Watch Trailer

The Hurricane (1999) Sinhala Subtitles | රබින් (කුණාටු)කාටර් [සිංහල උපසිරසි]

මම අද අරගෙන ආවෙ 1999 නිකුත් උන පට්ටම චිත්‍ර පටියක්. IMDB අගය 7.6 ක් සහ කුණු තක්කාලි අගය 83% ලබාගෙන තියෙනවා.අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Norman Jewison, ඒ වගේම ඔස්කාර් සම්මාන නිර්දේශිත සහ ගෝල්ඩ්න ග්ලෝබ් සම්මානයෙන් පිදුම් ලබපු විශිෂ්ඨ චිත්‍ර පටයක්. හරි මේකයි කතාව, මුලින්ම කියන්න ඕනි මේක සත්‍ය කතාවක්. ඔයාල…

මම අද අරගෙන ආවෙ 1999 නිකුත් උන පට්ටම චිත්‍ර පටියක්. IMDB අගය 7.6 ක් සහ කුණු තක්කාලි අගය 83% ලබාගෙන තියෙනවා.අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Norman Jewison, ඒ වගේම ඔස්කාර් සම්මාන නිර්දේශිත සහ ගෝල්ඩ්න ග්ලෝබ් සම්මානයෙන් පිදුම් ලබපු විශිෂ්ඨ චිත්‍ර පටයක්.

හරි මේකයි කතාව, මුලින්ම කියන්න ඕනි මේක සත්‍ය කතාවක්. ඔයාලා සාමාන්‍යෙන් බොක්ක්සින්ග් ක්‍රීඩකයො කීදෙනෙක් විතර දන්නවද ඒ කිව්වෙ වෘතීයමය හෝ චිත්‍ර පට වලට අනුව.රොකී බැල්බෝවා,ඇපලෝ ක්‍රීඩ් ,මොහොමඩ් අලී , මයික් ටයිසන් තව ඉන්නවා.හරි රුබින් කාටර් කියන්නෙ තවත් එක් කලු ජාතික බොක්සින්ග් ක්‍රීඩකයෙක්.හරිකේන් එහෙම නැත්තන් රුබින් හරිකේන් කාටර් කියන්නෙ එයාගෙ “රින්ග් නේම්” එක එහෙම නැත්තන් පුද්ගලයෙක් වෘතියෙන් උපයගන්න නම.රුබින් කියන්නෙ එයාගෙ මුල් නම, කාටර් කියන්නෙ එයාගෙ මුත්තගෙ වහල් නම. 1966 දී, Rubin “The Hurricane” Carter, ලොව ශ්‍රේෂ්ඨතම බොක්සිං ශූරයා බවට පත් වනු ඇතැයි බොහෝ රසිකයන් බලාපොරොත්තු වුනත් හරිකේන්ගෙ හමේ පාට සහ දූෂිත පොලිසිය නිසා ඒක එහෙම උනේ නෑ.

රුබින්ගෙ චරිතයට පණ පොවන්නෙ කවුරුත් දන්න Denze Washington.කාටර් කියන්නෙ දක්ශ බොක්සින්ග් ක්‍රීඩකයෙක්.නොකල වරදකට ඔහු 3 වරකට වසර 30 ක් සිරගත වෙනවා.ඔහුව සිරගත කරන්න හේතු වෙන්නෙ ඔහු කලු ජාතිකයෙක් වීමයි.ඔහු පලමු වරට සිරගත කරන්නෙ වයස අවුරුදු 11 දි. ඒ ඩෙලා පෙස්කා කියල පුද්ගලයෙක් නිසා.ඩෙලා පෙස්කා ඔහුව සිර ගත කරන එක තමාගෙ රාජකාරිය කරගෙන හිටියෙ.3 වෙනි වරට ඔහහුව සිරගත කරන්නෙ ඔහුගේ ජාතිය, ඔහුගේ බොක්සිං වෘත්තිය සහ තත්වය සහ සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරිකයෙකු ලෙස ඔහු කළ සේවය ඔහුගේ වරදට සැබෑ හේතුවක් බව කියමින්. සිරගත වෙලා ඉද්දි කාටර් තාමාගෙ චරිතෝපදානය ලියනවා.ඒක පොතක හැටියට එලිදක්වනවා , ඒකෙ නම 16th Rounds. ලෙස්‍රා මාටින් කියල පොඩි ලමයෙක් මේ පොත කියවනවා.ඇත්තටම රුබින් නිදහස් වෙන්න මූලිකම දේ වෙන්නෙ ලෙස්‍රා මේ පොත කියවපු එක.ලෙස්‍රා මේ පොත කියවලා ගොඩක් සංවේදි වෙනවා,පසුව ලිපි හරහා ලෙස්රා, කාටර්ව හම්බවෙනවා.

1985 දී, ෆෙඩරල් දිස්ත්‍රික් උසාවිය කාටර්ගේ දෙවන නඩු විභාගයේදී නඩු පැවරීමේදී “බරපතල ව්‍යවස්ථාමය උල්ලංඝනයන්” සිදු කර ඇති බවත්, ඔහුගේ වරද පදනම් වූයේ කරුණු වලට වඩා වර්ගවාදය මත බවත් තීන්දු කරා. එහි ප්‍රතිඵලයක් ලෙස කාටර් සහ ආර්ටිස් අවසානයේ නිදහස් විය. තීන්දුවෙන් පසුව කාටර් ඔහුගේ කතාව සාරාංශ කළේ, “වෛරය මාව මේ තැනට ගෙනාවා, ආදරය මාව එළියට දැම්මා” යනුවෙන් පවසමින්.

එහෙනම් තවත් උපසිරසකින් හමුවෙමු

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BluRay පිටපත් සඳහා අදාළ වේ.

1,940 downloadsDownload The-Hurricane-1999.zip60 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “‍ලක්ෂාන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-07-01
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

‍ලක්ෂාන්

Subtitles

1,940 downloadsDownload Subtitles60 KB

13 comments

  1. Anonymous

    Supiri❤️

  2. Anonymous

    Elakiri

  3. Anonymous

    patta kalayak baln hitapu sabak. thanks saho

  4. නිරෝෂ්

    ස්තුතියි ලක්ෂාන් සහෝ.ජයවේවා !

  5. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  6. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    ස්තූතිය ප්‍රකාශකිරීම සිංහල උපසිරසි ලබාගන්නා
    නියම සිංහලයන්ගේ සිරිතකි ........!!

  7. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  8. indika 75

    thanks..

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  10. Dewadithya

    Thanks for sub!

  11. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Manu

    Godak sthuthi.. Jaya wewa!