මගෙ නම චොල් ජූ.. මම නාවිකයෙක්, ධීවරයෙක්.”ජන්ජුන්” තමයි මගෙ බෝට්ටුව.දැන් ඉස්සර වගේ මේ ව්‍යාපාරෙ සරු නෑ.බෝට්ටුවත් අබලන්.මගෙ කණ්ඩායමේ ඉන්නෙත් මෝඩයො රැළක්.ඒත් මං උන්ට ආදරෙයි.ඒ අස්සෙ ගෙදර ඉන්න මගෙ ගෑණි වෙන උන් එක්ක බුදියනවා. ලාබයක් නැති නිසා බෝට්ටුවෙ අයිතිකාරයා බෝට්ටුවත් විකුණන්න හදන්නෙ.අවුරුදු ගාණක් මං…

මගෙ නම චොල් ජූ.. මම නාවිකයෙක්, ධීවරයෙක්.”ජන්ජුන්” තමයි මගෙ බෝට්ටුව.දැන් ඉස්සර වගේ මේ ව්‍යාපාරෙ සරු නෑ.බෝට්ටුවත් අබලන්.මගෙ කණ්ඩායමේ ඉන්නෙත් මෝඩයො රැළක්.ඒත් මං උන්ට ආදරෙයි.ඒ අස්සෙ ගෙදර ඉන්න මගෙ ගෑණි වෙන උන් එක්ක බුදියනවා. ලාබයක් නැති නිසා බෝට්ටුවෙ අයිතිකාරයා බෝට්ටුවත් විකුණන්න හදන්නෙ.අවුරුදු ගාණක් මං රජකරපු බෝට්ටුව විකුණන්න දෙන්න බැරි නිසයි මං මේක සල්ලි වලට ගන්න හදන්නෙ.ඒත් වත්කම් නැති නිසා කවුරුත් ණය දෙන් නෑ.ඒ නිසයි මම හොර ජාවාරම් කරන මිනිහෙක් ළඟට ගියෙ.මිනිහ කරන්නෙ චීනෙන් හොර රත්‍රං ඔරලෝසු ගෙන්නන එක.ඒත් මූ මට දුන්නෙ වෙනමම වැඩක්.ඒ තමයි චීන-කොරියානු සම්භවයක් තියෙන උන්ව චීනෙන් එන නැවකින් මෙහාට පටවන් එන එක.කොටින්ම කිව්වොත් සංක්‍රමණික ජාවාරම.ජීවිතේට මේවා කරලත් නෑ.. ඒත් සල්ලි ඕනෙ නිසා මේක කරනවා.ගොඩ යන්නත් එපැයි.
කොහොම හරි චීනෙන් එන මිනිස්සු ටික බෝට්ටුවට පටව ගත්තා කියමුකො..එතනත් එකෙක් දෙන්නෙක් නෙවෙයි තිහකටත් වැඩියි.මේ සේරම ආම්බාන් කරන එක ලේසි වෙන් නෑ.බැරි වෙලාවත් මුර සංචාරක බෝට්ටුවකටවත් අහු වුණොත් එහෙම,වෙන බෝට්ටුවක් දැකල පැමිණිලි කරොත් එහෙම, සේරටම හිරේ යන්නයි වෙන්නෙ.ඒ නිසයි බෝට්ටුවක් දකින හැමවෙලේකම මුන් ටිකව බෝට්ටුවෙ මාළු ගබඩාවට දාන්නෙ.ඒත් මේ අබලං බෝට්ටුවෙ මාළු ගබඩාව අස්සෙ ගෑස් කාන්දුවක් වෙයි කියල කවුද හිතුවෙ?නොදකින්.. ගබඩාවෙ දොර ඇරල බැලුවම හැම එකාම මැරිලා.. එකා උඩ එකා.මිනී 35 ක් විතර.. දැන් මං මොකද කරන්නෙ?මිනී ගොඩක් මුහුදට දැම්මොත් වෙරළට පාවෙලා යනවා.එක මිනියක් හරි අහු වුණොත් අපි ඉවරයි.වෙන කරන්න දෙයක් නෑ.. සේරම ටික පෙති ගහල මුහුදට දානව ඇරෙන්න.මේ අස්සෙ මුහුදු මීදුමත් බාලා.කිසිම දෙයක් පේන් නෑ.මූසලකම විතරයි.. මේක තමයි වැඩේ කරන්න හොඳම වෙලාව.. කෑලි කපල දැම්මම ලේ වලට මාළු ඇවිත් කාලා දායි.. ලොකු කෑලි දැම්මොත් එහෙම පාවෙලා වෙරළට යන්න ඉඩ තියෙනවා. ඒ නිසයි මගෙ කණ්ඩායමට මිනී පෙති ගහන්න නියෝග කරේ.එක අතකට සේරම එක වැර මැරුණු එකත් හොඳයි.නැත්තත් ප්‍රශ්න වැඩි වෙන්න ඉඩ තිබුණා.අඩුගාණෙ එහෙමයි මං හිතුවෙ.
ඒත් මේ සිද්දියට පස්සෙ කණ්ඩායමේ උන්ට පිස්සු විකාර වෙලා.එකෙක් එක එක එව්ව කියවනවා.තව එකෙක් කෙල්ලෙක් හොයනවා.. එක විකාරයයි.සේරම මැරුණ කියලයි මං හිතාගෙන හිටියෙ.ඒත් කවුද දන්නෙ නැවේ බාලම එකා කෙල්ලෙක්ව අරන් එංජින් කාමරේ හංගගෙන ඉදල කියලා.මූ කියනව ගියාම කසාද බදිනවලු.පිස්සු පෙරේතයා.. ඕකිගෙ කටින් වචනයක් හරි එළියට ගියොත් එහෙම අපි ඉවරයි.දැන් ඉතින් වෙන මොනව කරන්නද?මේකිවත් මරල දානව ඇරෙන්න.ඒත් ඊට කලින් මේ බාලයා අපිව මරණ්න හදනවා..
ආයුබෝවන්! ඔන්න ඕක තමයි අද චිත්‍රපටියෙ සාරාංශෙ.. තේරෙනව ඇතිනෙ චිත්‍රපටිය මොන වගේද කියලා.මේ චිත්‍රපටිය 2014 තිරගත වුණු drama/thriller ගනයට අයත් වෙන imdb 6.9 ඉහළ අගයක් ගත්තු කොරියානු චිත්‍රපටියක්.මේකට 63% ක ටොමෑටෝ අගයකුත් ලැබිල තියෙනවා.මං කපිතාන්ගෙ පැත්තෙන් කතාව කිව්වට ප්‍රධානම චරිතෙ තමයි මේකෙ බාලයා.ඒ කියන්නෙ දොන්ග් සික්.දොන්ග් සික්ට ඉන්නෙ the girl who sees smells,three days,missing you වගේ ඩ්‍රාමා වල රඟපාපු පාක් යූචන්.එතකොට කපිතාන් හැටියට the chaser, yellow sea, the priest,the thieves වගේ සුපිරි චිත්‍රපටිවල රඟපාපු කිම් යුන් සොක් තමයි රඟපාන්නෙ.දන්නෝ දනිති ඒකයි කිව්වෙ.
හරි ඉතින් එහෙනම් අදට ගිහින් එන්නම්.කලින් දීපු The prison චිත්‍රපටියත් බලන්න.ඒකට වගේම අනික් චිත්‍රපටි වලටත් ප්‍රතිචාර දක්වපු හැමෝටම ස්තූතියි.තවත් මේ වගේ සුපිරි නිර්මාණයක් අරගෙන එනකල්, බායි.බුදුසරණයි!

Due to copyright issues, we do not provide any torrent links.
Sea Fog 2014 720p BluRay x264 Korean AAC – Ozlem
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.
4,262 downloadsDownload Sea-Fog-2014.zip44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/ChamalKalum2-e1479516946495.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-07-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමල් කැලුම් අතපත්තු
Subtitles
25 comments
ඉෂාන් මදුෂ
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!madusara
ela...thanks
chanaka
ela ela thnz
Chamu
Lassana film ekak.thxx sub ekata .digatama korean ewama denna.oya dipu okkoma film wage baluwa
chamalkalum
thanks chamu.thank you very much.digatama balanna..
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!අසිත
elama saho thanks
thisal
ස්තූතියි!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sanindu Lakkitha
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!kumara
බොහෝම ස්තූතියි සහෝ සබ් එකට. එල කිරි. ගොඩාක් පිං
lakshan
ස්තූතිය සබ් එකට ජය වේවා..!!
gayan
supiri malli
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Colombo Sri Lanka
ස්තූතියි
Sajith Thilakarathne
Ela saho sub ekata thawa korean ewa denna
sanath indika
thx broo
චාරුක ලක්ෂිත
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…Sasith
ජයෙන් ජය සහො .....
Tharidu
jigsaw 2017 me film eke sub dennako
nimal dissanayake
ස්තුතියි චාමල්!
හොඳයි, හැඩයි, රහයි.
ඔහොම යමු!Naveen Rangana
Thanks for Subtitle..........
Jayawewa..........!!!!!!!!!!!!Krishani
Thank you
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

නියමයි.බොහොම ස්තූතියි සහෝ