Watch Trailer

Terminus (2015) With Sinhala Subtitles | හැම අවසානයක්ම නරක නෑ [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්. සුබ දවසක් ඔයාලට. ඔන්න එහෙනම් මං මගේ තුන්වෙනි සබත් අරගෙන ආවා ඉතින්. ඒක ගැන කියන්න තමයි මේ ලෑස්තිවෙන්නෙ. මම මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕණ මට මේ උපසිරසිය කරන්න අවස්ථාවක් ලබාදුන්න අපේ Baiscopelk.com කණ්ඩායමේ ඇඩ්මින් ඉන්න කෙනෙක් වන අසංක ප්‍රදීප් රණතුංග අපේ සහෝට. හරි එහෙනම් මේක ගැනත් මං විස්තර වි…

ආයුබෝවන්. සුබ දවසක් ඔයාලට. ඔන්න එහෙනම් මං මගේ තුන්වෙනි සබත් අරගෙන ආවා ඉතින්. ඒක ගැන කියන්න තමයි මේ ලෑස්තිවෙන්නෙ. මම මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕණ මට මේ උපසිරසිය කරන්න අවස්ථාවක් ලබාදුන්න අපේ Baiscopelk.com කණ්ඩායමේ ඇඩ්මින් ඉන්න කෙනෙක් වන අසංක ප්‍රදීප් රණතුංග අපේ සහෝට.

හරි එහෙනම් මේක ගැනත් මං විස්තර විචාරයක් කරන්නම් එහෙනම්. මේ මූවි එක Science Fiction ගණයට අයත් මූවි එකක් කියල තමා මට හොයාගන්න පුළුවන් වුනේ. ඒ කියන්නෙ විද්‍යාත්මක මුහුණුවරක් ගන්න චිත්‍රපටයක්. ඔයාලා දන්නවනේ ඉතින් මේ ගණයේ ෆිල්ම් ටිකක් තේරුම්ගන්න අමාරුයි කියල. ඔච්චර පියවරෙන් පියවර බලපු මටවත් මේකෙ මොකක්ද කියල තේරුම්ගන්න බැරිවුණා.

හරි දැන් මම ෆිල්ම් එක ගැන විස්තර ටිකක් මේ විදිහට කියන්නම්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Marc Furmie. මෙයා මේකට අමතරව තව චිත්‍රපට 4ක් 5ක් කරල තියනවා කියල මම හොයපු තොරතුරුවලට අනුව මට හම්බවුණා. ඒවා ටික එහෙනම් මේ විදියට මම පෙළගස්වන්නම්. Death’s Requiem, Venger, Airlock ඕන්න ඔය ඕවා තමා ඒ. හැබැයි මොහු දකුණු අප්‍රිකානු ජාතිකයෙක්.

මේක තිරරචනය කරල තියෙන්නේනම් මේක අධ්‍යක්ෂනය කරපු Marc Furmie, Shiyan Zheng හා Gabriel Dowrick කියන අයයි. චිත්‍රපටයේ රංගන දායකත්වය, ඇනාබෙල් චරිතයට Kendra Appleton සහභාගි වෙනවා. ඇය ඉතා තරුණ යුවතියක් වන අතර හෙය ඇයගේ පළමු සිනමා නිර්මාණයයි. එයිනුත් ප්‍රධාන චරිතයටයි පණපොවන්නේ. ඉතින් ඊළඟට ඉන්නේ ඩේවිඩ් චැම්බලෙන් චරිතයයි. මේකට Jai Koutrae රඟපානවා. නමුත් ඔහු චිත්‍රපටි ගණනාවක රඟපාලා තියනවා. මම ඒවත් ටිකක් කියල දාන්නම් නිකං දැනගන්න වගේ. Broken Sun (2010), Dark Island (2009) කියන්නෙ ඒවයි.

තව එක්කෙනෙක් ගැන මම කියන්නම්. ඒ තමයි සැක් විදයට රඟපාන Todd Lasance. ඔහුත් මීට අමතර තව චිත්‍රපටි දෙකක විතර රඟපාලා තියනවා මට දැනගන්න ලැබුණා. ඒවා තමයි Home and Away (1988), Crownies (2011) යන ඒවායි. මං ඒ කිව්වෙ වැඩිපුර රංගන දායකත්වයක් යෙදූ චරිතයි. මම ඉස්සෙල්ලා කිව්වනේ මෙහි අධ්‍යක්ෂක දකුණු අප්‍රිකානු ජාතිකයෙක් කියල. හැබැයි මේකෙ රඟපාන අයයි මේ චිත්‍රපටයයි දෙකම ඔස්ට්‍රේලියානු ඒවා.

ඔන්න පළවෙනි දෙවනි දෙකටම වඩා ටිකක් විතර වැඩි imdb rate එකක් තියන ෆිල්මියක් තමා මේක. ඒක එම සමාගමෙන් imdb rate එක ලෙස ලබාදීලා තියෙන්නෙ 5.4යි. මේක 2016 ජනවාරි 22 තමා ඇමරිකානු එලිදැක්වීම කරල තියෙන්නේ මේකෙ ධාවන කාලයත් කියන්නම්කො හැමදාම කියනව වගේ. ඒක විනාඩි 94 යි. ඒ කියන්නෙ පැය 1 යි විනාඩි 34 ක් වගේ කාලයක්. තවද මේකෙ නිෂ්පාදන කටයුතු දරල තියෙන්නෙ Storm Vision Entertainment ආයතනයයි.

මං මේකෙ කතාව ඉතාම ලුහුඬින් කියන්නම්. මොකද මට චිත්‍රපටය එච්චර තේරුන් නැති හින්දා මට තේරුණ ටික මම කියන්නම්. මේක ඇත්තටම කිව්වොත් පුංචි සාරාංශයක්. මේකෙ මෙම චරිත යුද්ධයකට සම්බන්ධවන දෙයක් වගේ තමයි මට තේරුණේ. සම්බන්ධ වෙනවා කිව්වෙ උද්ඝෝෂණ කරමින් ඒවාට සම්බන්ධ වෙන්නේ. ඉතින් ඕක තමා කතාව. පොලිසියත් සමග ගැටෙමින් සිදුවද අවසානයක් තමා තියෙන්නේ.

සමහර විට ඕගොල්ලො මේක බලලත් තියනවද දන්නෙ නෑ. බලපු නැති අයට අලුත් ත්‍රාසජනක පට්ට අත්දැකීමක් දෙයි කියල මං හිතනවා. හරි පෙර පරිදි මාගේ අවසානය මං මෙසේ සනිටුහන් කරනවා. මගේ ඊළඟ උපසිරැසි ගැන්වීම මගේ සිව්වන එහෙමත් නැත්තම් හතරවන උපසිරැසි ගැන්වීමයි. ඉතින් එකත් එක්ක ආයේ ලඟදීම හම්බවෙමු. හැබැයි මං තාම මේ ක්ෂේත්‍රයට අලුත්නේ. මගේ ඊළඟ සිව්වන උපසිරැසියෙන් හම්බවෙනකන් නවතින්නම්.

හරි මම මේකත් කියාගෙනම නවතින්නම්කෝ. ඔයාලා චිත්‍රපටය බලල ඉවරවෙලා මේකෙ තියන අඩුපාඩු , ඔයාලගෙ යෝජනා හා අදහස් පහලින් කමෙන්ට් එකක් දාන්න කියල ඉල්ලනවා. එතකොට ඒ වැරදි අඩුපාඩු, ඔයාලගේ අදහස් හා යෝජනාත් බලල මට ඒවා හදාගන්න පුළුවන්. එහෙනම් ඕගොල්ලන්ට ජය වේවා කියල ප්‍රාර්ථනා කරන ගමන් මම මගේ තෙවනි උපසිරසිය ගැන කියපු දේවල් අවසන් කරනවා. එහෙනම් ආයෙත් එන්නම් මම මගේ සිව්වන උපසිරසි නිර්මාණයත් අරගෙනම.

෴෴෴ ජය වේවා ඔබ සැමට ෴෴෴

!!! බුදු සරණයි !!!

Terminus (2015) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Terminus.2015.720p.WEB-DL.700MB.MkvCage

මෙම ලබා දී ඇති උපසිරසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.

3,546 downloadsDownload Terminus-2015.zip49 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/07/Mr.-Gentleman.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “C. R. ජයලත් (Mr. Gentleman)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-07-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

C. R. ජයලත්

Subtitles

3,546 downloadsDownload Subtitles49 KB

26 comments

  1. Sanindu Lakkitha

    ::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
    ::::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::

  2. Manura Sathsarindu

    ela bro thnx

  3. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
    2015 - 2016 වසරවල දමිල ඉංග්‍රීසි හින්දි චිත්‍රපට සඳහා
    උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  4. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  5. Dulanga

    Thanks

  6. Udara Damith B/K

    බොහොම ස්තූතියි...........

  7. Madhushan

    Thanks bro

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. සචින් කෙවින්

    °°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
    °°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා....°°°°°°°
    Good Luck. Keep Subtitling :-)
    Elzzzzzzzzzzzz..

  10. Nuwan Dewapriya Disanayaka

    thanks brother.......!

  11. nirosha

    sabta thanks.
    filme ekata bahira dewalwal wisthara wadith ekka.
    ilaga eken hambawemu.

  12. Rajitha

    Thanks machan ........jayawewa.....!

  13. D.Chamara

    bohoma sthuthi sahooo jaya

  14. Lasanatha

    Me films download karaganna mata links wetenne ne.ay e ?
    Register wenna onada ??

  15. Aruna

    ගොඩක් ස්තුතියි සහෝ,
    ජයෙන් ජය

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  18. praneeth madu

    jaya wewa saho

  19. saman

    thanks bro, apatath kathawa therenne nathi weida,,, hi hi

  20. Sandeepana

    thanks bro hoda wedak

  21. Indumil

    උපසිරැසියට බොහොම ස්තුතියි සහො

  22. අසිත

    elama saho thanks

  23. Nishan Fernando

    Thanx bro

  24. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  25. Nidi

    ස්තුතියි ජයලත්!

  26. Hiru

    බොහෝම ස්තූතියි සහෝ...! :twisted: :mrgreen: ❤

    පුළුවන් නම්, Color Out of Space (2019 ‧ Horror/Sci-fi ‧ 1h 51m) movie එකටත් subtitles දෙන්නකෝ...