The Banshees of Inisherin (2022) Sinhala Subtitles IMDB 7.7.ක අගයක් ගත් කාලයක් තිස්සේ පරිවර්ථනයට අතපසු වුනු 2022 වසරේ තිර ගත වුනු ලෝකයේ හොඳම චිත්‍රපට ගොන්නට වැටෙන සුවිශේෂී සිනමා පටයක් තමයි මේ.ඇකඩමි නිර්දේශ නමයක් ඇතුළු ලෝකයේ ප්‍රමූඛ සිනමා උළෙල රාශියකම සම්මානයන්ට පාත්‍ර වුනු මේ අයර්ලන්ත සිනමා පටය tra…

The Banshees of Inisherin (2022) Sinhala Subtitles

IMDB 7.7.ක අගයක් ගත් කාලයක් තිස්සේ පරිවර්ථනයට අතපසු වුනු 2022 වසරේ තිර ගත වුනු ලෝකයේ හොඳම චිත්‍රපට ගොන්නට වැටෙන සුවිශේෂී සිනමා පටයක් තමයි මේ.ඇකඩමි නිර්දේශ නමයක් ඇතුළු ලෝකයේ ප්‍රමූඛ සිනමා උළෙල රාශියකම සම්මානයන්ට පාත්‍ර වුනු මේ අයර්ලන්ත සිනමා පටය tragicomedy ඝණයට වැටෙන්නක්

වර්ෂ 1923 අයර්ලන්තයේ කුඩා (කල්පිත) දූපතක් ඉනිෂෙරින්. ඒ අයර්ලන්ත සිවිල් යුද්ධයේ අවසන් වෙඩි හඬ නිකුත් වක කාල සමයයි. ඉතා අඩු පහසුකම් යටතේ ඒකාකාරී දිවි පෙවෙතක් ගත කරන මෙහි වැසියන් අතර සිටින අඹ යහළුවන් දෙදෙනෙක්.

හිටි ගමන් එක මිතුරෙක් අනෙකා සමග ඇති මිත්‍රත්වය අත අරිනවා. සිය ඒකාකාරී බවෙන් මිදී ඉතිරි ජීවිත කාලය යම් අරමුණකින් යුතුව ගෙවීමට ඇති අවශ්‍යතාවය වන අතර මිතුරා එයට බාධාවක් ලෙසයි ඔහු දකින්නේ.නමුත් මේ තනි කම අනෙකාට දරා ගත නොහැකියි.සිඅය සම්බන්ධතාව නැවත ඇති කර ගැනීමට දරණ විවිධ උත්සාහයන් හා අනෙකා ඉන් මිදීමට ගන්නා ක්‍රියා මාර්ග අවසානයේ දෙදෙනා අතර දැඩි ආරාවුලකට මග පාදනවා.

දූපතේ ජීවත් වන අද්භූත මහළු ගැහැණිය ‘මරණය, දූපත කරා පැමිණීමක් ගැන අනතුරු අඟවනවා.( අයිරිෂ් මිත්‍යා විශ්වාස අනුව මෙවැන්නන් අවතාර හෝ මායාකාරියන් හෙවත් බන්ෂී ලෙස හඳුන්වනවා) ඇයගේ අනාවැකිය අනුව මරණය දූපත් කරා පැමිණෙයිද?   

Martin McDonagh අධ්‍යක්ෂනය කල මේ සිනමා පටයේ Colin Farrell, Brendan Gleeson, Barry Keoghan වැනි ලෝක පූජිත නළුවන් කිහිප දෙනෙකුගේ අතිවිශිෂ්ඨ රංගනය නම අනිවාර්‍යයෙන්ම නැරැඹිය යුත්තක්. ඔවුන් ගැන අමුතුවෙන් හඳුන්වා දිය යුතුද නැහැ.Irish slangs විශාල ප්‍රමාණයක් සහිත වීම නිසා පරිවර්ථනය ලොකු අභියෝගයක් උනා. එහෙත් ඉතා ආයාසයෙන් අවශ්‍ය ආසන්නතම තේරුම් සොයා ගෙන උප සිරසිය සම්පූර්ණ කලා. එහි සාර්ථකත්වය පිළිබඳ ඔබේ අදහස් වටිනවා.

තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය WEBRIP පිටපත් සඳහා පමණක් වලංගු වේ.

4,158 downloadsDownload The-Banshees-of-Inisherin-2022-Sinhala-Subtitles.zip39 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Banshees of Inisherin, The Banshees of Inisherin Sinhala Sub, The Banshees of Inisherin (2022) Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

4,158 downloadsDownload Subtitles39 KB

12 comments

  1. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි BANDULA සොයුර .........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Sulakshana

    මේක පිස්සුවක්, බොහෝම ස්තූතියි මේ වගේ උපසිරැසියක් අරන් ආවට, ගොඩක් වටිනවා මේ වගේ නිර්මාණ අරං එන එක, ජය වේවා ඔබට!!!

  3. Chasitha herath

    Thanks

  4. Kavindu Nethmina

    Sub ekata thanks bro..thawath supiri film ekak sub ekak denna..

  5. Anonymous

    අම්මෝ මේක දෙන්න මෙච්චර කල් ගියේ ඇයි?
    බලන්න විධියක් නැතුව හිටියේ.
    ගොඩක් පිං!

  6. kusal madusanka

    tnx bro

  7. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  8. Usitha Sahan Nawarathna

    Thank u saho sub ekata huga kaleka idan balan hitiya movie ekk

  9. Malindu

    Thanks bro sub ekata

  10. Hashan

    මේ වගේ වෙනත් රටවල චිත්ත්‍රපටි වලට උපසිරැසි දෙන එක බොහොම වටිනවා. ඇත්තටම Hollywood/Bollywood/Korean වගේ එකම categorys වලට නැතුව මේ වගේ වෙනත් රටවල Films වලට තව උපසිරැසි කරන්න. Film එක බලල කොම්මෙන්ට් එක දාන්නේ. Film එකත් පට්ට. බොහොම ස්තුතීයි උපසිරැසියට !!!

  11. Dewadithya

    Thanks for Sub!

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P