ඉතින් යාළුවනේ ඔයාලට මතක ඇතිනේ “ජේසන් බෝර්න්”ව. මේක තමයි බෝර්න්ගෙ චිත්‍රපටි ත්‍රිත්වයේ අවසාන එක. (අළුතින් තව එකක් එන්න තියෙනවා කියලත් පොඩි ආරංචියක් තියෙනවා) මේ චිත්‍රපටිය පලමු චිත්‍රපටි දෙකටත් වැඩිය පට්ට එකක්. IMDB රේටින් වල 8.1ක් ලබා ගත්ත මේ චිත්‍රපටිය ඔස්කාර් සම්මාන තුනකුත් දිනාගෙන තියෙනවා. මේකට…

ඉතින් යාළුවනේ ඔයාලට මතක ඇතිනේ “ජේසන් බෝර්න්”ව. මේක තමයි බෝර්න්ගෙ චිත්‍රපටි ත්‍රිත්වයේ අවසාන එක. (අළුතින් තව එකක් එන්න තියෙනවා කියලත් පොඩි ආරංචියක් තියෙනවා) මේ චිත්‍රපටිය පලමු චිත්‍රපටි දෙකටත් වැඩිය පට්ට එකක්. IMDB රේටින් වල 8.1ක් ලබා ගත්ත මේ චිත්‍රපටිය ඔස්කාර් සම්මාන තුනකුත් දිනාගෙන තියෙනවා. මේකට තවත් සම්මාන 16ක් ලැබී ඇති අතර තව සම්මාන 26ක් සඳහා නාම යෝජනා ද වී තිබෙනවා. ඒ වගේම මේ වන විට ලෝකයේ හොඳම චිත්‍රපට 500 අතරින් 126ට තියෙන්නෙත් මේ චිත්‍රපටියයි. මේවගෙන්ම තේරෙනවනේ චිත්‍රපටියේ තරම…
දෙවෙනි චිත්‍රපටියේ අවසානයේදී බෝර්න්, රුසියන් කුලී මැරයෙක්ගෙ වෙඩි පහරකට ලක් වෙනවා ඔයාලට මතක ඇතිනේ. ඒත් කොහොමහරි බෝර්න්ට රුසියානු පොලිසියෙන් ගැලවිලා හැංගෙන්න පුළුවන් වෙනවා. එතනින් තමයි මේ තුන් වෙනි චිත්‍රපටිය පටන් ගන්නේ. CIA එක තාමත් හිතනවා බෝර්න් ඔවුන්ට තර්ජනයක් කියලා. ඒ අතර ගාර්ඩියන් කියන පුවත්පතේ සේවය කරන සයිමන් රෝස් නම් පුද්ගලයා යම් පුද්ගලයෙක් සමග ජේසන් බෝර්න් සහ ට්‍රෙඩ්ස්ටෝන් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වනවා. ඊට පස්සෙ රෝස් ගෙ දුරකථන ඇමතුමකදි පිටවෙන “බ්ලැක් බ්‍රයර් මෙහෙයුම” කියන වචනෙ නිසා ඔහු පස්සෙනුත් CIA නිලධාරීන් පන්නන්න ගන්නවා. මේ අතරෙ බෝර්න් පැරීසියට යනවා ඔහුගෙ පෙම්වතියගෙ මරණය ගැන පෙම්වතියගෙ සොහොයුරාට දන්වන්න. ඒ අතරෙදි බෝර්න් ට ගාර්ඩියන් පුවත්පතේ සයිමන් රෝස්, බෝර්න් ගැන ලියපු ලිපියක් දකින්න ලැබෙනවා. ඉතින් බෝර්න්ට අවශ්‍ය වෙනවා සයිමන් රෝස්ව මුණගැහිලා සියළු විස්තර දැනගන්න. ඒ අතර කොහොමහරි බෝර්න්ට දැනගන්න ලැබෙනවා CIA එක රෝස්ගෙ පස්සෙනුත් පන්නනවා කියලා….
බෝර්න්ට වෙන්නේ ඉතින් තමන් ආරක්ෂා වෙන ගමන් සයිමන්වත් ආරක්ෂා කරන්නයි. මේ පාර CIA එකේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තමයි වැඩේට බැහැලා තියෙන්නේ. ඉතින් පළමු චිත්‍රපට දෙකටම වඩා මේ චිත්‍රපටියේ CIA සතු තාක්ෂණය උපරිමෙන්ම යොදාගෙන කොහොම හරි බෝර්න් ව ඉවර කරලා දාන්න තමයි ඔවුන් හදන්නේ. ඒවා කොච්චර දුරට සාර්ථක වේවිද? අවසානයේදී බෝර්න් මිය යාවිද? සයිමන් රෝස්ව බේර ගන්න බෝර්න් ට හැකි වේවිද? බෝර්න් ට උදව් කරන්න කවුරු හරි ඉඳීවිද? අන්තිමේදිවත් බෝර්න් ට තමන් ඇත්තටම කවුද කියලා මතක් වේවිද කියලා චිත්‍රපටිය බලලම දැනගන්න…
(ඔයාලා දාන කමෙන්ට්ස් වලින් ලැබුන ධෛර්‍යය නිසා තමයි මෙච්චර ඉක්මනට මේ චිත්‍රපටි ත්‍රිත්වයටම උපසිරැසි ලබා දෙන්න පුළුවන් උනේ කියලත් කියන්නම ඕන…. )
මීට පෙර රන්දික පෙරේරා සොහොයුරා පළ කල ලිපිය…
මේ කියන්න යන්නේ එසේ මෙසේ චිත්‍රපටියක් ගැන නෙමෙයි ඔස්කා(ර්) සම්මාන 3 ක් හා තවත් සම්මාන 15ක් දිනාගත් චිත්‍රපටියක් ගැන.මේක තවත් සම්මාන 25ක් සදහා නිර්දේශ වෙලා තියනවා. ඒ වගේම මේ වන විට IMDB වල 8.2ක ඇගයුමකට ලක් වෙලා තියනවා.. දැන් හිතා ගන්න පුළුවන්නේ කථාව කොච්චර හොද ඇද්ද කියලා.. මම කතාව නම් කියන්න යන්නේ නෑ. මොකද මේක මුල ඉදලා අගට යනකම් ඉවසීමෙන් බැලුවොත් තමයි මෙම කථාවේ නියම රසය දැනෙන්නේ.. මේක අනර්ඝ කථාවක්. හැබැයි හොඳ ඉවසීමෙන් හා කල්පනාවෙන් බලන අයට මේක අල්ලලා යයි..

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.
13,000 downloadsDownload The.Bourne.Ultimatum.2007.SinhalaSubs.Baiscopelk.zip93 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/06/14
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
139 comments
සහන්
Uraj Deemantha
ඉවසීමයි කල්පනාවයි දෙකම නෑ...... :P
ඒ නිසා බාන්නේ නෑ....... :(
හික්ස්....... :D බාමි බාමි...... :D ගුරා දෙන දෙයක් නොබා කොහොමැයි...... :P
chamila
කඩු ඇත්තන්ට පට්ටා ... :P
කඩු නැත්තන්ට ... :(සියදෝරිස්
ඈ බං පොතේ ගුරෝ, උඹ මේ චිත්තරපටියෙ මුල් කොටස් දෙක ගැන කිව්වද?
Bourne Identity, Bourne Supremacy
ලිව්වෙ නැත්නම් ඒ දෙක ගැනත් ලියන්ට වෙයි. නැත්නම් ඉතින් මේක විතරක් බැලුවොත් චාටර් බයිස්කෝප් එකක් කියල හිතෙයි.
බලන්ටම ඕනි චිත්තරපටි තුනක්. බලලම කියන්ටකො එහෙනම්.Rotiya
අප්පා..මට නන් අල්ලන එකක් නෑ වගේ.
අව්ලක් නෑ
හොද ෆිල්ම් දපන්.සුභාෂ්
lassana film ekak . . .anith kosatuth balala iwara welama baluwanam tamai hoda . . !
Chinthaka
maxxa film 1k :)
Habai films 3 ma maluwe nathnam wadak na..!!
maneesh
meeta wada hoda eva dennako.......
Suvin
"Bourne" movies 3ma tikak continue 1k yanne! piliwelata baluwoth thamai gathiyak thiyenne! ethakotai kathaawa pahadiliwata therenne! Action movies thamai 3ma! story1th niyamai movies thunema!
hasa
guyz,
i watched the all the 3 films .one of the best action films i watch. better watch from the 1st part.Anyway MaXXa film.i guess this is like james bond film according to technology.
marvelTracker
machanla meke piliwalata balanna ... nattham lost thamai .. ehema baladdi maxxa film set ekak thamai ...
ප්‍රසා
ගුරෝ, මේ ෆිල්ම් සීරීස් එකම දාන්න... Supremacy, Identity ඒ දෙකත් දාපන්ස්. එතකොට බලන අයට කථාව තේරුන් ගන්න ලේසියි.
එලම ෆිල්ම් සෙට් එක... එකකට එකක් නොදෙවෙනියි.. මම ආසම ෆිල්ම් එකක්.
තෑන්ක්ස්...
රොයිලි
@ රන්දික පෙරේරා,
ස්තූතියි මචං ලිපියට,
@ සියදෝරිස්,
ස්තූතියි මචං ඔත්තුවට. මම එහෙනම් 3ම බාගෙන බලන්නම් :)
viraj tharanga
Ela film 1,niyameta tech aka yoda gene thiyenawa
me wage thawa film dammoth aka loku deyak
Thnxdangerhasa
MY FAVORITE BOURNE TRILOGY!!!! ADD OTHER 2 FILMS!!
Anonymous
terune nethooooo..... me movies set 1e teadstone kiyanne mokakda kiyala kauruhari kiyannakoooo
Shashi Fernando
patta kiyanne meka supirima patta.
Shashi Fernando
man kiyanne meta kalin set ekat balanna, 1e 2e, ewwat supiri.,
sampa
thanks ,but no subs
Wataraka
පට්ටම තමා මකසම ෆිල්ම් එකක්
උදාර
හ්හ්හ් එල එල මේක දෙනකම් බලාගෙන උන්නේ ජය
වෙනුර
සුපිරි වැඩක් කොල්ලෝ ඔයා සබ් දාලා ඉවර කලේ ඇත්තටම ඔයාව අගය කරනවා
ඉස්තූතියිf_live
බානවා මෙවන් දේ කෙරුමට තවත් ශක්තිය ලැබේවා!!!
chamara
maxxama katha set aka sub dena aka nam supiri..jaya
pathum
thnxxxx maxxxxa
rajitha i.b.k
1st එකේ ඉදන් බලන්න,නියමයි !
කසුන් සමීර
මොනවා කියන්නද හිතාගන්න බෑ ඒ තරමට සුපිරි චිත්‍රපටියක්. දැන්ම බානවා කියලා තමෛ සහෝ කියන්න තියෙන්නෙ . තව තවත් මේ වගේ සුපිරි සබ් දෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා
Budditha Fernando
බොහොම ස්තුතියි..
sanka
anith kotas 2 ka baluwa pattai mama balapu hodama action film set akath.aniwa thama mey wagey parana katha set akakata denna thnx
janith
wow..maxxa meyka balannama unne.thanks saho
chamila
thanks hoda film akak..
pubudu
එල එල මේක එනකම් තමටයි බලාගේන හිටියෙ 1යි 2යි දෙකම බැලුව පට්ට පිල්ම් එක මේකත් බාමී
damith
loweth na super...thanks saho digatama sub denna.jaya wewa
ධනුෂ්ක ලක්මාල් (ධනා)
එල මචන්. අනිවා බලනවා. ෆිල්ම් තුනම අරගෙන තියෙන්නේ. දැන් බලන්න ඕනා.
ගොඩක් ස්තුතියි
අහිංසක හිත්නේ..asitha
patti ahenam 3 tama sub dunna neh issarahata mey wage katha malawan walata sub denna.oyage sub maxxa
Dina
thanx thanx....
wall e
පට්ට පට්ට කතා සෙට් එකම මැක්සා සේරම
දිගටම සබ් දෙන්න සහෝ ජයහොට්ටා
කතා 3 නම සම්පුර්ණ කල එක නම් එල කිරි ඔන්න ඔහොම නේ ඉන්න ඕනේ.
පුළුවන් නම් ජුරාසික් පාර්ක් කතා සෙට් එකට සබ් දෙන්න ඒ කතා ටිකත් මැක්සා.
:)මංජුල
උදේ වරුවේ නම් එන්න වෙන්නේ නෑ කරන්ට් නැගිටිනකොටම කපලා..ඔන්න දැන් ආවේ මමත් මේක දෙනකම් බලාගෙන හිටියේ අනිත් කතා ටික බලලා පිස්සු හැදිලා.
ඉස්තූතියි දිනිදු ඔයා නියම කතා ටිකක් තමා සබ් දාලා ඉවර කලේ
gayan
thnxx dinidu mama balapu hodama films akak.
අසංක
පට්ට තමා මමත් බානවා ඔන්න කලින් කතා ටිකත් බැලුවා ඒ ටිකත් මැක්සා :)
බොහෝම ඉස්තූතියි :)elakiri
එල එල එල කිරි ඔන්න බාන්න දැම්ම .. රෙද්ද් කරන්ට් කපනවා බන් එලි වෙන කොටම දැන් තමා ආවේ ආසියාවේ ආශ්චර්යය ;)
Danuka
elakiri... mikiri... deekiri..... maxxxxaaa
සිංහලයා
ලොවෙත් නෑ බොහෝම පින් මේ වැඩේට ඔන්න මමත් බානවා.. ජය වේවා බයිස්කෝප් :) :)
chami
thnxxx dwn wenna damma
kalinga
උදේම කරන්ට් කපන නිසා එන්න වෙන්නේ නෑ නේ..ඔන්න දැන් ඉස්තූතියි කියලා යන ගමන් මමත් සෙට් එකම බාලා තිබ්බේ සබ් එක විතරක් ගන්නවා.දිනිදු ගේ සබ් පට්ට
ganidu
බාමි කලින් සෙට් එකම සුපිරි අන්තිම එකේ රේටින් දැක්කහම පේනවා සුපිරි තරම..
ජය වේ.... බයිස්කෝප් සහ දිනිදු සහෝටsamaith4
බාන්න දැම්ම පළමු සහ දෙවන කතා ටික මැක්සා..3 නොබලා කොහොමද මේ වගේ පරණ මැක්සා ඒවාටම සබ් දෙන්න යාළුවා.
Isuru Udana
සුපිරි වැඩක්...!!!
ඉදිරියටත් තවත් මෙවැනි විශිෂ්ට චිත්‍රපටවලට උපසිරැසි දෙන්න ශක්තිය ලැබේවා..!~ ජය! ~
කැළුම්
දැන් නම් සයිට් එක පට්ට ආ... :)
අපිට මේ දෙන විදියට බලන්න වෙලාවක් නැති වෙලා තියෙන්නේ ඒ කොහොම උනත් ඔයාල මේ කරන සත්කාර්යය දිගටම කරන්න වාසනාව ලැබේවා!
ඒ වගේම දිනිදුට තවත් සබ් දාන්න ශක්තිය ලැබේවා කියලා පතනවා..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ඊ ලාචෝර්.... :P වෙන හොඳ ෆිල්ම් නැද්ද බං. දැන් එන්න එන්න චා ඒවනේ දාන්නෙ