කාලෙකට පස්සේ බලන්න ලැබුණු විශිෂ්ටතම සිනමා කෘතියක්. මුලදී හිතන් හිටියා වගේ අධි සංවේදී චිත්‍රපටයක්මත් නෙවෙයි. සංවේදී දසුන් වගේම ත්‍රාසය සහ ඊටත් වඩා හාස්‍යය පිරුණු අපූරු කතාවක්. ප්‍රවීණ රංගධරයෙක් වන හැරිසන් ෆෝඩ් මෙහි ප්‍රධාන චරිතයක් වන ජෝන් තෝර්ටන් ගේ චරිතය ඉදිරිපත් කරනවා. හැරිසන් ෆෝඩ් කියන්නේ කවුද කි…

කාලෙකට පස්සේ බලන්න ලැබුණු විශිෂ්ටතම සිනමා කෘතියක්. මුලදී හිතන් හිටියා වගේ අධි සංවේදී චිත්‍රපටයක්මත් නෙවෙයි. සංවේදී දසුන් වගේම ත්‍රාසය සහ ඊටත් වඩා හාස්‍යය පිරුණු අපූරු කතාවක්. ප්‍රවීණ රංගධරයෙක් වන හැරිසන් ෆෝඩ් මෙහි ප්‍රධාන චරිතයක් වන ජෝන් තෝර්ටන් ගේ චරිතය ඉදිරිපත් කරනවා. හැරිසන් ෆෝඩ් කියන්නේ කවුද කියලා නොදන්නා අය ඉන්නව නම් Star Wars වල හාන් සොලෝ මතක් කරගන්න. එසේම ඕමාර් සයි, පෙරෝල්ට් ගේ චරිතය රඟපාමින් අපේ හමුවට එනවා. එයත් අපිට X-Men: Days of Future Past, Jurassic World, සහ Transformers: The Last Knight චිත්‍රපටි වල දැකලා පුරුදු චරිතයක්. එසේම ප්‍රධාන චරිතය රඟපාමින් අපේ හමුවට එන්නේ හඳුන්වාදෙන සෙන්ට් බර්නාඩ් වර්ගයේ සද්ධන්ත ත්‍රිමාණ සජීවිකරණ නළු “බක්” නමැති අපූරු බල්ලෙක්. එයාගේ දඟ කම් මෝඩකම් සහ හපන්කම් පිරිච්ච Call of the wild චිත්‍රපටිය ඇත්තටම විනෝදාත්මකයි.
කෙසේ නමුත් මෑතකදී පැතිරී යන නව කොරෝනා වයිරසය නිසා මතුවුණු බාධක මධ්‍යයේ චිත්‍රපටයේ නිර්මාණකරුවන් වන ඩිස්නි සමාගම තීරණය කරනවා ඩිජිටල් පිටපත් ඉක්මනින් බෙදාහරින්න. ඒ නිසාම ඉතාම ඉක්මනින් හොඳ මට්ටමේ කොපියක් අපිට ලැබෙනවා. අවාසනාවට අපේක්ෂිත මූල්‍ය අරමුණු වෙත යන්න නම් බැරි වෙලා තියෙනවා මේ බාධක මතුවුණු නිසාම. ජැක් ලන්ඩන් නමැති සුප්‍රසිද්ධ රචකයාගේ ඒ නමින්ම 1903දි නිකුත් වුනු කෘතියක් මේ Call of the wild 2020 චිත්‍රපටියට පාදක වෙනවා. අධ්‍යක්ෂණය වෙන්නේ ක්‍රිස් සැන්ඩර්ස් අතින්. මේ නමින්ම ඒ කෘතියම ගුරු කරගනිමින් වෙනස්ම ආකාරයක චිත්‍රපටියක් 1935දීත් ආවා. විකිපීඩියා වෙතින් ඒ සම්බන්ධ තවත් තොරතුරු ලබාගන්න පුළුවන් වෙයි අවශ්‍ය අයට. කියන්න තියෙන්නේ නම් ඉතින් මූලාශ්‍රය එකක් වුනත් චිත්‍රපටි දෙක එකිනෙකට සපුරා වෙනස් කියන එක තමයි. දැන් ඉතින් අපි හැරිලා බලමු කතාව දිහාවට.
1980 ගණන් වල, ඇලස්කාව ආසන්නයේ යුකෝන්හි ක්ලොන්ඩයික් ප්‍රදේශය, වාසනාව උරගා බලන්නන් අතර අතිශයින් ජනප්‍රිය වුනා. එයට හේතුව ඒ ප්‍රදේශ වල රත්තරන් හමුවීම. දස දහස් නෙවෙයි ලක්ෂ ගණන් සෙනග මේ වෙනුවෙන් ගවේෂණය කරමින් පැමිණියා. මේ අයිස් සහ හිම පිරුණු කටුක පළාතේ ගමනාගමනය, ආහාර පාන සොයා ගැනීම, තැපැල් හුවමාරු, ආදී සියල්ලක්ම අති දුෂ්කර වුනා. ඒ වැඩ කටයුතු පහසු කර ගැනීමට මිනිසුන්ට උදවු වුනේ බල්ලන්. හිම යානා (sled) පැදවීම තමයි ඔවුන්ගේ ලොකුම කාර්යයභාරය වුනේ. හිම යානයක් ඇදගෙන යන්න බල්ලෙක් හුරු කරගන්න එක පහසු නෑ. මෙහෙම හිම යානයක් පදවන්නෙකුට කියන්නේ මෂර් (musher) කෙනෙක් කියලා. එහි බලු රංචුවට නායකත්වය දෙන්නේ Leader නැත්නම් පෙරමුණේ යන්නා. එයා අත්දැකීම් බහුල රංචුවේ ගරුත්වය ඇති මෂර්ගේ අණට කීකරු බල්ලෙක්. එයාට පසුපසින් swing dogs තමන්ගේ පෙරමුණ අනුගමනය කරමින් කණ්ඩායම රැගෙන නිසි මග අරගෙන යනවා. ඊළඟට ඉන්නේ කණ්ඩායම් බල්ලන් (Team Dogs) එයාලා හිම යානය ඇදගෙන යාමට සහ වේගය පවත්වාගැනීමට අතිශ්‍යය වැදගත්. අන්තිමට එන්නේ Wheel dogs. මෙතනට එන්නේ ශක්තිමත් අය. මොකද එයාල තමයි හිම යානයේ බර අදින්න සහ හසුරුවන්න වැඩි සහයෝගයක් දෙන්නේ.
බක් කියන්නේ අඩුම හිම වත් දැකලා තියෙන කෙනෙක් නෙවෙයි. ආතල් එකේ ඩවුන්සවුත් වල විනිසුරු කෙනෙක් වන මිලර්ගේ බල්ලා විදියට ඒ පළාතේ රජකම් දඟකම් කරමින් හිටපු කෙනෙක්. අවාසනාවට හෝ වාසනාවට බක්ව පැහැරගැනීමට ලක් වෙනවා මුදල් වෙනුවෙන් බල්ලන් හොරකම් කරන කෙනෙක් අතින්. එතනින් බක්ව යැවෙන්නේ ගෙදරින් දුර ඈත රන් සොයා යන මිනිස්සුන්ගේ නගරයට. මෙතනට එන බක්, හිම යානයක් ඔස්සේ එකල රාජකීය තැපැල් හුවමාරුව කල නිලධාරියා අතට එනවා. ඔහු කරුණාවන්තයි වගේම උද්යෝගයෙන් බක්ට දේවල් කියල දෙනවා. ඒ වගේම බක් ඒ රැලේ ඉන්න ඉරිසියාකාර ලීඩර් හෙවත් පෙරමුනේ බල්ලා වන ස්පිට්ස් ගේ කෙනෙහිළිකම් වලටත් ලක් වෙනවා. ඉතින් ඒ වගේ ජරමර වලින් බේරෙන්න එයාට සහයක් ධෛර්යයක් ලැබෙනවා. තමන් තුලින්, වනාන්තරය තුලින් ලැබෙන හඬගැසීමක්/ ඇමතුමක් නිසා.
අමුතුයි නේද ඒ කියපු කතාව? චිත්‍රපටිය බලලම තමා තේරුම් ගන්න වෙන්නේ. බක් කරුණාවන්ත ස්වාමියෙක් ලැබුවත් එය තාවකාලිකයි. එයාට සිද්ධ වෙනවා තැපැල් හුවමාරු හිම යානයෙන් ඉවත් වෙන්න. කරුණාවන්ත සහ අකරුනාවන්ත යන දෙවිධියේම ස්වාමිවරුන් ළඟ වැඩ කරලා ඉන් පස්සේ එයා ක්‍රම ක්‍රමයෙන් කිට්ටු වෙන්නේ තමන්ගේ ජීවිතේ දුක්ඛදායක සිද්ධියක් නිසා මනුෂ්‍ය වාසය හැරදා ආපු වයසක ජෝන් තෝර්ටන් ළඟ. ඉතින් මේ ජෝන් තොර්ටන් සහ බක්, වීර ගවේෂණයක යෙදෙනවා. එතනින් එහාට කතාව නොකියා ඉන්නම්. ඒ වගේම කතාව ගැන උපසිරැසිය ගැන අදහස් උදහස් ඇත්නම් දැනුම් දෙන්න කියලත් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
38,178 downloadsDownload The-Call-of-the-Wild-2020-Blu-Ray.zip72 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාලින්ද පිටිගල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මාලින්ද පිටිගල
Subtitles
59 comments
Shaggie
Nirosh C
ස්තුතියි මාලින්ද සහෝ.ජයවේවා!
Ravindu Rukshan
Thx
Hashan M. Priyadarshana
තෑන්ක්ස් සබ් එකට
හෂාන්
බොහොම ස්තූතියි උපසිරැසියට
baiscopeshanukap
Thanks bokka
indika75
Thanks..
yondu
thank you sub ekata, film eka eyema dwnload karala bluwa
Sajithlakshan
thanks .................
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට .. ජය වේවා
nalindaliyanage
subtitle pennanne wena format ekakinne ekata mokadda karanna puluwan
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොමත්ම ස්තුතියි සහෝ.
සුපිරියකට සබ් ගෙනල්ලා
ජයෙන් ජයම වේවා!kasun lakmal
Ane bn sub eka weda nahne. wena monawada simbol wagayak pennanne. Ubala me karana sewaya gana wachana dekak na. me welawe film ekak balanna thyena eka kochara watinawada sinhala sub ekath ekkama. ekata ekenma respect bro. eth itin data tika shep karagena khomahri film eka download karagena sub eka dala balanna hadanakota weda karanne na. ane bn puliuwan nm deparak check karala sub eka dapanko. please. mn wage hugak aya danne ubala patta mahansi wela sub eka dunnama aragena balanna witarai. mehema unama katawath wedak nathi wenawa. please eka gana poddak balapan
ruchiralakmal
sub eka weda machan kisima awulak na matanm . man mbatath kalin download karagatte. matanam hondata weda machan
niro0786
සබ් එක නම් අවුල් තමයි බන්. මේකෙ කාටවත් කිසිම රිප්ලයි එකක් නැති නිසා මම වෙන සයිට් එකකින් බාගත්ත..උබලත් ට්‍රයි කරල බලපල්ල.සයිට් එක නම් කියන්නෙ නැහැ.මොකද මමත් මෙච්චර කල් සබ් ගත්තෙ මේකෙන් නිසා
Anuruddha Udaya
මහෙත් එහෙමයි මචන්
rockz2020
උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි!✌❤ ජය වේවා!
Anonymous
Thank u very much
Ushan
Thz mcn
sanjeewakbg
thanks bro..
neranjan_isu
Adamai dakke me language eka
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
neranjan_isu
Adamai dakke me language eka
niro0786
සබ් එක නම් අවුල් තමයි බන්. මේකෙ කාටවත් කිසිම රිප්ලයි එකක් නැති නිසා මම වෙන සයිට් එකකින් බාගත්ත..උබලත් ට්‍රයි කරල බලපල්ල.සයිට් එක නම් කියන්නෙ නැහැ.මොකද මමත් මෙච්චර කල් සබ් ගත්තෙ මේකෙන් නිසා
suranuwan
thanks bro...
Thilan Durage
mokadda bro me font eka? wada naneee.... My com ekeee.... Thnks...
chammma
mokakda font eka?
Anuruddha Udaya
මගෙත් එහෙමයි. අකුරු කියවන්න බැහැ.අමුතු පොන්ට් එකක් එන්නේ
niro0786
සබ් එක නම් අවුල් තමයි බන්. මේකෙ කාටවත් කිසිම රිප්ලයි එකක් නැති නිසා මම වෙන සයිට් එකකින් බාගත්ත..උබලත් ට්‍රයි කරල බලපල්ල.සයිට් එක නම් කියන්නෙ නැහැ.මොකද මමත් මෙච්චර කල් සබ් ගත්තෙ මේකෙන් නිසා
MAALNATH
Thanks ................good luck .................
Anonymous
Thanks
D.Chamara
bohoma sthuthi ..
Anonymous
Tnx sub ekat.jaya wewa
Pramukmili
Thanxx bro................
Pramukmili
Thanxx bro.......
srgtd321
Thanks Malli...
Dewadithya
Thanks for sub!
කේ.ඩබ්ලිව්.පී.කේ
BluRay update Plz!
Anuruddha Udaya
සබ් එකේ සිංහල අකුරු පෙන්වන්නේ නැහැ. ඒකට මොකද කරන්නේ?
indika
thanks foe the sub
tharidu16
තෑන්ක්ස් මචී
Kavishna
thnx bro...
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
R_deshan
හිතට දැනෙන ලස්සන කතාවක්...වැඩිපුරත් එක්ක දැනුනෙ සබ් එකේ කොලිටිය නිසා.තෑන්ක්ස් සහෝ සබ් එකට.
MAXR
thanks bro....
Hemantha
Many Thanks
Udaya Fdo
Thanks bro
gayanmagee
thanks
Saranga J. Liyanagama
Thanks
Supun M. Hettigoda
තෑන්ක්ස් කිව්වා.....
Dinu Kumara
thank you...
Anonymous
සිංහල උපසිරසට බොහොම ස්තූතියි
tv malli
sub ekata tnx bn
රිශාන්ත
Thanx Malinda
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
සාරංග ජේ. ලියනගම
Thanks...
Anonymous
blue call 2021 sub eka one
menula
baiscop download eke link nane meka download karaganna
Roshan
Tnx bro...Great job...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Denkn hitiye badu..Thnks mchn