ඔන්න අද අරගෙන ආව රුසියානු සිනමාපටයක්. හැමදාම වගේ හොයල දුන්නෙ නම් සමීර චතුරංග සහෝදරය තමයි ඉතිං. IMDb සිනමා දර්ශකයේ ඉතිහාස, නාට්‍ය, ක්‍රීඩා ලෙස වර්ගීකරණය කර ඇති මෙම රුසියානු සිනමාපටය 2015 මාර්තු මාසෙ 13 වෙනිද ෆින්ලන්තයේදි තමයි තිරගත වීම ආරම්භ කරන්නෙ. පැය 1යි මිනිත්තු 33ක් පුරා දිවෙන මෙම සලරුව Klaus H…

ඔන්න අද අරගෙන ආව රුසියානු සිනමාපටයක්. හැමදාම වගේ හොයල දුන්නෙ නම් සමීර චතුරංග සහෝදරය තමයි ඉතිං. IMDb සිනමා දර්ශකයේ ඉතිහාස, නාට්‍ය, ක්‍රීඩා ලෙස වර්ගීකරණය කර ඇති මෙම රුසියානු සිනමාපටය 2015 මාර්තු මාසෙ 13 වෙනිද ෆින්ලන්තයේදි තමයි තිරගත වීම ආරම්භ කරන්නෙ. පැය 1යි මිනිත්තු 33ක් පුරා දිවෙන මෙම සලරුව Klaus Härö නම් ෆින්ලන්ත අධ්‍යක්ෂක වරයාගේ අධ්‍යක්ෂණයක්. එන්ඩෙල් ලෙනිස් නමින් Märt Avandi මෙහි ප්‍රධාන නළුවාගේ චරිතය නිරූපණය කරනවා. මේ වන විට IMDb දර්ශකයේ 7.4/10 ක අගයක් ලබා ගැනීමටත් මෙම සිනමාපටයට හැකියාව ලැබී තිබෙනවා.
1950 දශකයේදී එක් රුසියානු තරුණයෙක් රුසියාවේ හාප්සලූ නම් පිටිසරබද කුඩා නගරයට දුම්රියෙන් ගොඩබහින්නේ නුපුහුණු ගුරුවරයෙක් ලෙසයි. මෙම ගම්බද නගරයේ ඇති ද්විතීයික පාසලේ ක්‍රීඩා ගුරුවරයා ලෙස ඔහු පත්වීම ලබනවා. එහෙත් ලමයින්ට ක්‍රීඩාව ඉගැන්වීමට උපකරණ කිසිවක් මේ පාසල තුලින් නම් ඔහුට සොයා ගැනීමට නොහැකි වනවා. තිබුන හිම මත ලිස්සන පුවරු ටිකත් විදුහල්පති තුමා විසින් හමුදා කඳවුරකට ලබා දෙනවා. ඔහු හොඳ කඩු හරඹ ක්‍රීඩකයෙක්. රටේ නමගිය ක්‍රීඩා සමාජයකත් කඩු හරඹ ක්‍රීඩකයෙක් ලෙස ක්‍රීඩා කල කෙනෙක්. ඉතිං ඔහුට ක්‍රීඩා උපකරණයක් ලෙස ඉතිරිව ඇත්තේ ඔහු පැමිණෙන විට අරගෙන ආව ඔහු කඩු හරඹ ක්‍රීඩා කිරීමට යොදාගත් උපකරණ පමණයි. තමන් හොඳින් දන්නා මේ ක්‍රීඩාව ලමයින්ට උගන්වන්න ඔහු පටන් ගන්නේ අවටින් එකතු කරගත් කෝටු කෑලි ටිකක් උපයෝගී කරගනිමින්. ළමයිනුත් මේ ක්‍රීඩාව ඉගෙනීමට පැමිණෙන්නේ ඉතා කැමැත්තෙන්. නමුත් පාසලේ විදුහල්පති තුමා මේකට එච්චර කැමැත්තක් දක්වන්නෙ නෑ. ඔහු ඇවිල්ල දේශපලකයොන්ගෙ ගොට්ටෙක්. ඉතිං ඔහු මේ තරුණ ගුරුවරයාට හැකි සෑම අයුරින් වල කැපීමෙහි නිරත වෙන අතරේ ඔහුට මේ තරුණයා නගරයක මෙතරම් ගම්බද පලාතකට එන්න හේතුව ගැන සැකයක් මතුවෙනවා. ඉතිං ඔහු මේ තරුණයා ගැන ඔහුගේ අතීතය ගැන හොයන්න ගන්නවා.
ආවෙ කුමන හේතුවක් මත උවත් කෙටි කලකින්ම මේ තරුණයා මේ දරුවන්ට ලෙන්ගතු ගුරුවරයෙක් බවට පත් වනවා මෙන්ම පාසලේ ගුරුවරියක් සමඟද හාද වෙනවා. තමන්ට මෙහි රැඳී සිටීම අනතුරුදායක බව දැන දැනත් ඔහු මේ ගම්බද නගරයේම රැඳෙනවා. මේ අතරෙ ලෙනින්ග්‍රාඩ් නම් නගරයේ සමස්ත කඩු හරඹ තරඟාවලියක් පැවැත්වෙන බව ලමයින්ට ආරංචි වෙනවා. රාජ්‍ය මට්ටමින් පවත්වන මේ තරඟාවලියට රටේ සෑම පලාතකින්ම වගේ කණ්ඩායම් පැමිණෙනවා. මේ තරඟාවලියට සහභාගී වෙන්න ගුරුතුමා මුලින් අකමැති උනත් ලමයින්ගේ බලකිරීම මත ඔහු කැමති වෙනවා. මොවුන්ට මේ තරඟාවලියෙන් ජයග්‍රහණය ලබන්න හැකියාව ලැබෙයිද? ගුරුවරයා ගමට පැමිණෙන්නේ ඇයි? අවසානයේ තරුණයාගේ ප්‍රේම සම්බන්ධය කෙසේ කෙලවර වේවිද? කියල ඔයාලට බලන්න ඉතිරි කරනව එහෙනම්.
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවනතුරු ඔයාලට සුබ දවසක් 😀 😀
484 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
897A8DD04C288CA04F7D6D9763F926C5F4E99A91 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,205 downloadsDownload The-Fencer-2015.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/හසන්ත-මාලිංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත මාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත මාලිංග
Subtitles
23 comments
චන්දන
Ashi
Thanks maru film eka.....
SahooBajirao mastani . Sanam theri kasam films wala hd copy's awilla.... Ikmanatama mee films walatath subtitles dennako
ProAds
නියමයි
widuranga
bluray ekata sub update karanawada kiyanna puluwanda? Bluray eka tiyenawa banna baluwe.....
Tharaka
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි මචෝ.
Kulanjana Maduranga
niayamai…thanks MALINGA saho..sub ekata..digatama sub demu.jaya wewa……
DiනුකNuවන්
Ela machan tnx....
Dulanga
Thanks
proads_lk
මම දැන් මේක බැලුවා
මමත් ගුරැවරයෙක් මේ Film 1 නම් ගොඩක්ම හොදයි
අනිත් අය වේනුවෙන් තමන්ගේ ජිවිතය වුනත් දෙන්න ලැස්ති මේ වගේ අය ගොඩක්ම වටින්වා
ස්තුතියි හැමදෙනාටම
කේ.යූ.ජී. උදාර
බලන්න තරම් වටින හැඩයි............. ඔන්න එහෙනම් මාත් ගත්තා.
සිංහල සබට බොහොම ස්තූතියි මාලිංග.Indika_Priyadarsahana
thn Q bro... !!!
Sanath Perera
සුපිරිම බයිස්කෝප් එකක් වගේ සහෝ...
මාත් අරගත්තා දැන්...
මේ වගේ ඒවා ඉතින් කලාතුරකින්නෙ බලන්න ලැබෙන්නෙ...
බොහොමස්තූතියි උපසිරසට...තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි මාලිංග සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
නලින් පෙරේරා
ස්තූතියි වේවා හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴
janiith
Deathpool sub aka dapnko mco
Sanath Indika
thx shooo
wiki
Hasantha , Obata bohoma stuthiyi .......!
Prasad Kandamulla
පට්ට ෆිලුමක් වගේ''''''''''
''''''සබ්'''''එකට'''''ගොඩාක්'''ස්තුතියි'''සහෝ'''''
''''''''''''''''ජයවේව'''''''''''''''Nuwana Computer House
Thanks maru film eka…..
Dumidu jayasundara
thanxx
nimal dissanayake
පහන් හැඟීමෙන් උපන් කඳුළින් යුතුවයි
මේ අකුරු කරන්නේ
හදවතේ තෙරපෙන සිතිවිලි සමුදාය.
හසන්ත, කියාගන්න බැරි තරම් ස්තුතියි!
හරිම උසස්, අතිසාර්ථක, කලාත්මක වගේම හරවත් නිමැවුමක්.
ඒකටම උචිත සබ්ස්.
ඒත් මේ ෆිල්ම් එකේ වචනවලින් නොවෙයිනේ කතා කරන්නේ.
රූපවලින්!
ලෝකේ හැමදාම වගේ
එකම දේ: අවනීතිය රැජයිම, පීඩිතයා පෙළීම
කවදත් කොහොමත් සිදුවෙන එක
ඉතාම සංයමයෙන් යුතුව
මේ ෆිල්ම් එකෙන් අපට පෙන්නන්නේ
ඉතාම සිනමාත්මකවයි!
කියාගන්න බැරි දුකක් වගේම සතුටක් වගේ සිතිවිල්ලකුත්
හිතේ තෙරපෙද්දී
මෙහෙම ෆිල්ම්ස් අපට බලන්නට සොයා දෙන
බයිස්කෝප් සයිට් එකටයි,
සබ්ස් දෙන හිතවතුන්ටයි
නොවක් තුතිය
මෙන්න පිරිනමනවා
ඉතා ගව්රවයෙන්!MAALnath
Thanks .................good luck ............
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

බොහෝම ස්තූතියි රුසියන් කතාවක් නම් මීට කලින් බලලා නෑ ඉස්සර TV එකේ ගිය nu pogodi කාටූන් එක ඈරුනම