ඔන්න යාළුවනේ, අද මම අරගෙන ආවේ බයිස්කෝප් සිංහලෙන් අඩවිය වෙනුවෙන් මම කරන 154 වැනි සිංහල උපසිරැසියයි! අද මේ උපසිරැසිය මම අරගෙන ආවේ විශේෂ හේතුවක් මතයි. මේ චිත්‍රපටය උපසිරැසි ගන්වන්න කියලා අපේ බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලයේ තිසර නියෝ (Thisara Neo) සහෝදරයා කාලෙකට කලින් මගෙන් විශේෂ ඉල්ලීමක් කළා. ඉතින් ඒ ඉල්ලීම…

ඔන්න යාළුවනේ, අද මම අරගෙන ආවේ බයිස්කෝප් සිංහලෙන් අඩවිය වෙනුවෙන් මම කරන 154 වැනි සිංහල උපසිරැසියයි!
අද මේ උපසිරැසිය මම අරගෙන ආවේ විශේෂ හේතුවක් මතයි. මේ චිත්‍රපටය උපසිරැසි ගන්වන්න කියලා අපේ බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලයේ තිසර නියෝ (Thisara Neo) සහෝදරයා කාලෙකට කලින් මගෙන් විශේෂ ඉල්ලීමක් කළා. ඉතින් ඒ ඉල්ලීම ඉටු කරන්න ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා.
ලෝක ප්‍රකට නිළි ඩෙමී මුවර් (Demi Moore) රඟපාන මේ සිනමාපටය, ඇමරිකානු නාවික හමුදාවේ “Navy SEAL” පුහුණුව සඳහා සහභාගී වන පළමු කාන්තාව ගැනයි. මේ පුහුණුව කියන්නේ පිරිමින්ට පවා දරාගන්න බැරි තරම් අතිශය දුෂ්කර, මානසික සහ ශාරීරික ශක්තිය උපරිමයටම පරීක්ෂා කරන එකක්.
විශේෂයෙන්ම මේ චිත්‍රපටයේ එන ඩෙමී මුවර් තමන්ගේ කොණ්ඩය සම්පූර්ණයෙන්ම බා දමන ඒ සුප්‍රකට දර්ශනය, ඇය මේ අභියෝගයට කෙතරම් කැපවී සිටිනවාද යන්න පෙන්වන ප්‍රබල අවස්ථාවක්. කාන්තාවන්ට මේ වගේ දේවල් කරන්න බැහැ කියන මතයේ ඉන්න පිරිමි නිලධාරීන් මැද, ඇය තමන්ගේ ආත්මශක්තියෙන් සහ කැපවීමෙන් ඒ හැමෝටම අභියෝග කරන්නේ කොහොමද කියලා මේක බලලම දැනගන්න.
මේ චිත්‍රපටයේ තියෙන සින්දු වල පද පේළි කතාවේ ගලායාමට සහ එහි හැඟීම් ප්‍රකාශ කරන්න ලොකු රුකුලක් වෙනවා. ඒ නිසාම මම මේ චිත්‍රපටයේ එන සින්දුත් සිංහලට පරිවර්තනය කරන්න උපරිම උත්සාහයක් ගත්තා. හැබැයි ඉතින් ඔයාලා දන්නවා ඉංග්‍රීසි සින්දු වල තියෙන සැබෑ අර්ථය ඒ විදිහටම සිංහලට හරවන එක හරිම අමාරු වැඩක්. එහිදී යම් යම් අඩුපාඩු හෝ අර්ථයේ වෙනස්කම් වුණා නම් ඒ ගැන මම ඔයාලගෙන් කල්තියාම සමාව ඉල්ලනවා.
ඉතින්, තිසර සහෝදරයාගේ ඉල්ලීමක් මත අරන් ආපු මගේ 154 වැනි නිර්මාණය රසවිඳින්න කියලා හැමෝටම ආරාධනා කරනවා!
බුදු සරණයි.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය BR / DVD පිටපත් සඳහා අදාළ වේ.
412 downloadsDownload G.I.-Jane-1997.zip65 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
1 comment
Buddhika laKMal
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ස්තූතියි අසංක සහෝ සබ් එකට