Watch Trailer

The Father (2020) Sinhala Subtitles | ඇත්තක්ද? මායාවක් ද? [සිංහල උපසිරසි]

ලබන්නාවූ අලුත් අවුරුද්ද ඔබ සියලු දෙනාට සුභම සුභ නිරෝගිමත් අළුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා! 😀😀 ඉතින් මගේ ජීවිතේ තවත් එක පිම්මක් පනින්නයි මේ සූදානම. මේ තමයි මම උපසිරැසියක් කරන පළමු අවස්තාව. ඒකත් උපසිරැසිවලට ලංකාවේ ප්‍රධානම සයිට් එක වෙන බයිස්කෝප් එකට.🤗🤗 මට ලැබුණු ලොකුම අවස්තාවක් මේක. මුලි…

ලබන්නාවූ අලුත් අවුරුද්ද ඔබ සියලු දෙනාට සුභම සුභ නිරෝගිමත් අළුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා! 😀😀 ඉතින් මගේ ජීවිතේ තවත් එක පිම්මක් පනින්නයි මේ සූදානම. මේ තමයි මම උපසිරැසියක් කරන පළමු අවස්තාව. ඒකත් උපසිරැසිවලට ලංකාවේ ප්‍රධානම සයිට් එක වෙන බයිස්කෝප් එකට.🤗🤗 මට ලැබුණු ලොකුම අවස්තාවක් මේක. මුලින්ම මෙච්චර ලොකු අවස්ථාවක් අරන් දුන්නට චාමර සම්පත් අයියට ස්තුති කරන්න ඕනේ. ඒ වගේම මෙතැන මතක් නොකරම බැරි දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි Review Who Cares චැනල් එකේ සනිදු ලක්ඛිත සහ සචින් භාග්‍ය කියන අයියල දෙන්න. සබ් එක කරන්න ගන්නද කියලා අහපු වෙලේ ඉදලා “ කරපන් මල්ලි කියලා “ කියපු තැන ඉදන් බයිස්කෝප් එක සම්බන්ධ කරන තැනට වෙනකම් සෑහෙන්න උදවු කරා ඒ දෙන්න මේ වැඩේ කරන්න. සබ් එක ඉවර කරන්න සෑහෙන්න උදව්වක් උනා ඒ දෙන්න. 🙏🙏

හරි අද මම අරගෙන ආවේ 2021 ඔස්කාර් සම්මාන උළලේ හොදම නළුවාට හිමි සම්මානයට නිර්දේශ වුනු The Father කියන චිත්‍රපටය. මේක IMDB මීටරයේ 8.3 ක අගයක් වගේම කුණු තක්කාලි මීටරයත් 98% දක්වා කරකවන්න සමත් වුනා. ඒ වගේම ගූගල් පරිශීලකයන්ගේ 87% මේකට කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. ලේසි අගයක් නෙමේ නේ. මීට අමතරව Golden Globe වගේ සම්මාන උළෙල ගණනාවකම සම්මානයටත් පාත්‍රවෙලා තියෙනවා.

මේකේ ප්‍රධාන චරිතය වෙන ඇන්තනීගේ චරිතය නිරූපණය කරන්නේ ඔස්කාර් සම්මාන ලාභී විශිෂ්ට නළු Anthony Hopkins විසින්. Silent of the lambs බැලුවනම් මෙයාව දන්නවා ඇති. චිත්‍රපටයේදී ඇන්තනීගේ චරිතය ඉතා විශිෂ්ට ලෙස රග දක්වල තියෙනවා. හොදම නළුවට ඔස්කාර් සම්මානයට නිර්දේශ වෙච්ච එක පුදුමයක් නෙවෙයි.

කතාව ගැන කෙටියෙන් කිව්වොත් ඇන්තනී කියන්නේ ඩිමෙන්ශියාවෙන් පෙලෙන වයසක ඉංජිනේරුවරයෙක්👴👴. ඩිමෙන්ශියාව තියෙන කෙනෙක්ගේ එදිනෙදා ජීවිතය ගෙවෙන්නේ කොහොමද කියලා ලස්සනට පෙන්නල තියෙනවා පැයයි විනාඩි 36 ක් ඇතුලත. අනිවාර්යයෙන් මතක තියාගන්න මේක බලද්දී එක තත්පරයක් වත් මග ඇරගන්න එපා. මොකද විටින් විට වෙනස්වෙන සුළු කතාවක් තියෙන්නේ මේ චිත්‍රපටයෙදී.

ඉතින් කට්ටිය මේ කාලේ අනවශ්‍ය විදිහට ඇවිදින්න යන්නේ නැතුව පුළුවන් තරම් ගෙදරට වෙලා ඉන්න.නැත්තම් අවුරුදු සමරලා වෙසක් සමරන්න වෙන්නේ ලොක්ඩවුන් වෙලා තමයි😷😷. සබ් එකේ අඩුපාඩු තියෙනවනම් කියන්න. ඉස්සරහට සබ් කරද්දී ඒක ලොකු උදව්වක් වෙයි.

ජයෙන් ජය!
#Restoretheznyderverse

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

5,025 downloadsDownload The-Father-2020-Blu-Ray.zip79 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මලින්ද බණ්ඩාර ” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-04-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

මලින්ද බණ්ඩාර

Subtitles

5,025 downloadsDownload Subtitles79 KB

36 comments

  1. එල්.සී. දමැල්

    බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිළිගන්නවා මලින්ද සහෝ!
    පළමු උපසිරසගැන්වුම වෙනුවෙන් උණුසුම් සුභ පැතුම්!
    දිගටම උපසිරස කිරීම සඳහා කාලය හා හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...
    ජය ✌

    1. udara

      ai meka download karanna bari.meke sub eka ewanna puluwanam loku udawak

    2. එල්. සී. ‎දමැල්

      එහෙම අවුලක් නැහැ. ඩවුන්ලෝඩ් වෙනවා. Cache, History clear කරලා ඩවුන්ලෝඩ් කරලා බලන්න.

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. සංජන චමෝද්

    පළමු උපසිරැසි

    ගැන්වීමට

    සුභ පැතුම්

    සහෝ. 🤗

    දිගටම සබ්

    දෙමු. 🤪

  4. Priyantha Dayakeerthi

    පළමු උපසිරසියට උණුසුම් සුබ පැතුම්! ඉස්සෙල්ලාම කරලා තිබෙන්නේ "වැදගත්" උපසිරසියක්. ඇකඩමි සම්මාන සිනමාපටයක් කියන්නේ ඉතා වටිනා එකක්. මම යෝජනා කරනවා, මෙම පිටුවේ ඉහළ "සිනමාපට දර්ශක" ලෙස දන්වා ඇති තැන තිබෙන "මෙතෙක් සබ් නොකළ" ඇකඩමි සම්මාන සඳහා නිර්දේශ වී ඇති සිනමාපටවලට සබ් කරනා ලෙසට. එය රසිකයන්ට ඉතාමත්ම වැදගත් වේවි. ඔබේ වෙහෙසට මාගේ ස්තුතිය!!!

  5. A R

    සුභ පැතුම් සහෝ පළවෙනි උපසිරැසියට, ඒ වගේම වටිනා චිත්‍රපටියක් අරන් ඇවිත් තියෙන්නේ.

  6. Anonymous

    යටම පේලියේ කියපු ඒකනම් වෙන්නෑ පුතෝ ආත්මෙට,බාගේකටම කොරොනා හැදුනත් ආපහු ලොක්ඩවුන් නෑ.....
    සුබපැතුම් මචන් පලවෙනි එකට දිගටම සබ් කරමු,ජය වේවා

  7. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  8. Shaggy

    සුබ පැතුම් සහෝ..ඒ වගේම සබටත් බොහොම ස්තූතියි

  9. කවිඳු ජයවර්ධන

    සබ් එක පරක්කු හින්ද ෆිලුම කලින්ම බැලුව.ඇත්තටම ලස්සන කතාවක්.ට්‍රේලරේ බලල සෙට් උනොත් අනිවා ෆිල්ම් එක බලන්න.කිසිම පාඩුවක් වෙන් නෑ. මේ පාර ඔස්කා එක Anthony Hopkinsට හම්බෙන්න ඕනෙ.ඒ තරම්ම තාත්වික රංගනයක්.
    පලවෙනි උපසිරැසිය වෙනුවෙන් සුභ පැතුම් සහෝ.දිගටම සබ් කරමු.ඔබට ජය..!!!

  10. සනිඳු ලක්ඛිත

    පළවෙනි උපසිරසට හදවතින්ම සුභපැතුම් මල්ලි.. සබ් එක එන්නම ඕනි ෆිල්ම් එකක් මේක. අඩුම තරමේ දැන්වත් අපේ කට්ටිය බලයි මේක. මෙච්චර ඉක්මනට සබ් එක කරපු එකම වටිනවා. බලලා හොද නරක කියන්නම්.. අර සීරිස් එකටත් සබ් එක් ගේමු.. ජය වේවා.. බුදුසරණයි..!

  11. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    පුලුවනි නම් ඔය කියපු The Silence of the Lambs 1991 චිත්‍රපටය අයත් චිත්‍රපට මාලාවේ ඉතිරි ෆිල්ම් ටිකටත් උපසිරැසි කරමුකෝ.

    Manhunter - 1986
    Hannibal - 2001
    Red Dragon - 2002
    Hannibal Rising - 2007

    ඒ වගේම Silence - 2016 චිත්‍රපටයේ trailer එක බැලුවොත් අනිවා සබ් කරන්න හිතෙයි. Martin Scorsese කිව්වම ආයෙත් අහන්න දෙයක්ද?

  12. Naveed

    Sound of metal sub eka one

  13. A R

    ඒ storyline එක නම් පට්ට. script එක අති විශිෂ්ඨයි. රංගනය ගැන කතා කරන්න දෙයක් නෑ. සබ් එකත් මරු. කුතුහලය තිබ්බා අවසානය වෙනකම්ම. චිත්‍රපටිය නරඹලත් ටිකක් හිතන්න ඕනේ උනේ මොකද්ද කියලා. ගොඩක් අයට හිතාගන්නත් බැරි වෙයි සමහර විට වෙච්ච දේ. උපසිරැසිත් දීලා මේ වගේ එකක් තවත් නොබලන උදවිය සරලවම පව්.

  14. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  15. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦ පළවෙනි උපසිරැසියට සුබ පැතුම්...

  16. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
    ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම්....
    දිගටම සබ් කරමු...!

  17. යුරාන් ධනුක (දනුවා)

    පළමු උපසිරැසියට සුභ පැතුම්
    ඒ වගේම බයිස්කෝප් පවුලට සාදරයෙන් පිළිගන්නවා...
    දිගටම සබ් දෙමු !!!

  18. Amila Wickramasinghe

    Thanks a lot!

    1. Dilum

      පලමු උපසිරැසියට හදවතින්ම සුභ පැතුම්.ඉදිරියටම යන්නට ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා.මම මග බලන් හිටපු චිත්‍රපටයක්.බොහොම ස්තූතියි

  19. R.S

    Joji (2021) denne ndda?????

  20. Lakshansilva18

    thanks

  21. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  22. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  23. Anonymous

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි..

  24. sasanka sathyajith

    Thanks for the sub

  25. viraj

    thanks....

  26. රොෂාන් ශමීර ජයසිංහ

    පළවෙනි සිංහල උපසිරසියට මගේ උණුසුම් සුබ පැතුම්..
    තව තවත් උපසිරසි ගේන්නට අවශ්‍ය කාලය ශක්තිය වාසනාව ලැබේවා..
    ~ ජය වේවා ~

  27. Pavith Wijesooriya

    මුලින්ම,පලමුවන උපසිරසියට මගෙනුත් සුබ පැතුම්!බොහෝම ස්තූතියි මේ අපූරු චිත්‍රපටයට සිංහල සබ් එක ලබා දුන්නට.අඩු පාඩු නම් මට හමුවුනේ නැති තරම්.හොදට වැඩේ කරලා තියෙනවා.හොදට enjoy කලා movie එක.ඉදිරියටත් මේ වගේ අපූරු චිත්‍රපටි වලට උපසිරසි ලබා දෙන්න.ජය වේවා!!!

  28. Pramukmili

    Thanx bro........

  29. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ❤️❤️

  30. Dewadithya

    Thanks for sub!

  31. Anonymous

    Thanks Brother

  32. jazz

    බොහෝම ස්තුතියි සහෝදරයා.

  33. Thisara Prabhath Senarathne

    Thanks bro