Watch Trailer

The Time Traveler’s Wife (2009) with Sinhala Subtitles | කාල යාත්‍රිකයාගේ බිරිඳ [සිංහල උපසිරැසි සහිතව]

එන්.විජිත අසංක වන මගේ තිස්වැනි උපසිරැසි නිර්මාණය ඉක්මනටම අරන් එන්න පුළුවන් වුනා. 2009 වසරෙදි තිරගත වුනු Drama, Fantasy, Romance වර්ගයේ ෆිල්ම් එකක් තමයි මේ පාර තෝරගත්තෙ. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 7.1 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 107 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්න…

The Time Traveler's Wife (2009)

එන්.විජිත අසංක වන මගේ තිස්වැනි උපසිරැසි නිර්මාණය ඉක්මනටම අරන් එන්න පුළුවන් වුනා. 2009 වසරෙදි තිරගත වුනු Drama, Fantasy, Romance වර්ගයේ ෆිල්ම් එකක් තමයි මේ පාර තෝරගත්තෙ. මේ චිත්‍රපටිය IMDB වල රේටින්ග්ස් 7.1 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 107 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ  Robert Schwentke නම් අධ්‍යක්ෂවරයා විසිනුයි. Audrey Niffenegger නම් ලේඛිකාවක විසින් රචිත නවකථාවක් ඇසුරින් නිපදවා ඇති මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය රඟපාන්නෙ Hulk, Star Trek, Closed Circuit, Hanna සහ Troy වැනි සුප්‍රසිද්ධ චිත්‍රපට රැසක රඟපාන Eric Bana නම් නළුවා සහ Sherlock Holmes, The Vow සහ About Time වැනි සුප්‍රසිද්ධ චිත්‍රපට රැසක රඟපාන Rachel McAdams නම් නිළියයි.

මේක එක්තරා විදිහක විද්‍යා ප්‍රබන්ධයක් කියලා කියන්නත් පුළුවන්. මොකද කාල සංචාරය (Time Travel) කියන්නෙ විද්‍යා ප්‍රබන්ධ මාතෘකාවක් නිසා. එහෙත් මේ චිත්‍රපටිය තුළ තියෙන්නෙ ගොඩක් ලස්සන ආදර කථාවක්. මේ චිත්‍රපටියෙ කාල යාත්‍රිකයා කාල සංචාරය කරන්නෙ අනෙක් කාල සංචාරය පිළිබඳ කියවෙන චිත්‍රපටිවල ව‍ගේ කාල තරණ යන්ත්‍රයක (Time Machine) උපකාරයෙන් නම් නෙවෙයි. එහෙනම් කොහොමද එයා කාල සංචාරය කරන්නෙ කියලා දැනගන්න සිංහල උපසිරැසියත් එක්කම චිත්‍රපටය නරඹන්න කියලා ආරාධනා කරනවා. නරඹලා ඉවර වෙලා සබ් එක ගැන ඔයාලගෙ කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා කියලා මතක් කරනවා.මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!

කලින් පලකරන ලද ලිපිය

මේ ලස්සන චිත්‍රපටිය ගැන ලියම්දෝ නොලියම්දෝ කියලා හිත හිත ඉඳලා පස්සෙ තීරණය කළා මගෙ 50 වෙනි ලිපිය විදිහට මේක ඕගොල්ලො එක්ක බෙදා ගන්න. Audrey Niffenegger අතින් 2003 දී මේ නමින්ම ලියවුණු නවකතාවක් ඇසුරින් නිපදවුණු මේ චිත්‍රපටිය 2009 වසරේ අගෝස්තු මාසයේ තිරගත වූවක්. මීට පෙර අපි කාල තරණය ගැන නිපදවූ චිත්‍රපටි දැක තිබුනත් මෙහි කියවෙන්නේ කාල තරණය කරන්නා ට වඩා ඔහු සමඟ ජීවත් වන අන් අයගේ විශේෂයෙන්ම ඔහුගේ බිරියගේ පැත්තෙන් ඇය තම පවුල් ජීවිතය ගෙවන්නට දරන උත්සහය පිළිබඳවයි.

චිත්‍රපටයේ ආරම්භක දර්ශනය වෙන්නේ හෙන්රි නම් කුඩා ලමයෙක් රිය අනතුරකට මුහුණ දෙනවිට හදිස්සියේම දින කිහිපයක් අතීතයට ගමන් කර තමුන්ම තම මව සමඟ සිටිනා දර්ශණයක් දකිනවා. ඒ සමඟම නැවතත් රිය අනතුර සිදුවූ ස්ථානයට පැමිණෙන් ඔහු හට වැඩිමහළු කෙනෙක් පවසනවා බිය නොවන ලෙස. ඒ සමගම ඔහු පවසනවා තමා එම පොඩි දරුවාගේම වැඩිහිටි වියේ සිටින්නා බවත්. එසේ පවසා ඔහු අතුරුදහන් වෙනවා. ඇත්තෙන්ම මෙම හෙන්රි නම් පුද්ගලයා යම් ජාන බලපෑමක් මත කාලය හරහා තම ජීවිතයේ විවිධ අවස්ථාවලට ගමන් කළ හැකි වෙනවා. නමුත් ඔහුට එය පාලනය කිරීමට නොහැකි අතරම සිදුවීම් කිසිවක් වෙනස් කළද නොහැකියි. අනික් කාරණය තමයි ඔහුට කිසිම අවස්ථාවක ඇඳුම් හෝ මුදල් සමඟ කාලය හරහා ගමන් කළ නොහැකියි. ඉතින් ඔහු කාලය හරහා ගමන් කෙරවෙන හැම අවස්ථාවකම ඔහුට ඇඳුම් සොරකම් කිරීමට සිදුවෙනවා.

මේ අතර එක් කාලයක එක් දවසක අහම්බයෙන් ඔහුට පුස්තකාලයේදී තම අනාගත බිරිඳ වන සුරූපි ක්ලෙයාර් ව මුණ ගැසෙනවා. නමුත් ඇය ඔහු පිළිබඳ සියල්ල දැන සිටියත් ඔහු ඇයව අඳුනන්නේ වත් නැහැ.

පැටලිලියි වගේද. චිත්‍රපටිය බාගෙනම බලන්න. සියළු දෝෂ නිවාරණය වේවි.

වෙනදා අපි බලනවාට වඩා වෙනස්ම විදියක සුන්දර ආදරයක් කැටිවුණ, විද්‍යා ප්‍රබන්ධයක රසය තමන් සතුකර ගන්න දැන්ම බාගත කරගන්න.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රොයිලි ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

 

American Ultra (2015) on IMDb

 

 

[

7,226 downloadsDownload The.Time_.Travelers.Wife_.2009.zip43 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

එන්.විජිත අසංක

Subtitles

7,226 downloadsDownload Subtitles43 KB

76 comments

  1. ashan kandy

    kalin bamido nobamido kalpana kara godak bawe na. danuth ba wage.....hikz :)

  2. රන්දික පෙරේරා

    මුලින්ම අපේ රොයිලි සහෝදරයාට සුභ පතන්න ඕන, මොකද මේ ඔහුගේ 50 ලිපියට(අපිට පාටියක් ඕන). අපේ පොතේ ගුරා, ගෝලයා හා විශේෂයෙන්ම රොයිලියාට තවත් චිරාත් කාලයක් අපිට බයිස්කෝප් බෙදා දෙන්නට ලැබේවා කියලා !

    මම මේකත් කලින් බාලා, ලිපියක් ලියන්න හිටියේ ඒත් මේ දවස් වල ටිකක් වේලාව හොයා ගන්න හරිම ආමාරුයි. ඒ නිසා රොයිලියා මගේ හිතේ තිබුන චිත්‍රපටි 5න් 2ක්ම පළ කරලා. ;) (සමහර විට ඉතිරි 3ත් ඉදිරියේදී පළ වෙයිද දන්නේ නෑ.) කෙසේ වෙතත් මට වඩා රොයිලි ගේ අදහස් දැක්වේම නම් අනර්ඝයි. :) ඔබට සුභ පැතුම්!!

    ස්තූතීය සැමට;

    ජය වේවා!!

  3. ධනංජය

    සුබ සංවත්සරයක් වේවා..දිගටම ලියන්න..ජය..

  4. චමී.දේ.වා.

    මමත් මේක බාගෙන තියෙන්නෙ....තාම බැලුවේ නෑ....මේ කියලා තියන විදිය නිසා අදම බලනවා.....

  5. චමී.දේ.වා.

    යකෝ 50 වෙනි එකට සිංහල සබ් එක්ක දෙන්න එපැයි........

  6. Uraj Deemantha

    රොයිලියා කෝ අපිට 50 වෙනි ලිපියට පාටි එකක්....?? :) ඒකත් ගුරාගේ රවුටරේ වගේ වෙයිද දන්නේ නෑ......... :P

    මේක Back to the Future වගේ එකක්ද........??

  7. දිනුෂ්ක උදාර ( රොකියා )

    Pissu hedila , aayeth pissu hedenawa! meeke honda copy yak enne kawadada kiya kiya bala bala hitiye. Sinhala sub ekath aawanam thamai ithin honda. anyway Royly bro ta jaya weewa!

  8. Enri

    අයියෝ හොදි නැතුව පාන් කනවා වගේනේ.සබුත් දැම්මනන් වා.රොයිලියා කරන්නේම ඔහොමනේ.50anniversary එකට සබ් එක්ක දාන්න අපිත් උදව් වෙනවනේ.කිව්වනම්?

  9. chamila

    පාටියනම් හරි දැන් අපි කොහේදිද සෙට් වෙන්නේ... :(

  10. kathu

    chamila ලාගෙ ගෙදර සෙට් වුනා නම් හරි..!! ෆිල්ම් එකට නම් පින් සිදු වෙවා..!! එනකම් සෑහෙන දවසක් බලා හිටියා....

  11. Manula Nayanatharu

    Jaya wewa Royli...... Go ahead..... Mamat meka banawa, thanks......

    -Manu-

  12. ජානක

    ඔන්න එහෙනම් අපිත් බාගන්නවා.අවතාර් එන්නෙ නැද්ද?

  13. රොයිලි

    @ ashan kandy,
    :)

    @ රන්දික පෙරේරා,
    අයියෝ සහෝ ඇයි ඒ. ලියන්න එපැයි. අපායට ගියත් කලින් යන්න ඕනාලුනේ :) ඉතිරි තුන මොනාද කියලා මට කියන්න මම ඒවා නොලියා ඉන්නම්. :)

    @ ධනංජය, Manula Nayanatharu,
    ස්තූතියි මචංලා බලලම කියන්නකෝ. :)

    @ චමී.දේ.වා,
    එල එල මචෝ. බලලම කියන්නකෝ. :)

    @ Uraj Deemantha, chamila, kathu,
    පාටි දෙන්න ඉතින් මෙහෙ ඉඳන් පුළුවනෑ. අර කිව්වා වගේ චමිල ගෙ ගෙදර දැනට ගන්න. මම ආපු දවසක මම දෙන්නම්කෝ කට්ටියටම ;)

    @ දිනුෂ්ක උදාර ( රොකියා ),Enri, ජානක ,
    සබ් ෆිල්ම් එකක් අද හෙටම දෙනවා මචංලා, new moon, avater අනිවා සබ් එක්කම දෙනවා. හොඳ කොපි එනකම් මඟ බලාගෙන ඉන්නේ :)

    1. SEO SPIDER

      Film eka nam kalin balala thiye. patta. sub ekka beluwoth aniwa thawath elata thiyewi.
      Me "Avatar" kiwwe airbinder ekak neweine?

  14. AL1717

    Hodai Wage Hitena Nisa Bala Balanawa Thanks Machan

  15. ජනුක

    මැක්ක්සාම පිල්ම් එකක් මචාන්.. එළම තමයි..

  16. chalitha

    onna ohe banawa , balama balamu. Thanks Machan...

  17. anthr6x

    ඉන්ටඩස්සන් පාරට ආස හිතුනා. බාන්ඩ ඕනා.

  18. nelanthaherath

    mamath bami.roilita subapatum

  19. රොයිලි

    @ AL1717,
    එල එල මචං. ස්තූතියි කමෙන්ට් එකට.

    @ ජනුක,
    අන්න ඒකනේ මචෝ. :)

    @chalitha,
    ඇයි මචෝ ඔන්න නිකන් ඕනාවට එපාවට වගේ. එල ෆිල්ම් එකක් බාලම බලන්න.

    anthr6x,
    අහ් ඇන්ත්‍රැක්ස් කුඩ්ඩට මේ පාර මතක් වෙලා තියෙන්නේ. එල එල. ඉන්ටඩස්සන් පාර හිත් පොජ්ජට මන්දු වුනාද? :)

    @ nelanthaherath,
    ස්තූතිටි මචෝ. :)

  20. San J

    ඔන්න එහෙනම් රොයිලියාගෙ 50 වෙනි ලිපිය වෙනුවෙන් සුභ පතලා මමත් මේක බාන්න පටන් ගන්නවා.

    අර ආවහම දෙනව කියන පාටියත් චන්ද පොරොන්දුවක් වගේද?
    :ලොල්:

  21. anthr6x

    බැලුවා බැලුවා. ලස්සන කතාව.

  22. anthr6x

    @රොයිලි,

    එහෙයි රොයිලි ඇත්තො. අපේ මායියට පෙන්නන්ට කුදලං ගියාට කමක් නැතෙයි?

  23. රොයිලි

    @ anthr6x,
    අපේ මායියා කීවේ. උඹ පොදු දේපල ආරක්ෂා කරනවද? :P

  24. dushan

    නියමයි රොයිලි මචෝ ඔහොම යමු.මම හදවතින්ම සුබ පතනව.:)

  25. anthr6x

    හී හී, මෙයා ලැජ්ජ හිතෙන කතා කියනවා.

  26. U.F.O

    එල එල maxa ෆිල්ම් එක.. :)

  27. රොයිලි

    @ dushan,
    ස්තූතියි මචෝ. දිගටම අපිත් එක්ක ඉන්න.

    @ anthr6x,
    :) :) :P

    @ U.F.O,
    ස්තූතියි මචෝ කමෙන්ට් එකට. :)

  28. Manula Nayanatharu

    Hoda film ekak.....

  29. පොතේ ගුරා

    බාගත කරගෙන තියෙන්නෙ..තාම බලන්න උනේ නෑ..ස්තූතියි සහෝ..

  30. චම්පික

    මාර පට්ට film එකක්. සමහර විට ඔයා මේක දැම්මෙ නැත්නම් ජීවිතේට මේක බලන්න බැරිවෙන්න ඉඩ දිබ්බා. thanx මචන්.

  31. ~බිன்ku~

    Just Watched it before other downloaded movies.

    Loved it!

  32. Subash Priyankara

    මම අනිවා බලනවා.... රොයිල් අයියට
    ..............::::ජය වේවා:::...............

  33. hemantha pissu kolla

    උබගෙ 50 වෙනි එකට මගෙ උනුසුම් සුබපතුම් මචන්. උබට මෙ වගෙ එව කරන්න යොඩ බල යොඩ ශක්තිය ලබෙව කියලය් මගෙ ප්‍රර්තනය. උබට ජයවෙව.......

  34. Ramraj

    මම බැලුවා. මරු ෆිල්ම් එක. ඇත්තටම ලස්සනයි. මේ නලුවාගේ රංගනයනම් විශිස්ටයි. මීට කලින් මියුනිච් එක බැලුවා. ඒකත් ඉතිං ගින්දර වගේ.

  35. සාරංග ලියනගම

    ගොඩාක් ස්තූතියි...

  36. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    තුති……. :)

  37. Wholesale Football Jerseys china

    Cheap Iphone Case Free Shipping, $19 free shipping for wholesale Iphone Case with different colour different size.

  38. NFL jerseys factory

    Cheap nfl For Sale Promotion

  39. Cheap Authentic NFL Jerseys Factory Online For Sale

    wholesale Nike nfl jerseys, best supplier from china Nike nfl jerseys shop with free shipping and competitive price also best service.

  40. Cheap jerseys free shipping

    Cheap NFL Iphone Case for sale, Wholesale NFL Iphone Case from china official factory.

  41. cheap hockey jerseys wholesale

    Cheap NHL Iphone Case for sale, get wholesale NHL Iphone Case from china store.

  42. රොයිලි

    බොහොම ස්තූතියි විජිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  43. නිරෝෂ්

    ස්තුතියි විජිත සහෝ.ජය වේවා !

  44. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  45. සංජීව

    ගොඩක් ස්තුතියි විජිත සහෝ සබ් දුන්නට

  46. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි නියමයි සහෝ
    එල ෆිලුමක් වගේ
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !!!

  47. tharindu madushanka

    thanks

  48. චරිත

    උපසිරැසියට තුති. හොඳ සලරුවක්

  49. Kulanjana Maduranga

    niayamai…thanks VIJITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  50. Nethmi

    Thanks for the subtitle.

Load more comments