ආසියානු horror ශානරය කියන්නෙ වෙනස්ම අත්දැකීමක්බව චිත්‍රපට නරඹන ප්‍රේක්ෂක හැමෝම දන්න කාරණයක්. Horror | Thriller | Drama අංශ නියෝජනය කරමින්, පහුගිය මැයි 26 වෙනිදා Netflix ඔස්සේ දිගහැරුනු මේ තායිලන්ත චිත්‍රපටය අද වෙනවිට මනාප 1100කින් පමණ IMDb මීටරය5.2 ක් දක්වා කරකවන්න සමත්වෙලා තියෙනවා. විශේෂයෙන්ම කියන…

ආසියානු horror ශානරය කියන්නෙ වෙනස්ම අත්දැකීමක්බව චිත්‍රපට නරඹන ප්‍රේක්ෂක හැමෝම දන්න කාරණයක්. Horror | Thriller | Drama අංශ නියෝජනය කරමින්, පහුගිය මැයි 26 වෙනිදා Netflix ඔස්සේ දිගහැරුනු මේ තායිලන්ත චිත්‍රපටය අද වෙනවිට මනාප 1100කින් පමණ IMDb මීටරය5.2 ක් දක්වා කරකවන්න සමත්වෙලා තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනෙ තායිලන්තයේ නිපදවුනු පලවෙනි Netflix Originated ෆිල්ම් එක තමයි මේ. කාලෙකින් බලපු වෙනස්ම හොරර් අත්දැකීමක් කියලත් කියන්නම ඕනෙ. Netflixලගෙ වැඩ ගැන මම අමුතුවෙන් සහතිකයක් දෙන්න උවමනාවක් නෑනෙ. මුලින්ම ෆිල්ම් එකේ විස්තර ටිකක් බලලා ඉමු.
Paween Purijitpanya
මේ තමයි චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා. හොරර් රසිකයෙක්නම් මෙයාව අමතක වෙන්න විදියක් නෑ.විශේෂයෙන්ම; Body sob 19 (2007), 4bia-(2008), Phobia 2-(2009), Seven Something-(2012) වගේ චිත්‍රපටිවලින් තමන්ගෙ හැකියාව ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කරලා තියෙනවා.
Thanapob Leeratanakajorn
නම පොඩ්ඩක් කියවන්න අමාරුයි වගේ දැනුනට ගනන් ගන්න එපා.මොකද මේ තමයි කතාවෙ ප්‍රධාන චරිතෙ. මීට කලින් Mary Is Happy, Mary Is Happy (2013), The Swimmers (2014), May Who? (2015), One for the Road (2021) වගේ චිත්‍රපටි තුලින් තමන්ගෙ රංගන හැකියාව පෙන්නපු රංගන ශිල්පියෙක්.
Paris Intarakomalyasut
බොහොම මෑතකදි ප්‍රධන දාරාවේ සිනමාවට ආපු නළුවෙක් කියල හඳුන්වන්න පුලුවන්. සුළු චරිත කිහිපයකට අමතරව මීට කලින් Tootsies and The Fake-2-19 කියන චිත්‍රපටියෙදි අපිට දැකගන්න පුලුවන් වුනා. මේ චරිතයට ඔහු මොන තරම් සාධාරණයක් කරනවද කියන එක ඔබම තීරණය කරන්න.
Nuttanicha Dungwattanawanich
වැරදිලාවත් නම කියවන්න එහෙම යන්න එපා.මොකද දිව පැටලෙන්න පුලුවන්.තායිලන්තෙ නම් එහෙම තමයි. විශේෂයෙන්ම වාසගම්. කොහොම උනත් ඔයා අග්නිදිග ආසියානු නිර්මාණ රසවිඳිනවනම් මේ මුහුණ හුරුපුරුදු වෙන්න ඕනෙ. මීට කලින් නිර්මාණ ගණනාවකට දායකත්වය සපයලා තියෙනවා. නිර්මාණ කීපයක් ඉක්මනට මතක් කරොත්; The Promise (2017), Bad Genius (2017), Shutter (2004), Happy Old Year (2019), A Gift (2016)
කතාව පැත්තට හැරුනොත්, ෆිල්ම් එකේ නමේ තියෙන විදිහටම මේ හොල්මන් ගැන කරන පරීෂණයක්. හැබැයි මේක කරන්නෙ වෙන කවුරුත් නෙවේ, වෘත්තියෙන් වෙද්යවරු දෙන්නෙක්, රෝහලක් ඇතුලෙදි. පොඩ්ඩක් අමුතුයි වගේ නේද.. ඒකනෙ කියන්නෙ. මේ තවත් එක් හොල්මන් ෆිල්ම් එකක් කියන ලේබලේ අලවන්න බැරි වෙනස්ම හොල්මන් ෆිල්ම් එකක්. සාමානයෙන් පරණ ගෙයක් ඇතුලෙ සද්ද දාන සාම්ප්‍රධායික හොල්මන් කතාවක් නෙවෙයි මේ. ඉතින් මේ වෙද්යවරුන් දෙන්නට පරීක්ෂණය සාර්ථක කරගන්න පුලුවන් වෙයිද? ඒ වෙනුවෙන් ජීවිත කීයක් කැප කරන්න සිද්ද වේවිද? තම තමන්ගෙ ජීවිතවලට මොනව වේයිද? ඒ වගේම මතක් කරන්න ඕනෙ, අනවශය වැල්වටාරම් නැතුව මුල සිට අගට කිසිම කම්මැලිකමක් නැතුව එකම ආකාරයේ කුතුහලයකින් නරඹන්නට පුලුවන් චිත්‍රපටියක් මේක. ඉතින් තවමත් බලපු නැති අයට ආරාධනා කරනවා මේ අපූරු නිර්මාණය රසවිඳින්න කියලා. බලලම තීරණය කරන්න. වෙනස්ම අත්දැකීමයි වේවි.
-ඔබ මරණින් මතු ජීවිතයක් ගැන විශ්වාස
කරනවද?
-එහෙමත් නැත්නම් ඔබ හොල්මන් ගැන විශ්වාස
කරනවද?
-ඔබ නිකමටවත් ඔබේ මතය
මිත්‍යා විශ්වාසයක්ද,
-එහෙමත් නැත්නම් විකාර අදහසක්ද,
කියල ඔප්පු කරලා තියෙනවද?
-ඉතිං අද මම ඔයාල හමුවට ඉදිරිපත් කරන්නෙ
ඔබේ විශ්වාසයන් වෙනස් කල හැකි,
-වැදගත් පුද්ගලයින් දෙදෙනෙක්,
- Director-Paween Purijitpanya
- writer-Paween Purijitpanya
- IMDb rate- 5.2
- google users-74%
- Country- Thailand
- Language- Thai
- Distributors- Netflix
- Run Time- 1h 57m
උපසිරැසිය ගන්න ගමන් පහලින් ඔයාලගෙ අදහස් දාගෙන යන්නත් අමතක කරන්න එපා.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
4,907 downloadsDownload Ghost.Lab_.2021.zip41 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ජයවර්ධන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-08-29
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිඳු ජයවර්ධන
Subtitles
39 comments
Anonymous
ශාමල් මනෝජන්
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
හැකිනම්,
Jakob's wife - 2021
The House Next Door - 2021
Horror movie දෙකටත් සබ් දෙන්න.Kavindu
සිංහල උපසිරසියට ස්තුතියි
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Samith
Thanks brother
Anonymous
අඩෝ කවිඳු.කොහොමද බන්.උබ දැන් වැඩිය කතා කරන්නෙත් නෑනේ.කොහොම හරි වැඩේ සුපිරි ♥️
Anonymous
අඩේහ් මේ උබනේ බන්
එකනේ බැලුවේ කවුද කියලා
එල එල බන්
දිගටම මේ වගේ සුපිරි ඒවා දෙමුChamuditha dilrukshan
Adoo kavindu kohomada bn jeewithe.wade supiri
Naveen
උපසිරසියට තුති
Anonymous
තෑම්ක්ස් කොම්ලෝ
Kushan
Sub akta thanks
Anonymous
Patta
Anonymous
Thwa thai horror ona
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ …!!
Anonymous
ස්තුතියි
Jaddu
Thnkz mchn
Anonymous
උපසිරසියට ස්තුතියි සහෝ
කොරියන් ත්‍රිලර් සීරීස් එකක් කරමු පුලුවන්නම්Eranda
Thanks brother
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Yash
තෑන්ක්ස් සහෝ
Anonymous
උපසිරසියට ස්තුතියි යාලු
දිගටම සබ් කරමුHarvey O'brien
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
අසංක
දැනුයි බලලා ඉවරවුනේ
ඇත්තටම වෙනස්ම හොරර් අත්දැකීමක්
හැමදාම දකින එකම විදියේ ගොබ්බ හොරර් ෆිල්ම් එක්ක බැලුවම මේකනම් සුපිරියි
මේ වගේ වෙනස් එකකට සබ් දීපු එකට ගොඩක් ස්තුතියි සහෝ
ඉදිරියටත් මෙවැනි වෙනස් ෆිල්ම් වලට සබ් දෙන්නකවිඳු ජයවර්ධන
අදහසක් දක්වලා ගියපු හැමෝටම ගොඩක් ස්තූතියි❤
indika75
thanks..
Naveen
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ …!!
Anonymous
ඉන්දුනීසියන් හොර්ර් මූවීස් ටිකකුත් දෙන්න
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Anonymous
Niymai mchn
Anthony Morningstar
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Anonymous
Ane saho meke sub wada karan na mage KMP eke wena akuru wagayak watenne
Anonymous
Danna kenek innawa nam HELP karanna
Harvey O'brien
උපසිරසියේ දෝෂය නිරාකරණය කර ඇත
Hail Hydra
Anonymous
Thanks ..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Curse of the witch's doll 2018 sub dennako?....
Robbet the doll sinhala sub ekath oni, plzzz dennakoDewadithya
Thanks for Sub!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
මේකනම් සබ් වැටෙයි කියලා හිතුවේ නෑ බයිස්කෝප් එකෙන්
තායි හොරර් බලපු අය දන්නෝ ඒවයි රසේ
බොහොම ස්තුතියි සහෝ