Watch Trailer

Blind Date (2015) Sinhala Subtitles | සිතින් ආදරේ කරන්නම්…. [සිංහල උපසිරසි]

Blind Date (2015) Sinhala Subtitles ඔන්න එහෙනම් සීතලේ ගුලිවෙලා බලන්න අද අරගෙන ආවා නියම ප්‍රංශ ආදර කතාවක්.. ඉන්දියන් ඇරුනාම මගේ ෆැන්ටසි ටයිප් එකේ ආදර කතා තිබුනේ ප්‍රංශ සිනමාපට වල විතරයි. මේ සිනමාපටය ආදරයේ වෙනස්ම පැත්තක්, විශේෂයෙන්ම අද කාලයේ කපල් නොදකින පැත්තක් පෙන්වලා දෙනවා. අද කාලේ අය සැබෑ ආදරය ගැන…

Blind Date (2015) Sinhala Subtitles

ඔන්න එහෙනම් සීතලේ ගුලිවෙලා බලන්න අද අරගෙන ආවා නියම ප්‍රංශ ආදර කතාවක්..
ඉන්දියන් ඇරුනාම මගේ ෆැන්ටසි ටයිප් එකේ ආදර කතා තිබුනේ ප්‍රංශ සිනමාපට වල විතරයි.
මේ සිනමාපටය ආදරයේ වෙනස්ම පැත්තක්, විශේෂයෙන්ම අද කාලයේ කපල් නොදකින පැත්තක් පෙන්වලා දෙනවා.
අද කාලේ අය සැබෑ ආදරය ගැන මොනවා කිව්වත්, මුලින්ම ඕක ඇතිවෙන්නේ ලස්සන කෙල්ලෙක් දැක්කොත් විතරනේ.
මම කියන්නේ සැබෑ ආදරයකට කෙල්ල හෝ කොල්ලා ලස්සන වෙන්න ඕනේ කියලා නෙමේ.
බොරු කියන්න ඕනේ නැහැනේ මුලින්ම හිතෙන් ආදරය ඇතිවෙන්නේ තමන්ට ලස්සනයි කියලා හිතෙන කෙනෙක්ටනේ.
පස්සේ එයාව දැනගෙන කතාබහ කරලා ගොඩකාලයක් ආශ්‍රය කිරීමත් එක්ක ඇතිවෙන දැනුවත්කම, බැඳීම නිසා තමා
ඔය ආදරය සමහරවිට සැබෑ ආදරයක් වෙන්න ඉඩක් තියෙන්නේ. කවුරු නෑ කිව්වත් මට නම් ඕක තමා තියරිය.
ඔහොම නැතුව අහම්බෙන් හම්බෙලා එකතුවෙලා ආදරය කරන අය ගොඩක් දැන් කාලේ අඩුයි.
උදේ පාන්දර ආදරය ගැන මේ වගේ දාර්ශනික ටෝක් දුන්නට, මම තාම Most Eligible Bachelor කෙනෙක්.

ඉතින් මේ ආදර කතාව ගැන මිනුම් කරුණු වලින්ම පටන්ගමු,
IMDb මීටරෙයේ 6.6ක අගයකුත් , Rotten Tomatoes මීටරයේ 100% ක විශිෂ්ඨ අගයකුත් ලබාගන්නට සමත්වෙලා තියනවා.
මේකේ රඟපාන චරිත වල නම් ඔයාලට හුරු නැහැ, නළුවෝ ගැන වැඩි විස්තරයක් වැඩක් නැහැ.
මොකද අපි ගොඩක් ඉන්දීය සහ හොලිවුඩ් සිනමාව ගැනනේ දන්නේ.
මේකේ කතාව බොහොම සාමාන්‍ය එකක් !!!
මොලේ උපරිමයටම තියන වැඩිය මිනිස්සු අතර ගැවසෙන්න කැමති නැති Introvert කාණ්ඩයේ කොල්ලෙකුට,
සංගීතයට ආදරය කරන දෙමාපියන්ගේ නීතිවලට යටවෙලා හැදුන ගැහැණු ළමයෙක්ව හම්බවෙනවා,
මූනට මූන හම්බවෙන්නේ නැහැ, ඒවගේම දෙන්නා ආදරය කරන්නෙත් නැහැ.
ඉතින් මේ දෙන්නා හමුවෙන විදිහ, ළංවෙන විදිහ, වෙන්වෙන විදිහ හැමදේම ඔයාලම බලන්නකෝ
ඇත්තටම එක දෙයක් කියන්නම් පළමු දැක්මෙන් ආදරය ඇතිවෙනවා කියන එක ඇත්තක් වෙන්න ඇති.
ඒත් ආදරයක් ඇතිවෙන්න කෙනෙක්ව දකින්නම ඕනේ නැහැ කියලා ඔයාලට අත්දකින්න පුළුවන්.
එන්න මිනිත්තු 90ක මේ අපූරු අත්දැකීමට ඔයත් සාක්ෂිකරුවෙක් වෙන්න. ඔයාටත් සැබෑ ආදරයක් ඇතිවෙන්න පුළුවන්.

එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරගෙන අදට සමුගන්නවා.
අඩුපාඩු, දිරිමත් කිරීම් ගැන කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.
තවත් අමුතුම විදිහේ ඇනිමේෂන් සීරීස් එකකින් ඉක්මනින්ම හමුවෙමු.

 

Blind Date (2015) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR Rip පිටපත් සඳහා අදාළ වේ.

1,438 downloadsDownload Blind-date.zip35 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Blind Date (2015) Sinhala Subtitles

Subtitles

1,438 downloadsDownload Subtitles35 KB

2 comments

  1. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි .
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Buddhika Lakmal

    ස්තූතියි විමුක්ති සහෝ වෙනස්ම විදිහේ මූවි එහෙකට සබ් දුන්නට....
    ජයවේවා.....

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.