Watch Trailer

Texas Chainsaw Massacre (2022) AKA The Texas Chainsaw Massacre Sinhala Subtitle | හාර්ලෝ නගරයේ සමූලඝාතනය [සිංහල උපසිරැසි] (18+) 50*

සුභ දවසක් හැමෝටම. මේක තමයි මගේ පනස් වෙනි උපසිරැසි ගැන්වීම. මගේ මුල්ම උපසිරැසි ගැන්වීම පල වුණේ 2020 ජනවාරි හතර වෙනිදයි. එදා පටන් ගත්තු පාර මං උපසිරැසි 12ක් වගේ කරල නැවැත්තලා තිබ්බ වැඩ කටයුතුත් එක්ක. ඊට අවුරුද්දකට විතර පස්සෙ තමයි ආයෙත් උපසිරැසි කරන්න ගත්තේ. ඒ මං බාරගෙන තිබුනු Euphoria කතා මාලාව ඉවර ක…

සුභ දවසක් හැමෝටම. මේක තමයි මගේ පනස් වෙනි උපසිරැසි ගැන්වීම. මගේ මුල්ම උපසිරැසි ගැන්වීම පල වුණේ 2020 ජනවාරි හතර වෙනිදයි. එදා පටන් ගත්තු පාර මං උපසිරැසි 12ක් වගේ කරල නැවැත්තලා තිබ්බ වැඩ කටයුතුත් එක්ක. ඊට අවුරුද්දකට විතර පස්සෙ තමයි ආයෙත් උපසිරැසි කරන්න ගත්තේ. ඒ මං බාරගෙන තිබුනු Euphoria කතා මාලාව ඉවර කරන්න ඕන නිසා. කොහොම හරි මේ වෙනකොට උපසිරැසි 50ක් කරගන්න හැකි වුණා. ඒ අතරින් චිත්‍රපට නම් තියෙන්නේ 10 විතර පොඩි ප්‍රමානයක්. කතා මාලා වලට තමයි ගොඩක්ම සම්බන්ද වුණේ.

ඉතිං මුලින්ම මං බයිස්කෝප් වෙබ් අඩවිය ගැන දැනගත්තේ 2013දි විතර. ඒ රූ පරිඝනක සඟරාවේ එන DVD එකේ චිත්‍රපට තිබුනා බයිස්කෝප් එකෙන් දෙන සබ් එකත් එක්ක. එතකොට තමයි මං දැනගත්තේ මෙහෙම සබ් දෙන වෙබ් සයිට් එකක් තියෙනව කියලා. එදා ඉදන් මං බයිස්කෝප් එකේ ලොකු රසිකයෙක්. ඒ විතරක් නෙවේ ටොරන්ට් ගැන ගත්තෙත් ඒ දවස්වල මේ සයිට් එකෙන්මයි. ඉතින් මටත් සබ් එකක් කරන්න ආසාව ඇති වෙලා වැඩේට අත ගැහුවා. හැබැයි පලවෙනි වැඩේ ඉවර කරන්න මට ගොඩ කාලයක් ගියා. කොහොම හරි මෙච්චර කාලයක් අප වෙනුවෙන් මේ වෙබ් අඩවිය පවත්වාගෙන ආපු බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට විශේශයෙන් ස්තූතිවන්ත වෙන්න ඕනෙ.

ඊට අමතරව මේ අවස්ථාවෙදි මතක් කරන්න ඕන පිරිසක් ඉන්නවා. ඒ අනුව මුලින්ම මතක් කරන්න ඕනෙ කවිශල් රසින්ත සහෝදරයව. ඔහු ස්තූති නොකරම බැරි කෙනෙක්, මොකද මට උපසිරසක් කරන්න අදහස ආවෙත් එයාගෙන්. ඒ විතර නෙවේ දැනට මුහුනු පොතෙන් හමුවූ හොඳ මිත්‍රයෙක්. මේ උපසිරැසි 50ටම දන්නැති දේවල් ගොඩක් ඉගෙන ගත්තේ එයාගෙන් තමයි. ඊලඟට මතක් කරන්න ඕනෙ හසන්ත අයියව මගේ අඩුපාඩු පෙන්නල දීල අළුත් වැඩ ටිකකටත් සම්බන්ද කරල දුන්නා. ඊලඟට විමා අයියට, රවිඳු රුක්ෂාන්, චාමර සම්පත් අයිය, තිසර අයිය යන පිරිසට ස්තූති කරන්න ඕනෙ. මාව අලුත් වැඩ ගොඩකට සම්බන්ද කරගත්තට. ඊට අමතරව යුරාන් ධනුක, විහඟ පියුමාල්, සචින්ත බෙනට්, රොෂාන් ශමීර ආදී සහෝදර උපසිරසිකරුවන් සියල්ලක්ම මේ අවස්ථාවෙදී මතක් කරනවා.

මේත් එක්කම අමතක කරන්න බැරි පිරිසක් තමයි බයිස්කෝප් ප්‍රේක්ෂක ඔබ. ඔයාල වෙනුවෙන් තමයි අපි මේ කාර්ය සිදුකරන්නේ. ඉතින් ඒකට වචනෙකින් හරි අදහසක් දක්වලා අපිත් සමඟ රැඳිල ඉන්නවාට ඔයාලට බොහොම ස්තූතියි.

ඒවගේම තවත් විශේශ ස්තූතියක් කරන්න ඕනෙ රවිඳු රුක්ෂාන් සොයුරට. මොකද එයා කරන්න හිටපු එකක් තමයි මට කඩයිම වෙනුවෙන් දුන්නේ. එහෙනම් දැං අපි චිත්‍රපටය පැත්තෙට හැරෙමු,

 

මේක නිකුත් වෙන්නේ 2022 පෙබරවාරි 18 වෙනිද Netflix හරහා. මීට සම්බන්ද චිත්‍රපට නවයක් මේ වෙනකොට නිකුත් වෙලා තියෙනවා. මේ චිත්‍රපටයට මේ වන විට IMDb 5.2 අගයක් ගන්න සමත් වෙනවා. මගේ අදහසට අනුව නම් කලින් චිත්‍රපට ගානටම මේකත් තිබුනා. ඒ කුතුහලය, ත්‍රාසය අඩුවක් නැතුව තියෙනවා. ඒඅනුව මේ චිත්‍රපටය අධ්‍යක්ශනය කරන්නේ David Blue Garcia විසින් සහ මෙයට රංගනයෙන් දායක වෙන්නේ Mark Burnham, Elsie Fisher, Olwen Fouéré, Sarah Yarkin, Jacob Latimore යන අයයි.

කතාව ගැන මතක් කළොත් මෙලඩි, රුත්, ඩාන්ඩේ, ලයිලා කියන්නේ ටෙක්සාස්වල තියෙන හාර්ලෝ ටවුන් එකේ කොටස් වෙන්දේසි කරන්න පැමිනෙන පිරිසක්. බැංකුව විසින් මේ ටවුන් එකේ දේපල පවරගෙන ඒව වෙන්දේසි කරන්න දානවා. ඒඅනුව මොවුන් එක්ක තව පිරිසක් පැමිනෙනවා මේව මිලදී ගන්න. ඉතින් මෙයාල මේ ටවුන් එකට ආවහම එක අනාථ නිවාසෙක මහලු කාන්තාවක් ඉන්න දකිනවා. ඉතින් ඩාන්ටේ සහ මෙලඩි කියනවා මේ කාන්තාවට එහෙන් යන්න කියලා මොකද මෙයාල මේ ඉඩම් පවරගෙන තියෙන නිසා. ඒත් ඒ කාන්තාව කියනවා ඒ මහලු නිවාසෙ අයිතිය තියෙන්නෙ එයාට කියලා. මේ සිද්දිය දුර දිග ගිහින් ඒ මහලු කාන්තාවට හර්දයාබාදයක් ඇවිත් ඉස්පිරිතාලෙට අරන් යනවා. මෙතනදි තමයි මෙයාලට වැඩේ වරදින්නෙ මොකද ඒ මහලු කාන්තාව තනියම නෙවේ හිටියෙ එයාගෙ අනාථ නිවාසෙ ඉන්න එකම දරුවත් එක්ක. ඇත්තටම මෙයා කවුද? ඔයාල කලින් ෆිල්ම් ටික බැලුවනම් අදහසක් තියෙනව ඇති. ඉතින් මෙහි එන වියරු ඝාතකයගෙන් බේරෙන්න කාට හැකිවෙයිද කියලත් මේක බලලාම දැනගන්න.

මෙතැන් සිට චිත්‍රපටය බලන එක ඔබට බාරයි. මං වැඩිය විස්තරයක් නොකළෙත් ස්පොයිල් වෙන නිසයි. එහෙනම් තව උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් මා සමුගන්නවා. ජයවේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

12,755 downloadsDownload Texas-Chainsaw-Massacre-2022-AKA-The-Texas-Chainsaw-Massacre.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

Bimsara Yashan (ඔලිව)

Subtitles

12,755 downloadsDownload Subtitles21 KB

41 comments

  1. Chämàrá Sâmpáth

    50'වැනි උපසිරැසි ගැන්වීමට උණුසුම් සුභපැතුම් බිම්සර.
    අධ්‍යාපන වැඩ කටයුතුයි, පුද්ගලික වැඩ කටයුතුයි කරගෙන යන ගමන් මෙතැනින් නොනැවති ඉදිරි කඩයිම් වලටත් ඉක්මණින්ම ලගාවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    මේකෙ සම්පුර්ණ ෆිල්ම් නවයම බලන්න ගත්ත කාලෙම මේකත් බලන්නම්කො එහෙනම්. :-P
    මාවත් මතක් කරලා තිබුනට වගේම මේ උපසිරැසියටත් හුගක් ස්තුතියි!
    ජය!!!

  2. Himal Erangana

    50 වෙනි උපසිරැසි කඩයිම පසුකළ ඔබට සුභපැතුම්...❤❤❤

    Requests

    Love and Leashes (2022 ‧ Rom-com ‧ 1h 58m)
    King Knight (2021)
    Pleasure (2021)
    Immanence (2022)
    Last Survivors (2021)

  3. Kasun Kalahra

    50 වෙනි උපසිරැසියට සුභපැතුම්... ����✨��

  4. යුරාන් ධනුක (දනුවා)

    පලමු කඩඉමට උණුසුම් සුබ පැතුම් සහෝ
    ඉක්මනටම අනිත් කඩයිම්වලට ලඟා වෙන්න ලැබේවා
    ඒ වගේම සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා පතනවා.
    උපසිරසියට වගේම මාවත් මතක් කලාට බොහෝම ස්තූතියි.
    ජය වේවා !!!

  5. Nishan S Ariyarathna

    ✿ උපසිරැසියට බොහොම ස්තුතියි ✿

  6. asi

    වෙන වෙන Site වලටනෙ යන්නෙ බන්, කොහොම Down කරන්නෙ?

  7. Kantha_DLA

    50 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  8. Ravindu Rukshan

    50 වෙනි උපසිරැසයට සුබ පැතුම් ඉදිරියටම යන්න ලැබේවා කියලා පාර්ථනා කරනවා.

  9. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ 50වෙනි සබ් එකට සුබ පැතුම්

  10. Kushan

    Sub akta thanks

  11. Pasiya

    Thanks sagoo.. Scream (2022) filumatath sub genna..

  12. Anonymous

    E bn mekatai kalin set ekatai sambandayak nadda

    1. Bimsara Yashan(ඔලිව)

      The Texas Chain Saw Massacre (1974) මේක බලල ඉන්න.

  13. මධුකප්‍රිය පෙරේරා

    50වැනි උපසිරසියට හෘදයාංගම සුබ පැතුම්!
    ඉක්මනින් අනෙක් කඩයිම් පහු කරන්නට හැකියාව
    ලැබේවා කියා පතනවා. උපසිරසියට තුති. ඔබට ජයෙන් ජය!

  14. Hasitha

    පලමු කඩයිමට සුබපැතුම් සහෝ ..!!

  15. Sheron

    Congrats brother

  16. Anonymous

    Nightmare alley sub plz

  17. Anonymous

    Thanks jayawewa....!

  18. මයුර

    සබට තුති සහෝ..
    පලමු කඩ ඉමට හදවතින්ම සුබ පතනවා...

  19. Terush

    congratulations bro

  20. Anonymous

    ela

  21. Naveen

    සුබපැතුම් සහෝ

  22. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    50 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
    ජය

  23. Anonymous

    Patta

  24. Pasindu Madumal

    50වෙනි උපසිරැසි ගැන්වීමට හදවතින්ම සුබ පතනවා ❤️
    ඉස්සරහටම යමු, ජය..! ✌

  25. Buddhika Lakmal

    50වෙනි උපසිරැසි කඩඉමට සුබපැතුම් මචං... පෞද්ගලික ජීවිතයේ වැඩකටයුතුත් සාර්තකව කරගෙන ඉස්සරහටත් උපසිරැසිකරනයේ යෙදීමට කාලය වෙලාව ලැබේවා!!!!!!!
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  26. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.
    50 වෙනි කඩයිමට සුභපැතුම්.

    හැකිනම් මේ ෆිල්ම් ටිකටත් ඉදිරියේදී සබ් දෙන්න.

    Friday the 13th part viii - 1989
    Jason Goes To Hell - 1993
    Jason x - 2001

  27. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

    1. හසිත මධුෂාන්

      ඒ වගේම 50 වෙනි කඩඉමටත් සුබ පැතුම්....!

  28. Harvey O'brien

    හදවතින්ම සුබ පැතුම් මලේ පළවෙනි කඩයිම වෙනුවෙන්. ඉදිරියටත් මේ වගේම උපසිරසි කරන්න සුබ පතනවා. ඉක්මනටම ඊලඟ කඩයිමටත් ලං වෙමු.
    ඒ වගේම ලබාදුන්නා මේ සිංහල උපසිරසියටත් තුති.... නැවත හමුවෙමු... ජයවේවා.

    Hail Hydra

  29. Udara Damith

    elaaa

  30. charith

    සබ් එකට ස්තුතියි..50 වෙනි සබ් එකට සුබ පැතුම.....

  31. මලිඳ

    50 වෙනි සබ් එකට සුබ පැතුම්.දිගටම අපිට සබ් දෙන්න

  32. Malith samarawickrama

    Congrate for 50 sub and Thanks bro for a sub good luck..

  33. Bimsara Yashan(ඔලිව)

    හැමෝටම බොහොම ස්තූතියි

  34. Annonymous

    Tnq bro

  35. එල්. සී. ‎දමැල්

    50වන උපසිරසගැන්වුම වෙනුවෙන් උණුසුම් සුභපැතුම් ඔලිව මලේ! :)
    දිගටම උපරිසරකරණයේ නිරත වන්නටත් අනිත් කටයුතු සාර්ථක කරගන්නටත් කාලය සහ හැකියාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.
    ජය ✌

  36. රොයිලි

    50 ට සුබ පැතුම්. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. Dewadithya

    Thanks for Sub!

  38. රොෂාන් ශමීර ජයසිංහ

    මුලින්ම සුබ පතන්න පරක්කු වුනාට සමාවෙන්න.
    හැමෝම කියන උපසිරසි මහගෙදර පළවෙනි කඩඉම නැත්නම් 50 වන සිංහල උපසිරසියට මගේ හදපිරි සුබ පැතුම් ඔලිව සහෝදරයා.
    ඉදිරයටත් කඩඉම් ගණනාවක් පසුකරන්න අවැසි ශක්තිය, දිරිය, කාලවේලාව ලැබේවා කියලා සුබ පතනවා.
    අධයාපන රැකී රක්ෂා කටයුතුත් සාර්ථකත්වයටම පත්වේවා.
    පළමු කඩඉමේදී මාවත් මතක් කලාට බොහොම ස්තූතියි.
    ඉදිරියේදිත් එකතුවී උපසිරසි නිර්මාණය කරන්න ලැබේවා..
    ජයවේවා...

  39. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️