Watch Trailer

Lakshyam (2017) Sinhala Subtitles | දෛවය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මගේ මීළඟ උපසිරැසි ගැන්වුමත් අරගෙන ආයෙත් ඉක්මනින්ම ආවා.මේ පාර අරගෙන ආවේ Action, Adventure, Thriller කාණ්ඩයන්ට වැටෙන ෆිලුමක්.ෆිලුමේ ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ Prithviraj Sukumaran ගේ වැඩිමහල් සොහොයුරා, Indrajith Sukumaran සමඟ Biju Menon.ෆිලුම තිරගතවීම් අරඹලා තියෙන්නේ මැයි 6 වෙනිදා. මේක පටන්ගන්න…

ඔන්න මගේ මීළඟ උපසිරැසි ගැන්වුමත් අරගෙන ආයෙත් ඉක්මනින්ම ආවා.මේ පාර අරගෙන ආවේ Action, Adventure, Thriller කාණ්ඩයන්ට වැටෙන ෆිලුමක්.ෆිලුමේ ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ Prithviraj Sukumaran ගේ වැඩිමහල් සොහොයුරා, Indrajith Sukumaran සමඟ Biju Menon.ෆිලුම තිරගතවීම් අරඹලා තියෙන්නේ මැයි 6 වෙනිදා.

මේක පටන්ගන්නේ මුස්තාෆා සහ විමල් කියන සිරකරුවන් දෙන්නා ගමන්කරන පොලිස් ජීප් රථය මහා වනාන්තරයක් අසල තියෙන හෙලකට පෙරලී යාමත් එක්ක.මේකත් එක්ක මේ දෙන්නගේ සිහි නැතිවෙනවා.ඒත් එතනට පොලිසිය එන්න කලින් දෙන්නට සිහිය එනවා.එතැනදී විමල්ට ඕනේ වෙනවා,පොලිසිය එයාලව හොයාගන්න කලින් එතනින් පැනලා යන්න.ඒත් මුස්තාෆා නම් ඒකට කැමති වෙන්නේ නෑ .කොහොමවුනත් දෙන්නගේ අත් එකට තියලා මාංචු දාලා තියෙන හින්දා දෙන්නටම,තමන් කරන්නේ මොකක්ද කියන එක ගැන එක තීරණයකට එන්න වෙනවා.විමල් අන්තිමේදී කොහොමහරි පොලිසියෙන් පැනලා යන්න මුස්තාෆා ව කැමති කරවා ගන්නවා.ඊටපස්සේ පොලිසියෙන් බේරෙන්න හිතාගෙන මාංචුත් දාගෙනම,මේ මහා ඝන කැලෑව ඇතුලට මේ දෙන්නා යනවා.ඒ වගේම පොලිසියත් මේ අයව අල්ලන්න විශේෂ මෙහෙයුමක් දියත් කරනවා.ඒ එක්කම මේ දෙන්නා එකිනෙකාව දැන අඳුනගන්නවා.ඒ කියන්නේ දෙන්නම මේ වගේ තැනකට එන්න සිද්ද්වුණු කාරණය මොකක්ද කියලා එයාලගේ අතීත තොරතුරු ෆිලුමෙන් පෙන්නනවා.ඉතින් ඇත්තටම මේ දෙන්නා මේ විදියට හිරේට ගියේ කුමන කාරණා නිසාද? ඒ වගේම මේ දෙන්නට මේ කැලයේදී මොන වගේ අත්දැකීම් වලට මුහුණපාන්න වෙයිද? මේ දෙන්නට පොලිසියෙන් බේරෙන්න පුළුවන් වෙයිද? පොලිසිය මේ දෙන්නව හොයා ගනියිද? මේ හැම ප්‍රශ්නයකටම උත්තර හොයාගන්න ෆිලුම අරගෙන බලන්නම වෙනවා!

මේක මගේ 15වන මලයාලම් උපසිරැසි ගැන්වුම.මලයාලම් ෆිලුම් වල උපසිරැසිකරුවන් බොහොම සුළු ප්‍රමාණයක් තමයි ඉන්නේ.ඒ හින්දා අපේ කැමැත්ත ගැන විතරක්ම හිතලා ෆිලුම් වලට උපසිරැසි කරන්න අමාරුයි.මොකද එහෙම කරොත් ඒක දහස් ගණනක් වන මලයාලම් රසිකත්වයට කරන අසාධාරණයක් වෙනවා.ඒ වගේම මට හොඳටම විශ්වාසයි,මේ විදියේ තේමාවක් සහිත මලයාලම් ෆිලුමක් බලන්න කැමති අයත් අනිවාර්යෙන්ම ඇති කියන එක.ඒ හින්දා ඉහලින් සඳහන් කරපු විදියේ කතාවක් සහිත මලයාලම් ෆිලුමක් බලන්න කැමති අයට මේක අරගෙන බලන්න කියලා අවසාන වශයෙන් ආරාධනා කරනවා!

තවත් ෆිලුමකින් ආයෙත් හමුවෙමු.එතෙක් ඔබට ජය!

Lakshyam (2017) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

TamilRockers.at – Lakshyam (2017) Malayalam DVDRip x264

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

5,946 downloadsDownload Lakshyam-2017.zip48 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/TharinduRRasanga1-e1485642059118.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු රසාංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-29
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

තරිඳු රසාංග

Subtitles

5,946 downloadsDownload Subtitles48 KB

22 comments

  1. prabodha

    Thank u bro sub ekataa...

  2. Sisila Prasad

    මේකත් අනිවාර්‍යයෙන්ම අපේ කෙනෙක් උපසිරැසි කරනකම් තමයි බලාගෙන හිටියෙ.
    ටැමිල්රොකර්ස් එකේ හොඳ පිටපතක් ආපු දවසෙම බාගත්තා.
    මෙච්චර ඉක්මණට උපසිරැසිය හදලා ගෙනාපු එක නම් නියම වැඩක්.
    කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන්.
    මල්ලි වගේම අයියත් (ඉන්ද්‍රජිත් සුකුමාරන්) දැන් දැන් මලයාලම් සිනමාවේ ලොකු ගමනක් යන බවක් පේනවා.
    ඉදිරියටත් මේ වගේ සුපිරිම මලයාලම් චිත්‍රපට අරගෙන එමු, සහෝ.
    ජයවේවා!!!

  3. SPD

    නියමයි සහෝ. මෙච්චර ඉක්මනට නම් සබ ඒවි කියල නම් හිතුවේ නෑ.
    ඒත් තරිඳු නැත්තම් සිසිල දෙන්නගෙන් එක්කෙනෙක් දෙනවා කියල හිතාගන තමයි හිටියේ.
    මේ දවස්වල මෝහන්ලාල්ගේ ෆිලුමකට උපසිරැසිය කරන ගමන් ඉන්නේ.
    ඒක කරලා ඉවර වෙනකොට උපසිරැසිය තිබුනේ නැත්තම්
    මම මේක අරන් කරන්න තමයි හිතාගන හිටියේ.
    දැන් ඉතින් උපසිරැසිය තියන එකේ ආතල් එකේ ෆිලුම බලන්න පුළුවන්.
    බොහොම ස්තුතියි සහෝ.
    ජය වේවා...!!!

  4. shasith sandaruwan

    බොහොම ස්තූතියි තරිඳු සහෝ උපසිරැසියට...
    මලයාලම් ෆිලුම් එන වේගෙට බලන්නත් වෙලාවක් නෑ අප්පා :P
    දිගටම සබ් දෙමු ආ....
    ඔබට ජය!

  5. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  6. rangika Kariyawasam

    ඉතින් සහෝ.. බෝම ස්තුතීයි සබට. උබ අම්බානෙක කටිට කාලා සබ කරලා අපිට දුන්නම අනිවා අපි බලනවා සහෝ.ඔබේ වැය කරන වටිනා කාලයට අපි ඔයාව මතක් කරන වාරයක් දන්නෙ අපි විතරයි මචන්...නියම ෆිලුමක් ... මලයාලමි ප්‍රෙක්ෂක අපිට නියම සහයෝගයක් බයිස්කෝප් එකෙන් දෙන්නෙ.තවත් මලයාලමි ෆිලුමකින් නැවත අපිව හමුවෙමු බෝරෝ....

    එහෙනම් ජයවේවා ....

  7. thisal

    බොහොම ස්තූතියි

  8. Sanindu Lakkitha

    ::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
    ::::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! ::::::::::::::::::

  9. හේමන්ත

    ස්තුතියි මල්ලි....
    මලයාලම්....
    ස්තුතියි බයිස්කෝප්..

  10. rasanga

    බොහොම ස්තූතියි

  11. Sajith Thilakarathne

    Thanks saho sub ekata
    Malayalam
    Korean thama pattama

  12. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. Nuwan Dewapriya Disanayaka

    thank you brother.............!

  14. D.Chamara

    bohoma sthuthi sahooo jaya

  15. Chalana

    thnx bro...

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. praneeth madu

    jaya wewa saho

  18. Mithun

    සුපිරි ෆිල්ම් එක ඔන්න සහෝ
    කමෙන්ට් නොකර සබ් එක අරම් ගියාට ෆිල්ම් එක අනිතිම හරියෙ තරිදු රසාංග කියල වැටුන ඉතින් සුපිරි හින්දම කමෙන්ට් එකක් දෙන්නම හිතුන සබ් එක නියමයි
    තව දෙයක් මෙක ඩිවිඩි එකකත් මම දැක්ක එයාලත් කතෘ අයිතිය තීයල තියෙනව
    දිගටම කරමු වැඩෙ ජය..

  19. Udaya Fernando

    බොහොම ස්තූතියි සහෝ..

  20. තරිඳු රසාංග

    අදහස් දක්වපු හැමෝටම තුති!
    ඒ වගේම ඉස්සරහටත් මේ වටිනා අදහස් මේ විදියටම බලාපොරොත්තු වෙනවා.
    මගේ මීළඟ උපසිරැසි නිර්මාණය Ramante Edenthottam (2017) [මලයාලම් ෆිලුමෙන් මීළඟට හමුවෙමු.ජය!

  21. Kash

    බොහොම ස්තූතියි! ජය!

  22. Tharindu-jayalal

    Thanks bro ✌️