My Hero Academia: Two Heroes චිත්‍රපටය 2018 වසරෙදි ජපන් චිත්‍රපටයක් විදිහට තමයි මුලින්ම එළියට එන්නේ. ඊට පස්සේ Funimation Entertainment ආයතනය විසින් ඉංග්‍රීසි භාෂාවෙන් නිෂ්පාදනය කරනවා. IMDb අගය 7.5/10 වගේම Rotten Tomatoes අගය 100%ක් ලබාගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. චිත්‍රපටයේ ප්‍රධානම චරිත දෙ…

My Hero Academia: Two Heroes චිත්‍රපටය 2018 වසරෙදි ජපන් චිත්‍රපටයක් විදිහට තමයි මුලින්ම එළියට එන්නේ. ඊට පස්සේ Funimation Entertainment ආයතනය විසින් ඉංග්‍රීසි භාෂාවෙන් නිෂ්පාදනය කරනවා. IMDb අගය 7.5/10 වගේම Rotten Tomatoes අගය 100%ක් ලබාගන්න මේ චිත්‍රපටය සමත් වෙලා තියෙනවා.
චිත්‍රපටයේ ප්‍රධානම චරිත දෙක විදිහට All Might සහ Izuku Midoria හඳුන්වා දෙන්න පුළුවන්. මේ චිත්‍රපටයේ Two Heroes ලෙස හඳුන්වලා තියෙන්නේ මේ චරිත දෙකයි. ඊට අමතරව Mellisa, Bakugo, Uraraka, Iida, Todoroki, Yaoyorozu, Kirishima, Mineta, Jiro, Kaminari යන චරිතත් කැපි පෙනෙනවා.
චිත්‍රපටය ගලාගෙන යන්නේ කෘත්‍රිමව නිපදවූ David Shield නම් දීප්තිමත්ම විද්‍යාඥයා වගේම තවත් බොහෝ විද්‍යාඥයන් වෙසෙන දූපතක් තුළයි. චිත්‍රපටයට අනුව ලෝකයට වැදගත් වන නිර්මාණයන් බොහෝමයක් බිහිවන්නේ මේ දූපත තූළයි. උඩින් සඳහන් කරපු චරිත එකට එක්වෙන්නේ මේ දූපතේදීයි. මේ අතරතුර මේ දූපතේ සිදු වෙන වැඩකටයුතු දිහා බලාගෙන ඒවා විනාශ කරන්න සැලසුම් කරන දුෂ්ඨයින් කණ්ඩායමක් මේ දූපතට හොරරහසේ ඇතුළු වෙනවා. ඉතින්, ලෝකයේ නන් දෙසින් පැමිණෙන සුපිරි වීරයන් එක්රැස් කරගෙන එදා රාත්‍රියේ මේ දූපතේ උත්සවයක් පවත්වනවා. ඔන්න මේ උත්සවයෙන් තමයි හැමදේම පටන් ගන්නේ.
ඉහතින් දැක්වූ දුෂ්ඨයින් වැඩ පටන් ගන්නේ ඒ අවස්ථාවෙදියි. ඉතින් චිත්‍රපටයේ කැපී පෙනෙන තරුණ වීරයන් කණ්ඩායම මේ දුෂ්ඨයින්ව පරාජය කරන්න උත්සහ කරනවා. මෙතනින් එහාට කතාව කිව්වොත් වැඩක් නැහැ. ඉතින් තරුණ වීරයන්ට මේ දුෂ්ඨයින් පරාජය කරන්න පුළුවන් වෙයිද? මේ දුෂ්ඨයන්ගෙ අරමුණ මොකක්ද? මේ සැලසුම් වලට දූපත ඇතුළේ ඉඳන් උදව් කරන්නෙ කවුද? මේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න නම් ඉතින් චිත්‍රපටය බාලාම බලන්න වෙනවා. හැබැයි උඩින් කියපු පුංචි විස්තරයට වඩා බලන්න ගොඩක් දේවල් මේ චිත්‍රපටයේ තියෙනවා කියලා අමතක කරන්නෙපා.
පළවෙනි උපසිරැසි ගැන්වීම නිසා හුඟක් වැරදි වගේම අඩුපාඩු ඇති, ඒ වෙනුවෙන් සමාව ඉල්ලනවා.😓
මේ වෙනකොට My Hero Academia දෙවන චිත්‍රපටයත් නිකුත් වෙලයි තියෙන්නේ. ඉතින් ඒ චිත්‍රපටයෙන් හමුවෙමු. ජය!😀

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
3,761 downloadsDownload My-Hero-Academia-Two-Heroes-2018-1.zip57 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසුර සංජන” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-04-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
තිසුර සංජන
Subtitles
18 comments
එල්.සී. දමැල්
chanu mikhail
thank u :)
Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට
kavinda gamage
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Nilush Angana
Sub ekata thanx
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Ravidhu Wijesooriya
උපසිරසියට ගොඩාක් ස්තූතියි.ඉක්මනටම දෙවෙනි චිත්‍රපටයත් සබ් එක බලාපොරොත්තු වෙනවා.ඒ වගේම කියන්න ඕනේ මේකේ සීරිස් එකටත් සබ් දෙන්න පුලුවන්නම් ගොඩක් හොදයි,වටිනවා.මොකද බයිස්කෝප් හින්දා ඇනිමේ බලන්න පටන් ගත්තු අයට ඒක ගොඩක් වටිනා දෙයක් වේවී.ඉතින් හැකිනම් සීරිස් එකටත් සබ් ලබා දෙන්න.ජය වේවා!!!
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
indika75
thanks..
UDARA DAMITH
elaaaaaaaaaaaaaaaaaaaaaa
Malinda
මේක බලල නම් ටිකක් කල්. සබ් එක්ක ආයේ බලන්න ඕනි. ස්පොයිල් නොකර සීරිස් එක ගැනත් යමක් කිව්වා නම් වටිනවා ආටිකල් එකට.
Sahas
Thanks for sub.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
My Hero Academia: Heroes Rising Sub denako saho
levi acherman
ane meke series ekatath sub dennako.plz.
Anonymous
my Hero academy ඇනිමේෂන් ටීවිසීරිස් එකටත් සිංහල සබ් එක දාන්නකෝ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිළිගන්නවා තිසුර සහෝ!
දිගටම උපසිරස කිරීම සඳහා කාලය හා හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...
ජය ✌