ඔයාලා දකින මේ පාර, කොයි ගමේද කියලා අඳුනගන්න පුළුවන්ද? දෙපැත්තෙන්ම වතුරෙන් වටවුණ, මැදින් යන මේ පාර..චෙන්නයි වල තමා තියෙන්නේ. මද්දහනේ තුනට වැටෙන අවුව ඔළුව පුපුරවන මේ පාරේ.. දැන් වැස්සක් වහින්න ඕන කියලා, රාමේෂ්වර් වල කිහිප දෙනෙක් දෙයියන්ට පූජා තියමින් ඉන්නවා. අද මැච් එකෙන් ඉන්දියානු කණ්ඩායම පරදින්න ඕ…

ඔයාලා දකින මේ පාර, කොයි ගමේද කියලා අඳුනගන්න පුළුවන්ද?
දෙපැත්තෙන්ම වතුරෙන් වටවුණ, මැදින් යන මේ පාර..චෙන්නයි වල තමා තියෙන්නේ. මද්දහනේ තුනට වැටෙන අවුව ඔළුව පුපුරවන මේ පාරේ.. දැන් වැස්සක් වහින්න ඕන කියලා, රාමේෂ්වර් වල කිහිප දෙනෙක් දෙයියන්ට පූජා තියමින් ඉන්නවා. අද මැච් එකෙන් ඉන්දියානු කණ්ඩායම පරදින්න ඕන කියලා. අද දවසේ ක්‍රිකට් වලින් ඉන්දියාව පරදින්න ඕන කියලා හිතුවත්, ඒක ලොකු දේශ ද්‍රෝහිකමක්. එහෙම තියෙද්දි..මේ සාමාන්‍ය මාළුකාරියන් හයදෙනා ඇයි දේශ ද්‍රෝහියන් වුණේ කියලා කියනවා නම්..
මෙයාලගේ නෑදෑයෝ කට්ටිය රාමේෂ්වර් මුහුදට තමයි මාළු අල්ලන්න ගිහින් ඉන්නේ. දැන් ඉන්දියාව චෙන්නායි වල මැච් එක ගගහා ඉන්නේ මුහුදෙන් එහා පැත්තේ රටත් (ශ්‍රී ලංකාවත්) එක්ක.
බැරිවෙලාවත් මේ තරඟයෙන් ඉන්දියාව දිනුවොත්..
මාළු අල්ලන්න ගිය ධීවරයෝ..ඒ රටේ හමුදාව විසින් අල්ලගන්න පුළුවන්.
මාළුන්ව පැහැර ගන්න පුළුවන්. වෙඩි තියලා මරලා දාන්නත් පුළුවන්.
ඒකයි මේ තරඟයේදී ඉන්දියාව පරදින්න ඕනේ,
වැස්සක් ඇවිල්ල හරි තරඟය නවතින්න ඕනේ කියලා
මෙයාලා යාඥා කර කර ඉන්නේ.
බුද්ධං සරණං ගච්ඡාමි !
(වැස්සක් වහී)
මෙයාලා යාඥා කළ නිසා වැස්ස ආවාද නැත්තම්.. ඉබේම වැස්සක් ආවද කියලා අපි දන්නෑ.
අර ධීවරයින්ට මොනවද වෙන්න යන්නේ කියලත් අපි දන්නෑ.
මැච් එකට මොකද වුණේ කියලත් අපි දන්නෑ. මොකද්ද යකෝ මේ ගොනයි මීමයි වගේ කියන කතාව කියලා ඔයාලට හිතෙනවා නම්..මේ කතාවම ගොනාගෙයි මීමාගෙයි කතාවක් තමා.
කතාව අවසානයේ ඔයාලට ගොනාව හිතට ඇල්ලුවොත් ගොනා.. මීමාව හිතට ඇල්ලුවොත් මීමා.
තරමනි..උපසිරසි කිරීමෙන් ටිකක් ඈත්වෙන්න තීරණය කරපු මාව, ආයෙත් උපසිරසිකරණයට ඇදලා දාපු අමුතුම කතාවක්. අධ්‍යක්ෂක රාම් ගේ නවතම එළිදැක්ම. මේ චිත්‍රපටයේ කතාව දිහා ටිකක් බැලුවොත් මේක හුඟක්ම හුඟක් වෙනස්, වයසෙන් මුහුකුරා ගිය අයට විතරක් සුදුසු වැඩිහිටි ගණයේ චිත්‍රපටියක්. මේ කතාව වාණිජ අරමුණු වෙනුවෙන් ටිකක් අඩු වැඩි කරලා ගන්න ඕන කියලා පොඩ්ඩක් වත් හිතන් නැතුව.. මෙවැනි සිද්ධියක් සිනමාවට ඇරන් ඇවිත් සිනමාව කිළුටු කළා..සමාජයට නිග්‍රහ කළා කියලා මිනිස්සු කෑ ගහයිදෝ කියන කාරණේවත් හිතන් නැතුව..හිතපු දේ හිතපු විදියටම සිනමාවට නගපු එක ගැන අපි අධ්‍යක්ෂක රාම්ව ප්‍රශංසාවට ලක් කළ යුතුයි.
අනිත් පැත්තෙන් මේ ලෝකේ තනිවුණු කාන්තාවක් මොන මොන ප්‍රශ්ණ වලට මුහුණ දෙයිද..ඒ ප්‍රශ්ණ කොයි විදියට නිරාකරණය කර ගනියිද කියන ඉතා තීව්‍ර චරිතයක් තමයි ඇන්ඩ්‍රියා රඟපාන්නේ. ඒ චරිතය හරියටම අඳුනාගෙන සුපිරි රඟපෑමක් කරනවා ඇන්ඩ්‍රියා. ඒ වගේම ප්‍රධාන නළුවා වසන්ත් රවී කියලා අළුත් කොල්ලෙක්. තමුන්ගේ චරිතය හොඳට රඟපෑවා. චිත්‍රපටියේ ඉන්ටවල් එක හරියෙදි වසන්ත්ගෙයි ඇන්ඩ්‍රියාගෙයි සීන් එකක් තියනවා. හුඟක් දිගට යන ඒ සීන් එක සින්ගල් ෂොට් එක්කින් තමයි ඇරන් තියෙන්නේ. ඒ සිදුවීමේ රඟපෑම වේවා..දෙබස් වේවා..රූගත කරපු විදිය වේවා සුපිරියටම ඇරගෙන තියෙනවා. ඔය වගේ හුඟක් සීන් චිත්‍රපටය පුරාවටම තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටය ගොනාගෙයි මීමාගෙයි කතාවක් කිය කිය පසුබිමින් අධ්‍යක්ෂක රාම් විටින් විට පසුබිම් කථනයක් සිදු කරනවා. ඒක චිත්‍රපටියට අදාළ වුණත් නැතත්..බලන් ඉන්න අපිට නම් හොඳ ආස්වාදයක් ලබා දෙනවා. ඒ දෙබස් හිංදා සිනමා ශාලාව ඇතුලේ විසිල් සද්ද එහෙමත් ඇහුණා කියලා මට බලපු කෙනෙක් කිවුවා. ඔයාලා මේ චිත්‍රපටය බැලුවොත් ඔයාලටත් ඒක දැනෙයි කියලා හිතෙනවා.ෆිලුමට සංගීතය සපයලා තියෙන්නේ යුවන් ෂංකර් රාජා.
චිත්‍රපටයේ අඩුපාඩුවක් කියලා කිවුවොත්..චිත්‍රපටයේ ප්‍රධාන නිළියගේ මට්ටමටම නළුවා හිටියාද කියලත් මට හිතුණා. දෙවෙනි භාගයේ නළුවා ෆෝන් එකක් ඇරන් අරයාට මෙයාට කතා කර කර ඉන්නවා, පොලිසිය එයාව ෆලෝ කරනවා වගේ සීන් ටිකක් හින්දා කතාවෙන් පිට පැන්නා වගෙත් දැනුණා. නමුත් සාරාංශයක් විදියට මේ චිත්‍රපටය කොහොමද කියලා ඔයාලා ඇහුවොත්.. මේ චිත්‍රපටයට බලන කෙනාගේ මානසිකත්වය අනුව විවිධ අර්ථකතන දිය හැකියි. හැබැයි ඒ කිසි කෙනෙක් මේ චිත්‍රපටය හොඳ නෑ කියලා නම් කියන එකක් නෑ. මේක හුඟක් වෙනස් කතාවක්..සහ මේ වගේ කතා ඉදිරියටත් ගෙන ආ යුතුයි. ඔබට මම අනිවාර්යෙන්ම මේ කතාව බලන්න කියලා ආරාධනා කරනවා..ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම ආරාධනා කරනවා. නිසැකවම ඔබට අමුතුම අත්දැකීමක් ලබා දෙනවා ඇති.
මට නම්..මගේ ජීවිතේ මම ආදරය කරන කාලයේ කරපු කියපු යම් යම් දේවල්..වෙනත් තැනක ඉඳන් මං දිහාම බලාගෙන ඉන්නවා වගෙත් දැණුනා. මගේ අඩුපාඩු හුඟක් මම මේ චිත්‍රපටිය බලලා තේරුම් ගත්තා. ඒ වගේම මේ චිත්‍රපටිය බලද්දි කාන්තාවන්ට අපි මෙයිට වඩා ගරු කළ යුතුයි, ඔවුන්ව හොඳින් තේරුම් ගත යුතුයි කිය හැඟීමක් ඇතිවුණා. ඒකයි මම වැඩ රාජකාරි අතරේ වුණත් මේ ෆිලුමට උපසිරසිය දාන්න බාර ගත්තේ.
ස්තුතියි !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා වලංගු වේ.
10,765 downloadsDownload Taramani-2017_2.zip66 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/Indrajith-Udayakumara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රජිත් උදය කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-10-29
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉන්ද්‍රජිත් කුමාර
Subtitles
49 comments
Ravi
Nimesh Dinuranga
මරු මරු දිගටම කරගෙන යමු..
Nimesh Dinuranga
පුලුවන්නම් premam 2017 movie එකට සබ් එකක දෙන්න..
C. R. ජයලත්
Niyamai Indrajith Aiya Jaya Wewa!!!!!!
Krishan NiShalya
නියමයි
දිගටම කරගෙන යමු ........
Good Luck..!
☺☺☺☺☺☺☺☺Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!salinda
Ela ..... Meesaya Murukku (2017) ekatath sub denna ..
avindu umesh
vivegam 2017 film ekt sub denna plz......... ......
Kulanjana Maduranga
niayamai…tamil ne aniwa balamawa....thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kulanjana Maduranga
INDRAJITH saho Fidaa (2017) movie ekata sub denna puluwanda?
Indrajith Udaya Kumāra
උපසිරසිය ඉදිරියේදී ලැබෙයි සහෝ..
කසුන් හර්ෂණ
ට හුඩු. Imdb 8.3 යි. බෑමක් තමා. තෑන්ක්ස් බ්‍රෝ. දිගටම සබ් දෙමු ආ.
thisal
Thanks
Mithun
කියන්න වචන නැ ගොඩක් සතුටුයි .ඔයාව අයෙ දකින්න නොලබෙයි කියල හිතුව සහෝ.. ගොඩක් සතුටින් සබ් එක ගත්ත ඔන්න..
සුපිරි ෆිල්ම් එකක් වගේ
එක තවත් මොකට කියනවද
ගොඩක් ස්තුතියි දිගටම karanna wada onnnaMithun
Adama download karanna one makaa
Buddi
Thanks..................
Rajitha
Thanks machan.....jayawewa.....!
ut
thanks a lot
Lahiru
අම්මෝ....ඇති යාන්තන් ආපහු බයිස්කෝප් වලට ආවා ...එල ..එල..ඔහොම ඉදල දිගටම ස්බ් දෙමු හොදේ..බුදු සරණයි
Danushka
Ela
sumed
නියමයි සහෝ.සබ් එකට තුති.ජය වේවා..
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
D.Chamara
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජය …!!rasanga
නියමයි…සබ් එකට තැන්ක්ස්…දිගටම දෙමු…
deshan
thank you macho welcom again..
janith
patta machan kiyala wedak ne supirima sewawak me filmata suba karapu eka
Sanindu Lakkitha
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~Ishan Anjana MakolageTM
patta!! mchn alaipayuthey (2000) ekata sinhala subtitles dennako..
sudarshana
thanks sinhala sube ekata ,RATHAVARA (2016) Pottu 2016 ekatai sube dennako mekath supirima film 2k thama man balaporoththuvenava sube dai kiyala digatama sube karanna jayawewa…
චාරුක ලක්ෂිත
පාර නෙ...
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
priyan
සබ් එකට තැන්ක්ස්…දිගටම දෙමු…
rangika Kariyawasam
ජය වෙිවා සහෝ .ස්තුතීයි උපසිරැසියට....
Indrajith Udaya Kumāra
ස්තුතියි සියලුම දෙනාට. හොද ෆිලුමක් !
ඔයාලා ෆිලුම බැලුවා නම් ඒ ගැනත් අදහසක් දාලාම යන්න.
ජයවේවා !Kaushan_P_Herath
පට්ට පිලුම සහෝ.මේ වගේ ඒවට දිගටම සබ් දෙමු
chanmatara
නියමයි සහෝ ..... පට්ට ෆිලුම
සබ් එකට tanx''''රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
samantha.lk
Tks for your effort..
Rajith Fernando
බොහෝම ස්තූතියි!
තව තවත් සිංහල උපසිරැසි අප හට ලබා දීමට ශක්තිය ධෛර්ය ලැබේවා!praneeth madu
ඉන්ද්‍රජිත් අයියගේ සබක්නම් ඉතින් ආය කතා දෙකක් නෑ ජය වේවා
Chamod Kavinda
niyamai ayye..jaya wewa...!!!!!
Shaveen Perera
Patta film ekeak bn meka thnx of lot .me wage ewata thawa denna
Dilip Prasanna
Thnq Mchn
සෝමපාල
බොහෝම ස්තූතියි!
තව තවත් සිංහල උපසිරැසි අප හට ලබා දීමට ශක්තිය ධෛර්ය ලැබේවා!oshanda
සබ් එකට තැන්ක්ස්…දිගටම දෙමු…
Rajitha Abeysinghe
thanks
Shashika
Thankz bro
Nidi
ඉන්ද්‍රජිත්,
ඔයා හරි. හිටි ගමන්
ෆිලුම අයාලේ යනවා වගෙත් දැනුණා.
ගෙඩි පිටින්ම උපදෙස් දෙන්න හදලද මන්දා.
සබ්ස් හොඳයි, හොඳේ.
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

Thanks bro