[box]ඔන්න යාළුවනේ අප්‍රේල් 26 වෙනිදා නිකුත් වෙන්න තියෙන තවත් අළුත්ම අළුත් සුපිරි චිත්‍රපටියක් සිංහල උපසිරැසිත් එක්කම ඔයාලට ගෙනාවා. Being John Malkovich (1999), 2012 (2009), High Fidelity (2000),1408 (2007) වැනි සුපිරි චිත්‍රපටි වලට සුපිරි රංගනයකින් දායකත්වය සැපයූ John Cusack විසින් මෙම චිත්‍රපටියේ…

The Numbers Station (2013)ඔන්න යාළුවනේ අප්‍රේල් 26 වෙනිදා නිකුත් වෙන්න තියෙන තවත් අළුත්ම අළුත් සුපිරි චිත්‍රපටියක් සිංහල උපසිරැසිත් එක්කම ඔයාලට ගෙනාවා. Being John Malkovich (1999), 2012 (2009), High Fidelity (2000),1408 (2007) වැනි සුපිරි චිත්‍රපටි වලට සුපිරි රංගනයකින් දායකත්වය සැපයූ John Cusack විසින් මෙම චිත්‍රපටියේ ප්‍රධාන නළුවා වන එමර්සන්ගෙ චරිතය රඟ දක්වනවා. මෙහි ප්‍රධාන නිලියගේ චරිතය වන කැතරින්ගෙ චරිතය නිරූපනය කරන්නේ Watchmen (2009), The Proposal (2009) වැනි සුපිරි චිත්‍රපටි වලට සුපිරි රංගනයකින් දායකත්වය සැපයූ Malin Akerman විසිනුයි. ඒ වගේම මෙම චිත්‍රපටිය 2013 වසරේ Golden Trailer සම්මානය සඳහාද නාම යෝජනා ලබපු චිත්‍රපටියක්. ක්‍රියාදාම ගණයට අයිති වෙන මේ චිත්‍රපටිය IMDb රේටින් වල 5.4/10 ක අගයක් ලබා ගෙන තියෙන සුපිරි චිත්‍රපටියක්.

කතාවේ හැටියට එමර්සන් කියන්නේ රජයේ රහස් ඝාතකයෙක්. එක දවසක් මිනී මැරීමක් කරද්දී ඒක දකින කෙනෙක් එතනින් පැනලා යනවා. එමර්සන් ඔහුගෙ පස්සෙන් පන්නලා ඔහුගෙ ගෙදරදිම ඔහුව මරලා දානවා. ඒ වෙලාවේ ඒ පුද්ගලයගෙ දුව තමන්ගෙ තාත්තව මරනවා දකිනවා. ඔවුන්ගෙ නීතියේ හැටියට සාක්ෂි ඉතුරු කරන්න බැරි නිසා එමර්සන් අර දුවවත් මරලා දාන්න ඕන උනත් යම් කිසි හේතුවක් නිසා මරන්නෙ නැහැ. ඒත් එමර්සන්ගෙ ලොක්කා එමර්සන් ඉදිරිපිටදිම ඒ දුවව මරලා දානවා. ඒ සිද්ධිය නිසා එමර්සන්ට දඬුවමක් ලැබෙනවා. ඒ හමුදාවේ රහස් මෙහෙයුම් මෙහෙයවන මධ්‍යස්ථානයක වැඩ කරන කැතරින් ට ආරක්ෂාව සපයන එක. ඒ මධ්‍යස්ථානයේ සිදුවෙන එකම රාජකාරිය තමයි අංක කිහිපයක් මගින් මෙහෙයුම් පිළිබඳව විස්තර විකාශනය කරන එක.

ඒක ලබා ගන්නා ක්ෂේත්‍ර නිලධාරීන් ඔවුන් ගාව තියෙන රහස් සංකේත විස්තර කරන සටහන් පොතක් ආශ්‍රයෙන් අදාල පණිවිඩය තේරුම් ගෙන ඒ අනුව ක්‍රියා කරනවා. එමර්සන් සහ කැතරින්ට තියෙන්නේ දවස් තුනෙන් තුනට පැමිණෙන වැඩ මුරයක්. අනිත් වැඩ මුරය කරන්නේ ඩේවිඩ් සහ මෙරිඩිත් කියන යුවල විසිනුයි. එක දිනක් තම වැඩමුරය භාර ගන්න පැමිණෙන එමර්සන් සහ කැතරින්ට වාහනෙන් බහිනකොටම වෙඩි ප්‍රහාරයකට ලක් වෙන්න සිදු වෙනවා. ඔවුන් එතනින් බේරිලා කොහොම හරි විකාශන මධ්‍යස්ථානයට ඇතුල් වෙලා බලන කොට ඒ මධ්‍යස්ථානයට නාඳුනන පිරිසක් විසින් පහර දීලා… ඉතිං යාළුවනේ.. ඊට වැඩිය කියන්න යන්නෙ නැහැ. කවුද මේ පහර දීපු නාඳුනන පිරිස? ඇයි එහෙම පහර දෙන්නේ? ඩේවිඩ් සහ මෙරිඩිත් යුවලට මොකද වෙලා තියෙන්නේ? එමර්සන් සහ කැතරින් කොහොමද නාඳුනන පහර දෙන්නන් සමග සටන් කරන්නේ? මොනවද මේ රහස් අංක? ඒ අංක වලින් මොන වගේ මෙහෙයුම්ද ලැබෙන්නේ? කියලා චිත්‍රපටිය බලලම දැනගන්න යාළුවනේ..

 

3,247 downloadsDownload The.Numbers.Station.2013.zip108 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,247 downloadsDownload Subtitles108 KB

87 comments

  1. නෙරා

    නියමයි

  2. tharanga

    අඩෝ පට්ට නළුවා 2012 ෆිල්ම් එකේ ප්‍රධාන නළුවනේ... මුගේ ෆිල්ම්ස් පට්ට මේක සුපිරි ඇති.. බොහොම පින්

  3. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    බුදු අම්මේ ඔන්න ඉතිහාසයේ මුල්ම වතාවට පලවෙනි අදහස මගෙන්.....
    අපේ දිනිදු දුන්නොත් ඉතින් මැක්සම එකක් වෙන්න එපයි...මොකද ඔයාගේ අනිත් දීපු එව්වා මැක්සම එව්වා....අනිවා බෑමක් තමයි...

  4. Isuru

    loweth na supirima film akak thxxxx

  5. Fernando

    elaaaa maxxa naluwa :D

  6. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අනේ දෙයියනේ මුල්ම කිව්වට තුන වෙලානේ....ශික්....අප්පා... ඔහොමමයි අපිට වෙන්නේ,..

  7. ganidu

    මේක නම් පට්ටම එකක් දිනිදු දෙන්නෙම වෙනස් කතා පට්ට පතුරු ඒවාට

  8. shann

    අඩේ සුපිරිම කතාවක් වගේ ,, එල

  9. lasidu

    ආඩම උදේ ඉදන් දෙනවා නේ හෝ ගාල :) ජයම වේවා

  10. lasidu

    අද හොදේ වැරදුන :)

  11. Budditha Fernando

    Thanks bro!! ;-)

  12. mihin ලංකා

    ජයම වේවා මචෝ පට්ට පතුරු ෆිල්ම් එක මේක

  13. quik

    thanks

  14. jeewantha

    thnxxxxxxxx so much

  15. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    දෙයියනේ ඉක්මනට කොමන්ට් එක දාන්න ඕනේ නිසා විස්තරේ කියෙව්වේ නැහැ, දැන් තමයි කියෙව්වේ, මගේ යටයිප් එකේ බාන්ඩයක් නොවැ දීල තියෙන්නේ....පට්ටයි හොදේ...තැන්ක්ස් වේවා....

  16. ositha

    maxxama film akak wage niyama naluwek inne

  17. kalinga

    මේක නම් නියමම එකක් කියලා හිතෙනවා. ජයම වේවා!

  18. elakiri

    එලම කිරි පහරක් :P

  19. ccnp

    Thanks

  20. wow

    wow,, maru :D

  21. Dx

    ela machan (y)

  22. akila

    සුපිරි දිනිදු

  23. නෙරා

    මම නොදැනම එක වෙලානෙ.......... හයියෝ!!! දන්නවානම් ලස්සන කමෙන්ට් එකක් දානවා.. දිනිදු

  24. upali

    ela ela ela ela

  25. අසංක

    අනිවා බැලිලක් මේක . අපි බලන කතා මෙව්වා තමා

  26. g-a-n-d-u

    ජය .........! ..........! .........!

  27. කැළුම්

    පට්ට පතුරු හොදේ

  28. Siraj priyantha

    Thanks saho

  29. vee

    එල පහරක් හොදේ

  30. geeth

    patttataaaaaaaaaaaaaaaiiiiiii

  31. hashan

    maxxa math balanwa thx

  32. Panditha

    bohoma pin

  33. dineth

    maru macho :D

  34. උදාර

    බාන්න දැම්ම දැක්ක ගමන්, එලස්

  35. අකිල

    ජයම වේවා බයිස්කෝප් සයිට් එක නම් පට්ට හොදේ

  36. waruna

    loweth na dinidu sira paharak :D

  37. ishara

    thx bro

  38. සිංහලයා

    ඔන්න පට්ටම එකක් දීලා දිනිදු දෙන්නේ කොහොමත් වෙනස් කතා වගේම පට්ට ඒවා!

  39. eraNga

    ජය ! වේවා!

  40. wall e

    මැක්සා වැඩක් අපිත් ගන්නෝ

  41. danuka

    ela :D

  42. Shan ගමගේ

    නියමයි දිදුල සහෝ....ෆට්ටම එකක් තමයි දීල තියෙන්නේ...තව තවත් සබ් දෙන්න හැකිවේවායි කියලා ප්‍රර්ථනා කරනවා... :D :D :D

    ස්තුතියි සබ් එකට​....:) :) :)

  43. kasun

    thanks sahota godak pin

  44. darshana

    bohoma pin machan

  45. සමීර කරුණාරත්න

    තව දවස් හයක් තියනව මේක එන්න.... මෙන්න බයිස්කෝප් එකෙන් උපසිරැස දැම්ම දීල.... අගෙයි අගෙයි දිනිදු අයියේ...

  46. p.a.t.h.u

    balanna one dinidu

  47. නලියා

    නියමයි දිනිදු සහෝ..
    ඔයා ගෙනාවෝත් ගෙන්නේ ආයේ සුපිරිම එකක් තමයි නේ
    ඉතින් කොහොමැයි අතහැරලා..
    ඔන්න මමත් භාගත කරගන්නවා
    ජය වේවා..

  48. Isitha

    බොහොම ස්තූතියි !

  49. NISALA

    NIYAMA FILM EKAK.....
    THANKS

  50. Roshan st

    thanks. ela film 1k wage. tank u tank u

Load more comments