Watch Trailer

The Awakening (2011) | ආදරයක්, සෙනෙහසක් ලැබීමට වරම් නොමැති ලොවක් ! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ ඉතින් ඔයාලට? ඔන්න ගියපාර චිත්‍රපටියේදි වුණු පොරොන්දුවේ විදිහටම මම තවත් හොල්මන් චිත්‍රපටියකට උපසිරැසි අරගෙන ආවා. තෝරගත්ත චිත්‍රපටිය ගැන අමුතුවෙන්ම කිව යුතු නැහැයි කියලයි මගේ අදහස. මේක උපසිරැසියට දාන්න බලද්දි මම පුදුම වුණා මේ වගේ හොඳ චිත්‍රපටියකට තාමත් බයිස්කෝප් එකේ උපසිරැසි ලැබිලා නැහ…

The Awakening

කොහොමද යාළුවනේ ඉතින් ඔයාලට? ඔන්න ගියපාර චිත්‍රපටියේදි වුණු පොරොන්දුවේ විදිහටම මම තවත් හොල්මන් චිත්‍රපටියකට උපසිරැසි අරගෙන ආවා. තෝරගත්ත චිත්‍රපටිය ගැන අමුතුවෙන්ම කිව යුතු නැහැයි කියලයි මගේ අදහස. මේක උපසිරැසියට දාන්න බලද්දි මම පුදුම වුණා මේ වගේ හොඳ චිත්‍රපටියකට තාමත් බයිස්කෝප් එකේ උපසිරැසි ලැබිලා නැහැ කියලා දැනගත්තහම. චිත්‍රපටියට IMDb දර්ශකයේ ලැබිල තියෙන අගය 6.5/10 ක්. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Nick Murphy වන අතර Stephen Volk සහ Nick Murphy චිත්‍රපටිය රචනා කළ රචකයන් හැටියට ගන්න පුළුවන්. චිත්‍රපටිය නිකුත් වෙලා තියෙන්නේ 2011 නොවැම්බර් මස දී වන අතර මිනිත්තු 107 දිව යන බවද තවදුරටත් කිව හැකි. විශේෂයෙන් චිත්‍රපටිය සඳහා නිෂ්පාදනයෙන් BBC Films (BBC චිත්‍රපටි සමාඟම) දායක වෙලා තියෙනවා. චිත්‍රපටියේ ප්‍රධාන චරිත ලෙස ගත්තොත් Rebecca Hall (කැත්කර්ට් මහත්මිය ලෙස), Isaac Hempstead Wright (පුංචි ටොම් ලෙස) හා Imelda Staunton (පාසැලේ පාලිකාව ලෙස) චිත්‍රපටය පුරා සුවිශේෂී රංගනයක නිරත වෙනවා.

මම ඉස්සරලා කිව්වා මේක හොල්මන් චිත්‍රපටියක් කියලා. ඒත් චිත්‍රපටිය දිහා ගැඹුරින් අධ්‍යනය කරලා බැලුවොතින් හොල්මන් වලට වඩා දෙයක් තියෙනවා කියලා කියන එක මෙතනදි ඉතාම වැදගත්. මගේ අදහසට අනුව, විශේෂයෙන් කෙනෙක් තවත් කෙනෙක්ට දක්වන ආදරය, සෙනෙහස මේ ලෝකය තියෙන තාක් කල් නොවෙනස් ව පවතින බව චිත්‍රපටිය අපිට ගැඹුරින් තේරුම් කරවන බව නොරහසක්. චිත්‍රපටියේ අවසානය වෙනකම් මොකද්ද මේ වෙන්නේ කියලා හරි හැටි තේරුම් ගන්න බෑ.

මුළු චිත්‍රපටියම දිවෙන්නේ අභිරහස් හොල්මන් වලින් ගහණ වූ බ්‍රිතාන්‍ය නේවාසික පිරිමි පාසලක් වටා. චිත්‍රපටිය පටන්ගන්නේ බ්‍රිතාන්‍යයේ 1921 සමයේදී. එවක දරුණු ලෙස පැවතුණු ලෝක යුද්ධය සහ අනෙත් හේතූන් බ්‍රිතාන්‍යයේ මිනිසුන්ගේ සිත් තවත් විකල් කරන්නට හේතු සාධක වුණා. මේ අතරෙදි ෆ්ලෝරන්ස් කැත්කර්ට් නමින් හොල්මන් පිළිබදව සුවශේෂී ගවේෂණයන් සිදු කරන ගැහැණියක් අපට හමුවෙනවා. මැය ඉතාම ශ්‍රේෂ්ඨ වගේම බ්‍රිතාන්‍යයේ කීර්තිමත් නමක් දරණ ගැහැණියක්. දවසක් ඇයගේ සේවය බලාපොරොත්තුවෙන් මැදි වියේ පසු වන පුද්ගලයෙක් පැමිණෙනවා. ඒ, තමන් උගන්වන නේවාසික පිරිමි පාසලක සිදු වී තිබෙන මිණීමැරීමක් සහ එහි සිදුවන යම් යම් භූත බලපෑම් පිළිබදව ප්‍රකාශ කරමින්. ඔහු ඒ බව ඔප්පු කිරීම සදහා අවැසි සාධකද රැගෙන ඒම නිසා කැත්කර්ට් මහත්මිය එම සිද්ධිය ගවේශණය කිරීම සදහා පිටත්ව යනවා.

මෙම පිරිමි පාසලේ වෝල්ටර් පෝකර් යනුවෙන් පිරිමි ළමයෙකු ඉතා බිහිසුණු ලෙස මියගොස් තිබෙනවා. නේවාසිකව සිටින ළමුන් පවසන්නේ එම සිද්ධියෙන් පසු, ඔවුන්ට යම්කිසි පිරිමි ළමයෙකුගේ හොල්මනක් පාසල අවට සැරිසරන බව තමන් දැකගන්නට තිබෙන බවයි. කැත්කර්ට් මහත්මිය ඉතා ඉක්මණින් තම පරීක්ෂණ කටයුතු ආරම්භ කරනවා. නමුත්, මේ පිරිමි ළමයාත්, කැත්කර්ට් මහත්මිය අතර කුමක් හෝ සබඳකමක් තිබෙන බවට චිත්‍රපටයේ නොයෙකුත් දර්ශණ වලින් ප්‍රේක්ෂකයාට ඇඟවීමට සලස්වනවා. නමුත්, කුමක් විය හැකිද එය? මේ මිය ගිය පිරිමි ළමයා කාගේ කවුද? කැත්කර්ට් මහත්මියට ඒ අභිරහස සොයාගත හැකිවේවිද?

මම ඉස්සරලත් කීවා වගේ හොල්මන් වලට වඩා මේකේ ගැඹුරින් තියෙන අදහස ඔයාලා තේරුම් ගන්න උත්සහ කළොත් මට හිතෙනවා ඔයා මේක බලපු සාර්ථක ප්‍රේක්ෂකයෙක් වෙයි කියලා. ඉතින් අදට එහෙනම් මම නවතිනවා. මම බලාපොරොත්තු වෙනවා ඔයාගේ වටිනා කියන අදහස. නැවත හමුවෙමු. ජයෙන් ජය!! 🙂 🙂 😀

The Awakening (I) (2011) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

7B926E3DC975532F113F0D303AA4C3D49E4B53A9

1.65 GB කොපිය මෙතනින් බාගන්න

053101DE41667F6DBBD48D662D8E66EDC786B6E2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,819 downloadsDownload The-Awakening-2011.zip68 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/03/YasH.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යස්මික සෞභාග්‍යය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

1,819 downloadsDownload Subtitles68 KB

36 comments

  1. mudiya / මුදියා

    නියමයි මචෝ යස්මික.
    අමුතු කතාවක් වගේ.
    බාන්න දාන්න ඕනි වෙලාවක් ලැබුන ගමන් බලන්න.
    ජයවේවා.බොහෝ.................................................................................ම ස්තූතියි...!

  2. Jack

    නියමයි යස්මිත සහෝ.
    පට්ට කතාවක්
    ස්තුතියි සබ් එකට

  3. කේ.යූ.ජී. උදාර

    කාලෙකට කලින් බලපු එකක්. ඒ දවස්වල මේකට සබ් දෙන්න හිතාගෙන උන්නත් වැඩේ උනේ නැහැ. දැන් මේ හිතන්නෙවත් නැති වෙලාවක යස්මික මේක ගෙනල්ල. ඔයා කියන්න වගේ ම මේක තවත් එක හොල්මන් කතාවකට වඩා එහා ගිය එකක්. ඒ හින්ද නොබලපු කෙනෙකුට මාත් මේක බලන්න කියල ඉහළින් ම නිර්දේශ කරන්න කැමතියි.
    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ...............

    1. #YasmikaSH

      ඔව් ඇත්තෙන්ම හොල්මන් චිත්‍රපටියකට වඩා වැඩි දෙයක්!! බොහොම ස්තූතියි සහෝ ඔයාගේ ප්‍රතිචාරයට.

  4. නලින්

    ස්තුතියි යශ්මික සහෝ!

    ජය වේවා!

  5. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍
    ‍සු‍පි‍රි ‍වැ‍ඩක්‍.
    සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!

  6. kavi

    sub denna vechcha mahansiyata godaak sthuthi yashmika

    1. #YasmikaSH

      බොහොමත් ස්තූතියි ප්‍රතිචාරයට.

  7. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    සුපිරි ෆිල්ම් එකක් වගෙයි..
    අපේ උදාර සහොත් රෙකමන්ඩ් කරලා තියෙන නිසා අනිවා හොඳ වෙන්න ඕනේ..
    හොඳෙයි කියන්නේ ඉතිං බාන ලිස්ට් එකේ තමා..
    හැබැයි ඉතිං එහෙමෙයි කියලා බාන්න විශේෂ ලිස්ට් එකකුත් නැහැ..
    ඒත් මේකනම් අනිවා බානවා..
    ජය වේවා කොල්ලෝ...

    1. #YasmikaSH

      වෙනස්ම චිත්‍රපටියක් වෙයි. ආ,,, ඔව් උදා අයියත් රෙකමන්ඩ් කරලනේ තියෙන්නේ!! එහෙනම් බාමු නේද??

  8. “චූටී මල්ලි”

    මේකනම් හොදා වගෙ නේ
    කට්ටියත් කියලා තියෙනෙ
    එල එහෙනම් තව එකක් දෙන්න
    සබට තුති
    ඔබට ජය...............

  9. Kulanjana Maduranga

    meka nm wenasma storyak wge...meka nm balannama ona.me wge filumakata sub dunnata thankssssssssss YASMIKA saho.thawa sub denna shakthiya labewa....jayen jaya.........

  10. රවිඳු නිපුන්

    awasanaya amuthumak ekak wenda athi neda?
    ehnam aniwa balanawa...
    horror gathiyalkuth thiyanawanam hodayi...
    thankss saho sub ekatahh!!

  11. pamuditha

    මේකේ audio & video synchronize හරිනෑ කියන්නේ ඇත්ත ද?
    ??? ??? ??? ??? ??? ??? ??? ??? ??? ??? ??? ??? ??? ??? ???
    මං තාම download වෙන්න දැම්මේ නෑ

    1. #YasmikaSH

      නෑ සහෝ. එහෙම අවුලක් නම් නෑ.

    2. pamuditha

      thanks bro

  12. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  13. sriyan

    thanks,,,,,,,,,,,,,,,,,,

  14. Naween

    එල එල හොල්මන් නම් ඉතිං බලනවම තමා.සබ් එකට බොහොම තෑන්ක්ස් සහෝ.ඔබට ජයෙන් ජය…!

  15. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට.

  16. අදිත ප්‍රවීන්

    නියමයි !
    හොරර් නම් බාමු .
    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට !
    :D

  17. jayani chathupraba

    Thank youuuuuuuuuuuu

  18. Dimuthu

    thank you. sahoo supuri movies ekak.

  19. Don Herman

    තේරුමක් නැති හොල්මන් කතා වලට වඩා, වෙනත් අන්දමකට ඉදිරිපත් කිරීමක්. හොඳ කතාවක්. උපසිරසිත් හොඳටම කරලා තියෙනවා . ස්තුතියි හොඳ කතාවක් දුන්නාට.....

    1. #YasmikaSH

      බොහොමත් ස්තූතියි සහෝ!

  20. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  21. pasindu

    superb mcn>>>>>>>>>>>>>>>>>>

  22. රොයිලි

    බොහොම ස්තූතියි යස්මික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Suranjaya

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!! :roll:
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  24. ඉසු ඩිපි (Isu DP)

    නියමයි යස්මික සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  25. දමිත්

    තෑන්ක්ස් සහෝ..
    ජයෙන් ජය

  26. Emi

    Many thanks

  27. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ දිගටම කරගෙන යමු..
    සුපිරි වැඩක් සුභපැතුම්..
    ජයවේවා..!

  28. chamara

    thanx machn

  29. bathiya

    ස්තූතියි,,,,,,,, සහෝ.......

  30. ashan lankanath

    thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.