝකේ බේරගෙන වීරයා වෙන්න. බ්‍රේනියැක් මැට්‍රොපොලිස් ආක්‍රමණය කරනවා. මේ අතරේ ලොයිස් ලේන් මේක වාර්තා කරන්න ගිහිල්ලා අනතුරකට මුහුණ දෙනවා. ඒක තමයි එයාගේ රුධිර සෛල ලෝහයක් එක්ක මිශ්‍ර වෙන්න ගන්නවා. ඒක හොඳ කරන්න තියෙන එකම ක්‍රමය තමයි ආර්ගෝනියම් 44 කියන දුර්ලභ මූලද්‍රව්‍යය භූත කලාපයෙන් අරගෙන එන එක. ඉතින් සුපර්මෑන්ට ලොයිස්වත් බේරගෙන, බ්‍රේනියැක්ව පරාද කරන ගමන්, මැට්‍රොපොලිස් බේරගන්න පුළුවන් වේවිද? ෆිල්ම් එක බලලම දැනගන්න.
සිංහල උපසිරැසිය ගැන ඔයාලගේ අදහසත් යටින් කමෙන්ට් කරගෙනම යන්න. ආයෙමත් මේ වගේ උපසිරැසියකින් හමුවෙමු. සුබ දවසක්.

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
1,488 downloadsDownload Superman-Brainiac-Attacks-2006.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
13 comments
Supun Kaushalya
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Udara Damith
23
2Harvey O'brien
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
indika75
thanks..
Nilush Angana
Sub ekata thanx
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Kavindya Wanniarachchi
නියමයි!
hnrock
superman animated series එක බලලා තමයි මේක ගන්න ආවෙ. වටිනවා මේ වගේ ඇනිමේෂන් වලට උපසිරැසි කරන එක. බොහොම ස්තූතියි!
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
සඳහන් කිරීමට කාරුණික වන්න.Anonymous
බොහොම ස්තූතියි සහෝ සබ්ටයිට්ල් එකට... ඉදිරි ගමනට ජය...❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
තෑන්ක්ස් සබ් එකට