Watch Trailer

Teenage Mutant Ninja Turtles: Mutant Mayhem (2023) Sinhala Subtitles | මියුටන් කෝලහාලය [සිංහල උපසිරැසි]

කොහොමෙයි කොහොමෙයි ඉතින් හැමෝටම? මාසෙක විතර විරාමයකින් පස්සේ ආයේ සබ් එකක් කළා. ඔයාල බලන්න ඇතිනේ ස්පයිඩර්වර්ස් මුවි දෙකම. අන්න ඒ ස්ටයිල් එකට තමයි මේකේ ඇනිමේෂන් සකස් කරලා තියෙන්නේ. වත්මන් තාක්ෂනය එක්ක යථාර්තවාදී ආකාරයෙන් ඇනිමේෂන් නිර්මාණය කරන්න පුළුවන් කමක් තිබ්බත්. හිතාමතාම යථාර්තවාදී නොවන ආකාරයට මේ…

කොහොමෙයි කොහොමෙයි ඉතින් හැමෝටම? මාසෙක විතර විරාමයකින් පස්සේ ආයේ සබ් එකක් කළා. ඔයාල බලන්න ඇතිනේ ස්පයිඩර්වර්ස් මුවි දෙකම. අන්න ඒ ස්ටයිල් එකට තමයි මේකේ ඇනිමේෂන් සකස් කරලා තියෙන්නේ. වත්මන් තාක්ෂනය එක්ක යථාර්තවාදී ආකාරයෙන් ඇනිමේෂන් නිර්මාණය කරන්න පුළුවන් කමක් තිබ්බත්. හිතාමතාම යථාර්තවාදී නොවන ආකාරයට මේ භාවිතා කරන ඇනිමේෂන් විලාසය හරිම සිත්ගන්නාසුළු දෙයක් කියලයි මගේ පෞද්ගලික මතය. 

ෆිල්ම් එක නම් මුල ඉඳලා අගට කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක්. පාවිච්චි කරලා තියෙන Art Style එක නිසා ෆිල්ම් එකෙන් ඇහැ ගන්න හිතෙන්නේම නැහැ. ඒවගේම තරුණ කොල්ලෝ 4 දෙනෙක් විසින්ම රජ ඉබ්බන්ට හඬකවලා තියෙන නිසා ගැටවරයෝ 4 දෙනෙක්ගේ Chaotic Energy එක ෆිල්ම් එක පුරාම දැකගන්න පුළුවන්.  පවුලේ සැමට නැරඹිය හැකි මෙහෙම චිල් මුවි එකක් මගහැරගන්නම එපා අපරාදේ! 🙂

මේ තමයි පස්වැනි නින්ජා ටර්ටල් ඇනිමෙටඩ් මුවි ඒක, ඒ අතරින් මේක විශේෂ වෙන්නේ Rotten Tomatoes වෙබ් අඩවියේ ෆ්‍රෙෂ් අගයක් ලබාගත්ත පලවෙනි නින්ජා ටර්ටල් මුවි එක බවට පත්වෙන්න මේ මුවි එක සමත් වීම. ටොමැටෝ මීටරයේ 97%ක අගයකුත්, ඕඩියන්ස් ස්කෝර් එක 90%ක් වැනි ඉහලම අගයන් දෙකක රඳවා ගන්න මේ මුවි එක සමත් වෙනවා. ඒ වගේම imdb 7.5ක අගයක් රඳවා ගන්නත් මේ සිනමාපටය සමත් වෙනවා. ඒ විතරක් නෙමෙයි ආදායම් අතින් වුණත් මේ සිනමාපටය සාර්ථකයි. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ දෙන්නෙක් එකතු වෙලා.

Jeff Rowe සහ Kyler Spears දෙන්න තමයි මේකේ අධ්‍යක්ෂකවරුන් වෙන්නේ. මේකේ නිෂ්පාදකයින් වෙන්නේ ගොඩක් අයට හුරු පුරුදු කෙනෙක් වෙන Seth Rogen සහ  Evan Goldberg, James Weaver යන දෙදෙනා. මේ අතරින් Seth Rogen සහ Evan Goldberg දෙන්නා මේකේ කතාව වෙනුවෙන් දායක වෙනවා. ඒ අතරිනුත් Seth Rogen මේකේ හඬකැවීම් සඳහාත් එකතු වෙනවා. ඒ වගේම මේකේ හඬකැවීම් සිදුකරන්නේ තනි තනි වශයෙන් නෙමෙයි. සමුහයක් එකතු වෙලා. උදාහරණයකට නින්ජා ටර්ටල්ලා 4 දෙනාගේ සිදුවීමකට හඬ කවන්න නම් ඒ හතරදෙනාම එතනට ගෙනල්ලා හඬකැවීම සිද්දකරලා තියෙනවා. ඒකෙන් ලැබෙන ස්භාවික ගතිය ඔයාලට මුවි එකේදී අත්විඳින්න ලැබේවි. ඒ වගේම පසුබිම් සංගීතය ගැනත් මතක් කරන්නම ඕනා. ටොප් ලෙවල් ආ. 😉

හඬකැවීම් ගැන කියපු නිසාම මේ ෆිල්ම් එකට ඉතාම ජනප්‍රිය අය කිහිප දෙනෙක්ම තමන්ගේ හඬින් දායක වෙන බව මතක් කරන්න ඕනා. ඒ අතර Jackie Chan, John Cena, Ice Cube  සහ Paul Rudd වැනි අය ඉන්නවා.  ප්‍රධානම චරිත වශයෙන් අපිට දැකගන්න ලැබෙන කිහිප දෙනා තමයි පහල ඉන්නේ.

  • Micah Abbey – Donatello
  • Shamon Brown Jr. – Michelangelo
  • Nicolas Cantu – Leonardo
  • Brady Noon – Raphael
  • Ayo Edebiri – April O’Neil
  • Jackie Chan – Splinter
  • John Cena – Rocksteady
  • Seth Rogen – Bebop
  • Ice Cube – Superfly
  • Paul Rudd – Mondo Gecko

 

 

අපි දන්න කියන රජ ඉබ්බන්ගේ කතාව නිර්මාණය කලේ Kevin Eastman සහ Peter Laird දෙන්න එකතු වෙලා. මේ සිනමාපටයේ Kevin Eastmanගේ කැමියෝ එකක් එහෙමත් තියෙනවා. ඒ මාස්ටර් එහෙම නැත්නම් Splinterට උදව් කරන කෙනෙක් විධියට. ඔයාල පොඩ්ඩක් බලන්නකෝ ෆිල්ම් එකේදී ඔයාලට අඳුරගන්න පුලුවන්ද කියල. ලිපිය අවසානයේ තියෙන ජායාරුපයේ ඉන්නේ එයා.

ඉතිං මේකේ සිද්ධවෙන කතාව ගැන කියනවා නම්, “මූවී එක පටන් ගන්නේ බැක්ස්ටර් ස්ටොක්මන් කියන විද්‍යාඥයා එයාගේ තනිකම මකාගන්න එයාටම කියලා මියුටන්ට් පවුලක් හදාගන්න උත්සහ කරන තැනින්. ඒත් ඒ අතරමගදී එයා වැඩ කරන සංවිධානය වන TCRI එකෙන් එයාව අල්ලගන්න කණ්ඩායමක් එවන්වා. මේ දෙගොල්ලෝ අතර වෙන පොරබැදීමෙදී මියුටන්ට් දියරය කුණු කාණුවක් දිගේ ගිහින් ඉබි පැටව් 4 දෙනෙක් උඩට සහ මීයෙක් උඩට වැටෙනවා.

මෙන්න මෙතනින් තමා අපේ රජ ඉබ්බන්ගේ සහ මාස්ටර් ස්ප්ලින්ටර්ගේ කතාව පටන් ගන්නේ. මනුස්ස ලෝකය එක්ක එක පාරක් ගනුදෙනු කරන්න ගිහිල්ලා හම්බවුනු නරක අත්දැකීම් නිසා මෙයාලා කුණු කාණුව ඇතුළෙමයි ජීවත් වෙන්නේ. රහසින් තමයි එළියට යනවා නම් යන්නේ. ඉතින් මෙයාලගේ නමේම “Teenage” කියලා කෑල්ලක් තියෙනවනේ. ගැටවරයෝ වුනාම දන්නේ නැද්ද; එපා කියන එකමයි කරන්න කැමති. සහෝදරයෝ හතර දෙනාට ඕනේ මනුස්ස ලෝකෙට ගිහිල්ලා එයාලත් එක්ක සාමාන්‍ය විදියට ජීවත් වෙන්නයි. මේ අතරේ තමයි එයාලට ඒප්‍රිල් ඔ’නීල් කියන මනුස්ස ගෑනු ළමයා මුණ ගැහෙන්නේ.

ප්‍රවෘත්ති වාර්තාකාරියක් වෙන්න කැමැත්තෙන් ඉන්න ඒප්‍රිල් මෙයාලට කියනවා සුපර්ෆ්ලයි කියලා විලන් කෙනෙක් නගරයේ එක එක තැන් මංකොල්ල කන බවත්, එයාව නැවැත්තුවොත් මිනිස්සු රජ ඉබ්බන්ව පිළිගනීවි කියලත්. එතකොට තමයි සහෝදරයින්ට හොයාගන්න ලැබෙන්නේ සුපර්ෆ්ලයි සහ එයාලා ඥාති සහෝදරයෝ බව සහ එයා හොරකම් කරපු බඩුවලින් හදපු යන්තරේකින් පෘථිවියේ ඉන්න හැම සතෙක්ම මියුටන්ට් කෙනෙක් කරලා මනුස්ස වර්ගයාව අතුගාලා දාන්න හදන බව.”

එහෙනම් වැඩේට හවුල් වුණ සනුප මල්ලිට ස්තුතිය හිමිවෙන්න ඕනා. එහාගේ සහය නොලැබෙන්න මේක ඉක්මනට ඉවර කරගන්න ලැබෙන්නේ නැහැ. එහෙනම් තවත් දවසක උපසිරසියක් සමගින් මුණගැහෙමු.

ප.ලි. :- Post credit scene එක බලන්න නම් අමතක කරන්න එපා. 😀

Directors : Jeff Rowe, Kyler Spears

Writers : Seth Rogen, Evan Goldberg, Jeff Rowe

IMDB Ratings : 7.5

Release Date : 02 Aug. 2023

Digital Release Date : 02 Sep. 2023

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB  පිටපත සඳහා ලබා දි ඇත.

 

18,398 downloadsDownload Teenage.Mutant.Ninja_.Turtles.Mutant.Mayhem.2023-2.zip119 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට සහ “සනුප රන්මෙත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Subtitles

18,398 downloadsDownload Subtitles119 KB

18 comments

  1. Nuwan chamara

    සබ් එකට ස්තුතියි සහො . One piece eke සබ් එක ගැන අදහසක් නැද්ද

  2. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි විමා ..........
    ගොඩක්ම ස්තූතියි සනුප ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝල දෙන්නටම. සබ් දෙනකල් බලන් හිටියෙ. ජයවේවා!

  4. Sahan Gayantha

    sub ekata thanks a lot sahola

  5. Rukshan

    සබ් එකට ස්තුතියි....

  6. SITech

    One Piece ekata sub dannakooo

  7. Sujith

    සුපිරි සුපිරි... බොහො ස්තූතියි සබ් එකට.

  8. Buddhika Lakmal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...දෙන්නටම බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  9. Adeesha

    Thanks Brother

  10. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  11. maduranga

    superb. thanks

  12. Hasiya KG

    උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️

  13. kavindu

    yhanks bro sub ekata.good luck

  14. Anonymous

    Thanks bro

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Dewadithya

    Thanks for Sub!

  17. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  18. Disan

    Aye Teenage Mutant Ninja Turtles: Mutant Mayhem eke bluray subtitle ekat ikmanata dennako