Watch Trailer

The Sky Is Pink (2019) Sinhala Subtitles | මරනය සදාතනික සත්‍යයකි, සැමදා සතුටින් ජීවත් වන්න…[චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

ඇය අයිශා. අයිශා කියන නමේ තේරුම ජීවිතය. ඒත් ඇය උපදින්නෙම මරණය තුරුලු කරගෙන. අපි හැමෝම එහෙම තමයි, ඒත් ජානමය රෝගයක් නිසා අයිශා අවුරුදු 6දි ඇට මිදුලු බද්ද කිරීමේ පලවෙනි සැත්කමට මුහුන දෙනවා. ඒ එම සැත්කම නොකලහොත් ඇය තවත් වසරකට වඩා ජීවත් නොවන්නේ යැයි වෛද්‍යවරුන් පවසන නිසාවෙන්. එහෙත් එම සැත්කම නිසා ඇය ජීවි…

ඇය අයිශා. අයිශා කියන නමේ තේරුම ජීවිතය. ඒත් ඇය උපදින්නෙම මරණය තුරුලු කරගෙන. අපි හැමෝම එහෙම තමයි, ඒත් ජානමය රෝගයක් නිසා අයිශා අවුරුදු 6දි ඇට මිදුලු බද්ද කිරීමේ පලවෙනි සැත්කමට මුහුන දෙනවා. ඒ එම සැත්කම නොකලහොත් ඇය තවත් වසරකට වඩා ජීවත් නොවන්නේ යැයි වෛද්‍යවරුන් පවසන නිසාවෙන්. එහෙත් එම සැත්කම නිසා ඇය ජීවිත කාලයටම පෙනහලු ආබාදයකට ගොදුරු වෙනවා. හුස්ම ගැනීමේ දැඩි අපහසු තාවයකට ගොදුරු වනවා. ඇය ඉතා ඉක්මනින් වෙහෙසට පත් වූවා. ඒ නිසාම ඇයට කුඩා ඔක්සිජන් ටැංකියක පිහිට පැතීමට සිදු වූවා. පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි මේ ඔක්සිජන් ටැංකිය ඇගේම කොටසක් බවට පත් වුනා. එහෙත් ඇය නොබියව ධෛර්‍ය සම්පන්න ලෙස ජීවිතයට මුහුන දුන්නා. ධනාත්මක චින්තනය ගැන කථිකයෙක් වූවා. ඇය ‘My Little Epiphanies’ නමින් පොතක්ද පල කලා. ඇය මිය යාමට පෙර දිනයේ එම පොත එලි දැක්වුවා.

පැය දෙකහමාරක් දිවෙන මේ කතාව පුරාවටම තියෙන්නෙ අයිශා විසින් පවසන ඇයගේ දෙමව්පියන්ගේ ආදර කතාව ගැනයි. හින්දු සහ දමිල සංස්කෘතීන් දෙකකට අයත් වූ ආදිති සහ නිරේන්ගේ විවාහයෙන් පසු ඔවුන්ට මුලින්ම දියනියක් ලැබෙනවා. එහෙත් එම දියනියත් ඒ රෝගයටම ගොදුරු වී මිය යනවා. ඉන් පසු ඔවුන්ට පුතෙක් ලැබෙනවා. ඊටත් වසර හතරකට පසු නොසිතූ ලෙස ආදිති ගැබ් ගන්නවා. එයින් දියනියක් ඉපදෙනවා. ඒ තමයි අයිශා. මේක සත්‍ය කතාවක්. අයිශගෙ ජීවිත කතාව සිනමාවට නගන්නේ සොනාලි බෝස්. මේ ඇයගේ සිව් වෙනි අධ්‍යක්ශනයයි.

2016 වසරේ තිරගත වුන ‘ජායි ගංගාජල්’ චිත්‍රපටියෙන් වසර තුනකට පසු නැවතත් ප්‍රියංකා සිනමාවට පිවිසෙනවා ආදිති චෞද්‍රිගෙ චරිතයෙන්. ඒ නිකන්ම ප්‍රියංකා චොප්‍රා විදිහට නෙවෙයි, ප්‍රියංකා චොප්‍රා ජෝනාස් විදිහට. හැබැයි ප්‍රියංකට වැඩිය කාජල් මේ චරිතෙට හොඳට ගැලපෙනව කියලනම් මට හිතෙනවා. නිරේන් ලෙසින් ෆර්හාන් අක්තර්ද, අයිශා ලෙසින් සයිරා වසිම්ද චරිත නිරූපනය කරනවා. ඒ වගේම මේ චිත්‍රපටිය අයිශාගේ අවසන් රංගනය ලෙසද සඳහන් වෙනවා. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් චිත්‍රපටයකින් මුන ගැහෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම Proper HDRip පිටපත් සඳහා අදාළ වේ.

7,536 downloadsDownload The-Sky-Is-Pink-2019.zip55 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

7,536 downloadsDownload Subtitles55 KB

19 comments

  1. Achi

    Thank darling

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. තිසර නියෝ

    උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා

    #Hail_Hydra

  4. lakmal chathuranga

    tank you sub ekata jayawawa digatama me wage sub denna ....

  5. Hemantha De Silva

    ස්තුතියි අමා උපසිරැසියට...

  6. Jagakalu

    Thanx Sis. maga Balan Hitiya Film ekak

  7. indika75

    thanks..

  8. nish47

    ස්තූතියි සහෝ

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....!

  10. Saranga J. Liyanagama

    ගොඩක් ස්තූතියි

  11. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. pasanMihidu1

    thaanks

  14. ශසිත් සඳරුවන්

    සබට තුති වේවා!
    දිගටම සබ් දෙමු ආ...
    ජය!

  15. Pramukmili

    Thanxxxxxx bro..............

  16. Manohari w

    Bohoma sthuthi sinhala upasirasiyata... Jaya wewa..

  17. Anonymous

    Thank you

  18. yohanmadu

    thanks

  19. NOC Jayasanka

    Thank You