Watch Trailer

The 3rd Eye (2017) AKA Mata Batin Sinhala Subtitles | තෙවන ඇසේ බිහිසුණු අභිරහස [සිංහල උපසිරසි]

කොහොමද බයිස්කෝප්වාසීයනි. පොරොන්දු උනා වගේම තවත් සුපිරි හොල්මන් ෆිලුමක් අරගෙන ආවා. මේ පාර අරන් ආවේ ඉන්දුනීසියානු හොල්මන් චිත්‍රපටයක්. ඔයාලා දන්නේ නැතුවත් ඇති ඉන්දුනීසියානු චිත්‍රපට කර්මාන්තයෙත් ගුණාත්මක Horror චිත්‍රපට නිර්මාණ වෙනවා කියලා. බලලා නැති අයට Sabrina (2018), Satan’s Slave (2017), May the…

කොහොමද බයිස්කෝප්වාසීයනි. පොරොන්දු උනා වගේම තවත් සුපිරි හොල්මන් ෆිලුමක් අරගෙන ආවා. මේ පාර අරන් ආවේ ඉන්දුනීසියානු හොල්මන් චිත්‍රපටයක්. ඔයාලා දන්නේ නැතුවත් ඇති ඉන්දුනීසියානු චිත්‍රපට කර්මාන්තයෙත් ගුණාත්මක Horror චිත්‍රපට නිර්මාණ වෙනවා කියලා. බලලා නැති අයට Sabrina (2018), Satan’s Slave (2017), May the Devil Take You (2018), Impetigore (2019), May the Devil Take You Too (2020) වගේ ෆිල්ම් බලන්න කියලා නිර්දේශ කරන්න පුළුවන්. අද මම ගෙනාපු Mata Batin: AKA The 3rd Eye (2017) කියන චිත්‍රපටය 76%ක ගූගල් පරීශීලක කැමත්ත ලබාගන්නත්, හොල්මන් චිත්‍රපට වලට සාමාන්‍යයෙන් නොලැබෙන 5.2ක හොඳ IMDb අගයක් ලබාගන්නත් සමත් වෙලා තියෙනවා. 2017 නොවැම්බර් 25 නිකුත් උන මේ ෆිලුම Horror/ Fantasy / Drama යන කාණ්ඩයන්ට අයත් වෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂනය Rocky Soraya විසින් සිදු කරලා තියෙනවා. ඒ වගේම Jessica Mila, Denny Sumargo, Bianca Hello, Citra Prima යන නළු නිළියන් මෙහි රංගන දායකත්වය ලබාදෙනවා.

ඉන්දුනීසියානු ජනප්‍රවාද වලට අනුව ලෝකයේ සෑම පුද්ගලයෙක්ම ඉපදෙන්නේ විශේශ බලයක් සහිතවයි. ඒ තමයි 3rd Eye එහෙමත් නැත්තම් “තෙවෙනි ඇස” කියන සුවිශේශ හැකියාව. මේ තෙවෙනි ඇස විවෘත වෙන ඕනෑම පුද්ගලයෙකුට මළවුන්ගේ ලෝකය සහ සම්බන්ධ වීමට හැකියාව ලැබෙනවා. මේ තෙවෙනි ඇස විවෘත වීමේ හැකියාව ඇතැමුන්ට උපතේදිම ලැබෙනවා වගේම සමහරුන් මිය යන තෙක්ම මේ හැකියාව ලබා ගන්න අපොහොසත් වෙනවා. තෙවෙනි ඇස විවෘත උන අයට මළවුන් දකින්නත් ඔවුන් හා සන්නිවේදනය කරන්නත් හැකියාව ලැබෙනවා. තම දෙමව්පියන්ගේ හදිසි වියෝවෙන් තනි උන “ආලියා” සහ “අබෙල් ” කියන සහෝදරියන් දෙදෙනා තමන්ගේ පැරණි නිවසට නැවත පදිංචියට එනවා. ඔවුන්ගේ තනියට එයාලා එක්ක ආලියාගේ පෙම්වතා වෙන ඩේවිනුත් මේ නිවසට එනවා. නිවසට ආපු දවසේ ඉඳන් එයාලා ඉන්නේ තනියම නෙමෙයි කියලා මේ අයට තේරෙන්න ගන්නවා. එන්න එන්නම නිවස ඇතුලේ අද්භූත සිදුවීම් වැඩි වෙන නිසා මෙයාලා උදව් හොයාගෙන යනවා.

මෙයාලා උදව් හොයාගෙන කාවද හම්බවෙන්න යන්නේ? තෙවෙනි ඇස මෙතනට සම්බන්ධ වෙන්නේ කොහොමද? නිවස ඇතුලේ කවුද ඉන්නේ? ආලියා, අබෙල් සහ ඩේවින්ගේ ඉරණම් කොහොම විසඳෙයිද? කියලා ඔයාලා චිත්‍රපටය නරඹලම දැනගන්නකෝ. මේ චිත්‍රපටයේ තවත් කොටසක් The 3rd Eye 2 නමින් 2019 දී නිකුත් උනා. මේකට ඔයාලගෙන් ලැබෙන ප්‍රතිචාර අනුව ඒකටත් උපසිරැසි ලබාදෙන්නම්. ඒ වගේම මේ සිනමාපටය උපසිරැසි ගැන්වීමට අවසර දුන්න චාමර සම්පත් සහෝටත්, ලෝබ නැතුව නිතර ප්‍රතිචාර දක්වන සහෝදර, සහෝදරියන්ටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා.

ඉක්මනටම Covid-19 උවදුර තුරන් වේවා ! කියලා ප්‍රාර්ථනා කරන ගමන් මම යනවා. තවත් උපසිරැසියකින් ඉක්මනටම හමුවෙමු. මම දනුවා.

තෙරුවන් සරණයි !!!

 

 

 

https://en.wikipedia.org/wiki/The_Outpost_(2020_film)

 

 

 

Due to copyright issues, we do not provide any torrent link. 

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

5,453 downloadsDownload The-3rd-Eye-2017.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles by

යුරාන් ධනුක

Subtitles

5,453 downloadsDownload Subtitles28 KB

41 comments

  1. Heshara

    Sub ekata ස්තූති . දිගටම වැඩෙ කරගෙන යමු ජය වේවා

  2. Anonymous

    Thanks

  3. Anonymous

    නියමයි සහෝ
    මන් කලින් ෆිලුමේ කමෙන්ට් එකකුත් දැම්මා ඉන්දුනීසියන් හොරර් ගැන
    අර උඩ කියපු සෙට් එකම මන් බැලුවා
    මේකත් ඒ වගේ ඇති අනිවා
    තව මේ වගේ මිස් වුනු සුපිරි හොරර් ටිකක් දෙමු

    1. Kavindu

      ඩවුන්ලෝඩ් කරන්න තියන හදිසියට නම ටයිප් කරන්නත් බැරිවුනා

  4. sadeapa

    thanks man,keep it up.....!!!!!!!!!!!!!!1

  5. Ishan Madusha

    බොහෝම ස්තූතියි සහෝ

  6. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ගොඩාක් ස්තූතියි සහෝ.

    The 3rd Eye 2 - 2019
    The Tag Along 3 - 2018
    යන චිත්‍රපට වලටත් උපසිරැසි ලබාදෙන ලෙසත් මෙම චිත්‍රපට එකතු සම්පුර්ණ කරන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමි. පින් අයිති වේවා.

    හැකිනම් මේ චිත්‍රපට එකතු දෙකටත් සබ් දෙන මෙන් ඉල්ලමි.

    Poltergeist - 1982
    Poltergeist II - 1986
    Poltergeist III - 1988

    Damien: Omen II - 1978
    Omen III: The Final Conflict - 1981
    Omen IV: The Awakening - 1991

  7. Jaddu

    Thanks mchn

  8. MTR Tharindu Rukshan Perera

    යුරාන් මල්ලිගේ තෝරාගැනිමක් නම් ආයේ කිසිම සැකයක් නෑ නියම චිත්‍රපටියක් වෙන්න ඇති.

  9. Pahasara

    Godk thanks....

  10. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ මේක පට්ට ඉන්දුනීසියන්, තායි, චීන හොරර් ෆිල්ම්ස් සුපිරි මේකෙ දෙවනි කොටසටත් සබ් ගේන්න.... මේවටත් කරන්න පුළුවන් නම් මේවත් පට්ට
    The Promise (2017)
    Meat Grinder (2009)
    Siam Square (2017)
    Re-Cycle (2006)
    සිංහල සබ් නැති නිසා ඉංග්‍රීසි සබ් එකෙන්ම බලපු 4ක් ඔය රෙකමන්ඩ් කරේ

    1. Anonymous

      Me tikath denna plzzz

  11. Neo

    Thanks brother
    Keep it up

  12. Anonymous

    Thanks bro❤️
    Part 2 ona

  13. Anonymous

    hollywood horror wge newei mewwa patta bn
    thwa mewwa demu hodai

  14. Charith

    Fear Street set ekath ikmnta dennko
    Mekatath thanks

  15. Anonymous

    Thanks brother
    Part 2 plzzz

  16. Anonymous

    තැන්කු වේවා

  17. Anonymous

    Thnkz bro

  18. indika 75

    thanks..

  19. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  20. Eranda

    Thanks mchn sub ekata
    2wana kotasath deepn

  21. Gayan

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  22. Anonymous

    anith ekatath one bro

  23. Yash

    තෑන්ක්ස් යුරාන් සහෝ

    1. අසේල

      බොහොම ස්තූතියි මැණික

  24. Anonymous

    තෑන්ක්ස් බොම්ක

  25. Anonymous

    Maalik Malayalam Movie Ekata Sub Dennkooo

  26. Idunil Weerasinghe

    ස්තුතියි සහෝ
    දෙවන කොටසත් ඉක්මනටම දෙමු

  27. Anonymous

    Fear street part 1,2 (2021)
    Gunpowder Milkshake (2021) sub plz baiscope

  28. dulan

    Thanks bn

  29. Naveen

    උපසිරසියට තුති

  30. Nuwan

    Patta saho patta 2019 ekath ikmanata denna

  31. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  32. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  33. Udara Damith

    qqqqqqqq

  34. D.M Thushara Dissanayaka

    හොඳ චිත්‍රපටයක්... රම්පා ගේ තෙවන ඇස පොත බැලුවම .. මේ ක්‍රියාවලිය ඇත්තක් කියල හිතෙන තරම්... ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේවගේ සුවිශේෂී චිත්‍රපටවලට උපසිරැස අප වෙත ගෙන ඒම පිළිබඳව.. 3 rd eye -2 චිත්‍රපටයට උපසිරැසත් අපට ඉක්මනින්ම ඕන...

  35. Shan

    2 නි එකටත් ඕනෙ සහෝ

  36. Dewadithya

    Thanks for sub!

  37. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  38. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!