ඔන්න එහෙනම් 2013 මැයි 31 වෙනිදා බයිස්කෝප් අඩවියේ ලාබාලම සාමාජිකයා විදිහට වැඩ පටන්ගත්තු මමත් අද මගෙ පලවෙනි කඩයිමට ඇවිත් තියෙනව. (ඔව් ඔව් අද 50 ටමයි). මුලින්ම නිකන් ආසාවට සබ් එකක් කරලා බලපු මම මෙහෙම කඩයිමකට එයි කියල කවදාවත්ම හිතුවෙ නෑ. මොකද මගෙ පලවෙනි සබ් එක කරද්දි මං 10 වසරේ. එතකොට මේ සබ් හැදිල්ල කි…

ඔන්න එහෙනම් 2013 මැයි 31 වෙනිදා බයිස්කෝප් අඩවියේ ලාබාලම සාමාජිකයා විදිහට වැඩ පටන්ගත්තු මමත් අද මගෙ පලවෙනි කඩයිමට ඇවිත් තියෙනව. (ඔව් ඔව් අද 50 ටමයි). මුලින්ම නිකන් ආසාවට සබ් එකක් කරලා බලපු මම මෙහෙම කඩයිමකට එයි කියල කවදාවත්ම හිතුවෙ නෑ. මොකද මගෙ පලවෙනි සබ් එක කරද්දි මං 10 වසරේ. එතකොට මේ සබ් හැදිල්ල කියන්නෙ මොකක්ද කියල ලොකු වැටහීමක් තිබුනෙත් නෑ. ඉතින් කොහොම කොහොම හරි අවුරුදු 4 යි මාස 6 ක් ගිහින් අන්තිමේදි මගෙ පලවෙනි කඩයිමට එන්න මං වාසනාවන්ත උනා. උපසිරැසි කරන්න පටන් අරන් ටික කාලෙකින් අපොස සා/පෙ පටන්ගත්තු නිසා එතන වැඩේ නැවතුනා. ආයෙත් උ/පෙල කරද්දි නැවතුනා, ඉතින් ඔය හේතු නිසා සෑහෙන කාලයක් ගියා 50 ට එන්න. හැබැයි ඒ අතරේ වැරදුනු තැන් නම් බොහොමයි. ඒවගේම ඒ හැම වැරැද්දකින්ම මං ලොකු පාඩමක් ඉගෙනගත්තා.ඒකටත් විශේෂයෙන්ම වාසල අයියට ස්තූතියි කියන්න ඕන. ඉතින් මං කරපු උපසිරැසි අතර චිත්‍රපට 15 ක් සහ ටීවී එපි 36 ක් අඩංගු වෙනව.(ඔව් ,මේ මගෙ 52 වෙනි උපසිරැසිය. මොකද වැඩ අස්සේ මට මේක කරගන්න සති දෙකක් විතර ගියා). ඉතින් මං මේ ගමන පටන් ගන්නකොටම මට මේකෙ යාලුවො හමුවුන හැටිත් පොඩ්ඩක් කියන්නම්. මං මුලින්ම සාකච්චාවකට එන්ටර් උනේ {වීමා} අයියත් එක්ක.හැබැයි ඒක එච්චර සුන්දර උනේ නෑ. මොකද එයා මට මැසේජ් එකක් දැම්මම මං වැරදීමකින් එයාට හොඳටෝම බැන්නා. ( ඒ ගැන අපි කතාන නොකර ඉමු). ඊටපස්සේ ඉතින් රොයිලි අයියා, හසන්ත අයියා , වාසල අයියා, [දැන් පැත්තකට වෙලා ඉන්න විකියා] වගේ මුල්ම සාමාජිකයෝ තමයි.
එතනින් ගියාම අලුතෙන් මතක් කරන්න ගොඩාක් අය ඉන්නව. සමන් අයියා, සිසිල අයියා, සමීර කරුණාරත්න අයියා, සමීර චතුරංග අයියා, ප්‍රනීත් අයියා, නිර්මානි අක්කා, ආසිරි අයියා, නලින් අයියා, අසංක අයියා, යශෝධ අයියා ඇතුලු හිටපු සහ දැනට ඉන්න ඇඩ්මින් මන්ඩලය.
ඊටපස්සේ මං සබ් කරන්න අනුගමනය කරපු ජේෂ්ඨයෝ ගොඩක් ඉන්නව. දිදුල අයියා, සඳුන් අයියා, කවිඳු අයියා, කාලිංග අයියා, MDG, වා.මු. නිලන්ත අයියා, මයුර අයියා, තාරක , දිල්ශාන් , දිනිදු ,සුදීර,චලිඳු , නිලුපුල් , ඉසුරු , චාමර , අනුරුද්ද , කලිදු, අචින්ත, රවිඳු, උශාන් ( අයියලා) යන අයවලුත් විශේශයෙන්ම මතක් කරනව. මොකද මෙයාලාගෙ සබ් බලල මං හොඳ අදහසක් ගන්නව සබ් එක හදද්දි. (මෙතෙන්ට දාන්න අමතක උන නම් තියෙනවනම් සමාවෙන්න ඕන, මතක මතක ටික විතරයි කොටාගෙන යන්නේ)
ඒවගේම ගිය සැරේ ගෙට් එකේදී තව යාලුවො වගයක් සෙට් උනා, බොක්කෙන්ම කතාබහ කරල ඉන්න නැනත්, එක මැසේජ් එකකින් උදවුවක් කරගන්න පුලුවන් තරමට යාලුකමක් තියෙනව. උන් ටිකත් මතක් කරලම ඉමුකෝ. සචිත් ලක්ශාන් , දේවක අයියා, රශීන් මන්සිල්, තිසර නියෝ සහෝ,සුරේනි අක්කා, චමලා, චාමිකර අයියා, ලහිරු චානක අයියා, ප්‍රනීත් මධූ, රසිත ප්‍රදීප්, සමිත සහෝ, ඉන්ද්‍රජිත් අයියා, රසාංග සහෝ, C.R ජයලත් සහෝ, පූර්ණි අක්කි, හෙලලි අක්කි වගේම ගයේශා අක්කිත්. ඒවගේම මට නම් අමතක උන අනිත් හැම උපසිරැසිකරුවෙක්වම ආදරයෙන් ගෞරවයෙන් මතක් කරනව. (ඇත්තටම මං මේ හැමකෙනෙක්ගෙම වගේ උපසිරැසියක් බලලා තියෙනව, නමුත් හැමෝගෙම නම් මතක නෑ ,ඒක නිසා අවුලක් ගන්න එපා කියල මං කරුණාවෙන් ඉල්ලා සිටිනවා). හම්මේ මේකෙ දිග……

ඉතින් එහෙනම් අපි ආගිය තොරතුරු කතාකලා ඇති. දැන්වත් කතාව පැත්තට හැරුනොත් හොඳයිනේ.
මේක ඇවිල්ලා තනිකරම Comedy කොටසට අයිති කතාවක්. ඒක නිසා ලොකූවට කතාව ගැන විස්තරයක් දෙන්න බලාපොරොත්තුවක් නෑ.මේකට ImDb අගය 6.4 ක් ලැබිල තියෙනව. ඒවගේම කුනු තක්කාලියො 89% ක රේටින් එකක් දීලා තියෙනව. කතාව සැකෙවින් මෙහෙමයි.
මේකෙ ප්‍රධාන චරිත 4ක් තියෙනව. ඒ හතරදෙන තමයි රයන්, සාශා,ලීසා සහ ඩීනා කියන්නේ. ප්‍රධාන චරිතය රයන්. මෙයා වෘතීමය ලේඛිකාවක්, දේශකවරියක්. මේ ගෑනු 4 දෙනා පාසලෙ ඉඳන්ම හොඳම යාලුවෝ.ඒවගේම එයාලගෙ කණ්ඩායමට වෙනම නමකුත් තියෙනව. (ඒක කතාව බලද්දිම ඔයාලට පෙනෙයි). ඉතින් මේ හතරදෙනාම දැන් වෙන වෙනම රස්සාවන් කරගෙන වෙන් වෙලා ඉන්න නිසා ආයෙත් එකතුවෙන්න සූදානම් වෙනවා. ඒකට තොරගන්නේ Essence Festivel කියන කලු ජාතිකයින්ට තියෙන උත්සවයක්. මේ කට්ටිය එතෙන්ට එකතුවෙන්න කලින් හමුවෙලා ගන්න ආතල්, එයාලට එන අභියෝග, මුහුනපාන්න වෙන ගැටලු වගේ දේවල් වලින් තමයි කතාව හැදිලා තියෙන්නේ. මෙහෙම මෙයාලා උත්සවේට ගිහින් ගන්න ආතල් නම් ඉවරයක් නෑ. තනිකරම American Pie එකේ Ladies Version එකක් වගේ. කිසි කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන්.මං වැඩි විස්තර කියන්න යන්නෙ නෑ, මොකද එතකොට කතාවෙන් වැඩක් නැති වෙනව.
ප්‍රධාන චරිතය රඟපාන්නේ Regina Hall කියන නිලිය. එයානම් එච්චරම හුරුපුරුදු නිලියක් නෙමෙයි. හැබැයි අනිත් අයනම් දැකලා පුරුදු අයමයි ඉන්නේ. සාශාගේ චරිතය රඟපාන Queen Latifah අපි හොඳට අඳුරන නිලියක්. Taxi, Miracles Of Heaven වගේ කතාවල රඟපාලා තියෙනව. ඒවගේම Jada Pinkett ඉන්නවා Gotham, Scream ,Collateral, Bad Moms වගෙ ෆිල්ම් වල. ඉතින් අනිත් නලු නිලියො ගැන ආයෙ විස්තර ඕනෙ නෑ. එහෙනම් මේ ඇති කියල හිතනව. මොකද තවත් ලියන්න බෑ, අතටත් අමාරුයි, ඇඟටත් අමාරුයි, මොකද දැන් මධ්‍යම රාත්‍රියත් වෙලා තියෙන්නේ.
“විශේශයෙන්ම කියන්න තියෙන්නෙ, මේක පොඩි අය ඉන්න තැන්වල, අම්මල තාත්තලා ඉන්න තැන්වල එහෙම බලන්න එපා”
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු.
ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
15,664 downloadsDownload Girls-Trip-2017.zip79 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/rakhitha-ranatunge-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-05-31
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
82 comments
සිසිල ප්‍රසාද්
Rakitha Ranathunga
ස්තූතියි අයියේ...
Malan Madhushan
50වෙනි කඩයිමට,
උනුසුම් සුභ පැතුම් මලේ.
ඉදිරියටම යමු. ජය වෙවා....Rakitha Ranathunga
ස්තූතියි අයියේ...
Kantha_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........සචිත් ලක්ෂාන්(සචී)
50 වෙනි උපසිරසියට සුභ පැතුම් වේවා රඛිත සහෝ...
පැරණිම සාමාජිකයෙක් නොවැ.
ඉක්මනටම 100 150 200ත් ගහමු හොදේ...
සුපිරි ෆිලුමක් වගේ...
උපසිරසියටත් ස්තුති වේවා...
ජයින් ජයිම වීවා...!Rakitha Ranathunga
ස්තූතියි අයියේ...
shasith sandaruwan
පළමු කඩඉමට සුභපැතුම් මල්ලී...
තවත් උපසිරැසි ලබා දීමට කාලය, ශක්තිය ලැබේවා!
දිගටම සබ් දෙමු ආ... :P
ඔබට ජය!Rakitha Ranathunga
ස්තූතියි අයියේ...
Samitha
50 ට සුබ පැතුම්
Rakitha Ranathunga
ස්තූතියි අයියේ...
Rakitha Ranathunga
ස්තූතියි සහෝ...
Sohan Jayasooriya
පලමු කඩයිමට හදවතින්ම සුබ පතනවා මලේ.. දිගටම සබ් දෙමු ආ.. ඉගෙනීමෙ වැඩත් එක්ක බැලන්ස් කරන් තව දිග ගමනක් යමු.. ජයවේවා!
Naveen Randika
50 වෙනි සිංහල උපසිරැසියට සුභ පැතුම්!
බොහොම ස්තූතියි උපසිරැසියට.
ජයවේවා!sumed
50 වෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ.බයිස්කෝප් එකට ජය වේවා...!!!!
Sajeevi
50 වෙනි උපසිරැසියට සුභ පැතුම්.
Lakshan
Thanks Bro.
Helili Hemamali
50වෙනි කඩඉමට සුබ පැතුම් මල්ලියේ!
මාවත් මතක් කරලා තියනවා, බොහොම ස්තූතියි.
100වෙනි කඩඉමට ඉක්මනින් ළගා වෙන්න හැකි වේවා!C. R. ජයලත්
50ට සුබ පැතුම් මචං
මාවත් මතක් කලාට තෑන්ක්ස් බොක්කා!!!!!
100ත් ඔහොම ගහමු
ජය වේවා!!!!!!!!Udara Damith B/K
50ට සුබ පැතුම්
ස්තූතියි උපසිරැසියටසනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..! ඒ වගේම 50 වෙනි උපසිරැසට හදවතින්ම සුබපැතුම්..මේ වගේම ඉදිරි කඩඉම් වලටත් සාර්තකව ලගා වෙන්න හැකි වේවා..අපි හැමෝම වෙනුවෙන් තමන්ගේ කලාය කැප කරලා මේ කරන සේවයට බොහොම පිං සහෝ..! ජය වේවා..බුදුසරණයි..!
Uditha sandaruwan
එල 50ට සුබ පැතුම් තව හොද ඒවා දාන්න මල්ලී....
..
.Ms dala saren sare comnt krnn kyl krdr krn hinda damme onn
Rakitha Ranathunga
අනේ පල යකෝ බලු කතා නොකියා..
Sajith Anthony
50වෙනි උපසිරැයට සුභ පැතුම් සහෝ...!!
උපසිරැයට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!Kulanjana Maduranga
welldone….Hat off Respect Bro….Great work & Lot of thanks RAKITHA saho.wish u’r great future…..
Jack
50 වෙනි කඩයිමට උණූසුම් සුබ පැතුම් සහෝ...
දිගටම වැඩේ කරගෙන යමු..
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.Dulanga
thanks
Rajitha
Thanks machan.......jayawewa.....>>>!
Udaya Fernando
Thanks Rakhitha. Good luck.
Chämàrá Sâmpáth
උපසිරැසි 50ක් කරනවා කියන එකත් ලේසි වැඩක් නම් නෙවෙයි ඉතින්.
50'වැනි කඩයිමට සුභපැතුම් සහෝ.
මෙතනින් නොනැවත් ඊළග කඩයිම් වලටත් යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
සබට තුති.
ජය!tharangani
thanx
Samitha
50 වන උපසිරැසියට සුභ පැතුම්
කසුන් නුවන්ත
50වෙනි උපසිරැසියට උණුසුම් සුබ පැතුම් සහෝ......
මේ වගේම ඉදිරි කඩයිම්වලටත් යමු......
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට,
ජය වේවා…!gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
gihan
50 වෙනි උපසිරසියට සුභ පැතුම්
රොයිලි
උණුසුම් සුබ පැතුම් රඛිත මලේ. මීට වඩා ඉක්මනට 100 යන්න ලැබේවායි පතනවා. වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ :P :P
තිසර
50 වන උපසිරැසියට සුභ පැතුම්
ඉක්මනින් 100 ගේන්න ලැබේවා.දමිත්
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රඛිත සහෝ.
ජයෙන් ජය.asitha
elama saho thanks
තරිඳු රසාංග
50ට සුභ පතනවා මලයා.ඊළඟ කඩයිමටත් ඉක්මනින්ම ළඟාවෙන්න හැකිවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ජය!
Pradeep Anuruddha Dissanayake
50 වන කඩයිම පසු කරන මේ මොහොතේ සුභ පතනවා බ්‍රෝ.ඉක්මනින්ම 100 වන කඩයිම පසු කරන්නත් ශක්තිය ,ධෛර්යය ලැබේවා කියලා පතනවා.
lakshan
50 වන උපසිරැසියට සුභ පැතුම්
Pasindu Mithila
50ට සුභ පැතුම්..!
පරිවර්තන අයිතිය සුරකින්න කියන එක පොඩියට දැම්මනම් හොදයි නේද ?Anjana
Thanks..
isuru
50ට සුභ පැතුම් රඛිත මලේ..පමාවට සමාව ඈ..කාලෙකින් සයිටට ගොඩවුනේ..100ටත් ඔහොම්ම යමු..ජයවේවා!!
Rasheen Mansil
සුබ පැතුම් මල්ලි,එල සුපිරිම කතාවක්,
100ත් කරන්න පුලුවන් වෙන්න කියල සුබ පතනවා,,
:-) :-)Nikagoda Nagitha
thanks
සමන් ප්‍රසාද්
අඩෝ උඹත් 50 ගහලා.
සමාවෙයන් මල්ලි කමෙන්ට් එකක් දාන්න පරක්කු වුණාට.
මාව මතක් කළාටත් ස්තූතියි.
සයිට් එකේ හොඳ සබ් කාරයෙක් තමා උඹත්.
එහෙනම් ඊළඟ කඩයිමට යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...!!!
ජය වේවා...!!!praneeth madu
සුභ පැතුම් පොඩ්ඩො 50 වෙනි කඩ ඉමට ජය වේවා
Kasun
the other guys 2010 movie ekatath sub eka daannakoo..
Tharindu
එල......50 උපසිරැසිය කියලා හැමවෙලේම වැටෙනෙක කරදරයි බන්
Dole
Ah rakitha malli! Me wage digatama.sub karanna ubata shakthiya labenna kiyala prarthana karanawa.a asse hotel management ekath hariyata karagena yamu.hoda gamanak thiyenawa malli ubata.Jayama wewa.
-මීට බෝnikka!Kanchaka
Thanks Bro........
Ravindu Rukshan
50ta suba pathum
Ravindu Rukshan
50ta suba pathum
ලහිරු ප්‍රසාද්
50 වෙනි උපසිරැසියට සුබපැතුම් සහෝ.
ඔය වගේම ඊලග කඩයිම් වලටත් යමු.
ජය ~Ravindu Rukshan
50ට සුභ පැතුම්
Advertisement

පනස්වෙනි කඩයිම වෙනුවෙන් සුභ පතනවා, මල්ලි.
මෙතනින් නවතින්නේ නැතුව ඉදිරි කඩයිම් වලටත් ඉක්මණටම ලඟා වෙන්න හැකියාව ලැබේවා කියලා හදවතින්ම පතනවා.
ජයවේවා!