[box] බයිස්කෝප් සිංහලෙන් ලිපි 1000 පසු කළ දිනය ඔබට මතක ද? හරියටම කිව්වොත් 2012 අගෝස්තු මාසෙ 15 වෙනිදා තමයි ඒ දිනය. අපි ඒ 1000 සැමරුවේ අපට මුල අමතක නොවෙන නිසයි. මොකද බයිස්කෝප් සිංහලෙන් කියන්නෙ විදෙස් චිත්‍රපට ගැන ලිපි සපයමින් ඇරඹූ විබපළක්. තනි මිනිහෙක් විදිහට අපේ පොතේ ගුරා සොහොයුරා තනියෙම ඒක පටන් ගත…
බයිස්කෝප් සිංහලෙන් ලිපි 1000 පසු කළ දිනය ඔබට මතක ද? හරියටම කිව්වොත් 2012 අගෝස්තු මාසෙ 15 වෙනිදා තමයි ඒ දිනය. අපි ඒ 1000 සැමරුවේ අපට මුල අමතක නොවෙන නිසයි. මොකද බයිස්කෝප් සිංහලෙන් කියන්නෙ විදෙස් චිත්‍රපට ගැන ලිපි සපයමින් ඇරඹූ විබපළක්. තනි මිනිහෙක් විදිහට අපේ පොතේ ගුරා සොහොයුරා තනියෙම ඒක පටන් ගත්තෙ තමන් වගේම සිනමාවට පෙම් බැඳපු; නැතිනම් පෙම් බඳින්න කැමති අයත් එක්ක සිනමා රසය බෙදාහදා ගන්නට ගන්න වෑයමක් විදිහට. එදා; ඒ කියන්නෙ 2009 මාර්තු 10 ඔහු තමන්ගේ අදහස මුදුන්පත් කරගනිමින්, තමන් ඒ වෙනුවෙන්ම ආරම්භ කරාපු වියුණුවේ තමන් ලියාපු පළමුවැනි ලිපිය පළ කළා. එනිසා එසේ ලිපි 1000ක් පිරෙද්දී අපි ඒ ගැන සිහිපත් කරමින් ඒ දිනය අපේ ඉතිහාස සටහනක් බවට පත් කරන්නට කටයුතු කළා. මේ විබපළේ ආරම්භය තරම්ම අපට වැදගත්, වෙනත් මුලපිරීමක් තිබෙනවානම් ඒ තව එකම එකයි. 10… 9… 8… 7… 6… 5… 4… 3… 2… 1…
මෙච්චර දවසක් ඔබ බලන්නට ඇති විබපළේ ඉහළ දකුණින් සටහන් වූ මේ දර්ශකයේ තේරුම මොකද්ද කියලා. ඒකෙ තේරුම අපි තවත් 1000 ක සැමරුමකට ඇවිදිල්ලා කියන එකයි. ඒ තමයි සිංහල උපසිරැසි 1000ක් පිරීමේ සැමරුම. ඔව්! වැරදුණේ නෑ… ඔබ දුටුවා හරියටම හරි. උපසිරැසි 1000යි. මතකනේ මේ වැඩේ ඇරඹුණු හැටි ගුරාගෙ යාළුවෙක් මාර්ගෙන් ලැබුණු මෘදුකාංගයක් භාවිත කරගෙන මුලින්ම උපසිරැසක් සිංහලට හරවන වැඩේට අත පෙව්වෙ රොයිලි ගුරා දෙන්නම එක්කයි. ඒත් රොයිලි ගුරාට ඉස්සර වුණා. අන්න ඒ විදිහට මුලින්ම අන්තර්ජාලයට නිකුත් වූ නිදහස් සිංහල උපසිරැසිය 2009 ජූනි 26 වෙද්දී, Deja Vu (2006) සිනමාපටය වෙනුවෙන් මේ විබපළින් ජාලගත වුණා. ඒ විස්තරනම් මේ වෙද්දි කවුරුත් වගේ දන්නවා. මොකද අපි ලිපි 1000 සපිරෙන මොහොතෙත් මේ සියලු දේ සිහිපත් කළ නිසා.
හොඳයි! එහෙමනම් ඒ ලිපි දහසෙන් පස්සෙ අපේ ගමන් මග ගැන පොඩියක් හැරිල බලන්ඩ වෙලාව හරි දැන්! ඉස්සෙල්ලාම මෙහෙම කියන්නම්. රොයිලිගේ පළමු උපසිරැසිය නිකුත් වුණායින් පස්සෙ ඒ උපසිරැසි සිංහල ගැන්වීමේ කටයුත්ත කෙමෙන් කෙමෙන් වඩා වර්ධනය වුණා. තවත් නොයෙක් සගයන් ඒ වැඩේට එකතු පහදු වුණා. ඒ විදිහට අපි හෙමින් හෙමින් දුර ගමනක් ආවේ බොහොම පරිස්සමින්. ඒ අතරෙදි අපේ මේ අලුත් වැඩේ දැකපු, ඒ ගැන උනන්දුවක් දක්වපු තවත් අය සිංහල උපසිරැසි ලබා දෙන්නට පෙළඹුණා. අපි එතෙක් හෙමින් හෙමින් කරගෙන ආ වැඩේට ජවයත්, වේගයත් එක්කාසු වෙලා පණපෙවෙන්ඩ ගත්තෙ ඉන් පස්සෙයි. ඒ තාක් මන්දගාමීව. සතියට එකක් දීපු උපසිරැසි ගණන කෙමෙන් වැඩි වුණා. සතියට දෙක තුනක් දෙන්නට අපට හැකිවුණා. අපේ විබපළ ගැන විශ්වාසයෙන් අප වටේ එකතු වුණ සගයන් මේ තරගය මුවහත් කළා. ඔහොම එන අතරෙදි තමයි අපි ලිපි 1000ට ළඟා වුණේ. ලිපි දහස මතක හිටින සිහිවටනයක් බවට පත් කරන්නට අප එදා අලුත් ව්‍යාපෘතියකුත් ආරම්භ කළා. ඒ තමයි ජාලගත සිනමා දත්ත සමූහය හෙවත් IMDb අඩවියේ දැක්වෙන, ප්‍රේක්ෂක ඡන්දයෙන් ලොව ඉහළින්ම ඇගයුම් ලැබීමට වරම් ලද අනගි චිත්‍රපට 250 සිංහල සමග ගෙන එන්නට ඇරඹූ කටයුත්ත. එදා මේක වෙනම ව්‍යාපෘතියක් ලෙසින් ගොනු කළාට ඊටත් කලින් ඉඳන්ම අපි කරගෙන ආපු දෙයක්. මේ වෙද්දි ඒ වැඩේ තවත් දුරකට ගෙනිහින් ඒ 250න් 81ක්ම සිංහල කරලා අවසන්.
අපට ලිපි 1000 පිරෙන්නා හාම අපි තවත් අලුත් වැඩකටයුත්තක් ආරම්භ කළා කියන එක අමුතුවෙන්, ඇඟිල්ලෙන් ඇනලා කියන්ඩ දෙයක් නෙමේ. මොකද අපි ඒ හා සමගාමීව අරඹපු බයිස්කෝප් මංසලත් අද හොඳ ප්‍රතිචාරෙ මැද්දෙ හිස ඔසවන බව රහසක් නොවෙන නිසා. මේ වෙද්දි ලිපි 1000 පිරිලා හරියටම ගත වුණේ දවස් 266යි. ඒ කාලය තුළ අපි බයිස්කෝප් මංසල හරහා සිනමාවේ, රූපවාහිනියේ විදෙස් විත්ති ගැන ඔබව දැනුවත් කළා. ඒ වගේම ඇතැම්විට අපේ උපසිරැසි නිර්මාන සගයන් පෙරැකුම් කලා කිව්වත් වැරදි නෑ. මොකද විස්තර දීලා අපි කල්තියාම ඒ පිළිබඳ ඇති කර තිබූ කුහුල උපසිරැසි ලබාදීමේදී හොඳ ප්‍රතිචාර ලැබෙන්නටත් හේතුවක් වන්නට ඇති ඇතැම් විටෙක.
ඔය ලිපි 1000ත් සමගින් අප නවමු ජීවයක් ලබාපු ක්‍රම දෙකක් විතරයි. පරණ වෙස දුරු කරලා අලුත් වෙසක් ගන්නවා වගේ අපි අලුත් වෙද්දි, ලොකුම වෙනස සිදුවුණේ ඔය එකකින්වත් නොවෙයි. ඒ අපේ උපසිරැසි නිකුතු වේගයේ ඇති වූ වෙනස. ලිපි 1000න් පස්සෙ උපසිරැසි වසන්තයක් උදාවුණා කිව්වොත් තමා හරි. වසන්තයේ ගහකොළ දළුලනවාටත් වැඩි වේගයකින් අපට උපසිරැසි නිර්මාණ ගළාගෙන එන්නට පටන් ගත්තා. අලුත් සගයන් ගණන් නැති තරම් ඒ වෙනුවෙන් අපත් එක්ක එකතු වුණා. එතෙක් සතියට තුනක් හතරක්ව පැවති උපසිරැසි නිකුත් කිරීමේ වේගය දවසට තුනක් හතරක් වෙනකම් ඉහළ ගියේ පුදුමාකාර අන්දමින්. ලිපි දහස වෙනකොට අපි අවුරුදු 03කුත් මාස කිහිපයක් තුළ ලබා දී තිබුණේ උපසිරැසි 300යි. එයින් පසු ගෙවුණු දින 266 තුළ එමෙන් දෙගුණයකුත් අභිබවා ගිය උපසිරැසි සංඛ්‍යාවක් ලබා දෙන්නට අපගේ මේ විබපළට හැකියාව ලැබුණා. හරියටම කොව්වොත් ගණනින් 700ක්. අද තමයි අපේ 1000ස් වැනි උපසිරැසි නිකුතුව සිදු කෙරෙන දිනය.
ඉතින් මේ වෙලාවේ අපේ විශේෂ ස්තුතිය පුද කල යුතු අය රාශියක් සිටිනවා. පලමුවෙන්ම මේ දක්වා කාලයක් අප හා එක්රොක් වී සිටි ප්‍රේක්ෂක ඔබ සැමට ශීර්ෂප්‍රණාමයෙන් යුතුව ස්තුතිපූර්වක ගෞරවය පළ කර සිටිනවා. මොකද ඔබ අප හා නොසිටින්නට, ඔබගේ ඒ ශක්තිය නොදෙන්නට මෙතරම් දුරක් එනවා බොරු. ඊගාව වැදගත්ම කට්ටිය තමයි උපසිරැසි නිර්මාණකරුවන්. ලෝකයේ පලමු නිදහස් සිංහල උපසිරැසිය නිර්මාණය කළ රොයිලි ප්‍රනාන්දු නම් සමාරම්භකයාගේ පටන් මේ දක්වා එකදු හෝ උපසිරැසියකින් අපට සහයක් වූ අනුග්‍රහයක් දැක් වූ උපසිරැසි නිර්මාණ ශිල්පීන්ගේ ඒ සවිය තමා අප අද සිදු කරන මේ සැමරීමෙහි පදනම වුණේ. එනිසා නොයෙකුත් බාධා කිරීම්, වංචා කිරීම්, කෙණෙහිළිකම් මැද මහා පවුරක් වගේ අප වටේ හිඳිමින් මේ විබපළ ආරක්ෂා කළා ඔවුනට දෙවනුව අපගේ ස්තුතිය හිම්මිකර දෙනවා. ඒ සමගම මේ තාක් කාලයක් පුරා එකම එක උපසිරැසියකින් හෝ අපට සවියක් දුන් උපසිරැසිකරුවන් 119ක් සිටින බව ආඩම්බරයෙන් සිහිපත් කරනවා. ඔවුනට යළිත් අපගේ තුතිබර ගෞරවය… ඒ අතරින් අප හා එක්ව දිගු ගමනක් ආ අපගේ නියමුවන්ගෙන් කෙනෙකු වන රොයිලි ප්‍රනාන්දු සොයුරා/ දිදුල K.D. සිල්වා සොයුරා/ පුබුදු සුපුන් සොයුරා/ හසන්ත වික්‍රමරත්න සොයුරා/ දිනිඳු සම්පත් සොයුරා/ උදා සොයුරා/ වා. මු. නිලන්ත පියසිරි සොයුරා සහ සමීර කරුනාරත්න සොයුරා ආදරයෙන් විශේෂයෙන් සිහිපත් කරනවා. හේතුව මේ අප ලබා දුන් උපසිරැසි 1000න් උපසිරැසි 446ක්ම ඔවුනගේ වෙහෙසින් නිමවූ ඒවා වන නිසා. ඒ කියන්නේ මේ 8 දෙනා තමයි උපසිරැසි 1000න් අඩකට ආසන්න ප්‍රමානයකට වගකියලා තියෙන්නේ. එනිසා ඔවුන්ගේ නම් සිහිපත් නොකරම බැහැ. හැමෝගෙම නම් කියන්ඩ බැරි නිසා එකකින් හරි උදව් කළ අනිත් 112 දෙනාවම සිහිපත් කරමින් ස්තුති පෙරදැරි බුහුමනින් අපගේ ඇගයුම් පිරිනමනවා. ඒ හැරුණුකොට ඉන්නේ උපසිරැසි රහිතව වුනත් ලිපි සපයමින් අපට දිරිදුන් පිරිස තමයි. ඔවුන්වත් ආදරයෙන් සිහිපත් කරනවා මේ විශේෂ වෙලාවෙ, ඔවුනගේ සවිය අපට දුන් දිරිය නිමක් නැහැ. ඒ හැරුණහම නමකින් තරම් නොහැඳිනුවත් මේ අපේ උපසිරැසි සිංහල ගැන්වීමේ කර්තව්‍යයේදී අප උපයෝගී කරගන්නා විදෙස් භාෂාවන්ට අයත් උපසිරැසි නිර්මාණය කරනා ඒ විදෙස් සොයුරන්ට අපගේ විශේෂ ස්තුතිය පුද නොකළොත් අප අතින් වන මහත්ම වූ අකටයුත්තක් තමයි ඒ. ඉතින් මුලදී වෙනත් බසකින් වූවක් සිංහලට නගමින් පටන් ගත් මේ වෑයම අද වෙද්දී අදහාගත නොහෙන දුරක් ඇවිදින් තියෙන්නේ, ඇතැම් වෙලාවක අන්තර්ජාලයට මුසුවන ප්‍රථම උපසිරැසිය සිංහල බසින් නිමැවුණක් බවට පත් වෙන තරමට දියුණු කරන්නට අපට හැකි වූ නිසා. එනිසා මුල අමතක නොකරන අපි මෙවරත් ඒ විදේශායන්හි සිටිනා වෙනත් භාෂාවන් කතා කරනා අපගේම සහෘද උපසිරැසි නිර්මාණ ශිල්පීන් හටත් අපගේ ප්‍රණාමය පුද කර සිටිනවා….
හොඳයි! එහෙමනම් මෙවරත් මේ කටයුත්ත නිමිත්තෙන් ඔබ වෙනුවෙන් විශේෂ දෙයකට මුල පුරන්නට අප කටයුතු කළා. ඒ කටයුත්ත අද දින සිට ඔබ වෙනුවෙන් විවෘත්තයි. එයත් ඔබ වෙනුවෙන්ම අප ආරම්භ කළ නවමු වැඩක්! එහෙමනම් අවසාන වශයෙන් කියන්නට ඇත්තේ අපි කවුරුත් අපේ මුල හඳුනන බව. ඒ බව සනාථ කරන්නට අපේ විබපළ හා ආත්මීයවම බැඳුණු සොයුරන්ගේ මනාපය අනුව සමීර කරුණාරත්න සහෝගේ යෝජනාවක් පරිදි තවත් වැඩක් කරන්නට අප හිත යොමු කළා. ඒ තමයි 2009 මාර්තු 10 වැනිදා මේ අඩවිය වෙතින් නිකුත් කළ මුල්ම ලිපියට අදාල සිනමාපටය උපසිරැසි ගැන්වීමේ කටයුත්ත. මේ විබපළ දැන් අප කාටත් අයිති දෙයක් වුණාට මේක ආරම්භ කළේ පොතේ ගුරා සොයුරා. ඔහු පළ කළ මුල්ම ලිපියට අදාල සිනමාපටය තෝරාගෙන එයට සිංහල යෙදීමට අප භාරකළේ නිදහස් සිංහල උපසිරැසිකරණයේ පුරෝගාමීයා හට. ඒ රොයිලි ප්‍රනාන්දු! මේ විශේෂ මොහොතේ අපේ පුංචි රටට උපසිරැසිකරණයේ අත්පොත් කියා දුන් අමරණීය නාමය – “ටයිටස් තොටවත්ත” ශ්‍රීමතාණන් ඉමහත් බැතියෙන් සිහිපත් කිරීම සිංහලයට ආදරය කරන අප සැමගේ යුතුකමක්!
ඒ එක්කම අද දවස පුරා SMS එවමින් ඔබට කරදර කරන්නටත් අපේ අදියුරු පිරිස ලොව භාෂා කීපයක සංකලනයකින් තවත් වැඩක් සැලසුම් කර තිබෙනවා. කරදරයක් ලෙස නොගෙන, වෙනදා වගේම පුරුදු සෙනෙහසින් අද දවස පුරාවටම අප හා සමග රැඳෙන්නට අප ඔබට ආරාධනා කර සිටිනවා. එහෙමනම් ඔබේ ඒ හෘදයාංගම දිරිගැන්වීම් තව තවත් අපට දෙන්න! ඔබේම මේ ආදරණීය සගයා වෙනුවෙන් පුංචි අනුස්මරණ සටහනක් තබා යන්න! අපගේ සගයන්ට ළෙංගතු සවියක් දෙන්න! එයයි අපගේ ආයාචනය...
මෙන්න අපේ මුල්ම සිනමාපටය දැන් සිංහල උපසිරැසිත් එක්කම.
ඉතාලි සිනමාපටයක් සිංහල උපසිරැසි එක්ක සහස්‍ර සැමරුම වෙනුවෙන්.
ස්පාඥ්ඥ සිනමාපටයක් සිංහල උපසිරැසි එක්ක සහස්‍ර සැමරුම වෙනුවෙන්.
ජර්මන් සිනමාපටයක් සිංහල උපසිරැසි එක්ක සහස්‍ර සැමරුම වෙනුවෙන්.
හින්දි සිනමාපටයක් සිංහල උපසිරැසි එක්ක සහස්‍ර සැමරුම වෙනුවෙන්.
රුසියානු සිනමාපටයක් සිංහල උපසිරැසි එක්ක සහස්‍ර සැමරුම වෙනුවෙන්.
දමිළ සිනමාපටයක් සිංහල උපසිරැසි එක්ක සහස්‍ර සැමරුම වෙනුවෙන්.
ස්වීඩන් සිනමාපටයක් සිංහල උපසිරැසි එක්ක සහස්‍ර සැමරුම වෙනුවෙන්.
බෙන්ගාලි සිනමාපටයක් සිංහල උපසිරැසි එක්ක සහස්‍ර සැමරුම වෙනුවෙන්.
චැප්ලින්ගේ නිහඬ සිනමාපටයක් සහස්‍ර සැමරුම වෙනුවෙන්.
240 comments
Budditha Fernando
Shan Gamage
ගොඩක්ම ස්තූති ගොඩක් හොද දේවල් දෙන වෙබ් අඩවියක් මෙචර කාලයක් පැවතුන එක ගැන. මගෙන් උණුසුම්ම සුභ පැතුම්.. ඉදිරියටත් කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියල එකසිතින් ප්‍රාර්ථනා කරනව ……….
අද මොනව හරි වැඩි පුර ෆිල්ම් දෙවිත් දන්නේ නෑ :D :D :D
srimal
වොව්...නියමයි ජයම වේවා බයිස්කෝප්
නලින්
එළ එළ ජය වේවා
1000 හා 2000 කරමු
කස්ටිය සෙට් වෙලා!!
සුභ පැතුම් බයිස්කොප් අඩවියට
Dilan-
patta baiscope thama best site aka :D
CHEthiya Nishantha
Congratz.........
kalpa
එද ඉදන්ම අපි ඉඩිය ඉස්සරහටත් ඒක එහෙමමයි ..... බයිස්කෝප් උබලට ජයෙන් ජය වෙවා .... පෙරටත් වඩා සුපිරිම විදියට මේ වැඩෙ කරගෙන යන්න ශක්තිය දහිරිය ලැබෙන්න ඔනි! my heartly wishes 4 all of members ! keep it up
--- කල්ප ---
upali
patta pathuru jaya wewa
Anushka Lakmal
මුදල් වලටම වාල් උන සමාජයක නොමිලෙ මේ සේවාව කරන්න කැප වෙලා ඉන්න මගේ සහෝදර සහෝදරියන්ට අනේක වාරයක් ස්තූතියි!! දිගු කාලයක් යෙහෙන් වැජබෙන්න! ජය වේවා!!
1000 ට 20000 ක් ආවටා ආයුබෝවේවා!! :Dසමීර කරුණාරත්න
මේ මග දහස් ගණනක් යන්න ඇති....
තවත් දහස් ගණනක් යන්න බලාගෙන ඇති...
නමුත් මේ සොදුරු මතක සටහන් හැමදාම අමරණීයයි....
එවන් අතීතයික් එක්ක වර්තමානය මුහුවෙන අද...
සතුටුයි, හැගීම්බරයි....
එහෙනම් සදා ජය බයිස්කෝප්....
අපි ඔබ සමගයි....notisamanalaya
මගේ උණුසුම් සුභ පැතුම්...
rusuru | රුසිරු
අප ඔබ සමගයි සදා.. ජයෙන් ජයම වේවා!!!!!
sanju lakshan dharmasena
bohoma pin,, me karana wadeta...
lakshitha viraj
බයිස්කෝප් සිංහලෙන් සහෝදර පිරිසට මගේ උණුසුම් සුභ පැතුම්!!!
ගොඩක්ම ස්තූති ගොඩක් හොද දේවල් දෙන වෙබ් අඩවියක් මෙචර කාලයක් පැවතුන එක ගැන. මගෙන් උණුසුම්ම සුභ පැතුම්.. ඉදිරියටත් කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියල එකසිතින් ප්‍රාර්ථනා කරනව ……….
අද මොනව හරි වැඩි පුර ෆිල්ම් දෙවිද දන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!
උදාර
සුපිරි සහෝලටත් සුභ ගමන්
SiriMAN
මගේ උණුසුම් සුභ පැතුම්!!!
Dilan
උණුසුම් පුබ පැතුම්!!!
wow
wow... maru :D
kasun
බොහොම පින් :) දිගටම :)
amilatk
jayen jaya!!!!!
ganesh
congratulation
tharanga
තවත් 1000 ක් දෙන්න ලැබේවා!!! චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන්
lasidu
පට්ට හොදේ බයිස්කෝප් සයිට් එක එක්ක තමා අපි හැමදාම! ජය!
Fernando
good luck !
nalaka
jaya wewa..oyalata ..baiscoplk.com web adawiya dinen dina diunuwewa....
mihin ලංකා
චිරං ජයතු බයිස්කෝප්
ganidu
ලොවෙත් සුපිරිම සයිට් එක බයිස්කෝප් කියන්නේ නියමා....යි උණුසුම් සුභ පැතුම්!
ositha
niyami saholata godak pin mey wadeyta
ns
සුභ පැතුම් බයිස්කොප් අඩවියට...
kalinga
බොහොම පින් තවත් මේ මහගු කර්තව්‍යය කරන්න ශක්තිය ලැබේවා!
danuka smpath
great team work
pubudu
cngrtz bro
Chanaka
එල කිරි ජයම වේවා සහෝලාට...
Bandula
බොහෝ තුති බයිස්කෝප්
chamath cafe
ජයම වේවා!!!!! සුභ ගමන්
zumo man
bohoma thuthi
g-a-n-d-u
මං දාන්න සුපිරිමම සයිට් එක මේක . ඔයාලට හදවතින්ම සුභ පතනවා .
chalitha
niyama wedak. api hemadamath baiscope ekka thama. jaya weewaa.. digukal pewathewaa
shann
උණුසුම් සුභ පැතුම්..1000 ට 2000 ක් දෙන්න ලැබේවා!
ප්‍රශන්න
සියළුම අපේ සහෝදරයන්ට........... මෙන්න මගේ උණුසුම් සුබ පැතුම්.....
h[A]s
සුපිරිම සයිට් එක බයිස්කෝප්
sanka
niyamai aaa... jaya wewa okkotoma :-d
ishan
mage unusum subha pathum sahodarayo okkotama
තරිඳු මධුසංඛ
ඕන්න ඉතින් අපේ අය චිත්‍රපටි 1000කුත් ඉවරයි. මම හිතන්නේ ඊළඟ 1000 යන්න මේවගේ කාලෙකුත් යන්නේ නැතියෙවෙයි. හැමදාමත් බයිස්කෝප් එක් හිටපු මමත් මේ ළඟදි තමා සබ් දාන්න පටන්ගත්තේ. ඉතින් බයිස්කෝප් එක්ක හිටපු, අළුතෙන් එන ඔක්කෝටම අළුත්ම චිත්‍රපටි බලන්න තවත් හොඳ අනාගතේකට අසිරිත් එක්කම පොතේගුරා, විකියා ඇතුළු අපේ ලොක්කන්ටත් ස්තූතිකරමින් ඔන්න අපි ගියා. මේ සතියේ මම දාපු සබ් 2කින් හමුවෙන්න බලාපොරොත්තුවෙන්....
බයිස්‍කෝප් සැමදාම එක.......!
ජයවේවා....!
sangeeth
මේ වැඩේ තවත් හොදට කරන්යන්න මගෙන් සුභ පැතුම්.බයිස්කෝප් සිංහලෙන් කොල්ලන්ට ජය..........
p.a.t.h.u
ලංකාවේ හොදම සයිට් එකක්. මගෙන් සුභ පැතුම්
Lakshan Mendis
baiscope soyuranta mage hada piri pranamanaya..jaya wewa..
Harsha Lahiru
උණුසුම් සුභ පැතුම් පොතේගුරා ඇතුළු බයිස්කොප් මිතුරුකැලට අපි කවදත් බයිස්කෝප් සමගයි
namika
රුදුරු, කුරිරු දේ බහුල වූ මේ ලෝකයේ, අල්පයක් තරම් වූ හොඳ දේ ගොන්නෙහි එකක් වන ආදරණීය බයිස්කෝප් අඩවිය මෙතරම් සාර්ථක වුයේ හොඳ දේ සඳහා පැවැත්මක් ඇති බව තහවුරු කරමිනි.. තව තවත් සාර්ථකත්වයට පිය මැනීමට, ජය ඝෝෂා නැංවීමට සහෝදර අපගේ උණුසුම් සුබපැතුම්!!!
Sidath
gr8 site,,, all the best
















බයිස්කෝප් සිංහලෙන් සහෝදර පිරිසට මගේ උණුසුම් සුභ පැතුම්!!!