Watch Trailer

Ranam (2018) Sinhala Subtitles | දෛවයේ දෙවෙනි අවසරය! [සිංහල උපසිරැසි සමඟ]

“ඩිට්‍රොයිට් වලට සාදරයෙන් පිලිගන්නවා! ඇමෙරිකාවේ අති බිහිසුණුම නගරය! අතීතයේ මේ නගරය රථ-වාහන කර්මාන්තශාලා රාශියක් සහිත ලොව රැකියා අවස්ථා වැඩිම නගරය බවට පත්වෙලා තිබුනා.ඇමෙරිකාව ලෝකයේ අංක එකේ රට බවට පත්වෙන්න ඩිට්‍රියෝට් ලොකු හේතුවක් වුනා. මේ වගේ හොඳ විදියටම හැමදාම දේවල් සිද්දවෙනවද? ඔව්.ඒක වෙනස් වුනා. 1…

“ඩිට්‍රොයිට් වලට සාදරයෙන් පිලිගන්නවා!
ඇමෙරිකාවේ අති බිහිසුණුම නගරය!
අතීතයේ මේ නගරය රථ-වාහන කර්මාන්තශාලා රාශියක් සහිත ලොව රැකියා අවස්ථා වැඩිම නගරය බවට පත්වෙලා තිබුනා.ඇමෙරිකාව ලෝකයේ අංක එකේ රට බවට පත්වෙන්න ඩිට්‍රියෝට් ලොකු හේතුවක් වුනා.
මේ වගේ හොඳ විදියටම හැමදාම දේවල් සිද්දවෙනවද?
ඔව්.ඒක වෙනස් වුනා.
1967 කළු විප්ලවයත් එක්ක නගරයේ පසුබෑම පටන්ගත්තා.
ඩිට්‍රියෝට් විනාශ වුනා.
මිචිගන් වල අභිමානය වුන ඇමෙරිකාවේ රථ-වාහන නිෂ්පාදන කර්මාන්තය ජර්මනිය,ජපානය,දකුණු කොරියාව අත්කර ගත්තා.
ක්‍රම ක්‍රමයෙන් ලෝක අවධානය වියැකිලා ගියා.ඩිට්‍රියෝට් වලට අනාගතයක් නැති බව පේනවත් එක්කම කර්මාන්තශාලා වැහිලා ගියා.
සිහින වියැකිලා ඩිට්‍රියෝට් කාන්තාරයක් බවට හැරුනා.
මේ කර්කෂ පොළොවේ වැඩෙන බවක් පෙනෙන්න තිබුනේ එකම දෙයයි,
අපරාධ.
ඒක දළු දාලා වැඩුනා.

මේ සොහොන් බිම ගැන නිලධාරින් සැලකීමක් නොකර ඉන්න ඉන්න පාතාල කල්ලි,මත්ද්‍රව්‍ය ජාවාරම ජයටම මෙහේ ඇතිවෙන්න සිද්දවෙන්න ගත්තා.කැනඩාවෙන් එන අනවසර සංක්‍රමණිකයින්ට ඩිට්‍රියෝට් දොර විවෘත වුනා.මේ විදියට මලයාලි,දෙමල මිනිස්සු සෑහෙන ප්‍රමානයක් ඩිට්‍රියෝට් වලට ඇතුල්වුණා.මේ ඒ අයගේ කතාව.”

Action,Crime,Drama යන ගණයන් ඔස්සේ වර්ගීකරණය වෙමින් සැප්තැම්බර් 7 තිරගතවීම් ඇරඹුව මේ මලයාලම් සිනමාපටය මේ වෙද්දී 7.2ක IMDb අගයක් ලබන්න සමත්වෙලා තියෙනවා.අපි කවුරුත් දන්න මලයාලම් සුපිරි තරු Prithviraj Sukumaran මෙහි ප්‍රධාන රංගනයෙන් දායක වෙනවා.චිත්‍රපටයේ කතාව ලියවෙන්නේ Hey Jude (2018) සඳහා තිර රචනයෙන් දායකවුණු Nirmal Sahadev අතිනුයි.Traffic (2011), Singam 2 (2013) [දමිළ] වගේ නිර්මාණ වලට රංගනයෙන් දායක වුනු Rahman මෙහි ප්‍රතිවීර චරිතයට පණ පොවනවා.Bangalore Days (2014), Thattathin Marayathu (2012) වගේ නිර්මාණ වලින් අප හමුවට ආ Isha Talwar ප්‍රධාන නිළිය භූමිකාව රඟ දක්වනවා.චිත්‍රපටයේ රූගත කිරීම් ජෝර්ජියාවේ, ඇමෙරිකාවේ ඩිට්‍රියෝට් නගරයේ සහ කේරලයේ සිදු කරලා තියෙනවා.

මාස 4කට වගේ පස්සේ තමයි මේ විදියට ආපහු උපසිරැසියක් එන්න අවස්ථාවක් ලැබුනේ.අවස්ථාවක් කියනවටත් වඩා කාල වේලාවක් ලැබුනේ කිව්වොත් ඒක වඩා නිවැරදියි.මොන විදියේ වැඩ යෙදුනත් උපසිරසි කරන වැඩේ කවදානම් නවත්තන්න පුළුවන් වෙයිද කියලා හිතාගන්න අමාරුයි.ඒ තරමටම දැන් මේ වැඩේට ඇබ්බැහි වෙලා.මං හිතන්නේ අපි-උපසිරැසිකරුවෝ ඔක්කොටම වගේ මේක පොදු දෙයක්.මේ වැඩේ කරලා සහ වැඩේට ඔබෙන් ලැබෙන ප්‍රතිචාරයෙන් අපි ලොකු තෘප්තියක් ලබනවා.ඒ තෘප්තිය වෙන්න ඕනේ මේ ඇබ්බැහියට හේතුව වුනේ.මේ නිසා ඉස්සරහටත් ඉඩ ලැබෙන වෙලාවට මේ විදියට උපසිරැසියක් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම මේක මගේ 43වෙනි උපසිරැසිය.30වෙනි මලයාලම් සිනමා උපසිරැසිය.ඉස්සරහටත් මේ අනුපාතය ගොඩක් දුරට මේ විදියේ සමීප අගයන් දෙකකින් තියෙයි.මොකද මලයාලම් සිනමාව මේ වෙද්දී ප්‍රියතම සිනමාව කියන තැන අරගෙන ඉවරයි.විශේෂයෙන්ම මලයාලම් භාෂාවේ සිනමාපටයකට උපසිරැසි කරන එක අනෙක් භාෂා වල උපසිරැසි කරනවට වඩා දැනෙනවා වැඩියි.මේ නිසා ඉදිරියේදීත් පුළුවන් වෙලාවට බයිස්කෝප් මලයාලම් රසිකයින් වෙනුවෙන් උපසිරැසි අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා.

මේ එක්කම සිසිල සහෝට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා එයා භාරගත්ත මේ උපසිරැසිය මට ලබාදුන්න එක වෙනුවෙන්.

මීළඟ උපසිරැසියෙන් හමුවෙමු! එතෙක් ඔබට ජය!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Org HQ DVDRip පිටපත් සඳහා වලංගු වේ.

14,000 downloadsDownload Ranam-2018.zip48 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/TharinduRRasanga1-e1485642059118.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු රසාංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-29
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

තරිඳු රසාංග

Subtitles

14,000 downloadsDownload Subtitles48 KB

71 comments

  1. Milind@

    Thanks saho

  2. kasun sudangama

    tharidu malligen ayeth supirima wedak aththatama thanks malliyo sub ekata me awrudde apu supirima film ekata oyagen sub eka lebunu ekata hari sathutui jaya wewa ehenam prithviraj ge koode film ekata sub eka denna balanna malli good luck

  3. MadhuBandara

    thank you saho...

  4. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

    නියම වැඩක් මල්ලි අනිවා බෑමක් තමයි.

  5. hasalaka

    thank you !

  6. geeganagamage

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවයට

  7. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  8. gihan perera

    ගොඩක් ස්තුතියි සහෝ...නියමයි...අනිවාර්යයෙන් බානවා මේක...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා.....

  9. Hemantha De Silva

    සුපිරි... ස්තුතියි තරිඳු....
    කෝඩේ අුමවෙන් ම බැලුවා.. මොනව කරන්නද..?

  10. snak

    thanks machooo jayama wewaaaa

  11. Amila...ushan

    පටිට වස්තු

  12. Kulanjana Maduranga

    malayalam nm aniwa balanawa...subata thanks saho....keep it up....

  13. Kovidu

    මලයාලම් ෆිල්ම් 30 ක් කරනව කියන්නෙ එසේ මෙසේ දෙයක් නෙවෙ, මලයාලම් නොකෙරුවනම් මෙලහකට අර්ධ ශතකෙත් ගහල ශතකෙටට් කිට්ටු වෙන්න තිබුනා, නමුත් මලයාලම් වල රසය කියල නිම කරන්න බැරි තරම්, බොහොමත්ම ස්තූතියි සහෝ මලයාලම් වෙනුවෙන් මහන්සි වෙනවට, සියලු වැඩ කටයුතු සාර්ථක වේවා, ජයෙන් ජය !!!!!!!!!!!!!!

  14. Bandaramudiyansi

    මේ ඇක්ටර් නම් මරු කියන්නෙ සුපිරි .මුම්බායි පොලිස් මෙයාගෙ හොදට මතකයි එව්ව.සුපිරි චිත්‍රපට.තැන්ක්ස් මල්ලියො

  15. Praveen

    ස්තූතියි මචන් ! ජයවේවා

  16. Batzi

    Koode 2018 මලයාලම් පිලුමටත් පුලුවන්නම් සබ් දෙන්නකො සහො පින් පින්

    සබට තුතී සහො ✌️

  17. ranga1984

    Niyamai.. thanks bro ... Ikmanata thawa movies denna.. all the best

  18. barthelotp

    සුපිරිම

  19. nipulrobin

    Thanks sahooo sub ekata.(the night come for us 2018)mee film ekatath sub denna supiri film ekak

  20. mskbranda

    බොහෝම ස්තුතියි සහෝ. දිගටම මලයාලම් වලටම සබ් දෙන්න.

  21. sooriyapatabadige

    Thanks for sub..........(king liar 2016 / georgettans pooram 2017 ) me wage DILEEP ge sub dila nathi films godak thiyenawa ewata sub dennako please .................. Api asama naluwa thamai DILEEP... Kohomahari meyage ithuru films walata sub dennako godak pin oyata........

  22. dsdkavishka

    Thenks bro sub ekata

  23. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  24. Dinesh Buddika

    Thank you.......

  25. kkasthurisinghe

    thanks

  26. nishannw

    Ela bro...isthuthiy

  27. kodagoda

    tnx saho supiriyak dunnata

  28. Tharindu_Vidusha

    තෑන්ක්ස් සහෝ සබ් එකට....ජය වෙිවා..!!

  29. Eranda Malith 2.0

    එලම මචන් සබ් එක ගත්තා ජයවේවා

  30. dimithri

    thank you bro...keep it up...

  31. nadu1234

    Ela machan..koode ekatath sub dapan...

  32. Nilush Angana

    Sub ekata thanx

  33. Sampa1234

    TNx saho

  34. himaruwan

    Idiriyatama Yanna...Obata Jaya..!

  35. Aruna Amarasinghe

    thanks sahodaraya...

  36. mahinda

    thanks lot bro.......

  37. Sudheera Kasun

    Supiri Machan...! Thanks

  38. rangika Kariyawasam

    බෝම ස්තුතීයි තරිඳු සහෝ අධ්‍යාපන වැඩ කටයුතු අතරේ මේ ෆටිටම ෆිලුම අපට අරන් ආව⁣ට.ජය වේවා... සිසිල සහෝටත් බෝම තුති. හෙනම් ආයෙ Koode මලයාලියෙන් අපි නැවත හමුවෙමු !!! බුදු සරණයි

  39. spd

    Thanks for the subtitle Tharindu...!!!

  40. vertex89

    superb effort machan.good luck .keep it up

  41. Chamara Diaz

    Thanks. Gd Luck...~

  42. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  43. ශසිත් සඳරුවන්

    නියමයි තරිඳු මලේ...
    සබට තුති කිව්වා...
    මේක ඉතින් අනිවා බැලිල්ලක්.
    දිගටම සබ් දෙමු ආ...
    ඔබට ජය!

  44. Pradeepkumara

    Thnx bro

  45. dusmantha

    thanks

  46. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි තරිඳු සහෝ.
    කදිම ලිපියක්.
    ජයෙන් ජය.

  47. Suresh Madhusanka

    උපසිසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!

  48. thilz

    Thank you

  49. N_R

    Thanks..

  50. dileepa.lk

    Thanks ,,

Load more comments