Watch Trailer

Teen Lust (2014) Sinhala Subtitles | යෞවන රාගය [සිංහල උපසිරසි] [18+]

සුබ දවසක් වේවා හැමෝටම. අද මං මගේ දෙවෙනි උපසිරසිකරන විදිහට ඔයාලට අරගෙන ආවෙ Teen Lust කියන ෆිල්ම් එක. මේක ඇවිල්ලා වෙනස්ම විදිහෙ ලොකු ප්ලොට් එකක් නැති ෆිල්ම් එකක්. Blaine Thurier කියන අධ්‍යක්ෂකවරයගෙ නිර්මාණයක් වෙන මේ ෆිල්ම් එකට Jesse Carere, Daryl Sabara, Annie Clark යන අය රංගනයෙන් දායක වෙනවා. IMDB 4.…

සුබ දවසක් වේවා හැමෝටම. අද මං මගේ දෙවෙනි උපසිරසිකරන විදිහට ඔයාලට අරගෙන ආවෙ Teen Lust කියන ෆිල්ම් එක. මේක ඇවිල්ලා වෙනස්ම විදිහෙ ලොකු ප්ලොට් එකක් නැති ෆිල්ම් එකක්. Blaine Thurier කියන අධ්‍යක්ෂකවරයගෙ නිර්මාණයක් වෙන මේ ෆිල්ම් එකට Jesse Carere, Daryl Sabara, Annie Clark යන අය රංගනයෙන් දායක වෙනවා. IMDB 4.7ක අගයක් අරගෙන තියෙන මේ ෆිල්ම් එක Teen, Comedy, Horror යන කාණ්ඩ යටතට වර්ග කරල තියනවා.

කලින් කිව්වා වගේ කතාවෙ ලොකු ප්ලොට් එකක් නැති හින්ද මම කතාවෙ මොකද වෙන්නෙ කියල විස්තර කරන්න යන්නෙ නැහැ. ඒ වුනාට ෆිල්ම් එකේ කතාව වටා තියන විස්තර ටිකක් ඔයාලත් එක්ක මං බෙදාගන්නම්. කතාව ගෙතිල තියෙන්නෙ ආගම විදිහට සාතන් නැත්නම් යක්ෂයා අදහන පවුලක ඉන්න තරුණ වයසෙ කොල්ලෙක්ට වෙන අකරතැබ්බයක් වටා. මේ ෆිල්ම් එක මූලික කරගෙන තියන ප්‍රධානම කරුණක් තමයි සාතන්වාදය කියන්නෙ. ඉතින් මේ සාතන්වාදය එහෙමත් නැත්නම් සාතන් ඇදහීම කියන්නෙ මොකද්ද මේ ගැන පොඩි විස්තරයක් මම යටින් දාන්නම්..

මේ ගැන අපි ටිකක් සරලව කතාකරොත් සාතන්වාදය අදහන අයට අනුව මේක ප්‍රදාන කොටස් දෙකකට බෙදෙනවා.

1. පලවෙනි පිරිසගෙ අදහසට අනුව සාතන්වාදය කියන්නේ අපේ ජීවිතයට අදුර ලංකරගෙන ඒ මගින් යක්ශයාගෙන් උදව් බලාපොරොත්තු වෙන අය. කොටින්ම කිව්වොත් මෙයාල හිතනවා satanist කෙනෙක් වෙන්නනම් අන්තිම නපුරු දුශ්ට වැඩ කරන්න ඕනේ කියලා. මේක තමයි ලෝකයේ ජනප්‍රියම කොටස( ලංකාවේත් දැන් දැන් මෙහෙම වැඩ වෙන දේවස්ථාන තියනවා.)

2. මේ දෙවනි පිරිසට අනුව සාතන්වාදය කියන්නේ නරක දෙයක් නෙමෙයි. එයාල විස්වාස කරන විදියට සාතන් කියන්නෙත් හොද කෙනෙක්. මේ ගැන තව ටිකක් විස්තර කරොත් එහෙම එයාල හිතන්නේ interpretation එකේදි ඇත්තටම දෙවියන් වහන්සේ මිනිස්සුන්ව අතඇරපු නිසා ලුසිෆර් ඒකට විරුද්ද වෙලා අන්තිමට දිව්‍යලෝකය අත ඇරලා මනුස්සයන්ගේ පැත්ත අරගෙන මනුස්සයොත් එක්ක ජීවත් වෙන්න ආවා කියලා. දේවවාදයේදි කියන්නේ ඔබේ ගැලව්ම්කාරයා දෙවියන් වහන්සේ කියලා. මේ සාතන්වාදයේ කොටසට අනුව එයාල කියන්නේ ඔබේ ගැලව්ම්කාරයා ඔබමයි කියලා. තවත් පැහැදිලි කරොත් එහෙම මෙයාල විස්වාස කරනවා සාතන්වාදියෙක් කියන්නේ හරියට කර්මය කර්ම ඵලය විස්වාස කරන කෙනෙක් වගේ කියලා. ඒ කියන්නේ තමන්ට අපාය හෝ දිව්‍යලෝකය අයිතිවෙන්නේ තමන්ගෙම වැඩ නිසා කියලයි.

එතකොට මේ සාතන් කියන්නෙ කව්ද…

ලුසිෆර් එහෙමත් නැත්තම් සාතන් කියන්නෙ සුවර්ගයේ හිටපු ප්‍රධාන දේව දූතයන් 3 දෙනාගෙන් එක්කෙනෙක්. අලෝකයේ දූතයා කියල තමයි මොහුව සදහන් කරන්නෙ. ඉතාම අලංකාර දේව දූතයෙක්.. මොහු දෙවියන්වහන්සේට විරුද්ධව කැරලි ගැහුවට පස්සෙ මොහුව ස්වර්ගයෙන් පහතට දැම්ම. තනියම නෙමේ දැම්මෙ ඔහු යටතේ හිට්පු දේව දූත සේනව එහ් කියන්නෙ සමස්ථ දේව දූතයන් ගෙන් 1/3ක්. ඒ ලුසිෆර්ව තමා අපායේ පාලකය විදිහට පත් කරල.

ෆිල්ම් එක බැලුවට මොකද කතාවෙ වුන සිදුවීම ගැන මට පැහැදිලි අවබෝදයක් තිබ්බෙ නෑ. මොකද මේ වගේ සාතන්වාදී සිදුවීම් වැඩිය අපිට අහන්න දකින්න නැති හින්ද මේ වගේ දේවල් සෙට් වෙන්නෙම එක්කො තවත් ෆිල්ම් එකකින් නැත්තන් මොකක් හරි මේ වගේ ලිපියකින් තමයි. මේ ලිපිය ලියන්න කරුණු හොයනකොට තමයි මටත් මේ තොරතුරු එහෙන් මෙහෙන් හම්බවුනේ.

මුලින් මුලින් පොඩියට තිබුනත් 1955 -1960 වගේ කාලෙ තමයි මේ සාතන්වාදය වඩාත්ම ප්‍රචලිත වෙලා රැල්ලක් විදිහට පැතිරිලා යන්න පටන් අරන් තියෙන්නෙ. මිනිස්සු වැඩියෙන්ම පෙළඹෙන්න පටන් අරන් තියෙන්නෙ සාතන්වාදය අදහන එක අනිත් ආගම් වලට වඩා ලේසි නිසා කියලයි කියන්නෙ මොකද අනිත් ආගම් වලින් නරක වැඩ වලට තහංචි දාද්දි ඒවට හිරවෙලා ඉන්න කැමති නැති වැඩි පිරිසක් මේ වෙගේ ගුප්ත තේමාවක් තියන පැත්තකට ඇදී ආවා කියල අපිට හිතන්න පුලුවන්. මෙහෙම ඇදී ආපු පිරිස් අතර වැඩියෙන්ම ප්‍රභූ පබුල් වල අය වගේම අපරාධකාරයන් කියල කියනවා. අභිරහස් විදිහට රහසේ පැවතුනු මේ දේවල් එළියට එන්න ගන්නෙ 1970 ගණන් වල මිෂෙල් ස්මිත් කියන කාන්තාව තම වෛද්‍යවරයාට කරන පාපොච්චාරනයක් ඔස්සේ.. ඇය මුහුණ දීපු භයානක සිදුවීම් සහ ඇයට සිදු වුනු කරදර ගැන වෛද්‍යවරයාට කියනව. ඊට පස්සෙ මේ වෛද්‍යවරයා පොතක් ලියනව Michelle Remembers කියල. මේ පොත ප්‍රසිද්ධ වෙන්න ගන්නවත් එක්කම 12000කට අධික පැමිණිලි එන්න ගන්නවා මේ වගේ හිරිහැර, බිලිදීම්, ළමා/කාන්තා අපයෝජන සාතන් මුල් කරගෙන එම පල්ලි වලින් සිද්ධ වුනා කියලා.. මෙන්න මේ සිදු වීමෙන් ලෝකයාට සාතන්වාදය හෙලිදරව් වෙනවා. ඔවුන් කියල තියන විදිහට යක්ෂයා සතුටු කිරීම සඳහා කියල කුඩා දරුවන් පවා බිලිදීල තියනවා.

මේ දේවල් මීට වඩා තොරතුරු ඔයාලත් දන්නව ඇති. පහළින් කමෙන්ට් එකක් දාන්න. තවත් කෙනෙක් එක්ක බෙදාහදාගන්න.

එහෙනං මං ගියා.
තවත් ෆිල්ම් එකකින් හමුවෙමු.
ජයවේවා !!
Stay Safe!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

6,479 downloadsDownload Teen-Lust-2014.zip47 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චිත්‍රක කලණමිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-06-02
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චිත්‍රක කලණමිත්

Subtitles

6,479 downloadsDownload Subtitles47 KB

19 comments

  1. kd

    ස්තුතියි....

  2. Suranjan

    Thanks jayawewa......!

  3. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    පුලුවන් නම් මේ ෆිල්ම් දෙකටත් සබ් දෙන්න.

    9 Songs - 2004
    Lie With me - 2005

  4. Anonymous

    ජය වේවා කිව්වා!

  5. Anonymous

    ELAMA

  6. Manoj

    ස්තුතියි සබ් එකට. පුලුවන්නම් Resident Evil Infinite Darkness සිරීස් එකටත් සබ් එක දෙන්න.. ජය..

    1. indika75

      thanks..

    2. Isuru Mihiranga

      නියමයි බ්‍රෝ.❤️
      ඉස්සරහටත් අපිට හොද උපසිරැසි දෙන්න.සුබ පැතුම්.

  7. indika75

    thanks..

  8. Anonymous

    sub ekata thanks saho jaya wewa

  9. Supun Kaushalyas

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  10. Vidusha T.Jayaweera

    Sub එක පහරක් මචන්

  11. Thimira Piyaruwan

    Gammak thamai kollo....

  12. HIBUTTA

    ස්තුතියි...

  13. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  14. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  15. Dewadithya

    Thanks for sub!

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!