The Exorcist: Believer (2023) Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ බොහෝ දෙනෙක් අපෙන් උපසිරැසි ඉල්ලලා තිබුනු මෑතකාලයේ නිකුත් වුණ The Exorcist: Believer චිත්‍රපටය. මේ ෆිල්ම් එක ඇවිල්ලා ජනප්‍රිය හොරර් චිත්‍රපට මාලාවක් වෙන The Exorcist හි හය වෙනි චිත්‍රපටය. මේක 1973 දි නිකුත් වුණ The Exorcist ප…
The Exorcist: Believer (2023) Sinhala Subtitles
ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ බොහෝ දෙනෙක් අපෙන් උපසිරැසි ඉල්ලලා තිබුනු මෑතකාලයේ නිකුත් වුණ The Exorcist: Believer චිත්‍රපටය. මේ ෆිල්ම් එක ඇවිල්ලා ජනප්‍රිය හොරර් චිත්‍රපට මාලාවක් වෙන The Exorcist හි හය වෙනි චිත්‍රපටය. මේක 1973 දි නිකුත් වුණ The Exorcist පලවෙනි චිත්‍රපටයේ ඩිරෙක්ට් සීක්වල් එකක් විදිහට තමා නිපද වෙන්නේ. ඒ වගේම මේ චිත්‍රපටයේ තව සීක්වල් එකකුත් The Exorcist: Deceiver යන නමින් 2025 නිකුත් වෙන්නත් නියමිතයි.
මේ ෆිල්ම් එක සිනමා ශාලාවල් වලට නිකුත් වුනේ 2023 ඔක්තෝම්බර් 06 වෙනිදා Universal Pictures ආයතනය හරහා. චිත්‍රපටය නිෂ්පාදනයට ඇමරිකානු ඩොලර් මිලියන 30 වැය වෙලා තියෙනවා වගේම ඇමරිකානු ඩොලර් මිලියන 130 ආදායමක් උපය ගන්නත් මේ චිත්‍රපටයට හැකි වෙලා තියෙනවා. මෙය අධ්‍යක්ෂණය කරන්නේ David Gordon Green විසින්. ඒ වගේම මේක The Exorcist පලමු චිත්‍රපටයේ සීක්වල් එකක් නිසා ඒකෙ චරිතත් අපිට මේකෙදි බලාගන්න හැකිවෙනවා, ඒ අනුව මෙයට රංගනයෙන් දායක වෙනවා Leslie Odom Jr. / Lidya Jewett / Olivia O’Neill / Jennifer Nettles / Norbert Leo Butz / Ann Dowd / Ellen Burstyn වැනි අය.
මේ ෆිල්ම් එකේ ප්‍රේක්ශක ප්‍රතිචාර ගැන කතා කළොත්, ඒ අතින් නම් මේක එච්චරම සාර්ථකත නිර්මාණයක් වෙන්න සමත් වෙන්නෑ. හැම අතින්ම මේකට සෘනාත්මක ප්‍රතිචාර තමයි හම්බ වුනේ. IMDb දර්ශකෙත් මේ වෙනකොට මනාප 25,500 අධික ප්‍රමානයකින් 4.9/10 අගයක් තමා ගන්න සමත් වෙලා තියෙන්නෙ. ඒ වගේම කුණු තක්කාලිත් 22% වගේ තමයි ලැබිල තියෙන්නේ.
මේකෙ කතාව ගැන මතක් කරනවා නම්, ඇන්ජෙලා කියන්නේ ඉපදෙනකොටම අම්මාව අහිමි කරන් ඉපදුනු දරුවෙක්. ඒ නිසා කුඩා කල සිට මෙයාට අම්මගෙ ආදරය ලැබෙන්නෑ. ඒත් මෙයාට අම්මා කතා කරනව වගේ සද්ද ඇහෙන්න ගන්නවා. ඉතින් මෙයාට ඕනෙ වෙනවා ඒ ඇහෙන සද්ද ඇත්තටම අම්මද කතා කරන්නෙ කියල දැනගන්න. දවසක් මෙයයි එයාගෙ හොඳම යාලුවා වෙන කැතරිනුයි ගෙදරටත් හොරෙන් කැලෑවට ගිහිල්ලා ඇන්ජලාගෙ අම්මා එක්ක සම්බන්ද වෙන්න බලනවා. ඒකෙන් නොහිතපු විදිහට ප්‍රශ්න රාශියක් ඇති වෙනවා. කොටින්ම මෙයාලගෙ ගෙදර අයට පවා හොයාගන්න බැරිවිදිහට මෙයාල අතුරුදහන් වෙනවා. ඉතිං ඇත්තටම මොකක්ද මේ ළමයි දෙන්නට වුනේ? එයාල ඇත්තටම ඇන්ජලාගෙ අම්මාව සම්බන්ධ කරගත්තද? නැතිනම් ඒකෙන් වෙනත් යක්ෂාත්මයක් එයාල තුලට එන්න පාර කැපුනද?
මේව දැනගන්න නම් ඔයාලට මේක බලන්නම වෙනවා. එහෙනම් ඉතිං එච්චරයි ෆිල්ම් එක ගැන කියන්න තියෙන්නෙ. සබ් එක නම් ගේන්න සෑහෙන්න පරක්කු වුනා, තාමත් මේක බලපු නැති අය ඉන්නවා නම් කැමති අය අරන් බලන්න. ඒ වගේම අන්තිම වශයෙන් මතක් කරන්න ඕනෙ මේකට උපසිරැසි කරන්න සහය දුන්න දුලක්ශ මල්ලිව, එයාගෙ සහය නොතිබුනා නම් මේක ගේන්න තවත් පරක්කු වෙන්න තිබුනා. එහෙනම් ඔයාලට මේක බලන්න ආරාධනා කරන ගමන් අපි සමුගන්නවා. ජයවේවා!
The Exorcist: Believer, The Exorcist: Believer (2023) Sinhala Subtitles, The Exorcist: Believer sinhala subtitles, The Exorcist: Believer sinhala sub
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
13,243 downloadsDownload The-Exorcist-Believer-2023.zip44 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොයුරාට සහ “දුලක්ෂ සම්පත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
- #Bimsara Yashan (ඔලිව)
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #The Exorcist: Believer
- #The Exorcist: Believer (2023) Sinhala Subtitles
- #The Exorcist: Believer sinhala sub
- #The Exorcist: Believer sinhala subtitles
- #TV
- #You Decide
- #උපසිරැසි
- #දුලක්ෂ සම්පත්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
13 comments
Anuththara
imesha k
meke film eka downlond karanne kohomatha
Hiran Ganepalla
අපේ ටෙලිග්‍රෑම් චැනල් එකෙන් බාගන්න පුලුවන්.
Saminda
Thanks baiscope .. ♥️
විමා
උපසිරසියට බොහොම ස්තුතියි දෙන්නටම!
සැහෙන්න ඉල්ලීම් ලැබුණු මුවි එකක්.Buddhika Lakmal
...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
Hashan
Thanx for the sub!!!!!!!!!!!.......
Anonymous
Thank you.
Krishani
Thank you ️
Sachith
Thank you brother sub ekata...... Puluwannam Me series eke anith film 4tath sub karanna pls..
Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![The Exorcist: Believer (2023) Sinhala Subtitles | අදෘශ්‍යමානයේ දෘශ්ඨික වියරුව! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/11/The-Exorcist-Believer-01.jpg)

Thanks for the subtitle