“එක කාලයක් තිබුනා., තණ පිට්ට්නි දළු දාන, දිය දහරා ගලාගිය..” “‘දැන්නම් ඒක අතීතයේ ඒ තිබුන වගේමනම් නෙවෙයි” “මම දැකල තියෙන ඒ දේවල්.. ඒව තව දුරටත් මට දකින්න බැහැ” මෙහෙම කියන්නෙ මමනම් නෙවෙයි, ඇබිගෙල් මෝටිමර්. මේ කියන්න යන්නෙ 2014 තිරගත උන The Falling සලරුව ගැන. නාට්‍ය හා අමුතු ගනයට අයත් වෙන මේ සිනමා සිත්…

The Falling (2014)

“එක කාලයක් තිබුනා., තණ පිට්ට්නි දළු දාන, දිය දහරා ගලාගිය..”
“‘දැන්නම් ඒක අතීතයේ ඒ තිබුන වගේමනම් නෙවෙයි”
“මම දැකල තියෙන ඒ දේවල්.. ඒව තව දුරටත් මට දකින්න බැහැ”

මෙහෙම කියන්නෙ මමනම් නෙවෙයි, ඇබිගෙල් මෝටිමර්. මේ කියන්න යන්නෙ 2014 තිරගත උන The Falling සලරුව ගැන. නාට්‍ය හා අමුතු ගනයට අයත් වෙන මේ සිනමා සිත්තම අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Carol Morley කියන අධ්‍යක්ෂක වරයා. තිර රචනයත් එයාගෙම තමයි. IMDb දර්ශකයේ 5.5 වගේ අගයක් තමයි මේ සිනමා පටයට ලැබිල තියෙන්නෙනම්. මේකෙ ප්‍රධාන චරිතය වන ලිඩියාගෙ චරිතයට පන පොවන්නෙ Maisie Williams. එහෙම කිව්වට දන්නෙ නැත්නම්, අපි කවුරුත් හොඳින්ම හඳුනන Game of Thrones කතා මාලාවෙ ඉන්න ආර්යා ස්ටාක් තමයි ප්‍රධාන චරිතයට පන දෙන්න. ඊට අමතරව Maxine Peake, එලීන් ලෙසත්, Florence Pugh, ඇබී ලෙසත් ප්‍රධාන චරිත රඟ දක්වනවා.

විශේෂයෙන්ම කියන්න ඕන, මේක නාට්‍යමය ස්වරූපයක් තියෙන සිනමා සිත්තමක්. ඉතිං අපේ ඇක්ෂන් ෆිල්ම් රසිකයින්ට නම් තරමක බෝරිං ගතියක් දැනේවි. එහෙනම් කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම්.

මේ 1969 වසර. ඇබී සහ ලිඩියා කියන්නෙ අතිශයින්ම හිතවත් මිතුරියන් දෙන්නෙක්. පාසල් ජීවිතය තරමක තද නීති අතරෙ උනත්, ගොඩාක් ලස්සනට ගෙවීගෙන යනවා, ඒත් හදිසියෙම ඒ හැම දේම වෙනස් වෙන්නෙ ඇබීට මුහුන දෙන්න වෙන ලොකු අකරතැබ්බයක් නිසා. ඒ කියන්නෙ ඇබී හදිසියෙම ගැබ් ගන්නවා. කොහොමද එහෙම උනේ? මේක ඇබීගෙ ජීවිතේට කොහොම බලපාවිද? ලිඩියාගෙ ජීවිතේ මේකත් එක්ක කොහොම වෙනස් වෙයිද? පාසැලේ මොන වගේ තත්වයක් උද්ගත වෙයිද? මේ හැම දේටම උත්තර හොයා ගන්න නම් මේ චිත්‍රපටය බලලම ඉන්න වෙනවා.

ලිඩියා වගේ ගැහැණු ළමයි අද සමාජයෙ ඕන තරම් ඉන්නවා. අවුල් සහගත පවුල් පරිසරය, දරුවන්ට සමීප නොවන දෙමාපියන්, මානසික ආතතිය, මේවගෙන් ප්‍රයෝජන ගන්න බලන් ඉන්න කුහක සමාජය, මේ වගේ වටපිටාවක් එක්ක නව යෞවන හැඟීම් අතරේ අතරමං වෙන ඇබීල, ලිඩියල මේ සාමාජයේ කොතෙකුත් ඇත්ද? ඒයාලගෙ මානසික ආතතිය කොයි වගේ ඇත්ද? සාවධානයෙන් බැලුවොත් මිනිත්තු 102ක් පුරාවට දිවෙන මේ සිනමා පටය ඇතුලෙ ඒ කරුණු ගොඩාක් පෙන්නුම් කෙරෙනවා.

ඉතිං විශේෂයෙන්ම කියන්න ඕන තව කරුණක් තමයි, මේ මගෙ පළවෙනි උපසිරැසි නිර්මාණය. වැරදි අඩු පාඩු ගොන්නක් තියේවි. ඒ හැම එකකටම සමාව දීල මේක බලන්න කියල ඉල්ලනවා. උපසිරැසි නිර්මාණය ලේසි වැඩක් නෙවෙයි කියල තේරුනේ කරන්න ගත්තම. 🙂 හැමෝටම බලන්න කියල ආරාධනා කරනවා. හොඳ, නරක, හැම දෙයක්ම පුළුවන් විදිහට කමෙන්ටුවකින් දාගෙන යන්න කියල ඉල්ලන ගමන්, අපි ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය.!!!

The Falling (2014) on IMDb

 

 

805 MB (720p BrRip) කොපිය මෙතනින් බාගන්න

C52D1C75A5E82715791DA6063BEADBE6DBC574E3

1.64 GB (1080p BrRip) කොපිය මෙතනින් බාගන්න

D2DDCB254C19CB4D91E1F9A3E995D1118C3A458E Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,052 downloadsDownload The-Falling-2014.zip61 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/තුෂංග-නයනජිත්-නයන.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තුෂංග නයණජිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

තුෂංග නයණජිත්

Subtitles

1,052 downloadsDownload Subtitles61 KB

15 comments

  1. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  2. එල්.සී.දමැල්

    පළමු නිර්මාණයට සුභ පැතුම්!
    අඩවියට සාධරයෙන් පිළිගන්නවා!
    දිගටම වැඩේ කරගෙන යමු තුෂංග සහෝ…
    ජය…

  3. Global

    නියමයි නියමයි...ඔහොම යන් ඔහොම යන් ...
    ඔබ හට තුති .. බයිස්කෝප් හට ජය..!

  4. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි සහෝ
    මෙයිසි විලියම්ස් ඉන්නවා නම් නොබලා කොහොම ද අප්පා
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    පලමු උපසිරැසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම්
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !!!

  5. Sajith Anthony

    පළමු නිර්මාණයට සුභ පැතුම්!
    උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    ජය වේවා !!!

  6. Kulanjana Maduranga

    G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks NAYANAJITH saho.Me wge idiriyatath sub denna shakthiya labewa...Baiscope 1th ekka digu gamanak yamu....jaya wewa...........

  7. Prabath Chathuranga

    Thanks brother,good luck.

  8. Sadu..

    Tnkzz bro.lassana film ekak.sub ekata bohoma thuthi.baiscop ekath ekka ekathuwima gena sathutui. theruwan saranai!!!

  9. තුෂංග නයණජිත් (නයන)

    දිරිමත් කිරීම ගැන සහෘද ඔබ සියලුම දෙනාට බොහොමත්ම ස්තූතියි. ජයෙන් ජය!!! ☺☺

  10. roshan

    පළමු නිර්මාණයට සුභ පැතුම්!

  11. ඉසුරු දිල්ශාන්

    පලමු වැඩේට සුභ පැතුම්!
    ජය!!!!!!!!

  12. රොයිලි

    බොහොම ස්තූතියි තුෂංග සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  13. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  14. Prageeth Gaya

    thank uu

  15. nilanka

    thanks