Watch Trailer

The Greatest of All Time (2024) Sinhala Subtitles | වයසට ගියත් සිංහයා සිංහයාමයි [සිංහල උපසිරසි] [HQ HDRIP Update]

උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

The Greatest of All Time (2024) Sinhala Subtitles සුබම සුබ දවසක් වේවා රසික රසිකාවියනි! අදත් සුපුරුදු ලෙසින් දමිළ සිනමා රසිකයින් බොහො දෙනෙක් නැරඹිමට මඟ බලා සිටි ඉතා ජනප්‍රිය වූ සිනමා පටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙන බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙතට මෙසේ පියනගනවා. බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන…

The Greatest of All Time (2024) Sinhala Subtitles සුබම සුබ දවසක් වේවා රසික රසිකාවියනි! අදත් සුපුරුදු ලෙසින් දමිළ සිනමා රසිකයින් බොහො දෙනෙක් නැරඹිමට මඟ බලා සිටි ඉතා ජනප්‍රිය වූ සිනමා පටයක් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කරගෙන බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙතට මෙසේ පියනගනවා. බයිස්කෝප් සිංහලෙන් වෙනුවෙන් මෙම සිනමා පටය සඳහා සිංහල උපසිරැසි නිර්මාණය සිදුකිරීමට අවස්ථාව සලසා දුන් සංස්කාරක මඩුල්ලේ රවිඳු හේෂාන් මල්ලිට මුලින්ම ස්තුතිය පුදකර සිටිනවා. ආදායම් වාර්තාවක් රැසකට හිමිකම් කියමින් තවමත් තිරගතවන මේ සිනමා පටයෙහි ඉතිරි විස්තර ඉදිරිපත් කිරීමට යොමු වෙනවා. මේ වසරේ සැප්තැම්බර් මස 05 වන දින තිරගත වීම ආරම්භ කල මෙම සිනමා පටයේ දමිළ සුපිරි නළු විජේ විසින් ප්‍රධාන චරිතය හොබවනවා, ප්‍රභූදේවා, ප්‍රශාන්ත්, ස්නේගා, මීනාක්‍ෂි චෞදරි, ජයරාම් යන නළු නිලි කැල විසින් අනෙකුත් සෙසු චරිත හොබවන අතර, මෙම සිනමා පටය නිර්මාණය කිරීම සඳහා අති නවීන කෘතිම බුද්ධි තාක්ෂණය යොදාගෙන තිබිමත් විශේෂත්වයක්. 
  • AI තාක්ෂණය යොදාගෙන අභාවප්‍රාප්ත දමිළ නළු විජේ කාන්ත්ගේ රුව ප්‍රතිනිර්මාණය කර තිබීම.
  • තලපති විජේගේ පුත්‍රයාගේ චරිතය වෙනුවෙන්  AI  De-age  තාක්ෂණය යොදාගෙන විජේම එම චරිතය රඟ දක්වා තිබීම.
  • මෙම සිනමාපටයේ ගීතයක් වන Chinna Chinna Kangal ගීතය මෙහි අධ්‍යක්‍ෂකවරයා වන වෙන්කට් ප්‍රභූගේ  අභාවප්‍රාප්ත ඥාතී සොයුරිය වන භවතාරිනිගේ හඬ  AI තාක්ෂණය යොදාගෙන නිර්මාණය කර තිබීම.
තවද මෙම සිනමාපටය පළමු දිනයේ ආදායම ඉන්දිය රුපියල් කෝටි 126 ක් ලබාගනිමින් සහ තිරගත කල සිව්වන දිනයේ ආදායම ලෙස රුපියල් කෝටි 288 ආදායම් වාර්තා කිහිපයක්ද ලබාගෙන සමස්ථ ආදායම ලෙස ඉන්දීය රුපියල් කෝටි 465 ක ආදායමක් වාර්තාකර Blockbuster ලේබලයද අලවාගැනීමට සමත් වුණා. මෙම සිනමාපටය තලපති විජේ ගේ 68 වන සිනමාපටය වන අතර මෙය බොහොවිට ඔහුගේ අවසන් සිනමාපටයට පෙර සිනමාපටය වියහැකි බවට සිනමා ආශ්‍රීත මාධ්‍යන් විසින් ප්‍රකාශකර තිබෙනවා. මේ වන විට ඔහුගේ 69 වන සිනමාපටයෙහි රූගත කිරීම් ආරම්භකර ඇති අතර එම සිනමාපටයෙන් පසුව ඔහු පූර්ණකාලීනව දේශපාලන කටයුතු සඳහා නියැලෙන බව සඳහන් වනවා. එසේ නම් තවත් සිනමාපටයක් වෙනුවෙන් සිංහල උපසිරැසි නිර්මාණයක් ගෙන ඒමේ බලාපොරොත්තුව සමඟින් අදට මා සමුගන්නවා.   ඔබ සැමට කඳසුරිඳු පිහිටයි! The Greatest of All Time (2024) Sinhala Subtitles

Due to copyright issues, we no longer provide any torrent link.

ලබා දී ඇති උපසිරැසි Proper HDRip/HC – HDRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

25,083 downloadsDownload The-Greatest-of-All-Time-2024.zip122 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Greatest of All Time (2024) Sinhala Subtitles
Rank: Platinum
Ratings
Reviews
0
සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

25,083 downloadsDownload Subtitles122 KB

15 comments

  1. Bhathiya

    Kalki 2898 AD 2024 sub dennadda.

    Reply
  2. Buddhika laKMal

    ස්තූතියි තරිදු සහෝ...
    ඔරිජිනල් ආපුහම අප්ඩේට් එකක් ඕනේ මචෝ.............

    Reply
  3. Pushpa Keerthi

    ගොඩක් ස්තූතියි යාලුව සබ් එකට. ජයෙන් ජයම වේවා...!!!

    Reply
  4. Thusitha

    Thanks for sub brother ...

    Reply
  5. Tharindu

    Bohoma stuti.. jaya wewa

    Reply
  6. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

    Croods 2013 එකයි sanam teri kasam එකෙයි සබ් unzip වෙන්නෑ errors එනව. ඒ පේජ් එකේ කමෙන්ට් කරන්නත් බෑ. ඇඩ්මින්ල ඒක පොඩ්ඩක් බලනවද

    Reply
    1. Nirmal Vimukthi

      ඒ ගැටළුව නිරාකරණය කරගෙන යන ගමන් ඉන්නේ සහෝ...

      Reply
    2. gihan

      ඉක්මනට හදාගමු. ජය වෙවා

      Reply
  7. dulnitha nesad

    the g.o.a.t.

    the .g.o.a.t.

    anna na

    Reply
  8. dulnitha nesad

    thanks saho

    Reply
  9. dulnitha nesad

    thanks mage eka

    Reply
  10. dulnitha nesad

    thanks

    Reply
  11. Shane Nilusha de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

    Reply
  12. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤

    Reply
  13. Yohan Maduranga

    Thank You!

    Reply

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.