කිහිප දවසක් වුනා චිත්‍රපටිය බාරගෙන. මාස ගානක් වුනා චිත්‍රපටියේ හොඳ පිටපතක් ඇවිල්ලත්. ඔන්න අද තමයි මේක ඉවරයක් කරගත්තේ. ගොඩක් දෙනෙක් චිත්‍රපටිය බලන්න ඇති සමහරවිට. කමක් නෑ, ඔන්න ඔහේ ඉතින් දෙනවා 😀 😛 චිත්‍රපටිය ගැන මෙහෙම පටං ගමු. The Interview කියන්නේ පහුගිය කාලේ විශාල අවධානයක් දිනාගත් චිත්‍රපටයක්. Jame…

කිහිප දවසක් වුනා චිත්‍රපටිය බාරගෙන. මාස ගානක් වුනා චිත්‍රපටියේ හොඳ පිටපතක් ඇවිල්ලත්. ඔන්න අද තමයි මේක ඉවරයක් කරගත්තේ. ගොඩක් දෙනෙක් චිත්‍රපටිය බලන්න ඇති සමහරවිට. කමක් නෑ, ඔන්න ඔහේ ඉතින් දෙනවා 😀 😛 චිත්‍රපටිය ගැන මෙහෙම පටං ගමු.
The Interview කියන්නේ පහුගිය කාලේ විශාල අවධානයක් දිනාගත් චිත්‍රපටයක්. James Franco සහ Seth Rogen විසින් රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටයෙන් කියවෙන්නේ උතුරු කොරියානු නායකයා වන “කිම් ජොන් උන්” ඝාතනය කිරීමට සැලසුම් කරන මාධ්‍යවේදීන් දෙදෙනකුගේ කතාවයි.
මේ මතබේදාත්මක චිත්‍රපටය මේ වන විට මෙතෙක් ඉතිහාසයේ අන්තර්ජාලය හරහා වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටය වූයේ දෙසැම්බර් 24 දින සිට දින 4ක් ඇතුලත ඇමරිකානු ඩොලර් මිලියන 15ක ආදායමක් ඉපැයීමට සමත් වීමෙනි. ඒ වගේම මේ වන විට මිලියන 2කකට අධික පිරිසක් චිත්‍රපටය අන්තර්ජාලය ඔස්සේ නරඹා ඇත. මීට අමතරව තවත් මිලියන ගණනක් ටොරන්ට් වෙබ් අඩවි හරහා භාගත කරගනිමින් නරඹා ඇති නමුත් එම දත්ත නිවැරදිව වාර්තා වී නැත. The Interview චිත්‍රපටය මීට පෙර සිනමා ශාලා හරහා තිරගත කිරීමට Sony සමාගම තීරණය කර තිබුනත් උතුරු කොරියානු රහසිගත මෙහෙයුමක් මඟින් Sony සමාගම වෙත සයිබර් ප්‍රහාරයක් හරහා තර්ජණය කිරීම නිසා චිත්‍රපටය තිරගත කිරීම නවතා දැමුවා. යම් හෙයකින් චිත්‍රපටය තිරගත කලහොත් එම සිනමා ශාලා පුපුරුවා හරන බවත්, Sony සමාගමේ තිරගත වීමට ඇති චිත්‍රපට වල තිර පිටපත් විසුරුවා හරින බවත් ප්‍රහාරකරුවන් පැවසූවා.
ඒ අනුව සිනමා ශාලා ඔස්සේ තිරගත කිරීම නවතා Youtube, XBox Video හා වෙනත් අන්තර්ජාල සේවා ඔස්සේ The Interview චිත්‍රපටය $5.99 ක් වැනි මුදලකට කුලියට දීමට (rent) Sony සමාගම කටයුතු කලා. චිත්‍රපටය මිලදී ගැනීමට නම් $14.99 ක් වැනි මුදලක් ගෙවීමට සිදුවනවා. කෙසේ නමුත් මෙලෙස අන්තර්ජාල සේවාවන් ඔස්සේ නැරඹිය හැක්කේ ඇමරිකාව හා කැනඩාව වැනි රටවල් වලට අයට පමණක් නිසා ක්ෂණිකව The Interview චිත්‍රපටය torrent වෙබ් අඩවි වල hit එකක් බවටත් පත් වුනා.
මේ දැක්වෙන්නේ The Interview චිත්‍රපටය හා සම්බන්ධ සිදුවීම් සියල්ල සංක්ෂිප්තව යි.
22 November: Sony සමාගමේ පරිගනක පද්ධතිය සයිබර් ප්‍රහාරයකට ලක්වීම.
7 December: උතුරු කොරියාව සයිබර් ප්‍රහාරය පිළිබඳව වගකීම බාරගැනීම ප්‍රතික්ෂේප කිරීම.
16 December: “Guardians of Peace” නම් සයිබර් ප්‍රහාරක කණ්ඩායම 9/11 ප්‍රහාරයට සමාන ප්‍රහාරයක් සිනමා ශාලා වලට එල්ල කරන බව ප්‍රකාශ කිරීමත් සමඟ නිව් යෝර්ක් හි පැවැත්වීමට නියමිත ව තිබූ මුහුරත් උළෙල අවලංගු කිරීම.
17 December: ඇමරිකානු සිනමා ශාලා The Interview චිත්‍රපටය තිරගත කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා, නත්තල දිනයට යොදාතිබුණු එළිදැක්වීමේ උළෙල අවලංගු කරයි.
19 December: FBI විසින් උතුරු කොරියානු සයිබර් ප්‍රහාරය තහවුරු කිරීම. ජනාධිපති ඔබාමා චිත්‍රපටය තිරගත කිරීම අවලංගු කිරීම අත්වැරදීමක් බව ප්‍රකාශ කිරීම.
20 December: සයිබර් ප්‍රහාරය පිළිබඳ ඒකාබද්ධ විමර්ශණයකට උතුරු කොරියාවෙන් ආරාධනාවක් කිරීම, ඇමරිකාව එම ආරාධනාව ප්‍රතික්ෂේප කිරීම.
22 December: පැය 10කට අධික කාලයක් උතුරු කොරියාව තුල අන්තර්ජාලය අවහිර වීම. ඇමරිකාව ඒ පිළිබඳ ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කිරීම.
23 December: Sony සමාගමේ නිළධාරීන් සිය මතය වෙනස් කරයි. නත්තල් දිනයේ එළිදැක්වීම පිළිබඳ නැවත වරක් සැලකිලිමත් වීම.
25 December: The Interview චිත්‍රපටය ඇමරිකානු සිනමා ශාලා කිහිපයකත් ප්‍රධාන වශයෙන් වෙබ් අඩවි හරහාත් එළිදක්වන ලදී.
(ලිපිය උපුටා ගැනීම – TechGuru විසිනි)
එහෙනම් ඔන්න අපි කැපුනා. තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!
812 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
4A5942DD1BB1DF3D2491B18FF48F627415E1947C1.64 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
746F5C84A8B21256636A2A93482434DCF73741EB ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
8,221 downloadsDownload The-Interview-2014.baiscopelk2.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
46 comments
Ringo
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අප්පා, ඒ තරම්ම මගඩියක් කරපු එකක්ද බං මේ..
එව්වා කොයි කොහොම වුනත් ෆ්රන්කෝ ඉන්න නිසා අනිවා බලන්න උන්නේ..
දැන් ඉතින් අනිවා නෙවි, හෙට අනිද්දා දිහාටම බලනවා...
නියමෙට ල්ලියලා තියෙනවා හොඳේ...
ජය වේවා කිනෝ..
උපසිරසියට බොහොම ස්තුතියි..
ජය වේවා!!shan
thanks kina. meka godak balan hitiya
Bruce Wayne
ඩවුන්ලෝඩ් කරලා ටික කාලයක් බලන් හිටිය. අවුලක් නෑ. ස්තුතියි උපසිරසට
Dasitha147
සබට ස්තූතියි සහෝ,දිගටම සබ් දාමු ඈ,විස්තරේ වටිනවා ලෙසටම,ජය වේවා!
chathura madusanka
ela ban.....uba denawanam api gannam
අසංක
තෑන්ක්ස් මචෝ
නලින්
ස්තුතියි කිනා! බලන්න ඕනේ අනිවාර්යෙන්ම.
එලස්ස්!! ජය වේවා!
Gihan
ela film ekak
sub walata pinJanith
thanks..Birdman Subtitles dennoooo.....
me
Thanks
Shaminda
එළ අා ස්තූතියි.......
saji
Elakiri mchn
Jack
ඩවුන් කරලා නම් ටික දවසක් වෙනවා.
කමක් නෑ. කොහොම හරි සබ් දුන්නනේ.
බොහෝම ස්තුතියි සබ් ට.
ජය.චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….Tharindu
Thank you very much saho...:)
Yenu
Thank you...digatama sub denna..
දේශාන්
ස්තුතී සහෝ, සබ් දෙනකම් බලන් හිටියෙ
තෑන්කූ වෙවා!!Dulan
Thanks bro
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)-==(czRGsl)==-
elaz.. ptttama pattaaaaaaaaaaaaaaaaaaaaa films ekak thanks aaaaaaaaaaaaaaaaaaaaaaaaaa
hivin
තෑන්ක්ස් මචෝ
Amil
බොහෝම ස්තුතියි සබ් දුන්නට..... ගොඩක් ස්තුතියි.
ලිපියත් හොදයි.බ්ලැක් පැන්තර්
අඩේ කිනා තුති වේවා සබ් එකට...
අඩෝ සමාවෙයන් ආ ඉල්ලපු උදව්ව කරන්න බැරි වුනාට බං. :/
ජය...!!!sanjeewa
thanks
Nandana
Thank U Chalindu.
Yasantha
Ado elakiri film ekak wage.balamu ehenam.thanks saho!!!!!!!!!
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
මෙච්චර විප්ලවයක් කරපු එකක් නොබලා කොහොමද?
ෆිලුම ඇත. සබට තැන්ක්ස්.
ජය වේවා. !indika
thnq :)
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nayana
thanks bro....
chamika
thanks dude,,,you are great
Deex
thanks.
to be continue.......................
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...........හසන්ත මාලිංග
බොහෝම ස්තූතියි උපසිරැසියට
ඔබට ජය... :Dnidi
niyamai. politics gena wagema jeewithya genath kiyawena aruthbara film ekak. hondama de thamai comadiyakuth weema. bala inna kisims kammelikamak nehe. Chalindu,oya subs dun filmswalin hayak denata mama balala thiyenawa. Black Sea, Gone Girl dekath godak hondai meka wagema. thanks!
Dilshan
aniwa bamak thama.
ela
subata thanxR.S. Samantha
appata siri mewane yako.. film.
thank you macho.. sub ekatai visthara kalatai..
ela ela digatama sub demuko..
jaya wewa...!!!හෙයාන් රත්නායක
සෙත් රෝගන් and ජේම්ස් ෆ්රැන්කෝ කියන්නෙ ඉතිම් ආතල් කෝටියයි (pineapple express, this is the end). මං බලපු ආතල්ම action, comedy ෆිල්ම් වලින් එකක්.
kent parker
thanks
Anonymous
Thanks
BimbiSha
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!
බිම්බිෂ
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!
Asanga Basooriya
bohoma sthuthi.. jayama wewaa
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ගොඩාක් ස්තූතියි ඔයාගේ උත්සාහයට ඉදිරියටත් සබ් දෙන්න