මේ මගේ පළවෙනි උපසිරැසිය. ඉතින් මං තෝරා ගත්තේ හින්දි චිත්‍රපටියක්. ටිකක් පරණ එකක්. ඒත් ගොඩක් ලස්සනයි. ලස්සන ආදර කතාවක් තියෙන්නේ. ආක්ෂේ කුමාර්, සයිෆ් අලි ඛාන්, කාජල් තමයි රංගනයෙන් දායක වෙන්නේ. IMDB අගය 6.0 ලබා ඇති මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ නරේෂ් මල්හෝත්‍රා. ඒ වගේම ඒ වසරේ වැඩිම ආදායම් වාර…

මේ මගේ පළවෙනි උපසිරැසිය. ඉතින් මං තෝරා ගත්තේ හින්දි චිත්‍රපටියක්. ටිකක් පරණ එකක්. ඒත් ගොඩක් ලස්සනයි. ලස්සන ආදර කතාවක් තියෙන්නේ. ආක්ෂේ කුමාර්, සයිෆ් අලි ඛාන්, කාජල් තමයි රංගනයෙන් දායක වෙන්නේ. IMDB අගය 6.0 ලබා ඇති මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ නරේෂ් මල්හෝත්‍රා. ඒ වගේම ඒ වසරේ වැඩිම ආදායම් වාර්තා තියල තියෙනවා. එදා අතිශය ජනප්‍රිය වුණු ගීත කිහිපයක් මෙහි ඇතුළත්ව තිබෙනවා. හැබැයි ඒවාට ඉංග්‍රීසි උපසිරැසි ගොනුව නොතිබූ නිසා සිංහල උපසිරැසිත් නැහැ. මේ චිත්‍රපටයට මාතෘකාව නම් දැම්මේ මම නෙමෙයි. නිලංග රංකොත්ගේ කියන මගේ යාළුවෙක්. නමක් හොයා හොයා ඉන්දැද්දී එය තමයි මේ නම යෝජනා කළේ.
කතාව ගැන කියනවා නම්, අජේ සහ විකී කියන්නේ සහෝදරයෝ දෙන්නෙක්. අජේ කියන්නේ බොහොම තැන්පත් කොල්ලෙක්. විකී කියන්නේ සෙල්ලක්කාර කිසිම බරක් පතලක් නැති හැම වෙලේම කෙල්ලෝ පස්සේ යන කොල්ලෙක්. දවසක් විකී කෙල්ලෙක් එක්ක ඉඳල අහුවෙන්න යද්දී සප්නා එයාව බේර ගන්නවා. සප්නා කියන්නේ විකීලගෙ ඩ්‍රයිවර්ගේ දුව. ඒ අස්සේ විකී සප්නාට ආදරේ කරන්න පටන් ගන්නවා. එත් සප්නා එයාගේ ආදරේ පිලි ගන්නේ නෑ. සප්නා විජේ එක්ක යාලු වෙනවා. සප්නාව අන්තිමට හිමි වෙන්නේ කාටද? විජේගේ අම්මයි තාත්තයි සප්නව පිලි ගනීද?
මේ ඔක්කොම දැන ගන්න වෙන්නේ කතාව බලලම තමයි. පළවෙනි එක නිසා අඩු පාඩු තිබුණොත් සමාව දෙන්න කියලත් ඉල්ලනවා. බාගෙන කමෙන්ට් එකක් දාලම යන්න. එහෙනම් ආයේ හමුවෙමු. ස්තුතියි.
4ccaa74a89ef60657bd4cbf89cdc23e7e7179d0c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
908 downloadsDownload Yeh.Dillagi.1994.baiscopelk.zip51 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/MuthuA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
32 comments
Prasad
sudarsha
මාරු මාරු මන් පරණ ෆිල්ම්ස් වලට ගොඩක් අසයි
ඔන්න මත ඩවුන්ලෝඩ් කරගත්තා
බොහොම ස්තුතියි ඔයාට .SaDuN dAnUsHkA
සුපිරි පරන චිත්‍රපටිත් මරු
දිගටම යමුshamal Manojan
සුපිරි වැඩක්.
90 දශකයේ හිට් වෙච්ච හින්දි film සියල්ලම වාගේ අනාගතයේදී බයිස්කෝප් අඩවියේ තියෙයි කියලා මං බලාපොරොත්තු වෙනවා.නලින්
ස්තුතියි..! දහරා..
දිගටම අඩවියත් එක්ක ඉන්න.
ජය වේවා!
Nilanga
Niyamai, one more
Kulanjana Maduranga
G' luck for the 1st attempt SIS.Great work & Lot of thanks DAHARA Sis.Me wge thawa sub karanna shakthiya labewa.digu gamanak yamu.jaya wewa……………
Kapila Janaka Bandara
Thank you very much. I was thinking to sub this several time but was not given permute my busy time schedule. Thank you very much for this really romantic film. Thank you for your effort and contribution to civilize our society with real entertainments.
සංජය
පටන් ගැන්මම නියමයි.... ඔහොමම දිගටම සබ් දෙමු...
Pradeep
Palaweni wadeta Thanks saho,
digatama Sub Denna.Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි
සුපිරි වැඩක්.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න ශක්‍තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!ලක්ෂාන් නිලංක
පලමු නිර්මාණයට සුබ පැතුම් සහෝදරී...දිගටම සබ් දාන්න....ජජය වේවා....!
dinesh
මේ ෆිල්ම් එකත් එක්ක අතීත මතකයන් ගොඩක් අලුත් උනා.මේක එදා Tv එකේ බලන්න මමත් දත කට මැදගෙන හිටියා.ටෙලිකාස්ට් වෙන්න නියමිත වෙලා තිබුනෙ 2001-09-11.ඒත් කරුමෙට එදා තමයි usa world trade center එක blast උනේ.ඒක නිසා මේ ෆිලුම ආයෙ විකාශනය උනේ ITN එකේ මාස පහකට විතර පස්සෙ.ඒ පාර මේක බලන්න බැරි උනා.එතකොට ඉතින් tv එකෙන් විතරනෙ ෆිල්ම් බලන්නෙ :) .සබ් එක්ක බලන්න ගොඩක් ආසාවෙන් හිටියෙ.අවුරුදු 13 කට පස්සෙ ඒ අවස්තාව උදා කරපු එක ගැන නංඟට ගොඩක් තුති.
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
සුපිරි ෆිල්ම් එකක් මචෝ..
ෆිල්ම් එක කෙසේ වෙතත් ආයේ සින්දු ටිකනම් පට්ට..
සින්දු ටිකටත් උපසිරසි තිබ්බනම් තමයි ගොඩ හැබැයි..
මමනම් කීපවතාවක්ම බලලා තියේ...
සයිස් එකට තමයි ඇන්ඩන්නේ...
12 න පස්සෙවත් බාගන්න ඕනේ...
ජය වේවා..lakmal
thx sooooooooooomuch mchn...... My fvrit Kajol inna nisaa balannama ona..
“චූටී මල්ලි”
පරන එකක්
එල එල සින්දු ටික හොයාගන්න ඔනි
තව සබ් කරමු නඟෝ
සබට තුති
ඔබට ජය...............sisiya
දහරා මුතු අමා... මම මේ චිත්‍රපටය නරඹපු සැණින් තමා අදහසක් දෙන්නේ,, චිත්‍රපටය මගේ ළඟ තිබුනා.. ඔයාගේ සබ් දාලා බැලුවා... හොඳටම තිබුනා... සින්දු ටිකත් තිබුනා නම් කියලා හිතුනා.. මෙන්න මේ වගේ 90 දශකයේ හින්දි ඒවම දෙන්න බලන්න... සබට තෑන්ක්ස්
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)sadun chamara
maru
ඉසු ඩිපි (Isu DP)
නියමයි දහරා සහෝදරී..
පලවෙනි උපසිරසියට සුබ පැතුම්.
සින්දු වලටත් සබ් දානවනම් තවත් වටිනවා.
තව එවා කරමු.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!Tharaka
90 දශකයේ හිංදි සින්දු වලට මම හරි ආසයි. තව තවත් 90 දශකයේ ආපු ෆිල්ම් වලට සබ් දෙන්න සහෝ. සබ් වලට බොහෝ තුති!
අදිත ප්‍රවීන්
මේක නියම චිත්‍රපටයක් .
බොහොම ස්තුතියි උපසිරැසියට .
සින්දු ටිකත් තිබුණ නම් තවත් හොඳයි .
දිගටම බයිස්කෝප් එක්ක ඉන්න !
දිගටම මේ වගේ හොඳ හින්දි චිත්‍රපට ලබා දෙන්න .
:Dsasanka
patta meka niyama film ekak podi kale balala thiyanava me vage parana eva denna aluth eva nathuva sindu tika nam niyamai meke.jaya wewa =.budusaranai
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි :P ජය
රොයිලි
බොහොම ස්තූතියි දහරා සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
ඉසු ඩිපි (Isu DP)
නියමයි දහරා සහෝදරී..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!චන්දිම අමරසිංහ
නියමයි සහෝදරි දිගටම කරගෙන යමු..
සුපිරි වැඩක් සුභපැතුම්..
ජයවේවා..!P.K
Congrads for the beginning and thanx for the sub siz...
Saman Prasa ( Black Panther )
තවත් සහෝදරියක්...
සබ් එකට බොහොමත්ම තුති අක්කා/නංගී හෝ සහෝදරිය... :)
දිගටම සබ් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා...
පළමු වැඩේට සුභ පැතුම්...!!!pathum
mewage parana hindi danna eka ewa godak hodai tawa damimata mama eka hisithin patami
channa
බොහොම ස්තුතියි උපසිරැසියට .
ජයවේවා..!Lasantharathnasirirox
බොහෝම ස්තුතියි මුතු නංගියෝ පළමුවන උපසිරැසියට..ජයවේවා.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

elz :-D niyama film ekk meka, sub walata thanx (y)