Watch Trailer

The Incredibles 2 (2018) with Sinhala Subtitles | සුපිරි පවුල ආයෙත් ! [සිංහල උපසිරැසි සමඟ]

Incredibles ඔව් ඔස්කාර් සම්මාන දෙකක් දිනපු IMDb අගය 8ක් හිමිකරගත්ත Disney සහ Pixar Animation දායකත්වය යටතේ 2004 වසරේ ඔබට මට දැකගන්න රිදී තිරය මත දිගහැරුන ත්‍රිමාණ සජීවිකරණ සලරුවේ දෙවැන්න තමයි අද මම සිංහල උපසිරැසි සමඟින් ඔයාලට අරගෙන ආවේ. අවුරුදු 14 කට පසුව මෙහි දෙවැන්න නිර්මාණය කරන්න තීරණය කිරීම ගැන…

Incredibles ඔව් ඔස්කාර් සම්මාන දෙකක් දිනපු IMDb අගය 8ක් හිමිකරගත්ත Disney සහ Pixar Animation දායකත්වය යටතේ 2004 වසරේ ඔබට මට දැකගන්න රිදී තිරය මත දිගහැරුන ත්‍රිමාණ සජීවිකරණ සලරුවේ දෙවැන්න තමයි අද මම සිංහල උපසිරැසි සමඟින් ඔයාලට අරගෙන ආවේ. අවුරුදු 14 කට පසුව මෙහි දෙවැන්න නිර්මාණය කරන්න තීරණය කිරීම ගැන මේ සමාගම් නම් මේ වනවිට ඉමහත් සතුටකින් ඇත්තේ. ඉතින් ඒ සතුට පිටුපස නිසැකවම ඉන්නේ මේ චිත්‍රපටය මේ වනවිට සමාගම වෙනුවෙන් ලබාදුන් ආදායම් වාර්තා කිව්වොත් වඩා නිවැරදියි. 2018 වසරේ ආදායම් වාර්තා සටහන් පෙරලුවොත් ඔයාලට මේ චිත්‍රපටය මුල් අංක තුන අතර ඉන්නවා දකින්න ලැබේවි. ඒ වගේම තමයි පළමු චිත්‍රපටයට නොදෙවෙනි වෙන්න දැනට මෙහි IMDb අගය වාර්තා වෙන්නේ 8.1 විදිහටයි. ඒ වගේම Rotten Tomatoes අගය 94% විදිහටත් ලබාගනිමින්  දෙවන ආගමනය  ඉතාමත් ඉහල ස්ථානයක  සනිටුහන් කරන්නට අදවන විට සමත්වී තිබෙනවා. මේ ලිපිය ලියන දින එනම් 2018.10.22 දින වන විට සමස්ත ආදායම  ඩොලර් මිලියන 1228ක් උපයාගෙන අවසානයි. ඒ වගේම ඇනිමේෂන් චිත්‍රපටයක් මේතාක් කාලයකට හිමිකම් කියූ දෙවන වැඩිම ආදායමත් හිමි වන්නේ මේ චිත්‍රපටයටයි. මේ වෙනුවෙන් වැයවූ නිෂ්පාදන පිරිවැය උනේ ඩොලර් මිලියන 200ක්. ඉතින් සාර්ථකත්වය ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැනේ. ලොව වැඩිම ආදායම් අතින් 16 වන තැනත් මේ ඇනිමේෂන් චිත්‍රපටය හිමිකරගෙන අවසානයි. එහෙනම් මම කියන්නම් මේ චිත්‍රපටයේ පළමු වැන්න මොකද්ද සහ එහි අවසානය ගැන.

පළමු චිත්‍රපටයේ පසුබිම

බොබ් එහෙමත් නැතිනම් මිස්ටර් ඉන්ක්‍රෙඩිබල් කියන්නේ සුපිරි වීරයෙක්. එයාට තියෙනවා ලොකු ශක්තියක්. ඒ වගේම ඉලාස්ටිගර්ල් හෙවත් හෙලන් පාර්ර් කියන්නේ නම්‍යශීලි සිරුරක් තියෙන ඇඟ විවිධ ආකාරයට අදින්න පුළුවන් කම තියන කෙනෙක්. ඇය තමයි බොබ්ගේ බිරිඳ. ඉතින් එක්තරා සුපිරි වීර වැඩකදී ඉන්ක්‍රෙඩිබල් මහත්තයා ඇතුළු පිරිස කරන වරදක් නිසා ලෝකයම සුපිරි වීරයන්ව ප්‍රතික්ෂේප කරනවා ඔවුන්ගේ සේවය තව දුරටත් අවශ්‍ය නැහැ කියල. ඒ වගේම සුපිරි වීරයන්ව නීතියෙන් තහනම් කරනවා. මේ පවුලේ තව සාමාජිකයෝ තුන් දෙනෙක් හිටියා කියල මතක ඇති. ෆ්ලෑෂ් වගේ දුවන්න පුළුවන් කම තියන ඩෑෂ් කියල පුතෙකුයි. තමා වටා ශක්ති වළල්ලක් නිර්මාණය කරගන්න පුළුවන් වයලට් කියල දුවෙක් සහ ජැක්-ජැක් කියල සුපිරි බබෙකුත් මේ පවුලට අයත් උනා. මේ හැමෝම සුපිරි වීරයන් නිසා එයාලගේ ප්‍රධාන රාජකාරිය උනේ සුපිරි වැඩ කරලා ලෝකය බේරගන්න එක. දැන් තත්වය වෙනස් ලෝකෙට එහෙම අවශ්‍යතාවක් නැහැ. ඉන්ක්‍රෙඩිබල් මහත්තයට සිද්ධ වෙනවා රක්ෂණ නියෝජිතයෙක් වෙන්න. එයා දැන් මිනිස්සුන්ට රක්ෂණ  ඔප්පු විකුනනවා. ඉලාස්ටිගර්ල් සාමාන්‍ය ගෘහණියක් විදිහට දරුවන් බලාගෙන ඉන්නවා. කලින් ගෙවූ ජිවන රටාව මුළුමනින්ම වෙනස් උන නිසා දැන් අලුත් ජිවන රටාවෙන් ඉන්ක්‍රෙඩිබල්මහත්තයට නම් එපා වෙලා ඉන්නේ. ඒ අතරේ ඉන්ක්‍රෙඩිබල් මහත්තයාගේ යාලුවෙක් වන තවත් සුපිරි වීරයෙක් ඉන්නවා ෆ්‍රෝසන් කියල. එයා එක්ක පොලිස් සංනිවේදන මාර්ග වලට හොරෙන් සවන් දෙමින් සුපිරි වීර වැඩ වලත් නීතියට පිටින් නියැලෙනවා. මේ අතරේදී ඉන්ක්‍රෙඩිබල් මහත්තයට අලුත් යෝජනාවක් ලැබෙනවා. ඉතින් මේ යෝජනාව භාරගන්න යන මිස්ටර් ඉන්ක්‍රෙඩිබල්ට මුණ ගැහෙන්නේ කලින් සුපිරි වීරයෙක් වෙන්න දඟලපු කෙනෙක්ව. දැන් එයා තාක්ෂනය උපයෝගී කරගෙන සුපිරි වීරයෙක් වෙන්නයි යන්නේ. එයාම නිර්මාණය කරන රොබෝ වරුන්ගෙන් එයාම ලෝකය බේරාගෙන තමන් සුපිරි වීරයෙක් බව ඔප්පු කරන්නයි මේ කෙනාට අවශ්‍ය. ඉතින් අවසානයේ ඉන්ක්‍රෙඩිබල් පවුල මේ කෙනාව පරාද කරල් ලෝකය මේ කරදරෙන් බේරගන්නවා.  අන්න එහෙමයි පළමු වැන්න අවසන් උනේ. අවසානයේ අපි දැක්කා පොළව පලාගෙන උඩට එන ලොකු යන්ත්‍රයක් එක්ක සටන් කරන්න මේ පවුලම සූදානම් වෙනවා.

මේ චිත්‍රපටය ඇරඹෙන්නේ එහෙමයි. ඒ යන්ත්‍රය එක්ක සටන් කරන්න යන ඉන්ක්‍රෙඩිබල් පවුලට සිද්ධ වෙන්නේ නොහිතපු දෙයක්. අන්තිමේ වඳින්න ගිය  දේවාලේ ඉහේ කඩා වැටුනා වගේ වැඩක් වෙලා සුපිරි වීරයන් ලෝකයේ තහනම් කරනවා. ඉතින් මේ සිද්ධිය අවසානයේ එයාලට සිද්ධ වෙනවා හැංගිලා ඉන්න. ඒ අතරේදී මේ පවුලට කෙනෙක් මුණ ගැහෙනවා ෆ්‍රෝසන් මාර්ගයෙන්. ඉතින් ඒ කෙනා ළඟ අපුරු යෝජනාවක් තියෙනවා. ඒ අපුරු යෝජනාව මොකද්ද කියල දැනගන්න ඔයාලට මේ චිත්‍රපටිය බලන්නම වෙනවා. එහෙනම් පසුගිය ජුනි 15 තිරගත වීම ආරම්භ කල මේ සාර්ථක සලරුවට හඬ කැවීම් අංශයෙන් කලින් දායක වූ පිරිසම දායක වෙනවා. Craig T. Nelson, Holly Hunter, Sarah Vowell සහ Samuel L. Jackson සුපුරුදු පරිදි හඬ දායකත්වය ලබා දෙනවා. මෙහි අධ්‍යක්ෂණය සිදු උනේ කලින් අධ්‍යක්ෂකවරයා වූ Brad Bird විසින්මයි. එහෙනම් තවත් ප්‍රමාද නොකර මම ගිහින් එන්නම්. ඒ වගේම මේ ලබා දෙන්නේ නියම HD පිටපතට අදාළ උපසිරස. ඊයේ දින නිකුත් උන දැන්වීම් සහිත පිටපත ඩවුන්ලෝඩ්ම කළා නම් මේක ගැලපෙන එකක් නැහැ. ඒ නිසා අලුත් HD පිටපත බයිස්කෝප්ඩවුන්ලෝඩ් අඩවියෙන් බාගත කරගන්න. නැවත හමුවෙමු. සුබ දවසක්. ජය!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links මෙම ලබා දී ඇති උපසිරැසිය WEB/HD/Bluray පිටපත් සඳහා ගැලපේ.

32,838 downloadsDownload Incredibles-2-2018-BR.zip132 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

32,838 downloadsDownload Subtitles132 KB

166 comments

  1. prabhathmadushanka

    supiriiiiiiiiiiiiii thnx sub ekata jaya wewaaaa

  2. Bandaramudiyansi

    අද නෙද මෙක ආවේ පිස්සු හැදෙනව නෙ.
    Thanks

  3. Himantha

    Sub ekata thanx bro
    Mile-22 ekata sub ekath denawada.

  4. Praveen

    thnkzzzzzzzzzz

  5. ssandeepa

    Sathi gaank thisse baln idiya meeka sub eka enakn. Thanks bro... All the best!

  6. Thisara Neo

    Thanks uncle

  7. Nandana_kumara

    Tu සහෝ

  8. jayamanna97

    thnku wenda one... film ek release wela hariayatama maasa 5kata passe original copy eka awe...

  9. dinesh88

    නියමයි ස්තුතියි sub එකට

  10. Bomilapiyumal

    Thanks henakal balan hitiye meka enakan

  11. Milind@

    Thanks saho

  12. Sherlock holmes

    Thanks bro..jaya wewa

  13. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  14. Gathsara Umesh

    එනකම් ඉදියේ...බොහෝම් ස්තූතියි සහන්ත අයයේ....
    හොද ෆිල්ම් එකක් න්ම් මිස් කරන්නෙම නෑ නෙද...ආ..❤️❤️

  15. විමා

    අලුත් කෙනෙක් නේද
    පලවෙනි උපසිරසට සුභපැතුම්
    සබට තුති වේවා
    දිගටම කරමු සහෝ

  16. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  17. Nuwan_Hero

    Ammo Meka Thanks Hode

  18. Shiromal

    Agili gena gena idipu film ekak..
    Thaks for sub aiye..
    Good Luck..

  19. ශසිත් සඳරුවන්

    දවසෙන් සබ දීලා නෙව.
    අනිවා බැලිල්ලක්.
    සබට තුති කිව්වා..
    ඔබට ජය වේවා!</b.

  20. Panther

    Thanz saho

  21. Pathmila_kushantha94

    අම්මෝ ඇති යන්තම් ඇවිල්ලා....! මේ හිටියා වගේ Bluray එනකම්ම ඉන්නවා!

  22. Jumanji

    Niyamai saho.

  23. geethkamal

    tnx bro sub ekata. jaya wewa

  24. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  25. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi bro sub ekata. Jaya wewa...!

  26. Ravindu Dananjaya

    සිංහල උපසිරැසි වලට බොහොම ස්තුතියි 22mile movie එකටත් sinhala sub dennako

  27. TEP

    thanks for sub bro

  28. sachithra

    podi kale asawen balapu film ekk thamai palamu film eka.2kth asawen balanwa.tnx hasantha sahoo bs

  29. PasinduDeshan

    sub1 enakam balagena hitiye....thanks

    1. aicmi

      oka balgana eina dayaki nameina ,yanina opensubtitles.org sub ona tarmi

    2. aicmi

      a yakoo reply nada yakoo

  30. subodha

    Thanks

  31. sks

    podi niwaradi kirimak
    "Incredibles 2" is the second-highest-grossing animated film of all time. wikipedia.org
    Frozen no 1

  32. aicmi

    TamilRockers.com aka natitam maylati eiwarei

  33. Hansajaamajith

    thnx BRO

  34. Ayesh Prashan

    Thank You

  35. lahiru..199

    Thanks saho sub dippu eka ...arrow season 7 e2 ekatath sab banna ko ikmanata

  36. kaweesha kalyana

    thanx bro...

  37. Sandeepmadushan

    Enakm balan hitiya sub ekak..thax saho

  38. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි හසන්ත සහෝ.
    ජයෙන් ජය.

  39. ranga11112

    eka patta...Thanks Brother

  40. Nadeesha rox alahakoon

    Tnx bro. Mefiluma anakan balan hitiye.

  41. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  42. mihitha

    ela ....

  43. Sulakshana Thilakarathna

    බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට ජය වේවා!!

  44. Amal_indika

    thanx bro....
    ela...

  45. Luchnik

    Thanks bro..✌️

  46. lahiru sadaruvan

    thank you so much brother

  47. Udara Damith Dissanayaka

    නියමයි
    මේ දවස්වල නම් සබ් දෙනවනේ කාලෙකින්

  48. Gayan_madushanka_

    Thanks bro

  49. Kulanjana Maduranga

    subata thanks saho...keep it up..

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.