[box]මේ ලෝකේ තියෙන වටිනාම වෙළඳ භාණ්ඩය කුමක් වෙන්න ඇතිද? රත්තරන්,මුතු,මැණික්,නැත්නම් දියමන්ති කියා ඔබ පවසාවි.නමුත් මම පැවසුවොත් අයිස් කියා නොඅනුමානයි ඔබ හිනාවෙන බවට.18 වෙනි සියවසේ ජෝෂන් රාජවංශයේ (1392-1910) ඉන්ජෝ රජුගේ පාලන සමයෙහි අවසන් කාල සීමාවේදී අයිස් රත්රන් වලටත් වඩා වටිනා වෙළඳ භාණ්ඩයක් බවට පත්…
මේ ලෝකේ තියෙන වටිනාම වෙළඳ භාණ්ඩය කුමක් වෙන්න ඇතිද? රත්තරන්,මුතු,මැණික්,නැත්නම් දියමන්ති කියා ඔබ පවසාවි.නමුත් මම පැවසුවොත් අයිස් කියා නොඅනුමානයි ඔබ හිනාවෙන බවට.18 වෙනි සියවසේ ජෝෂන් රාජවංශයේ (1392-1910) ඉන්ජෝ රජුගේ පාලන සමයෙහි අවසන් කාල සීමාවේදී අයිස් රත්රන් වලටත් වඩා වටිනා වෙළඳ භාණ්ඩයක් බවට පත්වෙලා තිබුනා.විශාල අයිස් කුට්ටි ශීත ඍතුවේ මිදුණු ගංගා වලින් කඩාගෙන විශේෂ ආරක්ෂාවක් යටතේ විශේෂිත වූ ගබඩාවල ගබඩා කොට තබා වසර පුරා සාමාන්‍ය ජනතාවගේ පාරිභෝජනය සඳහා බෙදා හරිනු ලැබුවා. කෙතරම් අයිස් තිබුනත් අයිස් කැඩීමේ අයිතිය හිමිව තිබුනේ රජයට පමණයි.නමුත් දූෂිත රාජ්‍ය නිලධාරීන් පිරිසක් අයිස් වෙළඳාම තම භාරයට ගෙන වංචා සහගත ලෙස අයිස් ගනුදෙනු වල යෙදෙනවා.ඔවුන් ඔවුන්ට බාධාවක් වුනු දෙදෙනෙක්ව බොරු චෝදනා කර නොකළ ඔවුන්ට වරදකට දඩුවම් පනවනවා. ඉතින් ඔවුන් මේ දූෂිත රාජ්‍ය නිලධාරීන්ගෙන් පළිගෙන ඔවුන්ට දඬුවම් කිරීමට සැලැස්මක් සකස් කරනවා. ඒ ඔවුන් සතුව ඇති අයිස් ටොන් ගානක් එක රැයකින් අතුරුදහන් කිරීමට.
අයිස් ටොන් ගානක් හොරකම් කරනවා කියන්නේ එසේ මෙසේ කාර්යයක් නෙවෙයිනේ.ඔවුන් මේ හොරකම වෙනුවෙන් රටේ සිටින විවිධ අංශ වලට දක්ෂතම විශේෂඥයින්ව මේ කාර්යයට හවුල් කර ගන්නවා. 11 දෙනෙකුගෙන් යුක්ත වූ මේ කණ්ඩායමට විවිධ දක්ෂතා තියෙන පුද්ගලයින් ඇතුලත්.ඉතින් මේ කණ්ඩායම සැලැස්මට අනුව උමඟක් හාරලා අයිස් ගැනීමටයි වැඩකරන්නේ.නමුත් හදිසියේ ම රජු මිය යනවා. නව රජතුමා පත් වීමට පෙර ඔවුන් අයිස් හොරකම් කිරීමට ඔවුන්ගේ සැලැස්ම වෙනස් කරනවා. මේ අතර අයිස් ගබඩාවේ සැල්ස්මක පිටපතක් පරීක්ෂා කරන ඔවුන්ට එහි ඇති රහස් කාමරයක් දකින්නට ලැබෙනවා.මේ රහස් කාමරයේ ඇත්තේ මොනවද? වෙලාවට කලින් ඔවුන්ට අයිස් සියල්ල හොරකම් කිරීමට හැකිවේවිද? ඔවුන්ගේ සැලසුම් පිළිබඳව රාජ්‍ය නිලධාරීන්ට දැනගන්නට ලැබේවිද? ඔවුන්ට කුමන ආකාරයේ බාධක වලට මුහුණ දෙන්න සිදුවේවිද?
චිත්‍රපටය The Grand Heist. 2012 වසරේ අගෝස්තු මස 8 වෙනි දින තිරගත වීම ඇරඹු මේ චිත්‍රපටයේ කොරියානු තේමාව වුනේ Baramgwa Hamjje Sarajida (바람과 함께 사라지다) “Gone With the Wind” ඓතිහාසික, ක්‍රියාදාම හා විකට චිත්‍රපටයක් ලෙස මේ චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්. 2013 Fantasporto සිනමා උළෙලේදී Orient Express Awards හොඳම චිත්‍රපටය ලෙස මෙම චිත්‍රපටය සම්මානයට පාත්‍ර වුණා. මෙම චිත්‍රපටය IMDb ප්‍රේක්ෂක ප්‍රතිචාර ලෙස 5.9ක් මේවන විට හිමිකරගෙන තිබෙනවා.චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ Joo Hoo-kim නම් කොරියානු අධ්‍යක්ෂකවරයයි.හැමදාමත් ක්‍රියාදාම චිත්‍රපටි ගෙනෙන නිසා වෙනසකටත් එක්කයි මේක ගෙන්න අදහස් කලේ.
කලින් උපසිරසි වලට හොඳ ප්‍රතිචාර ලැබුණා,අදහස් පල කරපු ඒ හැමෝටම මගේ ස්තුතිය පුද කරනවා. හැමදාම කියනවා වගේ Comment එකක් නොදා ගියයි කියල හිතේ කිසිම අමනාපයක් නැහැ. අපි දන්නවා ඔබට ඔබේ කාලය කොතරම් වැදගත්ද කියලා. එත් ඉතින් ඔබ අදහසක් පලකරලා යනවානම් ඒක අපිට කරන ලොකු දිරිගැන්වීමක්. ඔබ පලකරන සියලුම අදහස් මම කියවනවා වගේම ඒකෙන් ලොකු සතුටක් ලබනවා. ස්තුතියි!
790 MB කොපිය (BR) මෙතනින් බාගන්න a09205fb7cf9adfe7a4ba64fddcf145052295fd0 1.5 GB කොපිය (DVD) මෙතනින් බාගන්න eaeb90cb8892b089d01fb9e1f92ab888d55d8d9c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,482 downloadsDownload The.Grand_.Heist_.2012.zip214 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/දිනුක-මධුශාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනුක මධුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිනුක මධුශාන්
Subtitles
70 comments
p.a.t.h.u
Isuru
meywa balanna mama mara kamathi.thx apey sahota
ccnp
Thanks
tharanga
කතාව නම් පට්ට වගේ මේ වගේ අමුතු තේමා වලින් එන ඒවා සුපිරි . තවත් සබ් දෙන්න ශක්තිය ලැබේවා!
zumo man
elazzz thnxzzz
amilatk
jayen jayama weywa!!!
උදාර
බොහොම පින්
නලින්
ස්තුතියි දිනුක සහෝ
ජය වේවා
upali
ela ela ela ela
quik
thanks
එරංග
එලස්... ඔන්න බාන්න දැම්ම කොරියන් ඒවා නොබලා කොහොමෙයි
shann
Thanks Bro :P
naleen
jaya :)
h[A]s
සුපිරි සහෝ :)
ganidu
ඔන්න බාන්න දැම්ම මචෝ
Dilan
බොහොම ස්තුතියි
chami
thnxxxxxxxxxxxxxx
wow
wow... maru :D
ishara
ela kollek ne
geeth
pattai saho wadey nam
kalinga
බොහොම පින්
ganidu
තෑන්ක්ස් වේවා!
hh
maxxxaaaa wadak :D
chandana
elakiri saho aniwa balanoooooooo thwath awa one ikmanata
elakiri
එළකිරි මචෝ පට්ට උබ නම් කොරියන්ම කොල්ලෙක්ම තමා
කැළුම්
ජය වේවා තවත් සබ් දෙන්න ශක්තිය ලැබේවා!
rusuru | රුසිරු
නියමයි සහෝ
Bandula
boho pin
Ishara
Godak thanks
kanthaDLA
thanks very much bro.............
Anu
patta ekak wage saho thaankssssss.
kanthaDLA
sub download karanna behene.....
Anushka
Really enjoying what you have done ! please keep up the good work going.
All the Best !
කැලුම් ගුණසේකර
ස්තුතියි සහෝඋපසිරැසි ගැන්වීමට.
දිනිඳු සම්පත්
පට්ට කතාවක් වගේ. මමත් බාගන්නවා. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.. ජයවේවා!!
sura
elakiri machan
දිෂාන්
ඔන්න මමත් ගත්තා. කොරියන් නම් ඉතික් සුපිරිම තමයි ..
බෝම ස්තූතියි සහෝ ජය වේවාසචිත උදාර
එල කතාවක් වගේ. ලිපිය කියෙව්වම බලන්න හිතෙනවා. තෑන්ක්ස්...!
ෂෙහාන්
බොහොම පින් අයියේ
සමීර කරුණාරත්න
“දිනුක මධුශාන්” මචං මාරම උපසිරැස කරුවෙක්..... කොරියන් දිනුක කිව්වට තරහ නොවේනි මම හිතන්නේ....! අපේ ඇසට අසු නොවන ඉතාම හොද කොරියානු සිනමා සිත්තම් මෙහෙම එක දිගට අරගෙන එනවය බොහෝම පිං...
කවදත් වගේ උපසිරැසට බොහෝම තුතී තවත් කොරියානු සිනමාව අපිට ලං කරන්න සහ්ක්තිය, ධෛර්‍යය ලැබේවයි පතනවා...mudiya / මුදියා
දිනූක මාරම බුලට් එකක් උඹ නම්.කොරියන් කතා බලද්දි තව බලන්න ආස හිතෙනව.හැබැයි ඉතිං මේව සිංහල නැතුව බැලුවොත් ආනාථයි තමයි.නියම වැඩක් කරන්නෙ උඹ.ජයවේවා.බොහෝ......................................ම ස්තූතියි...!
sujeewa
බොහොම පින්
raveckrox
ptta machann.. thankzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
අමිත් ධනංජය
තෑන්ක්ස් මචෝ.. හැමදාම movies download කරාට comment එකක් දාන්නේ නෑනේ. ඔන්න අද ඉදන් මමත් comments දානවා..
indika
ela... ela... thnx.. :)
uda
මෙන්න අමුතුම තාලෙ කතාවක්! :D මරු මරු
චංගුමී කොරියාවට අරන් දීපු ජනප්‍රියත්වය හින්දා එයා ගියත් දැන් අපේ උන් ඉන්නවා අපිව කොරියාවෙ එක්ක යන්ඩ :P ඊට හපන් බලන්ඩ ඉන්න කට්ටිය තොග ගණනේ...චංගුමීලා ආවත් නාවත් කොරියාව අපට සමිඉප කරවන්ඩ අපේම කොල්ලො ඉන්නවා අපට. කොරියානු සිනමාවම තෝරා ගෙන එහි හොදම නිර්මාණ තෝරා බේරාගෙන අපට ගේනවට උඹට ස්තුති කොරන්ඩ අත් දෙක මදි මට :P (ටයිප් කොරන නිසයි එහෙම කිව්වේ... ;) )
බොහොම තුති කොල්ලෝ, ජයෙන් ජයම වේවා! උදේ ඉදලා කරන්ට් නෑ. හවස තමා ආවේ. ඉතින් ප්‍රමාදයට සමාවෙයන්!
dev
ela ela,bohoma stuti saho....
“චූටී මල්ලි”
එල එල සහෝ
ඇත්තටම ඔයා නම් ගිය ආත්මෙ ඉන්න ඇත්තෙ කොරියාවෙ
මොකද ඒවටමනෙ සබ් දෙන්නෙ කැමැත්තෙන්ම්මබෝම ස්තුතියි සබ් එකට
දිගටම සබ් දෙන්න
ඔබ ජය....රොයිලි
බොහොම ස්තූතියි දිනුක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
දිනුක මධුශාන්
බොහොම ස්තුතියි හැමෝගෙම අදහස් වලට... අනිවා අයෙමත් උපසිරසියක් එක්ක නැවතත් හමුවෙමු.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ado pattama koriya kathwak thxxxx thwa awata subs denna