Watch Trailer

One Flew Over the Cuckoo’s Nest (1975) Sinhala Subtitles | උන්මත්තකයන් හා පිස්සන් [සිංහල උපසිරැසි සමඟ]

ලෝකයේ තවත් නමක් තියන්න සමත් වුනු IMDB අඩවියේ හොඳම චිත්‍රපට වර්ගීකරණයේ දැනට 12 වෙනි තැන රැදී තියෙන චිත්‍රපටය සිංහල උපසිරැසිය ඔබේ අතට පත්කරන්නයි මාගේ මේ සූදානම. ඔස්කාර් සම්මාන 5ක්, තවත් සම්මාන 30 දිනා නිර්දේශ වීම් 11 ලබන්න සමත්කම් ලබපු මේ චිත්‍රපටිය ඇකඩමි සම්මාන උළෙලේ ප්‍රධාන සම්මාන පහක් (හොඳම චිත්‍ර…

ලෝකයේ තවත් නමක් තියන්න සමත් වුනු IMDB අඩවියේ හොඳම චිත්‍රපට වර්ගීකරණයේ දැනට 12 වෙනි තැන රැදී තියෙන චිත්‍රපටය සිංහල උපසිරැසිය ඔබේ අතට පත්කරන්නයි මාගේ මේ සූදානම. ඔස්කාර් සම්මාන 5ක්, තවත් සම්මාන 30 දිනා නිර්දේශ වීම් 11 ලබන්න සමත්කම් ලබපු මේ චිත්‍රපටිය ඇකඩමි සම්මාන උළෙලේ ප්‍රධාන සම්මාන පහක් (හොඳම චිත්‍රපටිය, හොඳම ප්‍රධාන නළුවා, හොඳම ප්‍රධාන නිළිය, හොඳම අධ්‍යක්ෂක හා හොඳම තිරරචනය) එක විට දිනාගන්න සමත්වෙච්ච දෙවන චිත්‍රපටියයි. එහෙම ඇකඩමි සම්මාන 5 එකවර දිනූ පළමු චිත්‍රපටය වූනේ 1934 දී (It Happened One Night චිත්‍රපටය) වන අතර මෙම චිත්‍රපටයෙන් පසු එසේ නැවත වරක් සිදු වීමට 1991 (The Silence of the Lambs) වෙනකම් බලාඉන්න සිදුවුනා.

මේ චිත්‍රපටියට පාදක වෙලා තියෙන්නෙ 1962 දී Ken Kesey විසින් මේ නමින්ම ලියවෙච්ච නවකතාවක්. මේ පොත ඇසුරෙන් වේදිකා නාට්‍ය පවා තිරගත වෙලා තියෙන බව සඳහන්.

කතාව ගැන බොහොමත්ම කෙටියෙන්ම කියනවනම් ප්‍රධාන චරිතය වෙච්ච රැන්ඩල් මැක්මර්ෆි ව කතාවට කියන විදියට පිස්සන් කොටුවකට ගේනවා ඇගැයුමකට ලක් කිරීම සඳහා. ඔහු තම අපරාධයකට දඬුවම් විදියට හිරේදි ලැබෙන බරපතළ වැඩ මඟහැරීම සඳහා පිස්සු විදියට රඟපාලා පිස්සන් කොටුවට වෙලා ඉන්න එක තමා එයාගේ අදහස වෙන්නෙ. ඉතින් මෙයාට හරියටම පිස්සු ද කියලා වාර්තාවක් ගන්න තමා එයාව මානසික රෝහලට ගෙන එන්නේ. මෙතනදි වෙන දේවල් සැබෑවටම හාස්‍යජනකද, සැබෑවටම පිස්සු රෝගීන්ටද නැතිනම් පාලකයින්ටද, මේ කතාවේ සැඟවුන අරුත මොකක්ද කියන එක බුද්ධිමත් විදියට, වෙනස් විදියට කල්පනා කරන හැකියාවක් තියෙන ඔබට බාරයි. ඔබත් එහෙම කෙනෙක් නම් බාගෙන බලන්න කියලා ඉල්ලනවා.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,335 downloadsDownload 51-One.Flew_.over_.The_.cuckoos.nest_.zip132 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

2,335 downloadsDownload Subtitles132 KB

99 comments

  1. kasun

    පට්ටම ෆිල්ම් එකක් ලොවෙත් නෑ රොයිලි අයියා ,,, ජය වේවා

  2. උදාර

    මෙන්න ෆිල්ම්ස් රත්තරන් වගේ වැඩක් නැති ෆිල්ම්ස් 1000 කට වඩා මෙයින් එකක් වටිනවා..මේ වගේ ෆිල්ම්ස් වලට සබ් දෙන්න ඉතින් රොයිලි වගේ කෙනෙක්ම තමා

    ජය වේවා බයිස්කෝප්

    1. Thisara Neo (තිසර නියෝ)

      || නියමයි ||

      | :P |

      :) උපසිරැසියට තුති……. :)

  3. rajitha i.b.k

    ඔන්න බානවෝ....:D

  4. kalinga

    බොහෝම පින් මේ වගේ උසස් නිර්මාණ බයිස්කෝප් ඒකෙන දෙන එක කවදා උනත් මේ වගේ එකක් ආදර්ශමත් ඒ වගේම වටිනවා...
    ඉස්තූතියි රොයිලි සහෝ

  5. අසංක

    කියන්න දෙයක් නෑ වැඩේ අනර්ගයි ඇති විශිෂ්ඨයි..කොහොමත් මේවා කවදාටත් සුපිරි.මම මුල් 10 න් 5 ක් ම බැලුවා ඇත්තටම ඒවාට සම කරන්න බෑ මේ අද කාලේ හදන දෙකයි පහේ කතා අන්න ෆිල්ම්ස් ඇත්තටම මේවා දෙන එක නම් වටිනවා හුගාක්ම

  6. vee

    මැක්සම මැක්සා ලොවෙත් නෑ නියමයි ජය වේවා

  7. කැළුම්

    පට්ටම ෆිල්ම් එකක් මම ඉස්සර දවසක බැලුවා මාර ෆිල්ම් එකක්..අයෙ ලොවෙත් නෑ බලනවා සබ් එක්ක.බලපු නැති කට්ටිය ඉන්නවා නම් අනිවා බලන්න.පරණ කියලා මිස් කර ගන්නවා නම් ඒක නම් මහා ලොකු අපරාදයක්.මේකේ කලර්ස් අද වගේ කොලිටි
    ඉස්තූතියි මචෝ :)

  8. lasidu

    බොහෝම ඉස්තූතියි සහෝ හොදම ෆිල්ම්ස් දෙන එකට

  9. PasinduRulz

    patta wadak thnx bro !!!

  10. Naveen Perera

    බොහොම ස්තූතියි!

  11. Budditha Fernando

    බොහෝම ඉස්තූතියි.. විශිෂ්ඨයි!

  12. කසුන් සමීර

    රොයිලි සහෝ කරපු වැඩක් කවදද වැරදුනේ ? . අනිවා බලනවා කලින් ඒවා වගේ සුපිරියට ඇති

  13. chami

    maxxama film akak aththa mewa thama denna oney.comment nosamath kattiya aththatama watina deywal mewa thama...thanks

  14. pathum

    supiri films dena akata baiscope akata hugakama isththi.

  15. sagara

    thnxxxx so much.

  16. ediri

    balalama monawahari kiyannam,naraka wenna bene
    medawaswala wadatikak wedinisa coment danna wath welawak ne saho

    thankxxxx

  17. වරුණ

    ෂෘ.......මරු මරු..මේක Black N White film එකක්ද? කෝකටත් බාලම බලමු....පිස්සු හැදෙයි

  18. chamila

    Thanks royliya...

  19. රොහාන්

    රොයිලි අයියා බොහෝම ස්තූතියි. විශිෂ්ඨයි! පුලුවන් නම් Braveheart film එකට සබ් දෙන්න. ඔබතුමා තමයි එයට නියම සුදුස්සා.

    ජයෙන් ජය !

  20. dilanka

    Dear John ekata sub dennakoo....

  21. කේ. යූ. ජී. උදාර

    මේ වගේ විශිෂ්ට චිත්‍රපටයකට සිංහල සබ් කලාවේ විශිෂ්ටයෙකු විසින් ම සිංහල එකතු කිරීම කොතරම් නම් අගනේ ද.......
    ෆිල්ම් එක තියෙන හින්ද සබ් එක විතරක් ගන්නවා.
    බොහොම ස්තූතියි රොයිලි.....

  22. isuruD

    niyamai thawa oni.

  23. mahare

    royli ayya dunna seyrama film maxxane.gon film dila na ney kawadath.thanks mey wagey top film dena aka.meyka colour film akak net akey dala thiye.

  24. කැලුම් ගුණසේකර

    අදත් පැරණි රසාංගයක් නේ? නියමයි. Old Is Gold. දීලා තියෙන්නේත් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි නේ? නියමෙට ම ඇති. ස්තුතියි සහෝ.

  25. Isuru Sampath

    පට්ට ෆිල්මයක් වගෙ තෑන්ක්ස් රොයිලි අයියේ... :D

  26. Chamila

    By far one of the best films I've ever watched.

  27. mihin ලංකා

    පට්ට ෆිල්ම් එකක් පට්ට කොලිටි මචෝ බ්ලුරේ එක,,නිකන් අද කාලේ කරපු එකක් වගේ..මට නම් හිතා ගන්න බෑ මෙච්චර පරණ ෆිල්ම්ස් කොහොමද මෙච්චර කොලිටිය ගැහුවේ කියලා .. ජය වේවා රොයිලි

  28. elakiri

    ඉස්තූතියි බොහෝම මේ වගේ වැදගත් නිර්මාණ බයිස්කෝප් රසිකයන් හට ලබා දීම ගැන

  29. සිංහලයා

    කරන්ට් නෑ නේ ඔන්න දැන් ආවේ :) මමත් බානවා වැඩක් නැති ෆිල්ම් බලනවට වඩා හොදා මේ වගේ එකක් බලන එක..ඒක මට තේරුනේ අර හොදම් ෆිල්ම් 10 ෆිල්ම්ස් කිහිපයක් බැලුව විට අර ෂින්ඩර් ලිස්ට් ෆිල්ම් එක ඊයේ බැලුවේ පට්ටම පට්ට අන්න ෆිල්ම්ස් මේවා දෙන එක නම් සුපිරි :)

  30. sasika

    thnks

  31. wall e

    එලස්.. :)
    පට්ට ඉතින් මේවා කවදත් සුපිරි :)
    රොයිලි සබ් ගැන අහන්න දෙයක නෑ පට්ට නේ :)

  32. chamath cafe

    නියම ෆිල්ම් එකක් මේක නම් සබ් දීපු එකනම් හුගක් වටිනවා

  33. f_live

    සුපිරි සුපර් මචෝ මේවා තමයි ෆිල්ම්ස් කියන්නේ අද එන ඔය ගොන් ෆිල්ම්ස් මේවා කොපි කර කර හදන ඒවා තමා.... බය්සිකොප් එක ඇත්තටම දැන් හොදම තැනක වෙලා කමෙන්ට් බලාගෙන මේවා දීලා වැඩක් නෑ.මේවට කමෙන්ට් දාන්නෙත් නෑ.අපේ කට්ටියට කොහොම හරි මේවත් බලන්න සලස්වූවොත් ඒක ලොකු දෙයක් වේවි..
    මමත් මුලින් ඇක්ෂන් ෆිල්ම් බල බලා ඉදලා බයිස්කෝප් එකෙන් තමා මේ වගේ කතා බලන්න හුරු කලේ ඇත්තටම ඒකට මම ණය ගැතියි බයිස්කෝප් එකට..
    චිරං ජයතු බයිස්කෝප් :)

  34. ishara

    thank you me wage film denawata

  35. හොට්ටා

    ලොවෙත් නෑ මේක නම් පට්ට එකක්.මේවාගේ හපන්කම් අපේ රොයිලියා තමා කරන්නේ ඉතින්. කවර කතාද ඉතින් ..

  36. දනුක

    අද කාලේ බිහිවන අර්ථ රහිත ෆිල්ම්ස් වලට වඩා මේවා ඇත්තටම හුගාක් හොදයි.දෙන්නම් වාලේ ෆිල්ම්ස් නොදී මේවාගේ ෆිල්ම්ස් දෙන එක ඇත්තටම අපි අගය කරනවා ලගදි විකියා දීපු ටයිටැනික් ෆිල්ම් එක බැලුවා ඇත්තටම ඇහැට කදුළු එන විදියටම සබ් දාලා තිබුනා..අන්න ෆිල්ම්ස් මේ වගේ පරණ ෆිල්ම්ස් දෙන එක කියලා නිම කරන්න බෑ..

  37. mudiya / මුදියා

    රොයිලිගෙ වැඩක් නම් නොබල කොහොමද.අනිව බානව.ජයවේවා.බොහෝ.................ම ස්තූතියි...!

  38. ganidu

    මමත් බානවා ජය වේවා රොයිලි

  39. samaith4

    ඔන්න අයෙත් පට්ට පහරක් දීලා කියන්න දෙයක් නෑ හුගක් සතුටු මේ සයිට් එක ගැන. අද කාලේ බිහිවන සුපිරි නිර්මාණ දෙන ගමන් අතීතයේ බිහි වූ සුපිරි නිර්මාණ දෙන එක
    ඇත්තටම හොද දෙයක්.දිගටම සබ් දෙන්න ලැබේවා,!

  40. හර්ෂ

    මමත් ගන්නවා.:) .. ඉස්තූතියි

  41. සුමුදු

    ඉතාමත් ඉස්තූතියි මේ වගේ අනගි බයිස්කෝප් දෙන එක ගැන.අපිත් දැන් බයිස්කෝප් එකේ ඉදලා මේ වගේ හොද ඒවා බලන්න පුරුදු වෙලා.ඇත්තටම මේවා බලනකොට තමා තේරෙන්නේ අපි මෙතෙක් කල් බලපු ඒවායේ තරම.දැන් නම් එන ඉංග්‍රීසි ඒවා නම් සියයට 30 පමණ පරණ ඉංග්‍රීසි ෆිල්ම් වල කොපි හින්දි නම් 90 % ඉංග්‍රීසි වල කොපි .. ඉතින් මේවා වගේ ෆිල්ම්ස් බලන එකේ වටිනාකම අපට පෙන්නා දුන් බයිස්කෝප් එකට මාගේ ඉස්තූතිය.. :)

  42. akila

    ඉස්තූතියි මචෝ. අදම බලන්න ඕනේ හොද ෆිල්ම් එකක්.

  43. jeewantha

    mamath download karanna imdb hodama films dena akata thnxxxx hugakma

  44. dj

    පට්ට රොයිලි ඔයා සබ් දුන්නේ එසේ මෙසේ ඒවාට නෙමේනේ.මේකත් ඒවාගේ දැවැන්ත නිර්මාණයක්.ඇත්තටම සබ් දෙන හැමෝටම ඔයා පාඩමක් උගන්වනවා අර්ථවත් දේ අපේ රසිකයාට හුරු කරන්න ඕනේ කියන දේ.තීන ඒ වෑයම ඉදිරියට ගෙනියන්න මගෙන් සුභ පැතුම්!

  45. p.s.d kamal

    maxxa film akak thnanks royli

  46. ymail

    බාමි.. වැඩේ පට්ට දිගටම සබ් දෙන්න සවිය ලැබේවා කියල පතමි!

  47. prasanna

    thx :)

  48. පුබුදු

    ඇත්තටම මේකෙට සබ් දීපු එකට මම ගරු කරනවා..ෆිල්ම්ස් එන එන එක නෙමේ දීම වැදගත් වෙන්නේ හිතන්නට යමක් ජිවිතයට යමක් දෙන්න උත්සුක වෙන මෙවැනි නිර්මාණ වලට සබ් දීම..මෙවැනි ෆිල්ම්ස් සිංහල බයිස්කෝප් රසිකයන්ට දීම ගැන මේ වෙබ් අඩවියට මා බෙහෙවින් ඉස්තූති වෙනවා..

  49. DAMER

    එළ එළ… 8)
    සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම..! 👍

  50. MXX

    පට්ට ෆිල්ම් එකක් බොහෝ පින් රොයිලි ඔයා දුන්න හැම ෆිල්ම් එකක්ම අර්ථවත් :)

Load more comments