The 100 Candles Game (2020) Sinhala Subtitles කොහොමද ඉතිං පවතින කාළගුණ තත්වයත් එක්ක හැමෝම පරිස්සමින් ඇති කියලා හිතනවා. වැසි බර තත්වයත් නිසාම මම මේ ටිකේ හොරර් නිර්මාණ කීපයක් නැරඹුවා. සමහර ඒවට උපසිරසි ලබාදීලා තිබුනේ නැති නිසා ඒ අඩුවත් පිරෙව්වොත් හොඳයි කියලා මට හිතුනා. ඒ හේතුවෙන් තමයි මම අද මේ නිර්මාණ…
The 100 Candles Game (2020) Sinhala Subtitles
කොහොමද ඉතිං පවතින කාළගුණ තත්වයත් එක්ක හැමෝම පරිස්සමින් ඇති කියලා හිතනවා. වැසි බර තත්වයත් නිසාම මම මේ ටිකේ හොරර් නිර්මාණ කීපයක් නැරඹුවා. සමහර ඒවට උපසිරසි ලබාදීලා තිබුනේ නැති නිසා ඒ අඩුවත් පිරෙව්වොත් හොඳයි කියලා මට හිතුනා. ඒ හේතුවෙන් තමයි මම අද මේ නිර්මාණය ඔයාලට අරගෙන එන්නේ. කිව්වත් වගේ මට අහම්බෙන් තමයි මේ ෆිල්ම් එක බලන්න ලැබුනේ. රේටින් ටිකක් අඩු උනත් ඔයාලත් එක්ක මේක බෙදාගන්න හිතුවේ හොරර් ෆිල්ම්ස් බලන්න කැමති අය මේකට ආස වෙයි කියලා හිතලයි.
කතාව ගැන බැලුවොත් හොල්මන් කතා වලට කැමති ඒ ගැන හොයන්න කැමති යාළුවෝ කට්ටියක් පාළු ගෙයක් ඇතුලේ සෙල්ලමක් කරනවා. ඒ සෙල්ලමට කියන්නේ ඉටිපන්දම් 100 සෙල්ලම කියලා. මේකෙදි එයාලා ඉටිපන්දම් 100ක් මැද ඉඳගෙන එක එක්කෙනා තමන් අහලා තියෙන හොල්මන් කතා කියනවා. හැම කතාවක්ම අවසානයෙදි කතාව කිව්ව කෙනා ඒ ළඟම තියෙන කාමරයක් ඇතුලට තනියම ගිහිල්ලා ඒකේ තියෙන කණ්නාඩියෙන් බැලුවම හොල්මනක් පේනවා කියලා මෙයාලා විශ්වාස කරනවා. ඉතිං මෙයාලා මොනවගේ කතා කියයිද? ඇත්තටම හොල්මන් පෙනෙයිද කියලා ඔයාලා චිත්‍රපටය නරඹලම දැනගන්නකෝ. එක් එක්කෙනා වෙනස්ම කතා කියන නිසා මේකෙදි ඔයාලට කතා කොටස් කීපයක්ම බලාගන්නත් පුළුවන්.
The 100 Candles Game චිත්‍රපටය 54%ක ගූගල් පරිශීලක කැමත්ත ලබාගෙන, මේ වෙද්දි 4.4ක IMDb අගයක් ලබාගෙන තියෙනවා. Thriller / Horror / යන කාණ්ඩයන්ට තමයි චිත්‍රපටය වර්ගීකරණය කරලා තියෙන්නේ. මේ චිත්‍රපටයේ කතා කීපයක්ම ඇතුලත් වෙන නිසා අධ්‍යක්ෂකවරු කිහිපදෙනෙක් තමයි එක් එක් කතාව අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ. රංගනයෙන් දායක වෙන්නේ වැඩිය හුරු පුරුදු නළු නිළි පිරිසක්. ඒ වගේම උපසිරැසි ගන්වන්න අවසර දුන්න රවිදු හේෂාන් සහෝටත් ස්තූතිවන්ත වෙන්න ඕන. කාළගුණ තත්වයෙන් පීඩා විඳින හැමෝටම කිසිදු උපද්‍රවයක් නොවේවා කියලත් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු. ජය වේවා !!!
![]()

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,397 downloadsDownload The.100.Candles.Game-2020.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුරාන් ධනුක
Subtitles
4 comments
Kantha_DLA
Buddhika Lakmal
thanks bro sub ekata
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. ෆිල්ම් එක නම් හොඳයි වගේ, බලමුකො එහෙනම්. ජයවේවා!
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ගොඩක්ම ස්තූතියි .
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!