Watch Trailer

Elvis (2022) Sinhala Subtitles | රොක් & රෝල් රජු [සිංහල උපසිරසි]

හොදයි මම අද අරගෙන ආවෙ 2022 වසරේ නිකුත් උන සත්‍ය කතාවක් පාදක කරගත්ත සුපිරිම ෆිලුමක්, කවුද මේ ELVIS PRESLI කියන්නෙ.නිකමට වගේ මුහුණු පොතේ හොයල බෙලුවොත් දදැකගන්න පුලුවන් මිලියන 12 ක ෆලෝවර්ස්ල ඉන්න ෆෑන් පේජ් එකක්.හරි ELVIS PRESLI කියන්නෙ සුදු ජාතික ඇමරිකානු ගායකයෙක්. පෙනුමෙන් නම් සුදු ජාතිකයෙක් ඒ උනාට එ…

හොදයි මම අද අරගෙන ආවෙ 2022 වසරේ නිකුත් උන සත්‍ය කතාවක් පාදක කරගත්ත සුපිරිම ෆිලුමක්,

කවුද මේ ELVIS PRESLI කියන්නෙ.නිකමට වගේ මුහුණු පොතේ හොයල බෙලුවොත් දදැකගන්න පුලුවන් මිලියන 12 ක ෆලෝවර්ස්ල ඉන්න ෆෑන් පේජ් එකක්.හරි ELVIS PRESLI කියන්නෙ සුදු ජාතික ඇමරිකානු ගායකයෙක්. පෙනුමෙන් නම් සුදු ජාතිකයෙක් ඒ උනාට එහෙම නෑ.

“Before Elvis, there was nothing” බීට්ල්ස් බෑන්ඩ් එකේ John Lennon කියන විදිහට එල්විස් ප්‍රෙස්ලිට කලින් ලෝකයෙ ජනප්‍රිය සංගීතය ඇතුළෙ කිසිම දෙයක් තිබුණෙ නෑ. නමුත් ඇත්තටම ප්‍රෙස්ලිට කලින් වැදගත් චරිත ගණනාවක් ම ඇමරිකානු සංගීත ක්ෂේත්‍රයේ හිටිය. එහෙනම් ප්‍රෙස්ලි විතරක් විශේෂ වෙන්නෙ ඇයි?

වහල් සේවාව වෙනුවෙන් අප්‍රිකාවේ ඉඳන් ඇමරිකාවට ගෙනා කලු ජාතිකයින්ව මේ වහල් සේවයෙ යොදවාගැනීම තහනම් කරල ඔවුන්ට නිදහස් මිනිස්සු විදිහට පිළිගැනීම ලැබිල සියවසක් පමණ ගතවුණත් ඇත්තටම ඇමරිකානු සමාජයෙමේ කලු ජාතිකයින්ට හිමි වෙලා තිබුණෙ අඩු තැනක්. 1900 ගණන්වල මුල් භාගයෙදි මේ කලු ඇමරිකානුවන් තමන්ගෙ අප්‍රිකානු මුල් වලින් ලැබුණු ජන සංගීතයත් ඇමරිකාවේ සාම්ප්‍රදායික country සංගීතයත් එක්ක මුහු කරගෙන Jazz, Blues, Soul, Southern Gospel music වගේ සංගීත ක්‍රම ගණනාවක් නිර්මාණය කරගෙන තිබුණ. ඔවුන්ගෙ මේ Jazz/ Blues සංගීතයට සුදු ජාතිකයන් අතරෙ පිළිගැනීමක් ලැබුණෙ නෑ. සුදු මිනිස්සුන්ගේ සංගීතය වුණේ Country music වගේදෙයක්. අසම්මත නාද රටාවන් එක්ක උච්ච ස්වර වලින් කෑගහන දඟලන “යක්ෂයාගෙ සංගීතයක්” විදිහටයි බහුතර සුදු මිනිස්සු මේ Jazz/ Blues සැලකුවෙ. Jazz/ Blues උපදින්නෙ කලු ජාතිකන් වැඩිවශයෙන් හිටපු ඇමරිකාවේ දකුණට වෙන්න මිසිසිපි, ලුසියානා වගේ ප්‍රාන්තවල. 1940/50 වගෙ වෙනකොට මේ blues තාලෙට තරමක් වැඩි වේගයෙන් ගායනා වෙන Rock n Roll සංගීත ක්‍රමය Chuck Berry වගේ කෙනෙක් ඉදිරියට අරගෙන ආව. ඔය අතරෙයි මේ blues හැදුණ මිසිසිපි පලාතෙන් එන එල්විස් ප්‍රෙස්ලි නම් අපූරු කඩවසම් තරුණය තමන්ගෙ උණුහුම් ගැඹුරු කටහඬින් Rock n Roll සින්දු කියන්න පටන් ගන්නෙ. වැදගත්ම දේ ඔහු සුදු හමක් ඇති කෙනෙක් වීම. “කලු හම ඇති උන්ගෙ විකාරසහගත පිස්සු සංගීතයක්” විදිහට අවමන් ලැබුණු සහ සුදු ජාතිකයන්ට නොගැලපෙන තරම් පහත් දෙයක් විදිහට කොන් කරල තිබුණු Jazz/blues රිද්මයට ජාති බේදයක් නැතුවම හැමෝම ආකර්ශණය වෙන්න පටන් ගත්තෙ ඉන් පස්සෙ. විශේෂයෙන් නව යෞවන තරුණයො වර්ණභේද වාදය පැත්තකට දාල Rock n Roll වටා එකතු වුණා.

කලු සුදු කියල මිනිස්සු වෙන් කරල තිබ්බ සංස්කෘතික සීමාවක් එල්විස් ප්‍රෙස්ලි කඩා බිඳල දැම්ම. ඔහු ඇමරිකානු සමාජෙ සංස්කෘතික icon එකක් වුණා. ඒ සංගීතය විතරක් නෙමේ, ඇඳුම් පැලඳුම්, නිදහස් අදහස් සමාජයට ලොකු බලපෑමක් වුණා. ඇමරිකානු සංස්කෘතියට ඔහු කල මේ බලපෑම අදටත් ජීවමානව පවතින යමක්. එහෙම බලද්දි එල්විස් කියන්නෙ නිකම් ගායකයෙකුටත් වඩා ගතානුගතිකව ආපු සම්ප්‍රදායන් සුනුවිසුණු කරල දාපු සංස්කෘතික විප්ලවකාරයෙක් කිව්වොත් වරදක් නැති වෙයි. Jazz/ Blues/ Rock n Roll සංගීතයට මුලු ලෝකෙම අවධානය ලැබුණෙ එල්විස් ගෙන් පස්සෙයි. පසුකාලීනව Rock music වගේ සංගීත ක්‍රමයක් හැදෙන්නත් එල්විස් ඇති කල මේ බලපෑම සෑහෙන හේතු වුණා. තමන්ට කලින් බොහෝ අය හිටියත් එල්විස් ඉන්පස්සෙත් පරම්පරා ගාණකට අලුතෙන් හිතන්න පාරවල් විවර කරල දුන්න.ලෝකයෙ වැඩිම ගීත ප්‍රමාණයක් අලෙවි වුණු කලාකරුව විදිහට හඳුනාගැනෙන්නෙ එල්විස් ව (over 500 million records). බොහෝ අය ඔහුව එදාමෙදාතුර බිහිවුණු හොඳම ගායකය best performer විදිහට නම් කරනව. ලෝකය පුරා අදහන ආගමක් තරමට ප්‍රබල නමක් එල්විස් කියන්නෙ. “Before Elvis, there was nothing” කියල John Lennon කියන කතාව තේරුම් ගන්න පුලුවන් වෙන්නෙ මේ ඉතිහාසය දිහා බලනකොටයි.

2022 ඔස්ට්‍රේලියානු නිශ්පාදනයක් විදිහට තිරගත වෙන Elvis චිත්‍රපටය නැරඹුවොත් මේ එල්විස් ඇති කල සමාජ බලපෑම කොහොම එකක්ද කියන දෙය ඔබට වටහගන්න ලැබෙයි. චිත්‍රපටය ගොඩනැඟෙන්නේ එල්විස් ගේ පුද්ගලික කළමනාකාරවරයා වුණු Tom Parke ගේ දෘෂ්ටි කෝණයෙන්. ඔහුට මුලින්ම මේ තරුණයාව මුණගැහෙන්නෙ කොහොමද, ඉන්පස්සෙ දෙදෙනම එකතුවෙලා එල්විස් ගේ සංගීත ගමන මෙහෙයවගන්නෙ කොහොමද කියන දෙය මූලිකවම චිත්‍රපටයට ඇතුළත් වෙන්නෙ. චිත්‍රපටය පුරාම කැපිල පේන්නෙ එල්විස් ගෙ චරිතය රඟදක්වන Austin Butler ගේ රඟපෑම. 2018 දි Bohemian Rhapsody චිත්‍රපටයෙ රමී මලෙක් Freddy Mercury ගෙ චරිතය ප්‍රතිනිර්මාණය කල හැටි ඔබට මතක නම් Austin ගේ එල්විස් ප්‍රතිනිර්මාණයත් ඊට නොදෙවනි බවයි කියන්න තියෙන්නෙ. Austin තමන්ගෙ චරිතය හොඳින් කරන්න මුලින්ම රමීගෙන් උපදෙස් ගත්ත බව කියා තිබුණ. බොහෝ විට ඉදිරියෙදි පැවැත්වෙන ඔස්කාර් සම්මාන උළෙලකදි වගේ ඔහුගෙ නම අපිට ආපහු අහන්න ලැබේවි. Tom Parke ගෙ චරිතය කරන Tom Hanks සුපුරුදු විදිහට රඟපාන බව නොදැනෙන රඟපෑමක් කරනව. Elvis ආදායම් අතින් පවා සෑහෙන හොඳ සාර්ථකත්වයක් ලබාගන්න සමත්වෙනව. සංගීතයම ආත්මය කරගත්ත මනුස්සයෙකුගේ ජීවිත කතාවක් හින්ද සංගීතය කියන්නෙ මේ වගේ චිත්‍රපටයක බොහෝම වැදගත් කොටසක්. විශේෂයෙන් එල්විස් ගේ ගීත චිත්‍රපටයෙ රසවින්දනාත්මක බව උපරිම වෙන විදිහට යොදාගෙන තිබුණ කියලයි මට දැනුනෙ. තරුණ එල්විස්ගෙ ගයනාවන් වෙනුවෙන් ඒ චරිතය රඟපාන Austin Butler ගෙ හඬ යොදාගෙන තියනව. එල්විස් ගේ පසුකාලීන ගායනාවන් වෙනුවෙන් භාවිතා කරල තියෙන්නෙ එල්විස්ගේ ම හඬ බවයි චිත්‍රපටයෙ අධ්‍යක්ෂ Baz Luhrmann කියන්නෙ.


එල්විස් කියන්නෙ තරු දාහක් මැද එකම හඳක් වගේ බැබලුණු චරිතයක් වුණත් තමන්ගෙම ඇතුළාන්ත අඳුරකින් ඔහු පීඩාවින්ද. එක හේතුවක් තරුණ වයසේදිම ඔහු බොහෝම ආදරය කල ඔහුගේ මව මියයාම. අනෙක් පැත්තෙන් කාර්‍යබහුල බව නිසා බිරිඳ හා දරුවන් එක්ක නිදහසේ ගතකරන්න වෙලාවක් නැති වීම. මේ අවිවේකී පීඩාකාරී ජීවිත රටාව හින්ද එල්විස් බොහෝ තදබල විදිහට වෙහෙසට පත්වුණා. මේ වේදනාවන්ගෙන් මිදෙන්න ඔහු මත්ද්‍රව්‍ය වල පිහිට හොයාගෙන ගියා. සමහර වෙලාවට තමන් විඳින ඇත්ත වේදනාවන් සංගීත ප්‍රසංගයක සජීවී ඉදිරිපත් කිරීමක් ඇතුලෙ ඔහු මුදාහැරිය. ආදරය මොන තරම් හොඳ දෙයක් වුණත් තමන්ගේ කලාව වෙනුවෙනුත් තමන් වටා ගොඩ නැගෙන යෝධ මිනිස් පවුර වෙනුවෙනුත් තියන ආදරය එල්විස් ගේ ජීවිතය ඉක්මණින්ම ඔහුගෙන් උදුරා ගත්ත කියලයි මම හිතන්නෙ. ඒ ආදරයම ඔහුගෙ ශාරීරික සහ මානසික සෞඛ්‍ය බිඳ දැම්ම. හඳක්ම වගේ ලෝකය ඉදිරියෙ බැබලුණු ඔහු ඒ වගේ ඉක්මණින්ම අඳුරු වළාවක සැඟවිලා ගියා. නමුත් ඔහු කල කී දේවල් ඉතිහාසය තිබෙන තුරුම මිනිස්සු අතර පවතීවි. Music වලින්ම ඔහු කල සමාජ සංස්කෘතිය විප්ලවය කොයිවගේ එකක්ද කියල දැකගන්න නම් මේ චිත්‍රපටය බලන්න. මේව නම් big screen ම බලන්න ඕන චිත්‍රපට වුණත් ඒ අවස්ථාව අපිට ලැබුණේ නෑ. කොහොම වුණත් Elvis කියන්නෙ අනිවාර්යයෙන්ම මේ අවුරුද්දේ ලබාගන්න පුලුවන් රසවින්දනාත්මකම සිනමා අත්දැකීමක් බවට සැකයක් නෑ.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB / BR පිටපත් සඳහා අදාළ වේ.

4,096 downloadsDownload Elvis-2022-BR.zip143 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “‍ලක්ෂාන් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-07-01
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

‍ලක්ෂාන්

Subtitles

4,096 downloadsDownload Subtitles143 KB

23 comments

  1. AKEESHA

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ

  2. Anonymous

    supiri❤️

  3. Anonymous

    Thanks

  4. හිෂාන් සමරසිංහ

    Goodnight Mommy (2022 ‧ Drama/Thriller ‧ 1h 31m) movie එකටත් subtitles දෙන්නකෝ.

    1. Anonymous

      dennm bro

  5. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  6. Dewadithya

    Thanks for Sub!

  7. Shednas96

    අම්මො බලාගෙනම හිටපු සබ් එකක් . බොහොම ස්තූතියි.

  8. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    ස්තූතිය ප්‍රකාශකිරීම සිංහල උපසිරසි ලබාගන්නා
    නියම සිංහලයන්ගේ සිරිතකි ........!!

  9. Naveen

    උපසිරසියට තුති

  10. Subhash

    තෑන්ක්ස් සහෝදරයා

  11. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  12. indika 75

    thanks..

  13. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  14. Hasiya KG

    උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️

  15. Suranga

    Can u update subs to Blu-ray version.

  16. Anonymous

    bluray එකට update කරන්න පුලුවන්ද

    1. Anonymous

      Ok

  17. SHERON

    BLONDE 2022 MOVIE එකට SINHALA SUB එක දෙන්න පුළුවන්ද?

    1. ලක්ෂාන්

      ඒකට SUB කරන ගමන් කිව්වා.ලගදිම හම්බවෙයි

    2. ලක්ෂාන්

      ඒකට සබ් කරන ගමන් කිව්වා.ලඟදිම හම්බවෙයි.

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Manu

    Godak sthuthi.. Jaya wewa!