සියදහසක් වූ සිනමාලෝලී ජනයාගෙ රසවින්දනය උදෙසා සිංහල උපසිරැසි කලාවෙ මහගෙදර ලෙස පුරෝගාමි මෙහෙවරක් ඉටුකරමින් සිංහල උපසිරැසි දහසක් ලබාදෙමින් අගනා සේවයක් කරන baiscope.lk අඩවියටත් ඊට සහ සම්බන්ධ වෙමින් කටයුතු කල අනෙකුත් සෑම සියළු දෙනාටමත් මාගෙ උත්තමාචාරය. බයිස්කෝප් සිංහලෙන් අඩවියට සදා ජය!!!!!!! ඔන්න අද අපේ…

සියදහසක් වූ සිනමාලෝලී ජනයාගෙ රසවින්දනය උදෙසා සිංහල උපසිරැසි කලාවෙ මහගෙදර ලෙස පුරෝගාමි මෙහෙවරක් ඉටුකරමින් සිංහල උපසිරැසි දහසක් ලබාදෙමින් අගනා සේවයක් කරන baiscope.lk අඩවියටත් ඊට සහ සම්බන්ධ වෙමින් කටයුතු කල අනෙකුත් සෑම සියළු දෙනාටමත් මාගෙ උත්තමාචාරය. බයිස්කෝප් සිංහලෙන් අඩවියට සදා ජය!!!!!!!
ඔන්න අද අපේ අඩවියට විශෙෂ දවසක්, මොකද අද තමා 1000 වෙනි සිංහල උපසිරැසිය ලබාදුන් දිනය. ඉතින් ඒ සුවිශේෂි දිනයෙදි මටත් මගෙ නිර්මාණයක් ඔබට ලබාදිමට හැකිවීම ගැන බොහෝ සතුටු වෙනවා. ඇත්තටම මන් අද දෙන්නෙ මගෙ 16 වෙනි නිර්මාණය. මේක අද දෙන්න ලැබෙන්නෙ උදා සහෝ නිසා. මොකද එයා තමා මේ ෆිල්ම් එක ගැන මුලින්ම මාව දැනුවත් කලෙ. ඒ වගෙම මේ ෆිල්ම් එක මට බාගත කරලා දුන්න රොෂාන් කැළුම් සහෝවත් මතක් කරන්නම ඔනි.
එහෙනම් බලමුකො මොකද්ද අද ගෙනාවෙ කියලා. මේක සුපිරි බෙංගාලි සිනමා සිත්තමක්. IMDb මිටරෙ දිහා බැලුවොත් මේකට 7.1 ක ඉහල අගයක් ලැබිලා තියෙනවා. ඇත්තටම මේක ලස්සනම ලස්සන ආදර කතාවක්. ස්නෙහාමෝයි කියන්නෙ ඉන්දියාවෙ ඉතාම දුෂ්කර ගමක ඉන්න පාසල් ගුරුවරයෙක්, ඔහු මියාගෙ නම් ජපන් යුවතියක් සමග පෑනෙ මිතුරු කමක් සදාගන්නවා. ඇත්තටම කිව්වොත් එය බෝහෝ දුරදිග යනවා විවාහය තෙක්ම. හැබැයි දෙන්නා විවාහ වෙන්නෙ ලියුම් මාර්ගයෙන්. ඒ අතරෙ ස්නෙහමෝයිට ගෙදරින් විවාහයක් යෝජනා කරනවා, නමුත් ඔහු අකමැති වෙනවා. ඒ අතරෙ මියාගෙට දරුණු ලෙඩක් හැදෙනවා. අනෙ තව නම් කියන්න බෑ අප්පා… අරන් බලන්න, නැත්තන් වැඩක් නෑනෙ. ස්නෙහාමොයිට මියාගෙව ලැබෙයිද, මියාගෙට හැදුනු ලෙඩෙ මොකද්ද? අවසානය සුභ අවසානයක්ද? අසුභ අවසානයක්ද? අරන්ම බලන්න. ඒ වගෙම කියන්න ඔනි මේක අද දෙන්න ඔනි නිසා බුදු කට්ටක් කන්න උනා මේක ඉවර කරන්න අනික් වැඩ අස්සෙ. ඉතින් අනික් වැඩ අතපසු වෙච්ච එකේ දුක තුනිවෙලා යන්නත් එක්ක අදහස් වලින් මට සලකලා යන්න. ගිහින් එන්නම්……
635 LETTERS
3 PHONE CALLS
15 YEARS OF MARRIAGE
BUT THEY HAVE NO MET….
Due to copyright issues, we do not provide any torrent link.
1,497 downloadsDownload The-Japanese-Wife-2010.zip55 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/චූටී-මල්ලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චූටී මල්ලි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/10/02
Subtitles by
චූටී මල්ලි
Subtitles
51 comments
Isuru
jack
අඩේ පට්ට කතාවක්නේ. බොහොම ස්තුතියි මචන්!
amilatk
jayama wewaa!!!!!
Siraj priyantha
Thanks saho
kalinga
උපසිරස වසන්තය ,,, ජයම වේවා!
geeth
maxxxa machan aniwa balanwa
tharanga
පට්ට මචං ජය වේවා!!!!!
ganidu
තැන්ක්ස් වේවා!
chami
thnxxxxxxxxxxxxxxxxxx
shann
අඩේ නියමම පහරක් නේ,,, අනිවා බාන්න එපයි,... ජය
wow
wow... maru :D
නිරෝෂ්
නියමයි චූටි මල්ලි ...ස්තුතියි
mihin ලංකා
බොහොම පින් ලස්සන ආදර කතාවක් ගෙන ආවාට.
upali
ela ela ela ela
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අප්පට සිරි, චූටි මලය ඉදල ඉදල සහශ්‍රය අරන් ඇවිත් තියෙන්නේ පට්ටම ෆිල්ම් එකක් නොවැ...මේක ෆිල්ම් එක ගැන උදා මටත් කිව්වා...කොහොම උනත් එලම වැඩක් චූටි මලයෝ....
"ලියුම් 635 ක්, දුරකථන ඇමතුම් 3 ක්, විවාහ වී අවුරුදු 15 ක්, නමුදු මොවුන් තවම හමු වී නැත"
මේ ටික දැක්කම නොබලා කෝමද බං....අමුතුම කතාවක් නොවැ...අනිවා බලනවා.. ජයවේවා!!!
jana
thkss machan
ශාන් විමුක්ති [වීමා] 〠
මෙන්න යකෝ චූටි මලයටත් බෙංගාලි වලින් ජපන් කෑල්ලකට හිත ගිහිල්ල ;)
මම මේ බැලුව බෙංගාලිවලකොහෙද ජැපනීස් කෑලි කියල, බලන් යනකොට නොරිකො සං කෙනෙක්නෙ අප්පා, එලම වෙනසක් වගේ,
අනික උදාගෙ චොයිස් එකක්නම් ආයෙ දෙකක් නෑ පට්ට පහරක් වෙන්නම ඕන
මේකන්ම් අනිවා බලන්නම ඔන බන්, අනිවා බලනව
ඔන්න උබට සැලකුව හොදේ, දැන් උබේ හිත සන්තෝසයි නොවැ,
සබට තුති, ඔබට ජය
උබේ විදිහටම කීව ඕං ;)නලියා
වුටි මල්ලියා උඹත් එහෙනම් ගෙමට සෙට් උනා නේ
අමාරුවෙන් හරි.. එළකිරි කොල්ලෝ
ජය වේවා..
eraNga
thnxxxxxxxxxxxxxxxxx brooooooooooooooooooo
සමීර කරුණාරත්න
මම පෝස්ටරයේ නළුවා දැක්ක ගමන් හිතුවා මේක උදාගේ වැඩක් කියල....
බොහොම හොද නළුවෙක්, නමුත් අපි ගොඩක් බලන වාණිජ සිනමාවේ නෙමෙ ඔහුගේ රංගනය.... මෙහෙම ඒව තමයි ගේන්න ස්තුතියි...! හෝ බොහොම sthithiyMenu1024
මේ ටික දැක්කම නොබලා කෝමද ???
Downloading..........
Thank you bro :)
d2dinu
ජයෙන් ජයවේවා!
uda
නියමයි චූටි මලේ...
විශේෂ දවසක වෙනත් නොයෙකුත් සිනමාපට අතරේ අති සුවිශේෂ එකක්!
හරිම වෙනස් කතාවක්. ආදරේ කියන්නේ මොකද්ද? ඒක හැබෑවටම මොකද්ද?
ඉංග්‍රීසි මිනිස්සු ආදරය කිව්වහම නිසැකයෙන් එතන සෙක්ස් අනිවාර්යයයි. නමුත් ඉන් ඔබ්බට ආදරයක් නැතිද? ආදරය තියෙන්නෙම ඉන් එපිටද? අනෙකාගෙන් කිසිදෙයක් බලාපොරොත්තු නොවී, තමන්ට හැකි දේ ඒ කෙනා වෙනුවෙන් කරන්නට තරම් ඒකට මිනිස් හිතකට ශක්තියක් දිය හැකිද? රුවින් නොදැකම, එකිනෙකා සම්මුඛ නොවීම ආදරයක් වර්ධනය වෙන්නට, ආදරයක් රකින්නට බැරිද? පපුව අස්සෙ රැකගන්ඩ තරම් වටිනාකමක් හිමිවන්නට එය ඔතරම් බලවත් වෙන්නෙ කොහොමද?මේ වගේ අමුතු තේමාවක්! තේමාව හරිම උත්තුංග එකක්! මෙවන් ඒවා අපට හැමදාම බැලුවත් වැඩි වෙන්නෙ නෑ. මම කියපු පමාවෙන් හොයාගෙන බලන්ඩ ඕනෙයි කියලා, එහනිත් නොනැවතී සිංහල ගන්වලා, එතනිනුත් නොනැවතී 1000 සැමරුමට එක්කරන්ඩ වෙහෙසුණාට බොහොම ස්තුතියි සහෝ!
මේකත් අපිව අරගෙන යන්නේ ආපහු වතාවක් ඉන්දියාවට. බලන්සකෝ ඉතින් ඉන්දියාව කියන තනි රටේ එකිනෙකට වෙනස් සංස්කෘතීන් කීයක් තියෙනවද නේද?
මුළු ලෝකෙම ඒවයි, ඉන්දියාවෙ ඒවයි දෙගොඩකට කර්ලා බැලුවත් ඉන්දියාවෙ අගය වැඩි ඇති. එනිසා එවන් රටකින් ගැඹුරු තේමාවන් උපදින බව අමුත්තක් නෙමෙයි
තුතිවේවා මේ මහන්සිය වෙනුවෙන්! ජයෙන් ජය!දිනිඳු සම්පත්
මෙන්න බොලේ චූටි මල්ලි බෙංගාලි එකක් ගෙනල්ලා 1000ට. නියමයි.. ඒකත් පට්ට ලව්ස්ටෝරියක්..බොහොම ස්තූතියි චූටි මල්ලී.. ජයවේවා!
ගයාන්
තෑන්ක්ස්
හසන්ත වික්‍රමරත්න
අද දවසේ එකතු වෙලා මේ දවස වර්ණවත් කරන්න දුන්න සහයනම් කියලා වැඩක් නැහැ කොල්ලෝ. මේ හම උපසිරසකින්ම පෙන්නේ අපේ කණ්ඩායම් හැංගීම එකමුතුව. එහනම් මේ වගේ නෙත නොගැටෙන නිර්මාණයක් අපිට සමීප කල චූටි මල්ලි මහතාට අපේ ප්‍රණාමය !!!
indika
ela,,.. thnq...!!! :)
mudiya / මුදියා
ඒ පාර බෙංගාලි.මෙච්චර ලස්සන කතාවක් කොහොමද අතඅරින්නෙ.ඔන්න බානවෝ.නියමයි චූටි මල්ලියො 1000 සැමරුමට දුන්න එකනම්.
ජයවේවා.බොහෝ........................................ම ස්තූතියි...!නවීන් ලක්ෂිත
නියමයිනේ චූටි මල්ලියෝ කොහොමහරි බෙංගාලි එකකුත් දුන්න එහෙනම් දෙන තරමට බෑවට වෙලාවක් තමයි නැත්තේ බලන්න අවුලක් නෑ පහුවෙලා හරි බලනවා කොල්ලෝ තැන්ක්ස් සබ් එකට
pasi
ela machan thanks sub 1 ta
රොයිලි
බොහොම ස්තූතියි චූටි මලේ බයිස්කෝප් උපසිරැසි 1000 වෙනුවෙන් මේ දීපු සිංහල උපසිරැසියට. අමුතුම එකක් වගේ. අනිවා මෙන්න බානවා. :P :P
කැලුම් ගුණසේකර
චූටි මලයා දියුණු වෙලා නේ? හොදයි හොදයි. ස්තුතියි සහෝ උපසිරැසි ගැන්වීමට.
dulo
thankyou for ur good work
Jayanidu Rajapaksha
maxxa machan.adenawa
me
Thanks
Dulitha
මම චිත්‍රපටිය ඔක්කොම බෑලුව.ඔයාගෙ උපසිරසිය ගොඩක් හොදය්.මම කාලෙකින් බලපු හිතට වෑදුන හොදම එක මේකය්.මම අවුරුදු ගානක ඉදන් බන්ගලිදේශයෙ ඉන්නෙ.ඒකනිසා මට බන්ග්ලා ටිකක් පුලුවන්.ඒකනිසාද දන්නෑ හිතට මෙතරම් දෑනුනෙ.හෑබෑය් එකට ඔයගෙ උපසිරසුත් උදව් උනා.ආදරය ගෑන කියවෙන ඉතා හොද චිත්‍ර පටියක්.අවසානයෙදි මට ඈත්තටම ඈඩුනා.මම චිත්‍ර පටිය හෑදුවනම් මෙච්චර ලස්සන චිත්‍රපටියක් මෙහෙම අවසන් කරන්නෑ.රෙටින්ස් 7.1 වෑඩිය ලෑබෙන්න ඕනෙ. මම බන්ගලි සින්දු ඈහුවට පලමු පාරටයි චිත්‍රපටියක් බෑලුවෙ.චුටිමල්ලි ඔයාට ගොඩක් ස්තුතිය්.
කේ.යු.ජී.උදාර
කාලෙක ඉඳන් බලන්න හිතාගෙන හිටපු ෆිල්ම් එකක් සිංහලෙන් හැඩකරල ම දුන්න එක බොහොම වටිනවා..........
මේ වැඩේට බොහොම ස්තූතියි චූටියෝ.Uraj Deemantha
පට්ට ෆිල්ම් එකක් වගේ..... :) බාගෙන බලන්න ඕනා..... :D
කැලුම් රණවක
නියමයි..චුටි මල්ලි..එල ස්ටෝරි එකක් වගේ..
බාගෙනම බලන්න ඕනි..
සබ් එකට ගොඩාක් ස්තුතියි...kkg
පට්ට යන්න ස්තූතියි සබ් වලට ජයෙන් ජයක්ම වේවා !
dimuthu තරංග ඉලුක්කුඹුර
ස්තුතියි සහෝ ,ජයවේවා.
Rashmika
wooow great work.thanks
Manjula Kumara
Thank u Bro.
Keep it up.. Good luck..!!මේසන් බාස්
හොද තේමාවක්.
ස්තුතියි.
Uvindu sathsara
supiri thamai ithin
hashan Chathuranga
mahanisiye prathipala thiyenawa sahoo..niyamay...godak saarthakay..thawath me wagema bengali classic movies tikak apita denna..God bless
රාම් රාජ්
ලස්සන කථාවක් වගේ ස්තූතියි සබ් වලට.
ajja
සුපිරි කථාවක්.............. සිංහලේන් දුන්නට බෝම පිං
DAMER
එළ එළ.. 8)
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Yomal
මේ සබ් එක Extract වෙන්නේ නෑනේ.... කව්රු හරි මට mail කරන්නකෝ..... ප්ලීස්... [email protected]
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
niayama film akak aniwa balanoooo thxxxxxxxxxxxx