Watch Trailer

Tangled: Before Ever After (2017) Sinhala Subtitles | සදහටම ඔබ මගේ (වීමට පෙර) [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට… මේ අරගන ඇවිත් තියෙන්නේ කාටුන් රසිකයින් පුල පුලා බලා සිටි සුන්දර කතාමාලාවක්. 2010 ඩිස්නි සමාගම විසින් නිපදවන ලද Tangled කතාමාලාව නොබලපු කෙනෙක් නැතිව ඇති. ජර්මන් සුරංගනා කතාවක් පාදක කරගෙන ගොඩනැගුනු Tangled කතාව Nathan Greno සහ Brian Howard දෙදෙනාගේ අධ්‍යක්ෂණයෙන් හැඩ වෙලා අප අතරට එනවා.…

කොහොමද කට්ටියට… මේ අරගන ඇවිත් තියෙන්නේ කාටුන් රසිකයින් පුල පුලා බලා සිටි සුන්දර කතාමාලාවක්. 2010 ඩිස්නි සමාගම විසින් නිපදවන ලද Tangled කතාමාලාව නොබලපු කෙනෙක් නැතිව ඇති. ජර්මන් සුරංගනා කතාවක් පාදක කරගෙන ගොඩනැගුනු Tangled කතාව Nathan Greno සහ Brian Howard දෙදෙනාගේ අධ්‍යක්ෂණයෙන් හැඩ වෙලා අප අතරට එනවා.

මේ වෙනකොට අපි හැමෝම බලලා හොදින්ම දන්න කතාවක් වුනත් මේ ගැන කෙටියෙන් මතක් කරන්නම්. මායාකාර හිරු එළිය බිදුවකින් නිර්මාණය වෙන මායා මලක් තියෙනවා කැලේ මැද. ගෝතල් කියන මායාකාරි ඒ මලට ගීත ගායනා කරලා තමන්ගේ සුන්දරත්වය සහ වයස්ගත වීම තාවකාලිකව නවත්වගන්නවා, ඒ රාජධානියේ රැජිණ දරුවෙක් ලැබෙන්න හොදටම අසනීප වෙලා රාජපුරුෂයන් ඇවිත් මේ මල් කඩාගෙන යනකන්ම. ඒ මලේ තියන බලයෙන් රැජිණ සුව වෙනවා, ඒවගේම රපන්zසල් කුමරියට උපත ලබාදෙනවා. දැන් අර මායා මලේ තිබුණු බලය කුමරියගේ දිගු කොන්ඩයට ලැබිලා තියෙනවා. කුමරියගේ උපතින් සතුටින් උදම් වුන රටවැසියන් උත්සව පවත්වමින් ඉද්දි ගෝතල් ඇවිත් කුමරිය පැහැරගනී ගිහින් අවුරුදු 18ක් තිස්සේ උස කුළුණක් හිර කරලා තියාගන්නවා. මෙතනදි තමයි ෆ්ලික් හයිඩ්‍රා කියන වංචාකාර හොරා ඇවිත් කුමරියගේ සිහිනය ඉටුකරන්න ඇයව රාජධානියට එක්කගෙන යන්නේ. අන්තිමට කුමරිය තමන්ගේ සැබෑ අම්මයි තාත්ත්වික එක්ක එකතු වෙනවා. හැබැයි කුමරියව ගෝතල්ගෙන් බේරගත්ත රයිඩර්ව බේරාගන්නේ කුමරිය විසින්. කොහොමවුණත් අන්තිමට කුමරියව ඇගේ දිග කොන්ඩය නැතිවෙනවා.

ඉන්පසු 2012 දී Tangled: Forever after කියලා කෙටි චිත්‍රපටයක් නිකූත් වෙනවා. ඒකෙදි රපන්zසල් කුමරියගේ සහ ෆ්ලින් රයිඩර්ගේ විවාහය අපිට දැන් ගන්න පුලුවන් වෙනවා. විවාහ උත්සවයේ මුදු රැගෙන එන මැක්සිමස් සහ පැස්ටල් දෙන්නට වෙන අකරතැබ්බයක් පාදක කරගෙන අතිශය චමත්කාරජනක විදියට නිපදවලා තියන මේ කෙටි චිත්‍රපටය කාටුන් රසිකයින් අමන්දානන්දයට පත්කරමින් නිකුත් වුනා කාටත් මතකඇති කියලා හිතනවා. බැලුවේ නැත්නම් අදම බලන්න.

දැන්. 2017 දී Tangled: Before Ever after අද මේ අරගන ඇවිත් තියන රූපවාහිනි චිත්රපටය නිකුත් වෙනවා. එකේ සදහන් වෙන විදියට රපන්zසල් කුමරියගේ සහ රයිඩර් විවාහය දක්වා ගියපු ගමන වික්‍රම වලින් පිරුනු සුන්දර ගමනක්. ඇත්තටම අද ඔබට දැකගන්න පුළුවන් වෙනවා ෆ්ලින් රයිඩර් රපන්zසල් කුමරියට විවාහ යෝජනා කරන විදිය. ඇය විවාහ යෝජනාවට කැමති වේවිද? ඒ වගේම තමයි අද කතාවෙදි මේ වෙනකොට රයිඩර්ටත් වඩා කෙටි කොන්ඩයක් තියෙන රපන්zසල් කුමරියට එක රැයක් එලි වෙනකොට ශක්තිමත් දිගු කොන්ඩයක් පහල වෙනවා. මේක වෙන්නේ කොහොමද කියලා දැනගන්නත් වෙන්නේ ඉතිං කතාව බලලා ම තමයි .

Tangled: Before Ever after රූපවාහිනී චිත්‍රපටයට පසුව සතිපතා Tangled : The series කතා මාලාව විකාශය ආරම්භ වෙනවා. එතකොට හෙට ඉදන් දිනපතා ඔබට තවමත් විකාශය අවසන් වී නොමැති Tangled : The series කතාමාලවත් සමග එකතුවෙන්න පුළුවන්. රපන්zසල් කුමරිය සහ ෆ්ලින් රයිඩර් එකතුවෙලා සිදුවෙන වික්‍රමයන් බලන්න ඔබට ඉදිරියේදී අවස්ථාව ලැබේවි. Tangled (2010) නිර්මාණයට දාකයවුන අධ්‍යක්ෂකවරුන්, හඩ නළු ශිල්පීන් ඇතුළු කාර්යමණ්ඩලයම තමයි මේ කතා සියල්ලටම පාහේ දායකත්වය දක්වලා තියෙන්නේ. ඒ නිසා ඉතිං චිත්‍රපටයේ තියෙන ගුනාත්මයෙන්ම ටීවි කතා මාලාවත් ගලාගන යනවා. ඉතිං Tangled : The series තුලින් හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

4,134 downloadsDownload Tangled-Before-Ever-After-2017.zip33 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

4,134 downloadsDownload Subtitles33 KB

23 comments

  1. Kavishka Vikum

    supiri wadak

  2. nirodha uthpala

    Thx soo much sahodariya Web dl balanna meka mataka hena gahai brrip ma eanakan innava thx for sub sis digatama denna labeva keya hadavatinma partana karanava sis obata jaya. .

  3. ඉෂාන් මදුෂ

    නියමයි.බොහොම ස්තූතියි

  4. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

  5. ip

    Son of bigfoot animation ekata sub dennako

  6. Sithumini

    baiscopedownload වැඩ නැත්තේ ඇයි?

    1. Udara Damith B/K

      මොකක් හරි තාක්ෂණික දෝෂයක් වෙනද ඇති

  7. podda

    niyamai iiiiii Balagena hitapu animation 1. sub 1 thanks sis !!!!!

  8. Udara Damith B/K

    ........බොහොම ස්තූතියි.............

  9. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි උපසිරැසට..!

  10. Sajith Anthony

    උපසිරැයට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  11. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  12. tharangani

    thanx

  13. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට,
    ජය වේවා…!

  14. chanaka samarakoon

    බොහොම ස්තූතියි

  15. sanjeewa

    ගොඩක් ස්තුතියි සබ් දුන්නට.....:)

  16. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. දමිත්

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සුරේනි.
    ජයෙන් ජය.

  19. asitha

    elama saho thanks

  20. darshana

    downlod karanta link ekak nadda

  21. nisha

    thanks...

  22. Anonymous

    Thanx sis .....