The Great Flood (2025) with Sinhala Subtitles මේ ෆිල්ම් එක ගැන සරලවම කිව්වොත්, මෙය “The Great Flood” හෙවත් මහා ගංවතුරක් මැද සිදුවන ඉතාම ත්‍රාසජනක Survival කතාවක්. මේක නිකුත් වෙන්නේ Netflix හරහා 2025 වර්ෂයේ නිකුත් වුණ දකුණු කොරියානු Sci-Fi Disaster චිත්‍රපටයක් විදිහට. මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නේ අපි…

The Great Flood (2025) with Sinhala Subtitles
මේ ෆිල්ම් එක ගැන සරලවම කිව්වොත්, මෙය “The Great Flood” හෙවත් මහා ගංවතුරක් මැද සිදුවන ඉතාම ත්‍රාසජනක Survival කතාවක්. මේක නිකුත් වෙන්නේ Netflix හරහා 2025 වර්ෂයේ නිකුත් වුණ දකුණු කොරියානු Sci-Fi Disaster චිත්‍රපටයක් විදිහට. මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නේ අපි කවුරුත් ආදරය කරන “The Witch” සහ “Itaewon Class” ෆිල්ම්වල හිටපු Kim Da-Mi කියන දක්ෂ නිළිය. ඒ වගේම “Squid Game” එකේ හිටපු Park Hae-Soo ත් මෙහි ප්‍රධාන චරිතයක් කරනවා.
කතාව පටන් ගන්නේ පෘථිවියට සිදුවන මහා ව්‍යසනයකින්. හදිසියේම වැටෙන උල්කාපාතයක් නිසා දේශගුණික විපර්යාසයක් ඇතිවෙලා පෘථිවියේ අයිස් කඳු දියවෙලා මුහුදු මට්ටම අසාමාන්‍ය විදිහට ඉහළ යනවා. මුළු ලෝකයම යටවෙමින් පවතින මොහොතක, An-Na (Kim Da-mi) කියන මව සහ ඇගේ කුඩා පුතා ඉහළ මහල් නිවාස සංකීර්ණයක කොටු වෙනවා. වතුර මට්ටම තට්ටුවෙන් තට්ටුව ඉහළට එනකොට, මේ ගොඩනැගිල්ල ඇතුළේ ජීවිතය බේරාගන්න ඔවුන් කරන අරගලය තමයි ෆිල්ම් එකේ ප්‍රධාන සිදුවීම වෙන්නේ.
මේ අස්සේ, Hee-Jo (Park Hae-Soo) කියලා ආරක්ෂක අංශයේ නිලධාරියෙක් එනවා මේ දෙන්නව බේරාගන්න කියලා. නමුත් ඔහු එන්නේ ඇත්තටම බේරාගන්නද, නැත්නම් වෙනත් රහස් මෙහෙයුමකටද කියන එක මුලදී අපැහැදිලියි. වතුර පිරෙන බිල්ඩිම ඇතුළේ හුස්ම හිරවෙන තරම් ත්‍රාසජනක සිදුවීම් එක්ක, තමන්ගේ දරුවා බේරාගන්න අම්මා කෙනෙක් කරන කැපවීම මේ ෆිල්ම් එක පුරාම අපිට දකින්න පුළුවන්. මේක නිකම්ම ගංවතුරක් ගැන කතාවක් විතරක් නෙවෙයි, ඊට එහා ගිය ලොකු රහසක් සහ කුතුහලයක් ෆිල්ම් එක පුරාවටම තියෙනවා තියෙනවා කියල බලන ඔයාලට ටිකෙන් ටික තේරෙයි. Disaster ෆිල්ම් වලට කැමති අයට මේක හොඳ අත්දැකීමක් වේවි.
“The Great Flood” චිත්‍රපටයේ සම්පූර්ණ කතාව සහ එහි ඇති ගැඹුරු අර්ථය ගැන කතා කරමු. ඔයා ෆිල්ම් එක බලලා නැත්නම්, මෙතනින් එහාට කියවද්දි කතාවේ අවසානය ගැන දැනගන්න පුළුවන් නිසා පරිස්සමෙන් ෆිල්ම් එක බලලා ඇවිත් කියවන්න.
චිත්‍රපටය ආරම්භයේදී අපිට පෙන්වන්නේ An-na (Kim Da-mi) තමන්ගේ කුඩා පුතා වන Ja-in එක්ක සාමාන්‍ය දවසක් ගත කරන හැටි. ඇය දක්ෂ AI (කෘත්‍රිම බුද්ධිය) පර්යේෂකවරියක්. හදිසියේම ලෝකයට ලොකු අනතුරු ඇඟවීමක් එනවා. පෘථිවියට උල්කාපාතයක් කඩා වැටීම නිසා ඇතිවුණ බලපෑමෙන් ඇන්ටාක්ටිකාවේ අයිස් දියවෙලා මුහුදු මට්ටම වේගයෙන් ඉහළ යනවා. මොහොතකින් මුළු නගරයම යටවෙනවා. An-na සහ Ja-in ඉන්න මහල් නිවාස සංකීර්ණයත් එක වටේටත් වතුර පිරෙනවා. මේ වෙලාවේදී ඇය උත්සාහ කරන්නේ ගොඩනැගිල්ලේ ඉහළට ගිහින් ජීවිතය බේරාගන්න.
මේ අතරතුර, Hee-jo (Park Hae-soo) කියන පුද්ගලයා ඇවිත් An-naව බේරාගන්න උත්සාහ කරනවා. මෙයාව එවලා තියෙන්නේ An-na වැඩ කරන Company එකෙන්. ඔහු කියන විදිහට An-na කියන්නේ මනුෂ්‍ය වර්ගයාගේ අනාගතයට ඉතාම වැදගත් කෙනෙක්. චිත්‍රපටය ටික දුරක් යද්දී අපිට තේරෙනවා යම් කිසි අමුත්තක් සිදුවනවා කියලා. සමහර සිදුවීම් නැවත නැවත සිදුවන බවක් (Time Loop එකක් වගේ) දැනෙන්න ගන්නවා. An-na ට හිතෙනවා ඇය මීට කලිනුත් මේ වගේම දේවල්වලට මුහුණ දීලා තියෙනවා කියලා.
ඇත්තටම සිදුවෙලා තියෙන්නේ මේක. අපි මේ දකින “ගංවතුර” සහ “බේරීමේ මෙහෙයුම” ඇත්ත ලෝකයේ සිදුවන දෙයක් නෙවෙයි. මෙය Simulation එකක්. සැබෑ ලෝකයේදී, මනුෂ්‍ය වර්ගයා ඒ වන විටත් වඳ වී යාමේ තර්ජනයට ලක්වෙලා ඉන්නේ. පෘථිවිය ජීවත් වීමට නුසුදුසු තැනක් බවට පත්වෙලා. ඉතිරි වී ඇති විද්‍යාඥයින් පිරිසක් උත්සාහ කරනවා මිනිස් වර්ගයාව ඉදිරියට ගෙනියන්න කෘත්‍රිම ශරීර (Android Bodies) නිර්මාණය කරන්න. නමුත් මේ රොබෝ ශරීරවලට බුද්ධිය තිබුණට, මනුෂ්‍යයන්ට තියෙන සංකීර්ණ “හැඟීම්” (Emotions) නෑ. ඒ විශේෂයෙන්ම “ආදරය” සහ “කැපවීම” වගේ දේවල් ප්‍රෝග්‍රෑම් කරන්න අමාරු නිසා.
චිත්‍රපටයේ අපි දකින An-Na කියන්නේ ඇත්ත මනුෂ්‍යයෙක් නෙවෙයි. ඇය සැබෑ An-Na ගේ මොළයේ දත්ත (Brain Data) සහ මතකයන් ඇසුරින් නිර්මාණය කළ AI විඥානයක් (Consciousness). සැබෑ ලෝකයේ සිටි An-Na මියගිහින්. ඇය මියයන්න කලින් ඇගේ දරුවා වෙනුවෙන් කරපු දේවල් මඟින් AI එකට “ආදරය” සහ “කැපවීම” Train කරන තමයි විද්‍යාඥයින්ට ඕන වෙලා තියෙන්නේ.
විද්‍යාඥයින් කරන්නේ, An-Na ගේ AI මනසට නැවත නැවතත් අර ගංවතුර සිදුවීම ඇතුළු කරන එකයි. ඔවුන්ට බලාගන්න ඕන, කොපමණ බාධක ආවත්, තර්ක බුද්ධියට (Logic) වඩා එහා ගියපු මව් සෙනෙහසක් (Maternal Instinct) මේ AI එකට ඉගෙනගන්න පුළුවන් වෙයිද කියන එක. Park Hae-soo ගේ චරිතය (Hee-Jo) ඇත්තටම මේ සිමුලේෂන් එක පාලනය කරන AI පද්ධතියේ කොටසක් හෝ ඒක නිරීක්ෂණය කරන වැඩසටහනක්.
An-Na මේ Simulation එක දහස් වාරයක් පහු කරලා තියෙනවා. ඒ හැම වාරයකදීම ඇය අසමත් වෙන්න පුළුවන්, නැත්නම් දරුවා බේරාගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් ඇය අත හරින්නේ නෑ. චිත්‍රපටයේ අවසානයට යද්දී An-Na (ඒ කියන්නේ කෘතිම බුද්ධිය) තේරුම් ගන්නවා තමන් ඉන්නේ Simulation එකක කියලා. දැනට තියෙන හැම AI එකක්ම අපි පාවිච්චි කරන්න කරන්න ඒ දේවල් වලින් තව තව Train වෙනවා, එහෙම නැත්නම් Update වෙනවා. ඒ වගේ දෙයක් තමා මෙතනත් වෙන්නේ. එතනදි ඇය තමන්ගේ දරුවා Ja-In වෙනුවෙන් තමන්ගේ පැවැත්ම පවා නැති කරගන්න සූදානම් වෙනවා. මේ “කැපවීම” තමයි විද්‍යාඥයින් හොයපු “Emotion Engine” එකේ යතුර. තාක්ෂණයට කොච්චර දියුණු උනත්, මනුෂ්‍යයෙක්ව මනුෂ්‍යයෙක් කරන්නේ මේ “ආදරය” සහ “කැපවීම” කියන දේ බව චිත්‍රපටයෙන් හොඳින්ම පෙන්වනවා.
අවසානයේදී, An-Naගේ පරීක්ෂණය සාර්ථක වෙනවා. ඇය තුළ මනුෂ්‍ය හැඟීම් පූර්ණ වශයෙන් වර්ධනය වෙලා කියලා තහවුරු වෙනවා. ඉන්පසු ඇගේ විඥානය සහ දරුවාගේ විඥානය කෘත්‍රිම ශරීරවලට ඇතුළු කරලා, ඔවුන්ට අලුත් ලෝකයක ජීවත් වෙන්න අවස්ථාව ලබා දෙනවා.
“The Great Flood” කියන්නේ නිකම්ම ගංවතුරක් ගැන කතාවක් නෙවෙයි. මේක මනුෂ්‍යත්වය, තාක්ෂණය සහ අම්මා කෙනෙක්ගේ ආදරය ගැන කතා කරන සංකීර්ණ විද්‍යා ප්‍රභන්ධයක්. දෘශ්‍ය ප්‍රයෝග පැත්තෙනුත් මේ ෆිල්ම් එක ඉතාම ඉහළ මට්ටමක තියෙනවා, විශේෂයෙන්ම මුළු නගරයම යටවෙන දර්ශන ඉතා තාත්විකයි. Kim Da-mi ගේ රඟපෑම තමයි මුළු කතාවම අපේ හදවතට දැනෙන විදිහට අරගෙන යන්නේ.
The Great Flood (2025) with Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරස WEBRip පිටපත් සඳහා ආදාළ වේ.
1,163 downloadsDownload The-Great-Flood-2025.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් තාරක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
The Great Flood (2025) with Sinhala Subtitles
Subtitles by
ගයාන් තාරක
Subtitles
4 comments
Buddhika laKMal
Sahan Gayantha
thanks a lot Tharaka saho sub ekata
SAS
Thanx for the Sub
Tharidu Sagara Sadalu
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
ඉදිරියටත් ගුණාත්මක සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට ශක්තිය, ධෛර්යය ලැබේවා…!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

sub ekata thanks