ඔන්න මගේ දහ හතරවෙනි උපසිරැසියත් අරගෙන ආවා මේ පැත්තේ. අවුරුද්දකට විතර පස්සේ. මේ පාර අරගෙන ආවේ නම් හින්දි චිත්‍රපටයක් නෙවේ, කන්නඩ චිත්‍රපටයක්. චිත්‍රපටයේ නම Babru. තිරගත වන්නේ ගිය වසරේදී. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ සුජේ රාමයියා, මේ ඔහුගේ ප්‍රථම අධ්‍යක්ෂණය, චිත්‍රපටයේ කතාව සහ තිර රචනයත් සුජේ විසින්මය…

ඔන්න මගේ දහ හතරවෙනි උපසිරැසියත් අරගෙන ආවා මේ පැත්තේ. අවුරුද්දකට විතර පස්සේ. මේ පාර අරගෙන ආවේ නම් හින්දි චිත්‍රපටයක් නෙවේ, කන්නඩ චිත්‍රපටයක්. චිත්‍රපටයේ නම Babru. තිරගත වන්නේ ගිය වසරේදී. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ සුජේ රාමයියා, මේ ඔහුගේ ප්‍රථම අධ්‍යක්ෂණය, චිත්‍රපටයේ කතාව සහ තිර රචනයත් සුජේ විසින්මයි කරන්නේ. සුමන් නගර්කර් කියන නිළිය සමඟ මහී හිරෙමත් කියන නළුවා තමා ප්‍රධාන චරිත රඟදක්වන්නේ. IMDb අගය 7.6ක් වෙනවා.
මේක රෝඩ් ට්‍රිප් එකක්! ඒත් මේක ත්‍රිලර් එකක්. නිකන්ම රෝඩ් ට්‍රිප් එකක් නෙවෙයි, වාහන තවත් තැනකට භාර දෙන සේවාවන් තියෙනවනේ, ඉතිං ඕකට වෙනම රියදුරෙක් යවන්නේ නැහැ. තමන්ට යම් නගරයකට යන්න ඕනේ නම් ඒ වගේ ස්ථානයකින් කාර් එකක් තමන්ට යෑමට අවශ්‍ය නගරයට යනවා නම් එක ගිහින් භාරදෙන ගමන්ම තමන්ට එම නගරයට යාමටත් පුළුවන්. ඉතින් අන්න ඒ වගේ ගමනක් යන දෙන්නට දෙන්නා අඳුරන්නේ නැති දෙන්නෙක් වටා තමා මේ කතාව යන්නේ. ප්‍රධාන නළුවා තමාගේ පෙම්වතියට යෝජනා කරන්න යන පෙම්වතෙක්. අනිත් කෙනා මැදිවියේ පසුවන කාන්තාවක්. තව සාහසික මිනීමරුවෙකුත් මේ කතාවේ ඉන්නවා. මේ ගමන අතරතුර සිදුවන කතාන්දරය තමා පෙන්වන්නේ, චිත්‍රපටයේ අවසානය වෙනස්ම ස්වරූපයක් උසුලනවා. ඒක බලන ඔබටම භාරයි.
රෝඩ් ට්‍රිප් එකක් නිසා අවට දර්ශන හරි අපූරුවට කැමරාගත කරලා තියෙනවා. මේක මුළුමනින්ම ඇමරිකාව තුල රූගත කරන ලද චිත්‍රපටයක්. එලෙස සිදු කළ මුල්ම කන්නඩ චිත්‍රපටය ලෙස මෙය ඉතිහාසගත වෙනවා. චිත්‍රපටයේ පසුබිම් සංගීතය ඉතා සුවිසෙස්යි. මේක වේගවත් චිත්‍රපටයක්. පැයකුත් විනාඩි 45ක් පමණ දිවයන මේ චිත්‍රපටය ඔබට වෙනස්ම අත්දැකීමක් ලබා දේවි. එහෙනම් ආයෙත් කවදාහරි දවසක උපසිරැසියකින් මුණ ගැසෙමු. ගිහින් එන්නම්.
“හම්හේ රහී ප්‍යාර් කේ, ෆීර් මිලේන්ගේ, චල්තේ චල්තේ”

Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා ගැළපේ.
1,651 downloadsDownload Babru-2019.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිත සමරතුංග
Subtitles
8 comments
Hashan M. Priyadarshana
Isuru minipa
Thanks broo mekata sub dunnata puluwannam Aa Karaala Ratri 2018 Kannada Movie eka denna supiri Thriller film ekak
santhusha319
thanks bokka
Thulana
Me film eka download karaganda website ekak kiyandako hd nathuwa.godak try kara.eth bari una.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ranga
THANK YOU
nish47
ස්තූතියි සහෝ
ශසිත් සඳරුවන්
සබට තුති වේවා සහෝ...
දිගටම සබ් දෙමු ආ... ජය!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බොහොම ස්තුතියි සබ් එකට :) :)