මේ වතාවේ ඔබට ගෙන ආවේ The Pale Blue Eye (2022) නම් ත්‍රාසජනක මිනීමැරුම් විමර්ෂණ ගණයේ චිත්‍රපටයටයි. IMdb දර්ශකයේ 6.6/10ක අගයක් ලබාගත් මේ චිත්‍රපටය 2006දී මෙම නමින්ම නිකුත් වුණු Louis Bayardගේ නවකතාව පාදක කරගෙන ස්කොට් කූපර් විසින් අධ්‍යක්ෂණය කරන ලද්දක්. 2022 දෙසැම්බර් 23 මුල්වරට නිකුත් කෙරුණු අතර තෝරා…

මේ වතාවේ ඔබට ගෙන ආවේ The Pale Blue Eye (2022) නම් ත්‍රාසජනක මිනීමැරුම් විමර්ෂණ ගණයේ චිත්‍රපටයටයි. IMdb දර්ශකයේ 6.6/10ක අගයක් ලබාගත් මේ චිත්‍රපටය 2006දී මෙම නමින්ම නිකුත් වුණු Louis Bayardගේ නවකතාව පාදක කරගෙන ස්කොට් කූපර් විසින් අධ්‍යක්ෂණය කරන ලද්දක්. 2022 දෙසැම්බර් 23 මුල්වරට නිකුත් කෙරුණු අතර තෝරාගත් සිනමාහල් කිහිපයක පමණක් ප්‍රදර්ශනය කෙරුණා. අනතුරුව 2023 ජනවාරි 06 වැනිදා මෙය නෙට්ෆ්ලික්ස්හි විකාශය කෙරුණා. 2023 දී 21 වන Visual Effects Society Awards සම්මාන උළලේ Outstanding Supporting Visual Effects in a Photoreal Feature සම්මානය වෙනුවෙන් නිර්දේශ වීමටත් The Pale Blue Eye සිනමාපටය සමත් වෙනවා.
තම බිරිඳගේ මරණයෙන් අනතුරුව තදින් බීමට ඇබ්බැහි වුණු ඔගස්ටස් ලැන්ඩර් විශ්‍රාමලත් රහස් පරීක්ෂකයෙක්. 1830 ගණන්වල නිව්යෝක් වල එක්සත් ජනපද යුධ විද්‍යාලයේ සිදුවුණු බිහිසුණු මිනීමැරුමක් පිළිබඳව විමර්ෂණයක් සිදු කිරීමට විශ්‍රාමික රහස් පරීක්ෂක ඔගස්ටස් ලැන්ඩර් හට ආරාධනා ලැබෙනවා. ශිෂ්‍ය භටයෙක් වන ලෙරෝයි ෆ්‍රයි හිටිහැටියේම අතුරුදන් වන අතර ඔහුගේ දේහය මධ්‍යම රාත්‍රියක විද්‍යාලය ආසන්නයේ ගසක එල්ලෙමින් තිබියදී සොයා ගැනෙනවා. ඔහුගේ දේහය ඉවත් ගැනීමෙන් අනතුරුව විද්‍යාලයේ රෝහල් වාට්ටුවේ තිබියදීම කිසිවෙකු විසින් ඔහුගේ පපුව කපා හෘදය වස්තුව ඉවත් කරගැනෙනවා. මේ දේවල් සමඟින් ඝාතනයේ සැකය විද්‍යාලය තුලම අයෙක් විසින් කරන ලද බවට සැකයක් ලැන්ඩර් ට ඇතිවෙනවා. ඔගස්ටස් ලැන්ඩර් එම අබිරහස විසඳීමට එම විද්‍යාලයේම ශිෂ්‍ය භටයෙක් වන එඩ්ගා ඇලන් පෝගේ සහය ලබා ගනිමින් ඝාතකයා කොටු කරගැනීමට දරණ ප්‍රයත්නය මෙහි අන්තර්ගතයි. බටහිර සාහිත්‍යයේ සුප්‍රකට නවකතා කරුවෙකු, කවියෙකු වන එඩ්ගා ඇලන් පෝ 1829 වකවානුවේ නිව්යෝක්, වෙස්ට් පොයින්ට් හි එක්සත් ජනපද යුධ විද්‍යලයේ සේවයේ නියුක්තව සිටියද, මේ අබිරහස් විමර්ෂණයේ සිදුවීම The Pale Blue Eye කෘතියේ රචක Louis Bayardගේ ප්‍රබන්ධයක් ලෙසයි සඳහන් වෙන්නේ. කෙසේ වෙතත් එඩ්ගා ඇලන් පෝගේ කාව්‍ය නිර්මාණ ශක්තිය සහ කාව්‍ය නිර්මාණ වස්තුවිෂයක් ලෙස මරණය පිළිබඳව ඔහු දැක්වූ ආකල්ප මෙම නිර්මාණයෙන් හුවා දැක්වීමට ඔහු උත්සහ දරා තිබෙනවා.
සුප්‍රකට නළු Christian Bale තමයි මේ සිනමාපටයේ ප්‍රධාන චරිතය වන රහස් පරීක්ෂක ඔගස්ටස් ලැන්ඩර් ගේ චරිතය නිරූපණය කරන්නේ. Harry Potter චිත්‍රපට මාලාවේ ඩඩ්ලි ඩර්ස්ලිගේ චරිතය නිරූපණය කළ Harry Melling මෙහි එඩ්ගා ඇලන් පෝගේ චරිතය නිරූපණය කරනවා. The X Files කතා මාලාවේ ඩෙනා ස්කලී චරිතය නිරූපණය කළ Gillian Anderson මෙහි ජුලියා මාක්විස් නැමැති වෛද්‍ය බිරිඳගේ චරිතයට පණ පොවනවා. ඒ හැර අනෙක් චරිත සඳහා පහත දැක්වෙන රංගන ශිල්පින් ශිල්පිනියන් රංගනයෙන් දායක වෙනවා.
• Steven Maier ශිෂ්‍යභට ලෙරෝයි ෆ්‍රයි ලෙසින්
• Toby Jones වෛද්‍ය ඩැනියෙල් මාක්විස් ලෙසින්
• Lucy Boynton ලියා මාක්විස් ලෙසින්
• Charlotte Gainsbourg පැට්සි ලෙසින්
• Harry Lawtey ශිෂ්‍යභට ආටෙමස් මාක්විස් ලෙසින්
• Simon McBurney කපිතාන් හිච්කොක් ලෙසින්
• Hadley Robinson මැටී ලෙසින්
• Timothy Spall පාලක තේයර් ලෙසින්
• Robert Duvall ජීන් පෙපේ ලෙසින්
• Joey Brooks ශිෂ්‍යභට ස්ටොඩාඩ් ලෙසින්
• Brennan Keel Cook ශිෂ්‍යභට හන්ටූන් ලෙසින්
• Gideon Glick ශිෂ්‍යභට හොරේෂියෝ කොක්‍රේන් ලෙසින්
• Fred Hechinger ශිෂ්‍යභට රැන්ඩල්ෆ් බැලිංජර් ලෙසින්
• Matt Heim ශිෂ්‍යභට ලෙවලින් ලී ලෙසින්
• Jack Irving ශිෂ්‍යභට හැමිල්ටන් ලෙසින්
• Charlie Tahan ශිෂ්‍යභට ලෆ්බරෝ ලෙසින්
එසේනම් මේ රසවෑහෙන සිනමා නිර්මාණය සිංහල උපසිරැසි සහිතව නැරඹීමට ඔබට ආරාධනා කරනවා. මෙහි උපසිරැසි ගන්වා ඇත්තේ The.Pale.Blue.Eye.2022.720p.WEBRip.x264.AAC-[YTS.MX] පිටපතටයි. එසේනම් නැවතත් උපසිරැසියකින් හමුවන තුරු ඔබ සැමට ආයුබෝවන්! තෙරුවන් සරණයි!!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEBRip පිටපත සඳහා ලබා දී ඇත.
7,414 downloadsDownload The.Pale_.Blue_.Eye-2022.zip50 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
- #Christian Bale
- #Editor's Pick
- #Gillian Anderson
- #Harry Melling
- #Lucy Boynton
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subtitles
- #The Pale Blue Eye (2022) Sinhala Sub
- #The Pale Blue Eye (2022) Sinhala Subtitles
- #The Pale Blue Eye Sinhala Sub
- #The Pale Blue Eye Sinhala Subtitles
- #Tyson Wade Johnston
- #You Decide
- #ප්‍රබුද්ධ කේසර විතානගේ
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
11 comments
සූරජ්
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥g
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි ප්‍රබු ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Gishmi Nathasha
Thanks for subtitles
lakshan
thanks ......................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nishan
Thanx bro
Anonymous
Ahsoka tv series eke sub denna puluwan da
විමා
උත්සහ කරන්නම් සහෝ.
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Anonymous
Upasirasata thanks bro
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සුපිරියක් තමයි
ස්තූති වේවා