මනුෂ්‍යයින් කියන්නෙ හරිම පුදුම ජීවින් කොට්ඨාෂයක්. අපි ඉපදෙනවා, ඉස්කෝලෙ යනවා, පස්සෙ රස්සාවක් කරනවා, ඊටත් පස්සෙ මහළු වෙනවා, අන්තිමට මැරිලා යනවා. අපි හැමෝම හිතාගෙන ඉන්නෙ ඔන්න ඔය ටික. නමුත් මේ වෙන ක්‍රියාවලියට එහායින් හිතපු මනුෂ්‍යයින් පවා මේ ලෝකෙ ඉන්නවා. ඔවුන් මේ ක්‍රියාවලිය අතරේදී විශේෂ දෙයක් කරනවා.…

මනුෂ්‍යයින් කියන්නෙ හරිම පුදුම ජීවින් කොට්ඨාෂයක්. අපි ඉපදෙනවා, ඉස්කෝලෙ යනවා, පස්සෙ රස්සාවක් කරනවා, ඊටත් පස්සෙ මහළු වෙනවා, අන්තිමට මැරිලා යනවා. අපි හැමෝම හිතාගෙන ඉන්නෙ ඔන්න ඔය ටික. නමුත් මේ වෙන ක්‍රියාවලියට එහායින් හිතපු මනුෂ්‍යයින් පවා මේ ලෝකෙ ඉන්නවා. ඔවුන් මේ ක්‍රියාවලිය අතරේදී විශේෂ දෙයක් කරනවා. ඔවුන් මේ ලෝකයෙන් ගියත් ඊට මතු පරම්පරා ගණනාවක් තිස්සෙ ඔවුන්ගෙ නම, කරපු දේවල් කතා වෙන විදියෙ දෙයක් තමයි කරන්නෙ. ඔවුන් ”අලුත්ම දෙයක්” සොයාගනිමින් මින්මතු පරම්පරාවට දෙයක් ලබාදෙනවා. නම් වශයෙන් කිව්වොත් ස්ටීවන් හෝකිං/ජේම්ස් ග්ලේෂියර්/තෝමස් අල්වා එඩිසන් ආදී ගොඩක් කට්ටිය ඉන්නවා. ඉතින් ඔන්න ඔය කරන දේයට චූටී වචනයක් කියනවා. ඒ තමයි ”සිහිනය”. මනුෂ්‍යයෝ වෙන අපි කුඩා කළ සිටම එය පස්සෙ හඹා යනවා. ඒ යන අතරතුරේදී නොයෙකුත් බාධක හමුවෙනවා. හැබැයි ඒවාට මුහුණ දී තමයි එය සාක්ෂාත් කරගන්නෙ. අද මං මේ කියන්න යන කතාවත් අන්න ඒ වගේ එකක්.
බ්‍රිතාන්‍ය ජාතිකයෙක් ලෙස 1809 අප්‍රේල් මස 7 වනදින ජේම්ස් ග්ලේෂියර් මේ ලොව එලිය දකිනවා. ඔහුගෙ පියා ඔරලෝසු සාදන්නෙක්. එවැනි පවුල් වාතාවරණයකදී තමයි මොහු තමන්ගෙ සිහිය හඹා යන්නෙ. මොහුට කුඩා කළ පටන්ම අලුත් දෙයක් සොයාගැනීමේ ආසාවක් තියෙනවා. හැබැයි එය කිරීමේදී මොහුට නොයෙකුත් බාධක එනවා. හැබැයි ඔහු නවතින්නෙ නැහැ. ඔහු කාලගුණය ගැන අනාවැකි කියන්න පුළුවන් බව ප්‍රකාශ කරනවා. නමුත් ”රාජකීය සංසදය” නමැති සංසදයෙ කට්ටිය ඔහුට සිනා සෙනවා. ඒවගේම තමයි අරමුදල් ලබාදීමට පවා ප්‍රතික්ෂේප කරනවා. හැබැයි වාසනාවකට වගේ ඔහුට අවසානයෙදී ඔහුගෙ ගවේෂණයන් සඳහා අරමුදල් යොදවිමට කෙනෙක් මුණගැසෙනවා. ඒවගේම තමයි මොහු ”අහස යාත්‍රාවකින් වැඩිම උඩකට ගිය පුද්ගලයා” වගේම ”වායුගෝලයෙ විවිධ ස්ථර තිබෙන බව” අනාවරණය කරගත් පුද්ගලයෙක් බවට පත්වෙනවා. ඒවගේම තමයි මොහුගෙ හිතවත්ම යහළුවා කොක්ස්වෙල්. ඔහු තමයි මොහුත් එක්ක මේ චාරිකාවට යෙදෙන්නෙ නමුත් චිත්‍රපටයෙදී ඒ සඳහා ගැහැණු චරිතයක් යොදා ගෙන තිබෙනවා. නමුත් එය ප්‍රබන්ධ චරිතයක් පමණි. නමුත් ඔහු කරපු සොයාගැනීම් වගේම සිදුවෙන දේවල් සත්‍ය කතාව පදනම් කරගෙන තමයි කරල තියෙන්නෙ.

ජේම්ස් ග්ලේෂියර්
චිත්‍රපටය ගැන කියනවා නම් මෙය නිකුත් වුණේ 2019 වර්ෂයෙ දෙසැම්බර් 20 වෙනි දින. ඒ Amazon Prime නමැති ස්ට්‍රිමින් සර්විස් එක හරහා. මේ වෙනකොටත් IMDb අගය 6.6 ක් සහ කුණු තක්කාලි අගය 72% අරගැනීමට සමත් වී තිබෙනවා. Action, Adventure, Biography යන කාණ්ඩ ත්‍රිත්වයට අයත් වෙන මෙය පැයයි විනාඩි හතළිහක් පුරාවට රසවිඳින්න පුළුවන්කමක් තියෙනවා. අධ්‍යක්ෂණය කටයුතු සිදු කරන්නෙ Tom Harper මගින්. ඒවගේම රංගනයෙන් Eddie Redmayne, Felicity Jones, Himesh Patel, Phoebe Fox, Tom Courtenay, Vincent Perez තම රංගන දායකත්වය ලබාදෙනවා. එහෙනම් මං තවත් කියවන්න යන්නෙ නැහැ. කතාව ඔයාලටම බාර කරනවා.
තවත් උපසිරැසයකින් හමුවෙනකම් හැමෝටම ජය!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
8,681 downloadsDownload The-Aeronauts-2019.zip42 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
27 comments
තිසර නියෝ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
ජය වේවා.!gihan perera
නියමයි මචෝ....ස්තුතියි උපසිරැසි දුන්නට මචෝ.....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා.....
malithmadhushan45
උපසිරසට බොහොම ස්තුතියි රවිදු සහෝ
rockz2020
❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි සහෝ!✌❤
❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
Checkered Ninja (2018)
The Curse of the Were-Rabbit (2005)A Grand Day Out (short 1989)
The Wrong Trousers (short 1993)
A Close Shave (short 1995)
Wallace & Gromit's Cracking Contraptions (short 2002)
A Matter of Loaf and Death (short 2008)Trolls Holiday (TV Short 2017)
The Dark Crystal: Age of Resistance (2019)
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
පට්ට වගේ...Shaggie
Supiri❤️
Jagakalu
Niyamai saho.. budu saranai issarahatath sub karanna sakthiya labewa.
0718901293
Thanx bro aluth ewwa genawata.supiri. thawa thawath shakthiya lebewa
madhusankha
Thanks Bro,
indika75
thanks..
nish47
ස්තූතියි සහෝ
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Sajithlakshan
thanks .....................
wajira
Thanks for sub
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharindu07
Thanks For sub....!!! Good Job.....!!!
mindika
Thanks !!!!!!
thanks mchan
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Pramukmili
Thanx bro..............
Kanchaka
Thanks bro
sanjeewakbg
thanks bro..
Rumesh90
thanks you bro.....
Dewadithya
Thanks for sub!
Rishantha
Thanks Brother
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra