Watch Trailer

The Babysitter: Killer Queen (2020) Sinhala Subtitles | ඉටු නොවූ යක්ෂ පොරොන්දුව වෙනුවෙන් නැවතත්.. [සිංහල උපසිරැසි සමඟ]

2017 වසරේදී නිකුත් වුන The Babysitter චිත්‍රපටයෙ දෙවැනි කොටස තමයි අද මුණගැහෙන්නෙ. ඉතිං මුල් චිත්‍රපටය නිකුත්වෙලා දැන් අවුරුදු තුනක්ම ගත වෙලා තියෙන එකෙ මුල් චිත්‍රපටය ගැන හැදින්වීමක් කරලම දෙවැනි චිත්‍රපටය ගැන විස්තරයක් කරන්නම්. The Babysitter (2017) කෝල් ජොන්සන් කියන්නේ අසල්වැසි ළමයින්ගෙන්, ඉස්කෝලෙ…

2017 වසරේදී නිකුත් වුන The Babysitter චිත්‍රපටයෙ දෙවැනි කොටස තමයි අද මුණගැහෙන්නෙ. ඉතිං මුල් චිත්‍රපටය නිකුත්වෙලා දැන් අවුරුදු තුනක්ම ගත වෙලා තියෙන එකෙ මුල් චිත්‍රපටය ගැන හැදින්වීමක් කරලම දෙවැනි චිත්‍රපටය ගැන විස්තරයක් කරන්නම්.

The Babysitter (2017)

කෝල් ජොන්සන් කියන්නේ අසල්වැසි ළමයින්ගෙන්, ඉස්කෝලෙ යාළුවන්ගෙන් අඩම්තේට්ටම් වලට ලක් වෙච්ච ළමයෙක්. විශේෂයෙන්ම ජෙරමි කියන කොල්ලගෙ අතින්. ඒත් කෝල්ගෙ බේබිසිටර් එහෙම නැත්තම් ළමයි බලාගන්න කෙනා විදිහට ඉන්න “බී” නිතරම කෝල් වෙනුවෙන් පෙනී ඉදලා තියෙනවා. කෝල්ගෙ දෙමව්පියන් එක රෑකට හෝටලේ නවතින්න කියලා හිතාගෙන ගෙදරින් ගියාම කෝල් වගේම බී දෙන්නා හුගාක් හොදට කාලෙ ගත කරනවා. ඊටපස්සෙ බී කෝල්ව නිදි කරවනවා. කෝල්ව නිදි කරවලා බී කරන්නෙ මොනාද කියලා බලන්න කෝල්ට එයාගේ අසල්වැසි ළමයාගෙන් මැසේජ් එකක් එනවා. මේ එක්කම කෝල් හොරෙන්ම ගිහිං බලද්දී බී එයාගෙ උසස් පාසලේ යාලුවො වගයක් (මැක්ස්, ජෝන්, ඇලිසන්, සොන්යා, සැමුවෙල්) එක්ක ඇත්ත කියනවද නැත්තම් අභියෝග කරනවද (Truth or Dare) සෙල්ලම කරන ගමන් හිටියෙ.

මෙතැනදී බී සැමුවෙල්ව කිස් කරනවා ලැබුණු අබියෝගයකදී. කිස් කරලා නිකන් ඉන්නෙත් නැහැ. පිහි පාරවල් කිහිපයකුත් අනිනවා ලේ වැක්කෙරෙන්න. මේ අතරේ බීගෙ යාලුවො ටික සැමුවෙල්ගෙ ලේ එකතු කරන්න ගන්නවා. එතකොට තමයි තේරුම් යන්නෙ මේ අය යක්ෂ පිළිවෙත් කරන පිරිසක් කියලා. පස්සෙ මේ අය දකිනවා කෝල් හැමදේම දැකලා තියෙන්නෙ කියලා. මේ නිසාම කෝල්ව අල්ලගෙන මරන්නත් මේ අය තීරණය කරනවා. කෝල්ට කිසිම කෙනෙකුගෙන් උදව් ගන්න ලැබෙන්නෙත් නැහැ. හැබැයි කෝල්ගෙ අතින්ම බීගෙ කට්ටිය මැරෙනවා. කතාව අවසානෙදි පෙන්නනවා බී මැරිලා නැහැ කියලා.

The Babysitter 2: Killer Queen (2020)

දෙවැනි චිත්‍රපටයෙ නිර්මාණ කටයුතු සිදුවෙන්නෙත් සුපුරුදු මුල් චිත්‍රපටයෙ නිර්මාතෘවරුන් විසින්මයි. චිත්‍රපටයෙ අධ්‍යක්ෂණයත්, නිෂ්පාදනයත්, චිත්‍රපටයෙ පිටපත ලියන කටයුතු සදහාත් McG සම්බන්ධ වෙලා තියෙනවා. මුල් චිත්‍රපටය තුලින් දැකගන්න ලැබුණු Judah Lewis, Hana Mae Lee, Robbie Amell, Bella Thorne නළු/නිලියන්ට අමතරව Taylor Zakhar Perez එහෙමත් එකතු වෙනවා. පැය 02 විනාඩි 10 ක ධාවන කාලයක් සටහන් කරගෙන Comedy, Horror වර්ගීකරණ යටතේ නිර්මාණය වුන මේ චිත්‍රපටය Netflix ඔස්සෙ නිකුත් වෙන්නෙ 2020 සැප්තැම්බර් 10’වැනිදා.

ඉතිං මුල් චිත්‍රපටය බැලුවා නම් දන්නවා ඇති මේක මොන වගෙ නිර්මාණයක්ද කියලා. ඒ නිසා දෙවෙනි චිත්‍රපටය ගැන අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නැහැ කියලා හිතනවා. මොකද මුල් චිත්‍රපටයෙ සිදුවීම් බොහොමයක් පාදක කරගෙන, කලින් චිත්‍රපටයට වඩා වැඩි ධාවන කාලයකින් තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නෙ. එහෙනම් ඉතිං නරඹලාම තීරණය කරන්න මේ වතාවේ මොකද වෙන්නෙ කියලා.

චිත්‍රපටය අවසන් වෙන්නෙ The Babysitter තුන්වෙනි චිත්‍රපටයක් වෙනුවෙන් ඉගියක් ඉතිරි කරලා. කොහොමත් මේක නිකුත් වෙන්න කලින් ඉදන්ම මේ චිත්‍රපටයෙ අධ්‍යක්ෂක කියලා තිබුනා තුන්වෙනි කොටසක් වෙනුවෙන්ද තමන් සැලසුම් කරලා තියෙන්නෙ කියලා. මොකද වෙන්නෙ කියලා ඉදිරියේදී බලමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

11,460 downloadsDownload The-Babysitter-Killer-Queen-2020.zip112 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

චාමර සම්පත්

Subtitles

11,460 downloadsDownload Subtitles112 KB

23 comments

  1. don

    nice

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. tj

    the sleepover 2020 film akatath sub aka demu neda

  4. Suranjan

    Thanks jayawewa....!

  5. indika75

    thanks..

  6. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  7. Hashan

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට

  8. Anonymous

    sub 1ta tnx

  9. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….
    3කුත් එයි වගේ...

  10. Malith Samarawickrama

    Thanks bro sub ekata .

  11. ishan

    sub ekata thanx machn

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. lakshan

    thanks .....................

  14. isuru srinath sjs

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට....
    ජය!!!

  15. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  16. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  17. Anonymous

    Thx mach

  18. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  19. shevin

    Thanks

  20. MAALNATH

    Thanks ............good luck ..........

  21. Dewadithya

    Thanks for sub!

  22. sahangayantha

    Thanks a lot saho sub ekata

  23. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති