ආයුබෝවන්! මම අදත් අරගෙන ආවෙ බොක්ස් ඔෆිස් වාර්තා බිද දාපු 2015 වර්ෂයේ තිරගත වුණු දැවැන්ත චිත්‍රපටියක් අරගෙන.වැදගත්ම දේ තමයි මේක සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය කරන ලද්දක්.2015 දෙසැම්බර් 16 තිරගත වුණ මේ චිත්‍රපටිය ඇ.ඩො මිලියන 45.87 ක් වගේ ඉහළ ආදායමක් ලබාගෙන ඇති අතර drama/thriller ගනයට අයත් වෙනවා. imdb…

ආයුබෝවන්!
මම අදත් අරගෙන ආවෙ බොක්ස් ඔෆිස් වාර්තා බිද දාපු 2015 වර්ෂයේ තිරගත වුණු දැවැන්ත චිත්‍රපටියක් අරගෙන.වැදගත්ම දේ තමයි මේක සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය කරන ලද්දක්.2015 දෙසැම්බර් 16 තිරගත වුණ මේ චිත්‍රපටිය ඇ.ඩො මිලියන 45.87 ක් වගේ ඉහළ ආදායමක් ලබාගෙන ඇති අතර drama/thriller ගනයට අයත් වෙනවා. imdb 6.4 ක අගයක් ගත්තු මෙය පැය 02 කුත් විනාඩි 05ක් දාවනය වෙනවා.වින්දනයක් වගේම ඇහැට කදුලක් ගෙන එන සංවේදී චිත්‍රපටියක් හැටියට හදුන්වන්න පුළුවන්.කතාව ගැන කියනවනම් මේක තමයි සාරාංශෙ..
හිමාලයේ කන්චෙන්ජන්ගා කදු තරණය කරන අතර වාරයකදි අම් හොන්ග් ගිල් (Hwang Jung-min #veteran/the wailing/new world/odd to my father)කියන කදු නගින්නා.. පාක් මූටෙක් සහ එයාගෙ යාළුවව අතරමං වෙලා ඉද්දි බේර ගන්නවා.ඊට පස්සෙ අවවාද දෙනවා ආයෙ කවදාවත් කදු නගින්න එන්න එපා කියලා.දවස් කීපයකට පස්සෙ අම් හොන්ග් ගිල්ගෙ කණ්ඩායමට අළුත් ව්‍යාපෘතියක් එනවා ආයෙම කන්චෙන්ජන්ගා කන්ද තරණය කරන්න.මේකට අළුත් සාමාජිකයොත් ඕනෙ වෙනවා.මෙයාගෙ කණ්ඩායමේ එක සාමාජිකයෙක් දෙන්නෙක්ව එක්කගෙන එනවා.උන් දෙන්නා ඇවිත් කලින් වතාවෙ කන්දක් පැත්තෙවත් එන්න එපා කියල එලවපු පාක් මුටෙක් සහ එයාගෙ යාලුවා.අම් හොන්ග් ගිල් උන් දෙන්නව භාර ගන්න බෑ කියනවා.ඒත් දෙන්නා උත්සහය අත අරින්නෙම නෑ.ගෙදරට පවා ගිහින් වද දෙනවා.
අන්තිමේදි කොහොමහරි දෙන්නවම බදවගෙන හිමාලයේ කන්චෙන්ජන්ගා කන්ද තරණය කරන්න යනවා.මේ කන්ද තරණය කරද්දිත් කොහොම හරි හුගක් අවදානම් තත්ව වලින් බේරිලා අම් හොන්ග් ගිල් සහ පාක් මුටෙක් විතරක් උඩටම යනවා.මේ තරණයට පස්සෙ මේ දෙන්නා හොද යාලුවො වගේ වෙනවා.ඊට පස්සෙ එකටම තවත් කදු තරණය කරනවා.මේ අම් හොන්ග් ගිල් ලෑස්ති වෙන්නෙ හිමාලයේ උසම කදු 16 නැගපු ලෝකෙ පළවෙනි කෙනා වෙන්න.ඒත් මෙයා 14 ක් නැග්ගට පස්සෙ කකුලට තුවාල වෙනවා. ඒ නිසා ආයෙ කදු නගින්න බැරි තත්වයක් ඇති වෙනවා. ඊට පස්සෙ පාක් මුටෙක් තමයි අළුත් කණ්ඩායමක නායකයා වෙලා අනිත් අයත් අරගෙන කදු තරණයට යන්නෙ.අම් හොන්ග් ගිල් නැතුව යන පළවෙනි එවරස්ට් ගමනෙදිම මෙයයි තවත් එක්කෙනෙකුයි හිම කුණාටුවට අහු වෙලා අතරමං වෙනවා.අනිත් කිසි කෙනෙක්ට කාළගුණේ නිසා උදව්වටවත් යාගන්න බැරි වෙනවා.ඒත් මූටෙක්ගෙ යාළුවා තනියම එයාලව හොයාගෙන කුණාටුවෙම යනවා.මූටෙක්ව හොයා ගත්තත් සීතලට ගල් වෙලා නිසා එයාට එක්කන් එන්න බැරි වෙනවා.යාළුවත් මූටෙක්ට තනියම මැරෙන්න දෙන්න බැරි නිසා ලග නවතිනවා.යාළුවයි පාක් මුටෙකුයි දෙන්නම අන්තිමටම සීතලටම මැරෙනවා.
ඒත් මෙයාලගෙ මිනී හොයාගන්න ඒ තරම් උඩකට කිසි කෙනෙක් යන්නෙ නෑ.ගිහිනුත් නෑ.. කොහොමහරි මෙයාලගෙ මිනී නැතුව අවමගුල් එහෙම ඉවර වුණාට පස්සෙ කාලෙකදි අම් හොන්ග් ගිල්ගෙන් එයා දේශන කරන තැන ළමයෙක් අහනවා මෙච්චර කාලෙකට බිහි වුණ හොදම කදු නගින්නා කවුද කියලා.එයා කියනවා කදු තරණය අතර තුරදි පාක් මූටෙක්ට තනියම මැරෙන්න නොදී අන්තිම වෙනකල් එකට ලගම හිටපු යාලුවා තමයි හොදම කදු නගින්නා කියලා. ඒ සිද්දියට පස්සෙ අම් හොන්ග් ගිල්ගෙ පරණ කණ්ඩායමත් එක්කරගෙන කකුලෙ අමාරුව තිබුණත් නැති වුණ අයගෙ මිනී හොයන්න ආයෙම හිමාල තරණයට යන්න තීරණය කරනවා.
ඉතින් තනි ඇහැට ඇඩෙන චිත්‍රපටියක් මේක.ඔයාලත් බලන්න.පවුලෙ හැමෝටමත් බලන්න පුළුවන්.මේක සත්‍ය කතාවක් නිසා තවත් වටිනවා.ඒ වගේම තමයි උසම කදු 16 නැගපු පළවෙනියා වෙන්න මෙයාට බැරි වුණත් පස්සෙ කාලෙකදි එයා කදු 16 ම තරණය කරනවා.ඒ කරන්නෙ කීර්තියක් ලබා ගන්නවත් වාර්තාවක් තියන්නවත් නෙමෙයි.. පාක් මූටෙක්ට වුණ පොරොන්දුවක් ඉෂ්ට කරන්න.
කලින් මම දීපු ඕනෙම චිත්‍රපටියක් ඩව්න්ලෝඩ් කරගන්න බැරි වුණා නම් FB එකෙන් මට මැසේජ් එකක් දාන්න.FB එකේ මම විතරයි මේ නමින් ඉන්නෙ.ඒ නිසා වැඩි කරදරයක් නැතුව හොයාගන්න පුළුවන්.chamal kalum athapaththu කියලා සර්ච් කරන්න.
බුදු සරණයි!
Due to copyright issues, we do not provide any torrent links.
The.Himalayas.2015.1080p.WEB-DL.H264.AAC-WEBHD
The.Himalayas.2015.Korean.720p.HDRip.x264.AAC-DDL
මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත පිටපත් සඳහා අදාළ වේ.
793 downloadsDownload The-Himalayas-2015.zip97 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/11/ChamalKalum2-e1479516946495.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමල් කැලුම් අතපත්තු
Subtitles
26 comments
Kalana
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......ඉෂාන් මදුෂ
නියමයි.ස්තුතියි සහෝ සබ් එකට
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!අසිත
Koriean nam chamal thamayi.
mama dakka lagandi me film oyt wela thyenawa.....A Violent Prosecutor (2016)
The Katsuragi Murder Case (2016)
The Top Secret Murder in Mind (2016)
Twisted Justice (2016)
Sword Master (2016)අසිත
Pandora (2016) paata wage
IMDB 8.0chamalkalum
Ilagata ekata passe enne pandora thamai saho... wait for it...
mithun
හම්මාබ්ඔන්න යාලුවා ඔයාගෙ ලිපියේ උඩ පේලී දෙක,තුන කියවපු ගමන් සබ් එක ගත්ත... ෆට්ට ආස හිතුන සතුටුයි සහෝ .. සබ් දැම්මට බොහොම ස්තුතියි බලලම ඉමුකො අරගෙන
mithun
ඔයා අයේ හොද එකක් දෙනකම් උන්නෙ අර ටයිගර් එක නම් ෆට්ට මචන්... එව නම් සුපිරිම ෆිල්ම් ගොඩක් ආසාවෙන් බැලුවෙ ඔයාට ෆිං දීල.. මෙක කියන්නම ඔනෙ උම්බ කොරියන් ෆිල්ම් වලට සබ් දානවනම් සුපිරියි මචන් කියන්න වචන නෑ එච්චරටම වචනවල රසවින්දනය තියල දානව.. මෙ කරන වෑඩේ නම් නවත්වන්න එපා ඔන්න් සහෝ...
chamalkalum
Thanks bro... iilaga ekath supirima ekak thamai.balan innako... elazzz
mithun
මේ ස්ටොරී එකම තියෙන english මුවී එකක් බැලුව 2015 වර්ෂයේම (Everest 2015) kiyala. Ekat supiri Imdb rat ekat 7.1 ekata කොහොම නුමුත් කොරියන් එක නම් බලනව අයෙ දෙකක් නෑ
chamalkalum
math baluwa english eka.eeka boring wageene.meka ehema na.balalama kiyanna.
Dish
niyamai tnx chamal.....
My annoying brother- movie ekatath sub denna puluwannam
chamalkalum
Aniwa.. eeke thaama eng sub na.ekai balagena inne enakal..
Udara Damith B/K
..............ස්තූතියි..........
Kulanjana Maduranga
niayamai…thanks CHAMAL saho..sub ekata..digatama sub demu.jaya wewa……
chamalkalum
hari bro
thisal
බොහොම ස්තුතියි
dedunu
niyamai ..
film eka download karagena godak kal wenawa..
sub nati handa baluwe na....
ada balanna puluwan.
Thanks bro....chamalkalum
elane ehenam..
gayan
tnx malayaa
thilina
Thank you very much
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hiruni Himasha
tnqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq ayya...... :-)
chamalkalum
elazz
nidi
චාමල්, ගොඩක් ස්තුතියි අපූරැ චිත්රපට රැසක් අපට දෙනවාට!
The Tunnel, Pandora, The Long way Home.....මොන තරම් අපූරැ නිර්මාණද? බයිස්කෝප් සයිට් එක නොතිබෙන්න, ඔයාලා වගේ අය නොහිිටින්න අපි වගේ අය කවදාවත් මේ වාගේ චිත්රපට බලන එකක් නැහැ.
The Himalayas හැමෝටම බලන්න වටින චිත්රපටයක්. දුක, සතුට, වීරත්වය, මනුෂ්‍යත්වය මැනැවින් විදහා දැක්වෙන්නක්.
ඒවා තවත් කුළුගැන්වෙන විදියට සබ්ස් දීලා තියෙන විදිය අපූරැයි!
ගොඩක් ස්තුතියි! ගොඩාක්!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

THANX සහෝ එළ